IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පණ පිටිනුත් මූදට දාලා

ආහාර හිඟය නිසා  මියන්මාර යාත්‍රාවෙන් පණ පිටින් මුහුදට දැමූ බව කියන මියන්මාරයේ විසි හැවිරිදි තරුණයෙක් කුඩා වැල්ලෙන් මුහුදු ගිය ‘සුදු බේබි‘ බහුදින යාත්‍රාවෙන් සෙනසුරාදා (16) ගොඩ බිමට රැගෙන ආවේය.

දින ගණනාවකින් කෑමක් නොලත් ඔහු තංගල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.

පොලිස් භාෂා පරිවර්තකයකු මගින් ඔහු පැවසුවේ තවත් 95 දෙනකු පමණ මූදට දැමූ බවයි. ඒ අය මිය ගොස් සිටි බව පෙනුණු බව ඔහු කියා ඇත. ඔවුන් ද දින ගණනාවක් නිරාහාරව සිටි බව ඔහු කියයි.

මලයාසියාවේ රැකියා දෙන බව කියමින් මියන්මාරයේ පුද්ගලයකු 130 දෙනකු පමණ පසුගිය ජනවාරි 13 වැනිදා මලයාසියාව බලා පිටත්කළ බව ද ඔහු කියා ඇත.

තායිලන්තයේ නාවික හමුදාවේ බව සිතිය හැකි පිරිසක් අතරමගදී තම යාත්‍රාවේ ඇන්ජිම ගලවා ගත් බව ද, ඉන් පසු යාත්‍රාව පාවෙමින් තිබූ බව ද ඔහු කියයි.

තමන් රැගෙන ගිය  යාත්‍රාවේ කපිතාන් තමාට පහර දුන් බව ද ඔහු කියයි.



අදහස් (0)

පණ පිටිනුත් මූදට දාලා

නිමල් Monday, 18 February 2013 06:11 AM

මේ අය වැඩිකල් නොගොස් අපේ මනුස්සකමට වැඩ පෙන්නයිද ? (නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 09:50 PM

ඉසුරි කියන එක හරි. මමත් ඒක අනුමත කරනවා. මොකද අපේ රටේ තියෙන මනුස්සකම වෙනත් රටවල්වල මිනිස්සු ළඟ නැහැ. ඉසුරි අපේ රටේ මිනිස්සු ළඟ තියෙන යහපත් ගතිගුණ මෙවැනි සිදුවීම් තුළින් වෙනත් රටවල අය දැන ගනීවි කියලා මම හිතනවා. සඳුනි කියන පරිදි ඕක නවනීදන් පිල්ලෙයි දැනගත්තොත් කියයි අපේ නාවික හමුදාව වැරදියි කියලා කියන කතාව හරියටම හරි. ඇපි අපේ අය කොච්චර හොඳ වැඩක් කලත් වැරදියි කියන්න මනේ එයාලා කටවල් හදාගෙන ඉන්නේ නේද සඳුනි.(නදී)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Friday, 22 February 2013 10:06 PM

මේකයි ඉසුරි අපේ හමුදාව ළඟ කොච්චර හොඳ ගතිගුණ තිබ්බත් වෙනත් අය අපිව අගය කරන්නේ නැත්තේ එයාලගේ තියෙන කුහක කම නිසා බව ඔයාට තේරෙන්නේ නැද්ද?සඳුනි කියන විදිහට නවනීදන් පිල්ලෙයි ට ඇට නැති දිව ඕන අතකට හරවලා ඕන දෙයක් කිව්වහැකිනේ. ජාතීවාදීන් මොනවා කිව්වත් අපේ හමුදාව තමයි ලෝකේ විනය ගරුකම හමුදාව කියලා පිලි අරගෙන ඉවරයිනේ.(නදී)

:       0       0

ඉන්දික Monday, 18 February 2013 08:38 AM

බොහොම හොදයි. (නි)

:       0       0

පුබුදු Monday, 18 February 2013 09:42 AM

මේ ශ්‍රී ලංකාව අපේ සිංහ නැවියනී කණගාටු නොවී සතුටු වෙමු. . (ස)

:       0       0

ඉසුරි Monday, 18 February 2013 09:49 AM

අපේ රටේ මිනිසුන්ගේ යහපත් ගති ගැන අනෙක් රටවල මිනිස්සුත් දැනගත යුතුයි. . (ස)

:       0       0

දියසෙන් Monday, 18 February 2013 09:58 AM

මාගේ බුද්ධත්වයටම මේ පිංකම අනුමෝදං වෙත්වා ! සියලූ සම්මා දිෂ්ඨියන්ගේ ආයුෂ, වර්ණ, සැප, බල, පඥා වැඬේවා ! ඔවුනොවුන් ප‍්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා !. (ස)

:       0       0

චමින්ද Tuesday, 19 February 2013 02:03 PM

ඒ උණාට දෙයියන්ගේ නාමෙන් මෙයාලව ආයෙ ඒ රටවලට යවන්න. දැනටමත් මෙහෙට ඇවිල්ලා ඉන්න අය කරන සෙල්ලම් ඇති. අපිට පුලුවන් හරිය කලානෙ. දැන් ඔය මානව හිමිකම් එලට රකින රටකට ඔය කට්ටියව යවන්න. අපි දන් කොහොමත් නරක මිනිස්සු ඉන්න රටක්නේ.(නදී)

:       0       0

ගාමිණී Sunday, 17 February 2013 04:43 PM

අපේ නාවුක හමුදාව ගුණධර්ම අතින් පිරිපුන්. විපතෙදි පිහිටවෙන නිලධාරීන් ඉන්න බව ලෝකෙම දැනගත යුතුයි. ඒකට තායි නාවිකයෝ එන්ජ්මත් ගලවාගෙන.(නදී)

:       0       0

කසුන් Monday, 18 February 2013 10:37 AM

නිමල් ඔබේ අදහස නිවරැදියි. මේ අය මියන්මාරයේ නෙමෙයි.(නදී)

:       0       0

අරෝෂ Friday, 22 February 2013 02:48 PM

හොද වෙලාවට බේරුනේ (දී)

:       0       0

මහේෂ් Sunday, 17 February 2013 06:48 PM

මේ වැඩේ ශෝකනියයි (දී)

:       0       0

ලලිත්-කටාර් Sunday, 17 February 2013 07:01 PM

දැන් ඔය කපිතාන් යහතින් ඉන්නවද? වහාම අත්අඩංගුවට අරන් සුදුසු පරික්ෂනයක් කල යුතුයි. කව්රු වුනත් මිනිස්සු. සමූල ඝාතනයට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

නන්දන Sunday, 17 February 2013 07:52 PM

අපේ අය ඔයාලට සලකන විදිය කොහොමද ? මේක තමයි අපේ මනුස්සකම.සිංහලකම.ලංකාවෙ හැටි. වෙනස කොහොමද ?(නදී)

:       0       0

අරෝෂ Friday, 22 February 2013 03:38 PM

ලංකාව කියන්නේ කරදරයක දී පිහිට වෙන අය ඉන්න රටක් (දී)

:       0       0

හිල්ම් Sunday, 17 February 2013 08:37 PM

කන්න බොන්න නැති උනාම කොහොමද මිනිස්සුන්ගේ කුරිරු වැඩ (දී)

:       0       0

වසන්ත Sunday, 17 February 2013 09:33 PM

කොහොම උනත් දුප්පත් අසරන මිනිස්සු.අපේ අය සලකන්නේ අපේ ජාතියට සලකනවා වගේනේ. අපේ අයට පින්. මේ ක්‍රියාව අගය කළ යුතුයි.(නදී)

:       0       0

සදුනි Sunday, 17 February 2013 09:36 PM

ඕක නවනීදන් පිල්ලෙයි දැනගත්තොත් කියයි අපේ නාවික හමුදාව වැරදියි කියලා.(නදී)

:       0       0

තිලක් Sunday, 17 February 2013 09:39 PM

මේ රූප රාමු දැකලා මට කදුලු ආවා. අපි ත්‍යාගශීලී ජාතියක්.(නදී)

:       0       0

ප්‍රියංකර Sunday, 17 February 2013 10:16 PM

මිනිස්සු ජිවත් වෙන්න තවත් මිනිසෙකු බිල්ලට දෙනවා (දී)

:       0       0

ෂෙහාන් Sunday, 17 February 2013 10:28 PM

දැන් ඔය බෑන් කී මූන්, නවනීදන් පිල්ලෙයි කොහෙද ඉන්නේ. මේවට කතාකරන්නේ නැද්ද?(නදී)

:       0       0

සුජීව Sunday, 17 February 2013 10:34 PM

මිනිසෙකුට විතරක් නෙමෙයි සිවුපාවෙකුට වුවද පිහිටවෙන එක යුතුකමක්.(නදී)

:       0       0

සෑම් Friday, 22 February 2013 10:06 AM

තමන්ගේ ජාතියේ, ආගමේ අයවම මුහුදට පණ පිටින් දැමූ අය මොකටද ලංකාවේ තියාගන්නේ? මොවුන් ඉතාම භයානකයි. අනික මොවුන්ගෙන් ඉදිරියට පැවතෙන්නන් රටේ ජාතියට ආගමට කොඩිවිනයක් විය හැක. එහෙයින් වහාම මොවුන් පැමිණි තැනකට එම රටවල පිටමංකර යවන්න!(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දඹුලේ හොර හරක් ජාවාරමක් වටලයි
2024 ඔක්තෝබර් මස 04 11 0

දඹුල්ල ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා දී ඇති ගව මස් කඩයක් මුවාවෙන් වසර ගණනාවක සිට බලපත්‍ර උල්ලංඝනය කරමින් මහා පරිමාණයෙන් ගවයන් සහ එල දෙනුන් ඝාතනය කොට වී


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 04 289 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


ප්‍රංශ කතකට හදි කළ අයෙක් මාට්ටු
2024 ඔක්තෝබර් මස 04 415 0

ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.


රත්නපුර ස්වාධින කණ්ඩායම් තුනක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 04 174 0

ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද


ජනපති - IMF සාකච්ඡා දෙවැනි දිනටත්
2024 ඔක්තෝබර් මස 04 458 2

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.


මගීන්ට පාට් දැම්මොත් වැඩ වරදී
2024 ඔක්තෝබර් මස 04 1123 5

බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38867 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25508 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 303 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1012 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 362 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site