කොපුව ගලවනවිට පුපුරා යන ලෙස මාකර් වර්ගයේ පෑනක සවිකළ බෝම්බයක්, මෙරට සහ පිටරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක්, බෝර 12 පතරෝම තුවක්කුවක්, සී4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් සියයක්, සේවා නූල් සහ පිපිරවූ පැරා වෙඩිල්ලක කොපුවක් සමග තරුණයෙක් සැකපිට පනාමුර වළල්ගොඩදී අත්අඩංගුවට ගනු ලැබීය.
ඇඹිලිපිටිය පොලීසියේ පරිසර ඒකකයෙන් 17දා සවස කළ වැටලීමකදී මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇත්තේ අත්අඩංගුවට පත් තරුණයාගේ නිවසේ තිබියදී ය. ප්‍රදේශයට නිතර ප්‍රභූන් පැමිණෙන නිසා එම ප්‍රභූවරයකු ඉලක්කය වූයේදැයි සොයන බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ නිමැවුමක්. එයාගේ මොලේ යොදවන්න පුළුවන් නම් වෙන දේකට කොච්චර වටිනවද ? . (ස)
අමරෙගේ වැඩද?(නදී)
චමී, එයා හොදම දේට තමයි මොලය යොදවලා තියෙන්නේ. (නදී)
මේවා මෙහෙ හදාපු ඒවද? නැත්නම් සුදුසු වෙලාවට පාවිච්චි කරන්න කාගෙන් හරි ගෙනාපු ඒවද?(නදී)
හරි මග පෙන්වීමකින් ඔහු යහමගට ගැනීමට හැකිවේවි. (නි)
ජීවිතයක් විනාශ කරන එක හොද දෙයක් නෙමෙයි. (නදී)
වෙන්න බැහැනේ. (නි)
මාකර් වර්ගයේ පෑනක්ද? නැත්නම් පාකර්ද? (නි)
මේවා නිපදවනවා නම් මොනවාහරි අරමුණක් නම් තියෙනවා.(නදී)
මේ තරුණ ළමයට දඩුවම් කිරීම වැරදියි. (නි)
මෙන්න මේ පෑන ගැන නම් මටත් සැකයි. මෙතන මොකක් හරි පැලෑන් එකක් තියෙනව වගේ.(නදී)
අනුන්ගේ පරිප්පුවක් කාලා තියෙන්නේ.(නදී)
බලන්න ඒ මනුස්සයා කොච්චර වටිනවාද, අල්ලලා හිරේ දාන්න නොවෙයි, ඒ වැඩේ කොහොමද කරන්නේ, ඒකේ තාක්ෂනය ගැන ඉගෙනගන්න (දී)