IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘පුජේමි බුද්ධං කුසුමේනනේන‘

යුරෝපයේප්‍රධාන බෞද්ධ විහාරස්ථානයක් වන ප්‍රංස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේඅභිනවයෙන් ඉදිකෙරෙන නව බුද්ධ මන්දිරයට මුල්ගල් තැබීමේ පිංකම පසුගියදාපැවැත්විණි.

විහාරාධිපති  පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ඉදිකෙරෙන මෙම බුද්ධමන්දිරය වෙනුවෙන් වැයවන මුදල යුරෝ ලක්ෂ 4ක් (රුපියල් හයකෝටි හැට හතර ලක්ෂයක්) පමණ වේ. 

මෙමපිංකම සඳහා ශ්‍රී ලාංකික මෙන්ම ලාඕස්, කාම්බෝජ,වියට්නාම,තායිලන්ත,සහ චීනයයන රටවල බෞද්ධ පින්වතුන් සමග ප්‍රංශ ජාතික දායකදායිකාවෝ විශාල පිරිසක්සහභාගීවුහ. ප්‍රංසයේ සහ යුරෝපයේ අනෙකුත් රටවල වැඩසිටින ශ්‍රී ලාංකිකභික්ෂුන් වහන්සේ කිහිප නමක්ම පිංකම සඳහා වැඩම කර සිටියහ. ඒ අතර පුජ්‍යකොස්ගස්දෙණියේ ආනන්ද නාහිමි මුරුංගස්යයේ ඥානිස්සර නාහිමි, වතෝගලධම්මික හිමි, බලන්ගොඩ ආනන්ද මංගල හිමි, මීවැල්ලෑවේ පඥාතිස්ස  හිමි සහ  මාපලගම ජිනානන්ද හිමියෝ  මේ පිංකමට වැඩම කර සිටියහ.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් ස්ජ්ඣායනා මධ්‍යයේ පුජ්‍ය චන්දරතන නාහිමියෝමුල් ගල් තැබූහ. අනෙකුත් සංඝයාවහන්සේද පැමිණ සිටි විවිධජාතික බෞද්ධ‍යෝද අනතුරුව මුල්ගල් තැන්පත් කළහ.



අදහස් (0)

‘පුජේමි බුද්ධං කුසුමේනනේන‘

නිල්මිණී Friday, 22 March 2013 02:29 PM

අර අක්කගේ හිනාවනම් මට ඇල්ලුවේ නෑ (ස)

:       0       0

ජීවන් Friday, 22 March 2013 02:52 PM

එහේ සුද්දෝ පන්සල් හදන්න ඉඩම් දෙනවා.මෙහේ පල්ලි වහන්න කියලා පෙලපාලි යනවා (ස)

:       0       0

සකී Friday, 22 March 2013 02:53 PM

අර කොයිදේටත් පුරුද්දට වගේ සුද්දට බනින ගිරා පෝථතයින්ගේ කටවල් වැහිලද ? (ස)

:       0       0

සුභසිංහ Friday, 22 March 2013 02:48 PM

වෙන ආගමක කෙනෙක් බුද්ධාගම වැළ‍්ද ගත්තම සත්‍ය අවබෝධ කරා කියන අයම බෞද්ධයෙක් වෙන ආගමකට ගියම හරවා ගත්තා කියනවා.(නදී)

:       0       0

මහගම සුනිත Friday, 22 March 2013 10:50 PM

ෙම් පිංකමට අතහිත ෙදන්න හැම ෙදනාම්. නායක හිමියන් එතෙරට විතරක් නෙමෙයි ලංකාවෙ දුප්පත් අයටත් ගෙගාඩක් උදව් කරනව. තෙරැවන් සරණයි (ස)

:       0       0

චාන්දනි Saturday, 23 March 2013 12:02 AM

‍ෂෙරිප් මහත්තයෝ අපේ හාමුදුරුවෝ පැරිසියේ හිටියත් ‍ ආගම් බේදයකින් තොරව ලංකාවේ ජීවත් වෙන දුප්පත් ළමුන් වෙනුවෙන් විශාල සේවයක් කරන කෙනෙක්.(නදී)

:       0       0

අශෝක Friday, 22 March 2013 03:56 PM

සසර නිමා කර නිවනට මඟ සොයන​ අපගේ සිත් නිතර ගුන දහමෙන් වඩන තිලෝගුරු තුමෝ වැපිරූ සොඳුරැ බණ දස දෙස සුපතලව සැම සිත් සනසන්න​ මැදුරක් නිමවන්න බුදු හිමි වැඩහිදින මුල් ගල් තැබූ සැටි දුටුවෙමි සිත් තොසින​ හැකි ඉක්මණින් එහි කටයුතු නිමවන්න​ සහයෝගය ලැබේවා නොඅඩුව සොඳින! (නදී)

:       0       0

අහිංසක Friday, 22 March 2013 04:03 PM

වැරදිලාවත් අර සේනාව එවන්න එපා මේ පැත්තේ.(නදී)

:       0       0

සේරම් Friday, 22 March 2013 04:09 PM

පැරිස් නුවර පැරිස් රසය වපුරන්න එපා ආපසු. (නදී)

:       0       0

සේරම් Saturday, 23 March 2013 12:52 AM

ඔය නායක හාමුදුරුවෝ ගැන මම හොදින් දනිමි. ඔය පන්සල දාන්න කලින් අරමන්ට් කියන පළාතේ පන්සලේ වෙඩි තියා ගත්තා. ඒ වෙලාවේ මමත් එතන හිටියා. ඔතන වෙන්නේ මෙනෙවද කියලා යූ ටියුබ් එකෙන් බලා ගන්න පුළුවන්.(නදී)

:       0       0

සුනිල් Friday, 22 March 2013 04:24 PM

සාදු! සාදු! සාදු! නිර්මල බුදුදහම සදා කල් වැජබේවා! (නදී)

:       0       0

ඇන්ටන් Friday, 22 March 2013 04:36 PM

බුදු රජානන් වහන්සේව නම් අපි දෝතින් පිලිගන්නවා. ඒත් ශ්‍රාවකයින් වහන්සෙලා නම් ලැබෙන සල්ලි වලින් ලංකාවේ හෝටල් ගහයි.(නදී)

:       0       0

වතුගල ධම්මික හිමි Friday, 22 March 2013 05:01 PM

මෙම අවස්ථාවට සහභාගී වෙන්න ලැබුන් එක ගැන ගොඩක් සතුටුයි. අපි කාගේත් සහයෝගය මේ සදහා නෙමසුරුව ලබා දීම මහගු පින්තමක්. මේක යුරෝපයටම පින් බිමක්. (නදී)

:       0       0

සමන් Saturday, 23 March 2013 03:05 PM

සාධු....සාධු.... (දී)

:       0       0

සෙනරත් Friday, 22 March 2013 05:11 PM

මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා, සාධු.... සාධු.... සාධු.... (දී)

:       0       0

ශාන්ති Friday, 22 March 2013 05:21 PM

මේවා මතු පලදෙන කර්ම. බුදු සරණයි (දී)

:       0       0

ලක්ෂ්මන් Friday, 22 March 2013 11:49 AM

නායක හාමුදුරුවන්ගේ සාසනික සේවය අගයමි. ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය පතමි. (ස)

:       0       0

පිටිගල-මිලානෝ Saturday, 23 March 2013 04:47 AM

ප්‍රංශයේ සිංහලයන්ට වඩා විජාතික බෞද්ධයෝ සිංහලයන්ට වඩා ආගමික කටයුතු වෙනුවෙන් විශාල මෙහෙයක් කරනවා.(නදී)

:       0       0

වින්ද්‍යා Friday, 22 March 2013 05:48 PM

@ජීවන් මොහොමඩ්! - මෙහෙ පල්ලි හදාගන්න ඉඩමයි, 'බෝ' කර ගන්න ගෑනුත් ගන්න ඉඩ දුන්න කියලයි අපි දන්නේ. අනෙක මිනිස්සුන්ට කරදරයක් නොවෙන්න තම්න්ගේ ආගම පාඩුවේ අද්හා ගන්න කියලයි කියන්නේ. 'පල්ලී' වහන්න කියන්නේ නෑ කොහෙවත්! 'පජාති-වැඩ' ආගමේ නාමෙන් කරන්න එපා කියල යි කියන්නේ. මීට වඩා ඔයාට තේරුම් කරනවා මේ පෝස්ට් එක ආගමික කටයුත්තක් නූන නම්... (ස)

:       0       0

අජන්ත Friday, 22 March 2013 12:07 PM

බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කල උදාර වැඩක් (දී)

:       0       0

මනෝහරන් Friday, 22 March 2013 12:12 PM

මධ්‍යස්ථාන වලින්නම් අඩුවක් නෑ, ඒත් ප්‍රශ්නේ තියෙන්නේ බුදුදහම එහි නොමැති වීමයි (ස)

:       0       0

අනුර Friday, 22 March 2013 12:21 PM

දළදා සමිදු පිහිටයි (ස)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 06:18 PM

නිල්මිණී නංගී ඒ අක්කාගේ හිනාව නමි ඇල්ලුවේ නෑ තමයි. අක්කා හාමුදුරුවන්ට විහිලුවක් කරනවාද? (නදී)

:       0       0

ජගත්-මාලදිවයින Friday, 22 March 2013 07:10 PM

පළමුව මෙම වැඩේට සුභපතන්න. නමුත් බෞද්ධයන් නොවන අයගේ ප්‍රතිචාර බලන විට කනගාටුයි. කෙසේ වෙතත් සියළුම ආගමි වලට හා එම ආගම් නායකයන්ට ගරු කිරීම හරිම වැදගත් හොද ක්‍රියාවකි.(නදී)

:       0       0

සුජාන් Friday, 22 March 2013 01:22 PM

ආදර්ශමත් වැඩක් (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 22 March 2013 07:54 PM

අපේ හාමුදුරුවනේ නැද්ද අදහසක් ඔය වියදම් කරන මුදලින් ලංකාවේ දුප්පත් බෞදයන්ව ගොඩ නගලා මෙතෙරට බණ කියන්න? වර්තමානයේ ලෝකේ වැඩියෙන්ම අපරාද සිදුවන්නේ ලංකාවෙ නේද? (නි)

:       0       0

පවිරා Tuesday, 26 March 2013 09:38 PM

අපේ නායක හාමුදුරුවන්ට තවත් ආගමික සේවා සිදුකරන්න තව තවත් ශක්තිය ‍ධෛර්යය ලැබේවා! (නි)

:       0       0

කේෂාන් Friday, 22 March 2013 01:43 PM

පන්සල් ආරාම හදන එක මහා කුසලයක් (දී)

:       0       0

ගීතානි Tuesday, 26 March 2013 01:54 PM

මගේ සුභ පැතුම් නායක හිමියනි! (නි)

:       0       0

වජිරඥාණ නාපොලි විහාරය ඉතාලිය Friday, 22 March 2013 01:49 PM

අප ගෞරවණීය නායක හාමුදුරුවන්ට දීර්ඝායු වේවා , සියළු කටයුතූ තුරුණුරුවන් සරණින් සාර්ථක වේවා (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 288 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2371 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 803 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 525 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 801 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 529 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site