ශ්‍රී ලංකාවේ උසම කඳුවැටිය වන පිදුරුතලාගල බටහිර බෑවුමේ මුහුදු මට්ටමේ සිට අඩි 7590ක් උසින් ස්වභාවික ගහ කොළ කපා මහා විනාශයක් කර ඇතැයි නුවරඑළිය අඩවි වන පාලක ආර් ඩී ඒ පී ජයසිංහ මහතා කියයි.
අඩි 8281ක් උසැති පිදුරුතලාගල මුහුදු මට්ටමේ සිට අඩි 5000කට උසින් සිදු කැරෙන පාරිසරික හානි නතර කර ගැනීමට නොහැකි වී ඇත.
කොත්මලේ ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ද ශ්‍රී ලංකාවට ආවේණික පැළෑටි, වන සතුන්, කුරුල්ලන් හා මල් වලින් ද සපිරි පිදුරුතලාගල බොහෝ දුර්ලබ ශාඛ ද ඇත.
හිමාලයේ පමණක් වැඩෙන ශාඛ වර්ග ද පිදුරුතලාගල දැකිය හැකියි.
රජයේ රේඩාර් පද්ධතියේ කේන්ද්‍රස්ථානයක් වන පිදුරුතලාගල අති අධි ආරක්ෂක කලාපයකි.
නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා පැවසුවේ මේ වන විට රක්ෂිතයට හානි කිරීම නතර කරන ලෙසට වන සංරක්ෂණ නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
අනවසරයෙන් රක්ෂිතයට ඇතුළුවී වටිනා ගහකොළ කපා කර ඇති හානිය වෙනුවෙන් අදාළ පුද්ගලයනට විරුද්ධව නීති මගින් කටයුතු කර ලෙස අදාළ අංශ වෙත දැනුම් දුන් බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් විනාශ වලට නිළධාරීන්ටත් දඩුවම් දියයුතුයි. (නි)
විනාශ උනාට පස්සේ තමයි හැම නිලධාරියෙක්ටම මතක් වෙලා යන්නේ..!(නු)
අපේ බෙල්ලට තොන්ඩුව අපිම දා ගන්නවා (දී)
අපිම තමයි විනාශ වෙන්නේ (දී)
කොහෙන්ද මේ ගල් බෝතලේ හොයාගත්තේ (නි)
මේ තරම් දෙයක් වෙනකල් හිටියේ කොහේද? (නි)
අපි අපිවම නැති තර ගන්නවා (දී)
නිළධාරීන යනකොට වියයුත්ත වෙලා ඉවරයි. (නි)
දෙයියෝ සාක්කි! මේවා දකිනකොටත් ඇග සීතල වෙලා යනවා. (නි)
මතක තියා ගන්න මේවා විනාශ කලාම විනාශ වෙන්නේ අපිමයි කියලා (දී)
වසන්ත ලියනගේ මහතාට ස්තුතියි දැනුවත්වීම කළාට. ලංකාවේ පවතින නීතිය අනුව, යම් උසකට ඉහළින් පිහිටි බිම් වල කැලය එළිකිරීම තහනම් නේද? විශේෂයෙන්ම, පිදුරුතලාගල වැනි පාරිසරික අතින් වැදගත් ප්‍රදේශයක මෙය විශේෂයෙන් තහනම් කළයුතුයි නේද? අදාළ බලධාරීන්ට කරුණාකර කරුණු ඉදිරිපත් කර ගැටලුව ගැන උනන්දු වන ලෙස වසන්ත මයාගෙන් හා සියලු බලධාරීන්ගෙන්/ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. එය අනාගත පරම්පරාව සඳහා ඔබ සැම කරන උදාර ජාතික කර්තව්‍යයක් වෙයි. (නි)
මොකටද ජාතිය සතු මෙතරම් වටිනා වන සම්පත් සහිත ඉඩම් පුද්ගලික අයට විකුනන්නේ හෝ ලබා දෙන්නේ? එහෙම කරලා අපි කොහොමද ඒ අයගෙන් මේවා මතු පරපුරට රැකදීමක් බලාපොරොත්තු වෙන්නේ? ඒ ඉඩම් නැවත පවරාගෙන වන සංරක්ෂණ හෝ පාරිසරික අධිකාරියකට පවරා මේ වනබිම් පෝෂණය හා ජාතිය වෙනුවෙන් රැක බලාගැනීම වහාම කළයුතු නොවේද? අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැම්මට පලක් නැත. නීතිය ඉතා තදින් ක්‍රියාත්මක විය යුතුය. නීතියේ බිදවැටීම ගැන ජනයා තුළ ඇත්තේ මහා කලකිරීමකි. එය පුපුරා යාමට මත්තෙන් කාර්යක්ෂම විය යුතුය. ඒ ඒ ප්‍රදේශවල ජීවත්වන මිනිසුන් තමන්ගේ උරුමයන් ගැන දැනුවත් කිරීම හා රැකබලාගැනීමට වැඩපිළිවෙලක් සම්පාදනය වීම යුගයේ අවශ්‍යතාවයකි. (නි)
ලංකාවේ නඩු දැම්මම , එයත් තවත් එක ඉඩම් නඩුවක් බවට පත්වෙනවා. පරම්පරා 5ක් විතර කල් ගිහින් මේ වනය නැතිවෙච්චදාට ඉවතදමයි. රටටම බලපවත්වන කාටත් හොද එක නීතිමය රාමුවක් නිදහසින් වසර 65ක් ගිහිල්ලත් තාම අපට නැහැ. උඩරට විවාහ වලට උඩරට නීතිය, උතුරේ තේසවලාමේ නීතිය, ව්‍යාපාර වලට ඉංග්‍රීසි නීතිය, සාමාන්‍ය දේ වලට රෝම ලන්දේසි නීතිය, දැන් ෂරියා නීතිය, ඔක්කොටම ඉහලින් රජයන අවනීතිය සහ අවනඩුව. අපිට රටක් වශයෙන් එකට නැගී හිටින්න බැරි මේ බහු නීති ක්‍රමය නිසා ජාතීන්, ආගම වශයෙන් වර්ගීකරණය වී බෙදී සිටීමය. (නි)
ඇමරිකාවේ ප්‍රාන්තයකින් කාලක්වත් නැති මේ කුඩා දුපතේ මේ දේ වසර 65ක් ගියත් කරගන්න බැහැනේ. කොන්දක් නැතිකමද? සිංහල බෞද්ධ ජාතිකත්වයක් ඇතිකර, අනිත් හැමෝගෙම රැකවරණය ඇතිවෙන ක්‍රමයක් මැරෙන්න පෙරවත් දකින්න ලැබුනොත් ! (නි)
අපට ගැළපෙන නීතියකට ඇස කන් නාසා නැතිවිය යුතුය. අයෝමය දෑතක් තිබිය යුතුය. නමුත් බෞද්ධකමට ගැළපෙන කාරුණික හදවතක් එයට තිබිය යුතුය. වැරදි කරන්නාගේ විනාශය නොව ගොඩනැගීම සහ හොද මිනිසුන්ගේ පරමාධිපත්‍ය එහි පරමාර්ථය විය යුතුය (නි)
අපේ පරිසරය අපි රැකගනිමු. (නි)
මෙච්චර විනාශයක් කරනකල් නිලධාරීන් මොකද කළේ? (නි)
අනේ අහෝ! අපේ ශ්‍රී ලංකාව... (නි)
මෙච්චර දෙයක් වෙනකල් වගකිවයුත්තෝ කළේ මොකක්ද? (නි)
මේක අධි ආරක්ෂක කලාපයක් නම් මේ විනාශයට රාජ්‍ය ආරක්ෂක අංශයත් වගකිව යුතුයි නේද? (නි)
ඉහළ පුටුවල ඉන්න අය මේවට වගකියන්න ඕනෑ. නමුත් ඒ අයට රට ගෙන හැඟීමක් නැහැ. පුළුවන් තරම් හොරකම් කීරීම තමයි ඒ අයගේ එකම අභිලාශය. (නි)
අද පමණක් නොවේ අපට හෙටක් තිබෙනවා.... කියන එක ඇයි අමතක කරන්නේ (ස)
මේකත් කෑමක එක අවස්ථාවක්. (ස)
කණගාටුවෙන් හරි කියන්න යමක් තියෙනවා ... රටේ සිදුවන හැම අපරාධයකටම දේශපාලකයෙකු සම්බන්ධයි (ස)
කැලෑ කපන විදියට හඩන්න කණකොකෙක්වත් නැතිවෙයි. (ස)
සහතික ඇත්ත චානක මහත්තයෝ. (නි)
දැන් රටේ අහන්න දකින්න ලැබෙන දේවල් හැටියට පිදුරුතලාගල විතරක් නෙමෙයි ලංකාවටම කනකොකා හඩාවි (ස)
මේ වගේ රටට වැඩැක් නැති අය ලොකේ හැම රටකම ඉන්නවා (ස)
වසන්ත ලියනගෙ මහතාට ස්තුතියි දැනුවත් කළාට. නමුත් රටට වින කරන මෙම ගනුදෙනුවේ මැදිහත්කරුවන් සොයා බලා සිදුවූ ආකාරයත් ඉදිරියේදී ගන්න විසදුම් මොනවාද කියාත් සොයාබැලීම ශ්‍රී ලංකාවේ පරිසරවේදීන්ගේ හා මාධ්‍යයේත් වගකීම වේ. මම මේ දන්නෙ නැති නිසයි අහන්නේ. අපේ රටේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාවට ප්‍රතිසංස්කරණය කරගන්න බැරි නිසාද මේක විකුණලා තියෙන්නේ. (නි)
මේ තරම් දෙයක් වෙනකල් කැළෑ මහත්වරු නිදාගෙනද හිටියේ? (නි)
අද ගැන පමණක් හිතන, මුදල ලාබය වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කරන තමන්ගේම දරුවන්ට අයිති වටිනා සම්පත් අකා මකාගෙන කන සේසතම කැපකර මත් වතුර බොන ජරා මිනිසුන් සමග ඉපදීම ගැන අවන්කවම දුක් වෙමි. පරිසරය වනසන හැමට දැඩි දඬුවම් කරන්න.(ස)
කොහොමද වැඩේ... අධි ආරක්ෂිත කලාපේ ගස් කපන්න කාටද පුළුවන්... මේක තවත් නඩු නැති කේස් එකක් (ස)
ගස් කපල තියෙන්නෙ වගකාරන්න ,ඊට පස්සේ මේ අය මේ ප්‍රදේශයේ ගෙවල් හදාගනි වි, ඊට පස්සේ කැලේ ඉන්නා අසරන සත්තුන්ව මරල දාවි වගා විනාස කරනවා කියල .එක හින්ද ඒවා වෙන්න කලින් ඉකමනට මේ ගොලොන්ව මේ පරදේශයෙන් එලවල දමන්න... (ස)
ආස්චර්ය කියන්නේ ඕකට තමයි අපි දැන් විඳින්නේ විකිරණ තමයි අපි ණය වෙන්නේ චීනෙට තමයි අපේ මත්තලත් චීනෙට තමයි ... (නි)
අනේ මේ කොලුකමට කැලයක් දෙකක් කැපුවට ගණන් ගන්න එපා. (නි)
අද අහන්න ලැබෙන දේවල් කණගාටු දායකයි, වන විනාශය ගැන බලධාරීන්ගේ අවධානය යොමු විය යුතුයි.. නීතිය ක්‍රියාත්මක වීම දුබලතාවය මෙම සිද්ධිවලින් පෙනෙනවා (ස)
කිය කියා ඉදල වැඩක් නැහැ, අපි මේවා බේරා ගන්න වැඩක් කරමු (දී)
මේක තමයි විනාශකාරීන්ගේ පාරාදීසය. (නි)
නිලධාරිවරු ඔක්කොම රත්මලානේ අන්ධ, ගොලු, බිහිරි විද්‍යාලයෙන්ද තෝරගන්නේ? කන්ඩලම වෑව ගොඩ කරනවා හෝටල් හදන්න. ඒක දැක්කේ මේ ලගකදි. මේකත් එහෙමයි. තමන්ගේ රාජකාරියට අදාල වැඩ හරියට නොකරන එකයි මේවට හේතුව. තමන්ට භාර ප්‍රදේශය ගැන හොයල බලනවා නම් මෙහෙම වෙන්නෙ නැහැනෙ. අදයි දන්නේ මෙහෙම දෙයක් වෙලා කියලා.අනේ අනිච්චේ! (නි)
මෙච්චර දෙයක් වෙනකම් අපේ උන්නැහේලා උඩ බලාගෙන හිටියද දන්නේ නෑ (ස)
ගහ කොළ නිසා මනුෂ්‍යන් ජීවත් වෙන්නෙ ඒක මේ මෝඩයන්ට තේරෙන්නෙ නැහැනෙ (ස)
වනජීවී දෙපාර්තමේන්තුවත් අපේ හමුදාවට භාර දුන්නොත් ඔය සේරම නවතීවි. (නි)
මෙච්චර විනාශයක් කරනකම් නිලධාරීන් හිටියේ නින්දෙද ? (ස)
වණසංරක්ෂනෙත් හරියට හින්දි ෆිල්මි වල වගෙයි... සේරම විනාශ වෙලා ඉවර උනාම තමයි එයාලා එන්නේ (ස)
නීතියක් නැතිකම (ස)
පිදුරුතලාගලට විතරක් නෙවේ ලංකාවටම කණ කොකා අඬන දවස වැඩි ඈතක නොවේයි.. (ස)
මේ අපේ ජාතික වස්තුන් විනාශ කරන්න එපා (දී)
ජලය නැති උනොත් ඔක්කොම ඉවරයි (දී)
දැනටමත් මේ බිමත් විදේශික රටකට පවරලාද දන්නේ නෑ, (ස)
දේශපාලන හොරුන්ව ආරක්ෂා කරනකල් අපිට ඉදිරියට යන්න බැහැ. (නි)
මෙන්න අපි උතුම් යැයි කියා පාන තවත් එක සිදුවීමක්... (ස)
රටක ඉහල සිට පහලටම දූෂණය වන විට පිදුරුතලාගල කඳු ශිකරය කෙසේ රැකෙන්නද ? (ස)
මේ මහා විනාශය වලක්වන්න සැවොම එකතු වෙන්න. (දී)
බටහිර බලවේගයක වැඩක්ද?(නු)
කෝ වගකිවයුත්තන්..!(නු)
මේ තරම් විනාශයක් වෙන්න දුන්නේ ඇයි..? (නු)
ඔය ගස් ටික කැපුවේ ගෙවල් හදන්න නෙවෙයි.. අර ඈතින් පෙනෙන දර්ශනයේ පින්තූර ගන්න (ස)
ශ්‍රීලංකාවට පමණක් ආවේණික “Arundinaria scandens" නමැති සුවිශේෂ උණ ශාකය දැනට ඉතිරීවී ඇත්තේ පිදුරුතලාගල කඳු මුදුණේ පමණි. මෙය විනාශ වුනොත් මුළු ලෝකයෙන්ම මෙම ශාකය තුරන්වී යනු ඇත. මේ ගැන පරිසරය ආදරය කරන කාගේත් ඇස යොමුවේවා. (ස)
මෙයා දැං වසර කීයක් නුවරඑළියෙද (නු)
මෙම වන විනාශය සිදුවෙමින් පවතින්නේ පිදුරුතලාගල සංරක්ෂිත වනාන්තරයට අයත්වන නමුත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් පෞද්ගලික අයිතියකට විකුණා ඇති මුහුදු මට්ටමින් අඩි 5000 කට වඩා උසින් පිහිටි භූමියකයි. ඉතා ඉහල පාරිසරික වටිනාකමක් ඇති මෙම සංරක්ෂිත වනාන්තරයට ඉඩම මිලදී ගත් අය විසින් පසුගිය වසරේදී සිදුකරන ලද පරිසර හානිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් නතර කරන ලද අතර, නඩු පැවරීමටද කටයුතු කර ඇත. එසේ තිබියදී නැවත වරක් ඔහු විසින් වනය හෙළිකර කර ඇති අතර, එයද නතර කර නඩු පැවරීමට කටයුතු කරන ලදී. මෙම වන විනාශය නතර කිරීමට මැදිහත්ව කටයුතු කරන ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නුවරඑළිය මහ දිසාපති තුමන් සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොම්ෂන් සභාවද දැනුම්වත් කර ඇත. ලංකාදීප එසැන පුවත් හි පළවන ඇතැම් පාඨක අදහස් නිවැරදි කිරීමට මෙම සටහන යොමු කරන ලදී.(නු)