IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පිටවූ ප්‍රශ්න 19ට හැමෝටම ලකුණු

විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පිටවූ ප්‍රශ්න 19 වෙනුවෙන් හැම ළමයකුට ලකුණු 19ක් දීමට විභාග දෙපාර්තමේන්තුවේ විද්වත් මණ්ඩලය තීරණය කළ බව අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කියයි. සිංහල හා දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් විභාගයට ලියූ හැම ළමයකුටම මෙම ලකුණු දෙන බව ද අධ්‍යාපන ඇමැති කියයි.



අදහස් (0)

පිටවූ ප්‍රශ්න 19ට හැමෝටම ලකුණු

විමුක්ති Tuesday, 25 December 2012 12:02 PM

ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක් (ස)

:       0       0

බණ්ඩාර Tuesday, 25 December 2012 12:03 PM

එතකොට කලින් පිටවුණා කියලා රාවයක් තියෙන ගණිතය, බුද්ධාගම, ඉතිහාසය ප්‍රශ්න පත්‍ර වලට මොකද කරන්නේ? (නි)

:       0       0

කීර්ති Tuesday, 25 December 2012 12:07 PM

අපි ගමන් කරමින් සිටින්නේ ඉතියෝපියාව, සෝමාලියාව... වැනි දියුණු රටවල් දෙසටයි. (නි)

:       0       0

කසුන් Monday, 24 December 2012 11:05 PM

මෙවන් විශාල වූ ළකුණු ගණනක් මෙලෙස ලබාදීම ඔවුන්ගේ දක්ෂතාවය අවතක්සේරුවට පත්කිරිමක් නොවේද? (නි)

:       0       0

අයන්ති Tuesday, 25 December 2012 12:37 PM

ළමයින්ට සාධාරණයක් ඉටු කරන්න. නැවත විභාගය පවත්වන්න (ස)

:       0       0

තිලක් Monday, 24 December 2012 11:54 PM

ඇමතිතුමා ටියුෂන් ගුරුවරයා ආරක්ෂා කරන්නද හදන්නේ? අසාධාරණ වැඩ කරන්න එපා. (ත)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 December 2012 12:00 AM

එයා ප්‍රශ්න 19ක් දුන්නා. මෙයා ළකුණූ 19ක් දෙන්න හදනවා... (නි)

:       0       0

චන්දන Tuesday, 25 December 2012 01:03 PM

ඒ ප්‍රශ්න 19ට ළකුණු 1/2 ගාණේ දීලා ඉතිරි 21ට ළකුණු 1 1/2 ගාණේ දුන්නා නම් හොද නැද්ද? (නි)

:       0       0

ගමේයිටී Tuesday, 25 December 2012 12:15 AM

මේක මහදැනමුත්තාගේ විසදුම වගෙයිනේ. (ත)

:       0       0

සුමිත් Tuesday, 25 December 2012 12:26 AM

මේක විභාගයක්. එතකොට අනෙක් ප්‍රශ්න වලට ළකුණු දෙන්නෙ කොහොමද? (නි)

:       0       0

තිසල් Tuesday, 25 December 2012 12:51 AM

එතකොට ගංවතුරින් විභාගය ලියන්න බැරි වුණ ළමයින්ට විද්‍යාව ප්‍රශ්න පත්‍රය‍ට ළකුණූ දෙන්නෙ කොහොමද? (නි)

:       0       0

සරණපාල Tuesday, 25 December 2012 02:12 AM

ප්‍රශ්නපතත්‍රය හොරකම් කරලා ලියපු එක්කෙනාටත් ලකුණු. මහන්සිවෙලා ලියපු එක්කෙනාටත් ලකුණු. අලුතින් විභාගෙ තියන්න තමයි සල්ලි නැත්තේ. අනිත් දේවල්වලට සල්ලි තියනවා. (ත)

:       0       0

හිල්මි Tuesday, 25 December 2012 02:31 AM

ළමයි ‍කොච්චර මහන්සිවෙලා විභාගය ලිවුවත්, ඉන් සමත් වුණත් රැකියා නම් ලැබෙන්නෙ නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Tuesday, 25 December 2012 02:42 AM

අනේ ඇත්තට 2500න් කාලා මැරුණම් මේවා අහටනට වැඩියෙ හොදයි. (ත)

:       0       0

සමන් කුමාර Tuesday, 25 December 2012 03:22 AM

සියලුම ප්‍රශ්න පත්‍රවල සියලුම ප්‍රශ්න කලින් පිටවුනොත් හැමදෙනාටම 100% ලකුණු දෙනවද? මම නම් හිතන්නේ තවත් නඩුවක් ළඟදීම වැටෙයි වගේ. (ත)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 25 December 2012 03:41 AM

මෙවර විද්‍යා ප්‍රශ්නපතුය සියළුම සිසුන් සමත්වෙයි. එයිට වඩා දෙයක් වෙන්නෙ නෑ. කොහොම හරි..ඉදිරියටත් මෙතුමා අධ්‍යාපන ඇමති කරමු.

:       0       0

සපුන්ක Tuesday, 25 December 2012 05:17 AM

ඇයි කවුරුවත් ඔය පේපර් එක හැදුව කෙනා ගැන කතා කරන්නෙ නැත්තෙ? එයා තමයි ලොකුම වරද කළේ. හිරේ දාන්න ඕනෑ එයාව නෙමෙයිද? (නි)

:       0       0

වජිර Tuesday, 25 December 2012 07:32 AM

ඇමතිතුමාගේ තීරණය සාධාරණයි. (නි)

:       0       0

ධනුක Monday, 24 December 2012 07:17 PM

අපරාදේ. මමත් දන්නවා නම් ආයෙත් විභාගය කරලා බලනවා. (නි)

:       0       0

බන්දුල Tuesday, 25 December 2012 04:29 PM

අපරාදේ. මුලු ප්‍රශ්න පත්‍රයම පිටවුණා නම් කොච්චර ෂෝක්ද? (නි)

:       0       0

නිලංග Tuesday, 25 December 2012 07:57 AM

මම මෙච්චර කලක් හිතාගෙන හිටියෙ මමයි මෝඩයා කියලා. දැන් බැලින්නම් ණැනවත්තු කියලා මම හිතාගෙන හිටපු දැණමුත්තො ඔක්කොම එහෙම නෙමෙයිනේ. (නි)

:       0       0

අජිත් Tuesday, 25 December 2012 07:56 AM

අපේ ඇමතිතුමා ආර්ථික විද්‍යාව පැත්තෙනුත් හිතලා වෙන්න ඇති මේ තීරණය ගන්න ඇත්තේ. (නි)

:       0       0

සුනිල් වෙරෝනා Monday, 24 December 2012 07:47 PM

එකකොට ලියපු හැමෝම දෙනා සමත් වෙන්නේ නැද්ද (අ)

:       0       0

ජගත් Tuesday, 25 December 2012 08:43 AM

මින් ඉදිරියටත් මෙහෙම දේවල් කරන්න පුලුවන් නම් හැමෝටම සමත් වෙන්න පුලුවන්. (නි)

:       0       0

ඒකනායක Tuesday, 25 December 2012 08:50 AM

අ‍නේ මන්දා, මේවා කොහොමද මන්දා මෙහෙම විසදන්නේ? (නි)

:       0       0

ජයන්ත Monday, 24 December 2012 08:03 PM

ඒක හොඳ යෝජනාවක් (නි)

:       0       0

ජගත් Tuesday, 25 December 2012 08:56 AM

ප්‍රශ්න පත්‍රය හදපු කෙනා පිටම වරද පටවන එක වැරදියි. (නි)

:       0       0

අකිල Tuesday, 25 December 2012 08:57 AM

ලංකාවේ අධ්‍යාපනයට ගිය කලක්? (නි)

:       0       0

අසංක Tuesday, 25 December 2012 05:02 PM

අමිල කියන්න බලන්න දක්ෂ ළමයාට අසාධාරණයක් වෙන්නෙ කොහොමද කියලා..!(නු)

:       0       0

නිමල් Monday, 24 December 2012 08:11 PM

විද්‍යා අධ්‍යාපනයේ ජාතික මට්ටම තීරණය කිරීම උසස් පෙළ හා වෙනත් වෘත්තීය පාඨමාලා සදහා ඇතුළත් වීම වැනි සිසුන්ට වැදගත් වන අවස්ථාවන්ට මේ ප්‍රතිඵලය යොදාගන්නේ කෙසේද? (නි)

:       0       0

පී. සෙනෙවිරත්න Tuesday, 25 December 2012 05:17 PM

අපේරටේ නිදහස් අධ්‍යාපනය තිබේ නම් ඇයි මේ උපකාරක පන්ති? උදේට රජයේ වැටුප් ලබන ගුරුවරයා එම ළමුන්ටම හවසට මුදල් අයකර වඩා හොඳට උගන්වනවා. මේකද අපේ 2500 ක් පැරණි මහලොකු සංස්කෘතිය? නිදහස් අධ්‍යපනයෙන් බිහිවෙච්ච අයම ඒක විනාශ කරනවා. ඇයි මෙච්චර මුදල හොයන්නේ? කවුරුත් ජීවත් වෙන්නේ සාමාන්‍ය ආයු කාලයක් විතරයි. නම රැක ගැනීම නොවේද වැදගත්,මොනව වුණත් අපේ සේරම ආයතන ටිකෙන් ටික විනාශවෙලා යනවා, මේ මුදල් පසුපස යන සමාජය නිසා. දැන්වත් මේ අසීමිත ටියුෂන් කඩවලට සීමාවන් දාන්න නැත්නම් ඉදිරි විභාගවත් තියාගන්න බැරිවෙයි. (නි)

:       0       0

ෂිරාස් Tuesday, 25 December 2012 09:01 AM

මුතු මම ඔබගේ අදහස අගය කරමි (ස)

:       0       0

නිමල් Monday, 24 December 2012 08:19 PM

අනේ ඇමතිතුමා, මනුස්ස ජීවිත වලට සාධාරණයක් ඉෂ්ඨ වෙන්න නම් මෙතෙක් විභාගය ලියපු අයටයි මතුවට ලියන අයටයි සියලු දෙනාටම ළකුණු 19 ගානෙ දෙන්න වෙයි. (නි)

:       0       0

සමන් Tuesday, 25 December 2012 09:33 AM

ප්‍රශ්න 19 ට ලකුණු දීම අනුවණ වැඩක්. කරන්න තියෙන්නේ නැවත විභාගය තියලා, ඒ වැයවෙන මුදල් සියල්ල පිටකිරීමට සම්බන්ධ අයට ජිවිත කාලය පුරාම ගෙවන්න සැළැස්වීමයි. එතකොට මීට පස්සෙවත් ප්‍රශ්න පත්තර ළඟට ඇවිත් නිකන් දුන්නත් කවුරුත් ගන්න එකක් නැහැ. (නි)

:       0       0

සදුන් Monday, 24 December 2012 08:31 PM

අපිට ඔබතුමාගේ කාලෙ විභාගෙ ලියන්න බැරිඋනානේ ඇමතිතුමෝ..!(නු)

:       0       0

සමන් Tuesday, 25 December 2012 09:40 AM

පැලැස්තර අලවන්නෙ නැතිව තුවාලට බෙහෙත් දීලාක තුවාලය සනීප කරන්න ඕන නේද? උත්තරය ලකුණු 19? මෙයාලාගේ මොලේ ඉස්සරලාම හෝදලා ඉන්න ඕන..!(නු)

:       0       0

සදුනි 7 වැනි ශේණිය Monday, 24 December 2012 08:31 PM

අනේ ඔබතුමාම මං විභාග ලියන කාලෙටත් අධ්‍යාපන ඇමතිම වේවා.. මට පාඩම් කරන්න ඕනෙත් නැහැ..!(නු)

:       0       0

සමන්ත Monday, 24 December 2012 08:31 PM

මේකද පිළිතුර..?

:       0       0

නුවන් Monday, 24 December 2012 08:31 PM

දියහැකි ලේසිම විසදුම තමයි මේක... දක්ෂ ළමයාට මේක අසාධාරණයක්..!(නු)

:       0       0

ඔසන් සලාම් - දෝහා Tuesday, 25 December 2012 09:50 AM

මෙම තීරණය නම් හරිම කුහක තීරණයක්. තත්වය මෙහෙම නම් මින් ඉදිරියටත් ‍පැවැත්වෙන විභාගවලදී පිටවෙන සෑම ප්‍රශ්නවලටත් සැමටම මෙසේ ලකුණු ලබාදෙමින් විභාගය බාල්දු කරන්නද අදහස? එහෙම නම් අපේ සිසුන්ට විභාගයක් අවශ්‍යද? (නි)

:       0       0

සිරිමත් Monday, 24 December 2012 08:31 PM

මම විභාගෙ ලියන කාලෙත් ඔබතුමා හිටියානම් කොපමණ හොදද?(නු)

:       0       0

ලාල් Tuesday, 25 December 2012 09:54 AM

මේකද මේ ගැටළුව විසදීමට ඇති පහසුම ක්‍රමය..? මේක පළමු අවස්ථාව නෙමෙයි.. මේ අවසාන අවස්ථාව විය යුතුයි.!(නු)

:       0       0

සඳුන් Monday, 24 December 2012 08:31 PM

මට පාඩම් නොකර විභාගෙ පාස් වෙන්න ඔබතුමා මං විභාගෙ කරන කාළෙත් අපේ අධ්‍යාපන ඇමති වේවා. - හතවසරේ සිසුවෙක් (ත)

:       0       0

සදුනි(7 වසර) Monday, 24 December 2012 08:36 PM

අනේ ඔබතුමා දිගටම අධ්‍යාපන ඇමති වී සිටීවා! (නි)

:       0       0

නිරාන් Tuesday, 25 December 2012 09:58 AM

මෙම ප්‍රශ්න පත්‍රය පමණක්වත් නැවත පවත්වන්න (ස)

:       0       0

ලලිත් Tuesday, 25 December 2012 10:04 AM

ඒක හොඳ දෙයක්...වැදගත්ම දේ මෙවැනි දේ නැවත නොවෙන්න ඉඩ සැලැස්වීමයි (ස)

:       0       0

මහේෂි Monday, 24 December 2012 08:44 PM

මොන විදියේ යෝජනාවක්ද මේ? ප්‍රශ්න හතළිහෙන් දහ නවයක්? (නි)

:       0       0

අමිල Monday, 24 December 2012 08:50 PM

එතකොට අදක්ෂ ළමයින්ටත් ඔය ප්‍රශ්න වලට ළකුණු ලැබෙනවානේ. ඒක දක්ෂයින්ට කරන අසාධාරණයක් නෙමෙයිද? (නි)

:       0       0

හිමන්ත Tuesday, 25 December 2012 10:32 AM

දෙයියෝ සාක්කි! (නි)

:       0       0

පියෙක් Tuesday, 25 December 2012 10:32 AM

මගේ පුතා මේ සැරේ සාමාන්‍යපෙල කළා. ඔය ප්‍රශ්ණ 19න් 17 කට හරියට කතිරය ගහලා තිබුණා. එයාට ලැබෙන්නේ වැඩිපුර 2 යි. ඒක මොකටද ? මෙතන විභාග දෙපාර්තමේන්තුවේ විශ්වාසනීයත්වය බිඳවැටීමක් සිදුවී තිබෙනවා. වහාම රජය මේකට පිළියමක් දියයුතුයි (නි)

:       0       0

නිමල් ලලිත Tuesday, 25 December 2012 10:44 AM

මේ වගේ වැරදි කරන අයට දඩුවම් කරන්නෙ නැද්ද? ඒ මොකක් හරි බලපෑමක් තියෙන නිසාද? (නු)

:       0       0

හේරත් එස් Monday, 24 December 2012 09:11 PM

ඇමතිතුමා ලකුණු 19ම දාගෙන ලු..?(නු)

:       0       0

උපුල් Tuesday, 25 December 2012 10:54 AM

ටියුෂන් ගුරුන් ගේ අල්ලේ නටන හොරු නුදුටුව අපේ ගරු මැතිදුන් සිටින තුරු ඊළග පරපුරේ ඔලු ටික හදනු බොරු අනේ වාසනාවන් ලක් මවුනි ගරු... (නි)

:       0       0

මුණසිංහ Monday, 24 December 2012 09:37 PM

අධ්‍යාපනයට දෙවි පිහිටයි! මේවා ජාතික විභාග නේද? ලෝක විනාශය සිද්ධ වුණා නම් මීට වැඩිය හොදයි. (නි)

:       0       0

දිමුතු Tuesday, 25 December 2012 11:41 AM

නියමයිනේ.. එකඅතකින් අපි ගොඩක් පව් කරලා තියෙනවා.. මොකද අපි ඉන්න කාලේ මේ වගේ අධ්‍යාපන ඇමතිකෙනෙක් හිටියෙ නැහැනේ.. ඒ කියන්නේ මේ පාර විද්‍යාව අසමත් අය නැහැ... (නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 175 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 489 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 289 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 202 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 949 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 811 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site