ශ්රී ලංකා ස්කොෂ් සංගමය සංවිධානය කළ 31 වැනි ජාතික ස්කොෂ් ශූරතාවලියේ විවෘත පිරිමි ශූරතාව පිට පිටම සිවුවැනි වරටත් දිනා ගැනීමට නවීන් සමරසිංහ සමත්විය. කාන්තා ශූරතාව පළමු වරට දිනා ගැනීමට ශාර්යා ගුරුගේ සමත්වුවාය.
රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් ක‍්‍රීඩා සංකීර්ණයේදී ඊයේ (22) නිමා වු මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 112 දෙනෙක් සහභාගිවුහ. පිරිමි අවසන් මහා තරගයේදී සමන් තිලකරත්න තරග වට 3-2 කින් පරදවා නවීන් ශූරතාව දිනා ගත්තේය.
ශාර්යා ගුරුගේ සහ නදින්දි උඩන්ගාව අතර පැවැති කාන්තා අවසන් මහා තරගයෙන් ශාර්යා තරග වට 3-2 ක ජයක් ලබා ගත්තාය. ජාතික කනිෂ්ඨ ශූරිය වන ශාර්යා පසුගිය වසරේ පැවැති ජාතික තරගාවලියේදී තෙවැනි ස්ථානය ලැබීය.
ජයග‍්‍රාහී නවීන් ජාතික ස්කොෂ් ශූරතාව හය වරක් දිනා සිටින අතර අනුශූරයා වු සමන් ජාතික ස්කොෂ් ශුරතාව 17 වරක් හිමිකර ගෙන සිටින කී‍්‍රඩකයෙකි.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්...!