IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


පාඨලීට සිතාසි

(මනෝප්‍රිය ගුණසේකර) 

හිටපු අමාත්‍ය පාඨලී චම්පක රණවක මහතාට සහ එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට ලබන අගෝස්තු 20 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (20) සිතාසි නිකුත් කළේය.
 
රාජගිරිය ප්‍රදේශයේ 2016 වසරේදී සිදුවූ රිය අනතුරට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස සිතාසි  නිකුත් කර ඇත.
 
විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් පවරන ලද නඩුව සළකා බැලු විනිසුරුවරයා විත්තිකරුවන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කෙරිණි.
 
2016 පෙබරවාරී මස 28 වැනිදා අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ දිලුම් තුසිත කුමාර නමැත්තා බව හැඟවීමට බොරු සාක්කි සැදීමට කුමන්ත්‍රණය කිරීම, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා සාක්කි අතුරුදන් කිරීමට කුමන්ත්‍රණය කිරීම යටතේ විත්තිකරුවන් තිදෙනාටම එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා ඇත.

එමෙන්ම හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නීත්‍යානූකූල දඬුවමින් ආරක්‍ෂා කිරීම සඳහා වැරදි වාර්තාවක් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම යටතේ එවකට වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරී කළ සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට එරෙහිවද, අනතුර සිදුවන අවස්ථාවේදී ඩබ්ලිව්.පී. කේ.ටී. 7545 ජීප් රථයේ පැදවුයේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා බව දැන දැනම ඒ අවස්ථාවේදී රථය පැදවුයේ තමා  බවට මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ  සාවද්‍ය වරද කියාපෑමක් කළ බවට  පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ දිලුම් තුසිත කුමාර නමැත්තාට එරෙහිවද නීතීපතිවරයා විසින් චෝදනා ඉදිරිපත් කොට ඇත.
 
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට, එවකට වැලිකඩ හිටපු පොලිස්ථානාධිපතිවරයාව සිටි දැනට සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල මහතාට මෙන්ම පාඨලී චම්පික රණවක මහතාගේ රියදුරු වශයෙන් කටයුතු කළ බව කියන දිලුම් තුසිත කුමාර නමැත්තන්ට එරෙහිව චෝදනා 16 ක් යටතේ නීතීපතිවරයා විසින් එම නඩුව පවරන ලදී.
 
එම නඩුව ලබන අගෝස්තු 20 වැනිදා කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් සිතාසි නිකුත් කළේය.
 
 

 



අදහස් (15)

පාඨලීට සිතාසි

kamal Monday, 20 July 2020 11:16 AM

විස්සකටවත් ඇතුලට දාන්න වැඩ කටයුතු ලෑස්ති කරලා ඇත්තේ.

:       24       115

සමිත සේනක අලුත්ගමගේ. Monday, 20 July 2020 11:21 AM

මේවායේ හරි වැරැද්ද පෙන්වන්න ගිහිල්ලා අපි මොකටද සමහර දෙනාගෙන් කුණු බැනුම් අහන්නේ ... අනේ ඒකට කම් නැහැ ... ඔහොමම දිගටම ගිහින් බලමුකෝ ...

:       1       177

siri Monday, 20 July 2020 11:21 AM

මේ නඩු නම් අවුරුදු ගානක් ඇදි ඇදී යන එකක් නැහැ.

:       17       27

සුදත් ශ්‍රී Monday, 20 July 2020 12:54 PM

මෙයා තරම් අවස්ථාවාදී කමට ප්‍රතිපත්ථි වෙනස් කරපු කෙනෙක් මේ ලෝකෙත් නැතිව ඇති.

:       392       538

Rata Perata Tuesday, 21 July 2020 06:30 AM

රටේ නායකයාගෙන් උපදෙස් ටිකක් ගත්තා නම් හරි, කොහොමද අධිකරණයට වෙට්ටු දාන්නේ කියලා..? අනිත් එක තහනම් 1000cc බයික් එක පැදපු කෙනාට කිසි නඩුවක් නෑ වගේ. මේවා ඔක්කොම දේශපාලන සෙල්ලම්...

:       284       316

Galapara Tuesday, 21 July 2020 07:02 AM

මෙතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතු උගත් බුද්ධිමත් කෙනෙක්. මේ කරන්නේ බොරු චරිත ඝාතනයක්.

:       636       561

විජේWednesday, 05 August 2020 04:06 AM

එහෙට මෙහෙට පැනලා, බල්ටි ගහලා, රට පටලලා.

:       68       28

Harin Tuesday, 21 July 2020 07:41 AM

දැන් කට්ටිය පාඨලීට කඩේ යනවා, ඒත් අපිටනම් මොහු තවත් දේශපාලකයෙක් පමණයි.

:       14       262

sharm warn Tuesday, 21 July 2020 10:05 AM

මොහු වරදක් කර ඇත්නම් ඊට සුදුසු නීතියක් ක්‍රියාත්මක කළ යුතුයි. එතකොට මේ වගේ වෙනත් රියදුරෙක් ඉදිරිපත් කළ අවස්ථා බොහොමයක් අපේ දේශපාලන ඉතිහාසයේ අපි පහුකරගන්න ආවා. නමුත් මේ තරම් ආන්දෝලනාත්මක ප්‍රසිද්ධියක් දෙමින් මහා සාහසික අපරාධයක් ලෙස උලුප්පා දක්වන්නේ දේශපාලන පළිගැනීමක් නිසාද? මෙම ප්‍රශ්නයේදී නීතිපතිවරයා දක්වන තදබල නීති රාමුව රවීට බලනොපෑවේ කොහොමද? උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙක් හැටියට ඉඳගෙන රටේ රටේ මහබැංකුව මහදවාලේ මංකොල්ල කාලාපගාව වශයෙන් සුපිරි නිවසක් ලබාගෙන... නමුත් හොරෙක් නොවෙන්න තරම් කරපු පින මොකක්ද? සාධාරණයක් කියලා දෙයක් ඇත්තටම මේ සමාජයේ තියෙනවාද? මේ පාලනයේ තියෙනවාද? 

:       71       79

ජීවක Wednesday, 22 July 2020 12:43 AM

දැන් නම් මේ බොරු වංචාවක් කරන්නේ. මෙතරම් වැරදි කරලා තවම නිදැල්ලේ සිටින්නට ඉඩ දෙන්නේ ඡන්දයට පස්සේ නිදහස් කරලා දාන්න තමයි.

:       108       59

විපරමා Wednesday, 22 July 2020 11:15 AM

මීට වැඩිය මාරාන්තික අනතුරු කරපු අය, දේශපාලුවන්ගේ පුත්තු පවා නිදහසේ ඉන්නවා. මෙතන සිද්ද වෙන්නේ වෙන දෙයක්?

:       50       58

කමනිMonday, 27 July 2020 10:46 PM

මීට වැඩිය? මේ ළමයා ජීවත්ව හිටියට තවත් වෙන්න දෙයක් නැහැ. හරියට ඇවිදින්නත් බැහැ..

:       26       35

කමනි Monday, 27 July 2020 10:44 PM

මේ නඩුවටත් අත්වන්නේ, තාජුදීන්, ලසන්ත වික්‍රමතුංග, නඩුවලට අත්වූ ඉරණම පමණයි. මොන පක්ෂයේ වුණත් දේශපාලුවෙක්නේ... මිනිස්සු රැවටෙන එක ඉවර වෙන්නේ කවදාද?

:       24       3

Kamal Koyrala Thursday, 30 July 2020 08:24 AM

මේ අනාගත පවුල්වාදයට තර්ජනයක් කියලා හිතන සිංහල පෙරට එන සිංහල ජාතික නායකයන් මර්ධනය කිරීමක්. පාඨලී පමණක් නොවේ... දැනට අනික් අයත් ලිස්ට් කරලා තියෙන්නේ ජාති මාමක දේශපාලකයන් පවුල් සංස්ථාවේ සාමාජිකයන්නේ...

:       104       122

විජේ Friday, 14 August 2020 04:18 AM

ශ්‍රී ලංකා දේශපාලන රංග වේදිකාවේ හොදම 'හීන් නූලා'ට හිමි සම්මානය මෑතකදී පිට පිටම ජයග්‍රහණය කල මෙතුමා, දිව හැරෙන හැරෙන පැත්තට බොරු කිය කිය, දනය හා බලය පමනක් හබායන, මිනිස්සුන්ව ඔටුවන්ගෙ ගානට හිතන් ඉන්න මේ වගේ අවස්තාවාදීන්.

:       184       311

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දළදා වඳින්න ආ සැදැහැවතුන් කසල ටොන් 600ක් ගෙනල්ලා
2025 අප්‍රේල් මස 27 420 0

දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ


දළදා වන්දනාව සාර්ථකව අවසන් වෙයි
2025 අප්‍රේල් මස 27 1287 0

වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.


මහනුවර නගර සභා සේවකයන්ට දළදා සමිඳුන් වඳින්න අවස්ථාවක්
2025 අප්‍රේල් මස 27 956 0

දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා


සාපෙළ සිසුවියත් උසස් පෙළින් ජය ලබයි
2025 අප්‍රේල් මස 27 1578 0

අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා


නුවරඑළිය වැසි ජලයෙන් යටවේ
2025 අප්‍රේල් මස 27 1397 0

නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.


බිරියට පිහියෙන් ඇන සිරුර කොටස් කර ඇළකට දාලා
2025 අප්‍රේල් මස 27 1655 0

සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 935 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 411 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 562 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site