ආහාර හිඟය නිසා මියන්මාර යාත්‍රාවෙන් පණ පිටින් මුහුදට දැමූ බව කියන මියන්මාරයේ විසි හැවිරිදි තරුණයෙක් කුඩා වැල්ලෙන් මුහුදු ගිය ‘සුදු බේබි‘ බහුදින යාත්‍රාවෙන් සෙනසුරාදා (16) ගොඩ බිමට රැගෙන ආවේය.
දින ගණනාවකින් කෑමක් නොලත් ඔහු තංගල්ල රෝහලට ඇතුළු කරනු ලැබීය.
පොලිස් භාෂා පරිවර්තකයකු මගින් ඔහු පැවසුවේ තවත් 95 දෙනකු පමණ මූදට දැමූ බවයි. ඒ අය මිය ගොස් සිටි බව පෙනුණු බව ඔහු කියා ඇත. ඔවුන් ද දින ගණනාවක් නිරාහාරව සිටි බව ඔහු කියයි.
මලයාසියාවේ රැකියා දෙන බව කියමින් මියන්මාරයේ පුද්ගලයකු 130 දෙනකු පමණ පසුගිය ජනවාරි 13 වැනිදා මලයාසියාව බලා පිටත්කළ බව ද ඔහු කියා ඇත.
තායිලන්තයේ නාවික හමුදාවේ බව සිතිය හැකි පිරිසක් අතරමගදී තම යාත්‍රාවේ ඇන්ජිම ගලවා ගත් බව ද, ඉන් පසු යාත්‍රාව පාවෙමින් තිබූ බව ද ඔහු කියයි.
තමන් රැගෙන ගිය යාත්‍රාවේ කපිතාන් තමාට පහර දුන් බව ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වැඩිකල් නොගොස් අපේ මනුස්සකමට වැඩ පෙන්නයිද ? (නදී)
මේකයි ඉසුරි අපේ හමුදාව ළඟ කොච්චර හොඳ ගතිගුණ තිබ්බත් වෙනත් අය අපිව අගය කරන්නේ නැත්තේ එයාලගේ තියෙන කුහක කම නිසා බව ඔයාට තේරෙන්නේ නැද්ද?සඳුනි කියන විදිහට නවනීදන් පිල්ලෙයි ට ඇට නැති දිව ඕන අතකට හරවලා ඕන දෙයක් කිව්වහැකිනේ. ජාතීවාදීන් මොනවා කිව්වත් අපේ හමුදාව තමයි ලෝකේ විනය ගරුකම හමුදාව කියලා පිලි අරගෙන ඉවරයිනේ.(නදී)
ඉසුරි කියන එක හරි. මමත් ඒක අනුමත කරනවා. මොකද අපේ රටේ තියෙන මනුස්සකම වෙනත් රටවල්වල මිනිස්සු ළඟ නැහැ. ඉසුරි අපේ රටේ මිනිස්සු ළඟ තියෙන යහපත් ගතිගුණ මෙවැනි සිදුවීම් තුළින් වෙනත් රටවල අය දැන ගනීවි කියලා මම හිතනවා. සඳුනි කියන පරිදි ඕක නවනීදන් පිල්ලෙයි දැනගත්තොත් කියයි අපේ නාවික හමුදාව වැරදියි කියලා කියන කතාව හරියටම හරි. ඇපි අපේ අය කොච්චර හොඳ වැඩක් කලත් වැරදියි කියන්න මනේ එයාලා කටවල් හදාගෙන ඉන්නේ නේද සඳුනි.(නදී)
ලංකාව කියන්නේ කරදරයක දී පිහිට වෙන අය ඉන්න රටක් (දී)
හොද වෙලාවට බේරුනේ (දී)
තමන්ගේ ජාතියේ, ආගමේ අයවම මුහුදට පණ පිටින් දැමූ අය මොකටද ලංකාවේ තියාගන්නේ? මොවුන් ඉතාම භයානකයි. අනික මොවුන්ගෙන් ඉදිරියට පැවතෙන්නන් රටේ ජාතියට ආගමට කොඩිවිනයක් විය හැක. එහෙයින් වහාම මොවුන් පැමිණි තැනකට එම රටවල පිටමංකර යවන්න!(නදී)
ඒ උණාට දෙයියන්ගේ නාමෙන් මෙයාලව ආයෙ ඒ රටවලට යවන්න. දැනටමත් මෙහෙට ඇවිල්ලා ඉන්න අය කරන සෙල්ලම් ඇති. අපිට පුලුවන් හරිය කලානෙ. දැන් ඔය මානව හිමිකම් එලට රකින රටකට ඔය කට්ටියව යවන්න. අපි දන් කොහොමත් නරක මිනිස්සු ඉන්න රටක්නේ.(නදී)
නිමල් ඔබේ අදහස නිවරැදියි. මේ අය මියන්මාරයේ නෙමෙයි.(නදී)
මාගේ බුද්ධත්වයටම මේ පිංකම අනුමෝදං වෙත්වා ! සියලූ සම්මා දිෂ්ඨියන්ගේ ආයුෂ, වර්ණ, සැප, බල, පඥා වැඬේවා ! ඔවුනොවුන් ප‍්‍රර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා !. (ස)
අපේ රටේ මිනිසුන්ගේ යහපත් ගති ගැන අනෙක් රටවල මිනිස්සුත් දැනගත යුතුයි. . (ස)
මේ ශ්‍රී ලංකාව අපේ සිංහ නැවියනී කණගාටු නොවී සතුටු වෙමු. . (ස)
බොහොම හොදයි. (නි)
අපේ නාවුක හමුදාව ගුණධර්ම අතින් පිරිපුන්. විපතෙදි පිහිටවෙන නිලධාරීන් ඉන්න බව ලෝකෙම දැනගත යුතුයි. ඒකට තායි නාවිකයෝ එන්ජ්මත් ගලවාගෙන.(නදී)
මිනිසෙකුට විතරක් නෙමෙයි සිවුපාවෙකුට වුවද පිහිටවෙන එක යුතුකමක්.(නදී)
දැන් ඔය බෑන් කී මූන්, නවනීදන් පිල්ලෙයි කොහෙද ඉන්නේ. මේවට කතාකරන්නේ නැද්ද?(නදී)
මිනිස්සු ජිවත් වෙන්න තවත් මිනිසෙකු බිල්ලට දෙනවා (දී)
මේ රූප රාමු දැකලා මට කදුලු ආවා. අපි ත්‍යාගශීලී ජාතියක්.(නදී)
ඕක නවනීදන් පිල්ලෙයි දැනගත්තොත් කියයි අපේ නාවික හමුදාව වැරදියි කියලා.(නදී)
කොහොම උනත් දුප්පත් අසරන මිනිස්සු.අපේ අය සලකන්නේ අපේ ජාතියට සලකනවා වගේනේ. අපේ අයට පින්. මේ ක්‍රියාව අගය කළ යුතුයි.(නදී)
කන්න බොන්න නැති උනාම කොහොමද මිනිස්සුන්ගේ කුරිරු වැඩ (දී)
අපේ අය ඔයාලට සලකන විදිය කොහොමද ? මේක තමයි අපේ මනුස්සකම.සිංහලකම.ලංකාවෙ හැටි. වෙනස කොහොමද ?(නදී)
දැන් ඔය කපිතාන් යහතින් ඉන්නවද? වහාම අත්අඩංගුවට අරන් සුදුසු පරික්ෂනයක් කල යුතුයි. කව්රු වුනත් මිනිස්සු. සමූල ඝාතනයට දැඩි දඩුවම් දිය යුතුයි.(නදී)
මේ වැඩේ ශෝකනියයි (දී)