දෙදහසක් පමණ වන මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සාමාන්‍ය ඇදුමින් කාර්යාල සේවයේ යෙදීමට තීරනය කර ඇතැයි ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධරයෙක් කියයි.
රුපියල් දසදහසක නිල ඇඳුමි දීමනාව රුපියල් තුන්දහසකින් වැඩි කරන ලෙසද රුපියල් සියයක කාර්යාල දීමනාව සහ රුපියල් එක්දහස් දෙසීයක ගමන් වියදමි දීමනාව වැඩිකරන ලෙසද ඉල්ලති.
ගලේවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආර්.එම්.එස් ජයසේකර මහතා පැවසූවේ ගලේවෙල මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් තමාට මේ ගැන දැනුමි දී ඇති බවයි.
ඔවුහු වැටලීමි හා වෙනත් ක්ෂේත්‍ර රාජකාරීවලට නොයෑමටද තීරනය කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් වැඩ කරන්න යන්නේ නැත්තම්, කීයක්වත් පඩි දෙන්න ඕන නෑ නේ(නදී)
නියමයිනේ, නවීන ක්‍රමයක්, පඩි වැඩිකරලා ඉල්ලුවට ලබෙන්නේ නැහැ. මෙහෙමවත් කරලා බලමු නේද?(නදී)
මේ අය එලියට ගියත් කරන දේ කවිරුත් දන්නවා.(නදී)
ඔබතුමන්ලාට වෘත්තිය සමිති නිලධාරියා කියපු විදියට අලුත් දෙයක් කලහෑකිය. කලින් දවසේ සිවිල් ගිහින් ආපනශාලාට ගිහින් පහුවෙනිදට වැරදි තෑන් කෙලින්ම අල්ලන්න පුලුවන්නේ.එතකොට නිල ඈදුම ද්වසක් ඈර දවසක් අන්දම වෑඩේ ගොඩ දාගන්න පුලුවන්. එදාට ඔනමනම් මාධ්‍යත් සම්භ්න්ද කරග්න්න පුලුවන. හරියට වැඩ පෙන්නුවොත් දීමනාව ඉබේ වෑඩිවෙයි.එතකොට රටෙ මජනයා ඔබතුමන්ලා ගෑන ප්‍රසංසා මුඛයෙන් කථාකරන කොට හදවතේ තැනක පුංචි සතුටක් තිබෙවි රටටත් ජනතාවටත් සේවයක් කලා කියලා.ඒක අපට මුදල් වලින් ලබන්න බෑ.(නු)
පී.එචි.අයි ලා කන්තොරුවට වෙලා දිගටම ඉන්නකෝ. ඔය වැඩේට දැන් පොලිසියේ රාලහාමිලා ඉන්නවා.(නදී)
පාසැල් ළමුන්ට නිල ඇදුම් දෙනවා වගේ මෙයාලටත් උත්සවයක් අරන් නිල ඇදුමි දෙන්න වෙනවා.(නදී)
අපේ රටේ පවිත්‍රතාවය වෙළදපොලවල හෝටල්වල ආපනශාලාවල සෞඛ්‍යය අතින් ලෝකෙම අංක එකට ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්ගේ අවංක සේවය නිසා..!(නු)
පී.එච්.අයි කියන එකට ඉස්සර ඉදලා පටබැදි නම් තියෙනවා..!(නු)
පී.එච්.අයි.. කියන අකුරු තුනේ තේරුම කුමක්ද?(නු)
මෙයාලා කොච්චර සර්ව සාධාරණ මිනිස්සුද කියනවා නම් ත්‍රී විල් එකක් අරන් යන්න ඕනෑ මෙයාලව එක්කගෙන යන්න. (නි)
වැඩ නොකරන අයට පඩි දෙන්නත් අවශ්‍ය නැහැනේ. (නි)
තනතුරේ හැටියට මෙයාලගේ වැඩ නැහැනේ. (නි)
දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නවා ඇරෙන්න මට නම් මේවට කියන්න වචනත් නැහැ. (නි)