IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පන්සල ලඟ ඌරු කොටුවක් එපා

ගාල්ල බටුවන්තුඩාවේ ශ්‍රී සුගතාරාම විහාරාධිකාරී හිමියන් අසළ ඇති ඌරුකොටුවකින් සිදුවන පීඩාව දරාගත නොහැකිව විහාරස්ථානය හැරගොස් ඇති බැවින් ඌරුකොටුව තහනම් කරන ලෙසත් ඉල්ලා ගම්වාසීහු අද එම ඌරුකොටුව පවත්වාගෙන යන ලොයල ගොවිපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ. විහාරස්ථානයට යාබද ඉඩමේ ඒ ආසන්නයේම පිහිටුවා ඇති ඌරුකොටුවේ ඌරෝ 125 සිටිති. ගම්වාසීන් සහ දහම්පාසල් දරුවන් පවසන්නේ ඌරුකොටුවේ දුර්ඝන්ධය ඉවසාගත නොහැකි බවයි. ඒ හේතුවෙන් ඇතැම් දරුවන් රෝගීවන බව ද දෙමාපියෝ කියති. සෑම සෙනසුරාදාම සවස් කාලයේ සහ ඇතැම් දිනවල සවස් කාලයේ බෝධිපූජා පවත්වන වේලාවට ඌරන් මරනබවත් එවිට සතුන්ගේ මර ලතෝනිය ඇසෙන බවත් විහාරයේ භික්ෂූහු කියති.

ගොවිපොළ භාරව සිටින පූජක බෙනට් පියතුමා පවසන්නේ ඌරුකොටුවේ අපද්‍රව්‍ය සියල්ල ජීවවායු ඒකකයට යවන බවයි. එම ස්ථානයේ ඌරන් නොමරන බව ද හෙතෙම කියයි. ඌරු කොටුවත් විහාරස්ථානයත් අතර පුද්ගලික ඉඩම් හිමියකු සිටිතැයි ද ඔහුගෙන් කිසිදු පැමිණිල්ලක් නැතැයි ද පියතුමා කියයි. එහෙත් එවැන්නෙක් නැත.

ඌරුකොටුවට බලපත්‍රයක් දී නැතැයි කියන ප්‍රාදේශීය සභාවේ සභාපති චානක මාදුගොඩ මහතා මේ හේතුවෙන් පන්සලට පීඩා සිදුවන බව කියයි.

 



අදහස් (0)

පන්සල ලඟ ඌරු කොටුවක් එපා

බණ්ඩාර Monday, 25 February 2013 04:30 PM

මමනම් කියන්නේ ඒ වැඩ වලට නිසි තැනක් නියම කරන්න ඕනේ (දී)

:       0       0

හේරත් Monday, 25 February 2013 12:22 AM

කොටුවේ ඌරන් නොමරන බව කියන්නේ කොහොමද? (නි)

:       0       0

ලලිත් Monday, 25 February 2013 12:06 PM

මේක නම් පැහැදිලි කුමන්ත්‍රණයක් වගෙයි. (නි)

:       0       0

සම්පත් Monday, 25 February 2013 05:09 PM

බෞද්ධයින්ගේ නැගී සිටීම අනෙක් සියලු ආගම්වල අයට ප්‍රශ්නයක් බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

මොහාන් Monday, 25 February 2013 12:39 PM

කරුණාකරලා ඉවත් කරගන්න (දී)

:       0       0

පද්මා Sunday, 24 February 2013 04:40 PM

මෙන්න අපේ බොදු බල සේනාවට තවත් අවස්ථාවක්. (නි)

:       0       0

දිසානායක-කැනඩා Monday, 25 February 2013 04:23 AM

මුලින්ම බලන්න ඕනේ මෙතන පළමු පදිංචිකරුවා කව්ද කියලා. මෙවැනි ප්‍රශ්න වලදී ඒකයි වැදගත්.(නදී)

:       0       0

යොහාන් Sunday, 24 February 2013 04:48 PM

ඌරු කොටුවක් ළගට පන්සලක් ගැළපෙන්නෙ නැහැ. (නි)

:       0       0

නිමල් ලලිත් Monday, 25 February 2013 04:51 AM

කතෝලික පූජකවරු ඌරුකොටු හදනවා මම නම් අසා නැහැ. සත්ව ගොවි පොළක් සඳහා බලපත්‍ර ලබා දීමේ ක්‍රමයක් තියෙනවා. බලපත්‍රය නැත්නම් මෙය වහා තහනම් කළ යුතුයි. මුස්ලිම් පල්ලියක් ලඟ මෙහෙම දෙයක් වුනානම් අද මොකද වෙන්නේ. ? (ස)

:       0       0

ජේ.හේරත් Monday, 25 February 2013 05:43 AM

සාමාන්‍ය මනුස්සයකුට මේ ගඳ දරාගන්න බැහැ. ඕනනම් ඉදලා බලන්න ඌරු කොටුවක් ලඟ එතකොට තේරේවි. (ස)

:       0       0

සුජී Sunday, 24 February 2013 04:52 PM

තහනම් කරලා දාන්නයි තියෙන්නේ. (නි)

:       0       0

ජයම්පති Monday, 25 February 2013 07:15 AM

නිහාල්ගේ අදහස් වලින්ම එයා කොහොම කෙනෙක්ද කියලා හිතාගන්න පුලුවන්. (නි)

:       0       0

ලලිත් කටාර් Monday, 25 February 2013 07:57 AM

පන්සල් ලඟ තියෙන බාර් ඉවත් කරන්න කියලා කවුරුවත් කෑ ගහන්නේ නෑ. හැබැයි ඌරු කොටුව පල්ලියෙන් කරන නිසා ඒක ඉවත් කරන්න කියලා කෑ ගහනවා. (ස)

:       0       0

ලසන්ත Monday, 25 February 2013 08:00 AM

පියතුමා උරු කොටුව දාල තියෙන්නේ මංගල්‍යයට ගන්න. මේ ආගමික විශ්වාසේ ගැන බෞද්ධයෝ කෙස් පැලෙන්න තර්ක කරන්න එපා. හේතුව එය හරි හෝ වැරදි වුනත් ආගමික විශ්වාසයක් නිසා. (ස)

:       0       0

මාලා Monday, 25 February 2013 07:59 AM

ධනවාදී ලෝකයේ සියල්ල තීරනය වෙන්නේ ඉල්ලුම වෙළෙඳපොල මතයි. මේ කෑගහන බෞද්ධයන්ගෙන් ඌරුමස් වලට ඉහළ ඉල්ලුමක් ඇත. කවුරුන් හෝ විසින් එය සපයනු ලැබේ. බෞද්ධයන් මස් නොමැරුවට අන් අය ලවා මරවයි. එයයි ධනවාදී න්‍යාය. (ස)

:       0       0

බිංදු Sunday, 24 February 2013 05:19 PM

කෝ අපේ සේනාව? ඌරු කොටුව තියෙන්නේ ඉඩමක් මැද නම් ඒකේ තිබෙන වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

අභීෂ Monday, 25 February 2013 08:12 AM

කරුණාකර මෙය ආගම් දෙකක ගැටුමක් බවට නම් පත්වන්නට හරින්න එපා. (නි)

:       0       0

ලාල්-ජකර්තා Sunday, 24 February 2013 05:51 PM

මෙතුමට පෙන්නන්න සතුන්ට මෛත්‍රිය කරන්නත්, අසැල්වැසියාට ප්‍රේමකරන්නත්.(නදී)

:       0       0

මෝරාළ Sunday, 24 February 2013 06:21 PM

බොදු බල සේනාව මේකට යම් පියවරක් ගතයුතුයි. (නි)

:       0       0

තිලක් - ඩුබායි Monday, 25 February 2013 09:11 AM

ලොකු පල්ලියකට අක්කර ගානක රබර් වත්තක් තිබෙනවා. මේ පියතුමා ඇයි ඒකේ ඌරු කොටුව දා ගන්නේ නැත්තේ. ඒකේ දැම්මාම පල්ලියත් ගඳ ගහලා කිතුනු බැතිමතුන්ටත් ගඳ දැනෙන නිසා නේද (ස)

:       0       0

සේකර Monday, 25 February 2013 09:19 AM

ලංකාසිරි ඔබට ස්තූතියි. ! (ස)

:       0       0

තිලක් Monday, 25 February 2013 08:00 PM

කිතුණු පල්ලි වලට ඌරන් සමග එදා ඉදලම කිට්ටු සම්බන්ධයක් තියෙනවා. (නි)

:       0       0

නිමල් Monday, 25 February 2013 09:43 AM

උදේ පාන්දර අපව ඇහැඇරෙන තරමට සද්දෙට පිරිත් දාන එකත් තහනම් කරන්න. (ස)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 24 February 2013 06:54 PM

මුස්ලිම් පල්ලියක් ළග තිබුණා නම් බලාගන්න තිබුණා. (නි)

:       0       0

අමිල Monday, 25 February 2013 10:01 AM

මුලින්ම හැදුවේ පන්සලද?ඌරු කොටුවද? (නි)

:       0       0

සාලිය වික්ස් Sunday, 24 February 2013 07:04 PM

ඇයි මේ පියතුමා සතුන් ඇතිකරන්නෙ..!(නු)

:       0       0

නිහාල් Sunday, 24 February 2013 07:01 PM

බුදුරජාණන් වහන්සේගේ අසපුව අසල චුන්දකර්ම පුත්‍රයා ඌරුමස් විකුනද්දී එය වෙනස් කරගන්නට උන්වහන්සේ මේ වගේ පෙළපාලි ගියේ නැහැ.(නදී)

:       0       0

රංග Monday, 25 February 2013 02:08 PM

කුසුම් ප්‍රියන්ත, අප අසා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසපුව අසල චුන්දකර්ම පුත්‍රයා ඌරුමස් විකුනපු කතාවක් නොව බුදුරජාණන් වහන්සේට චුන්දකර්මාර පුත්‍රයා සුකර දානයක් පිළිගැන්වූ වගය. ඔබතුමා වරද්දගෙන! ජේතවනාරාමය පිටිපස්සෙ ඌරො මැරුවෙ චුන්ද සූකර මිසක් චුන්ද කර්මාර පුත්‍රය නෙමෙ.ඒ මනුස්සයව නවත්තන්න බුදුහාමුදුරොවො ගියේ නැත්තෙ ඒ පවු කාරයව ගොඩ දාන්න බැරි නිසා. චුන්ද කර්මාර පුත්‍රය කියන්නෙ බුදුහාමුදුරුවන්ට අන්තිම දානෙ පිලිගන්නපු කෙනා.අනික එයා බුදුහාමුදුරුවන්ට දන් දුන්නේ සූකර දානයක් නෙමේ සූකර මද්දව කියන හතු වලින් හදපු කෑම ජාතියක්.(නදී)

:       0       0

හේරත් Monday, 25 February 2013 10:13 AM

100% ඇත්ත ඒ කතාව (දී)

:       0       0

ජසීම් Sunday, 24 February 2013 07:13 PM

බලසේනාවට දැනුම් දෙන්න පියවර ගන්න.(නදී)

:       0       0

තාරක Monday, 25 February 2013 02:19 PM

සදාචාර සම්පන්න නැහැ (දී)

:       0       0

බණ්ඩාර Monday, 25 February 2013 10:30 AM

මොන හිතකින් උරෝ මරනවාද (දී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 24 February 2013 07:40 PM

ගොවිපොළ භාරව සිටින පූජක බෙනට් පියතුමාට ඌරො ඇතිකරනවා ඇරෙන්න වෙන වැඩ නැද්ද?(නු)

:       0       0

සදීපා Sunday, 24 February 2013 07:45 PM

පියතුමෙක්ද ඌරො ඇතිකරන්නෙ..?(නු)

:       0       0

අනුර Sunday, 24 February 2013 07:46 PM

නිහාල් නොදන්නා බෞද්ධ ආගම ගැන කතානොකර ඉන්න. ඔයාගේ අම්මවත් යවන්න පෙළපාලි.(නදී)

:       0       0

ජයතිස්ස Sunday, 24 February 2013 07:46 PM

මේ ඌරු කෙටුව අයින් කරන තුරු සටන දිගටම ගිනියන්න.(නදී)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 10:49 AM

ඇයි මංගල බෞද්ධයන්ට විතරද මේ පත්තරේට ලියන්න පුළුවන්.(නදී)

:       0       0

ශීලා Monday, 25 February 2013 10:49 AM

ප්‍රසාද්, ඇයි බුද්ධාගම අන්‍යආගමිකයන්ට බලෙන් පටවන්න හදන්නේ.(නදී)

:       0       0

පිටිගල-මිලානෝ Sunday, 24 February 2013 07:58 PM

තමා කරන කුසල් අකුසල් තමන්ටමයි. අද ස්වාමීන්වහන්සේලා ගම හැරදා කොළඹ පන්සල් වලට වැඩමවා තියෙන්නේ ඇයි.(නදී)

:       0       0

පිටිගල Sunday, 24 February 2013 07:55 PM

බුදුරදුන්ගේ කුටිය අසළ ඌරු කොටුවක් තිබිලා තියෙනවා.. ඒ බව සූත්‍ර දේශනාවල සදහන් වෙනවා.. මේ හාමුදුරුවන්ටත් උපේක්ෂාවෙන් මේ ගැන කටයුතු කරනන් තිබුණා..!(නු)

:       0       0

ඉලේපෙරුම Sunday, 24 February 2013 08:00 PM

මිනිසුන් වාසය කරන පෙදෙස් වල සතුන් ඇති කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යාම නිසා මිනිසුන්ට සෞඛ්‍ය ගැටලු ඇතිවේ. යුරෝපීය ක්‍රිස්තියානි රටවලත් මිනිසුන් වාසය කරන පෙදෙස්වල සතුන් ඇති කිරීමට ඉඩ දෙන්නේ නෑ. මෙම ප්‍රශ්නය ඒම දෘෂ්ටි කෝණයෙන් සලකා බලා නිරාකරණය කළ යුතුයි.(නදී)

:       0       0

කුසුම් ප්‍රියන්ත Sunday, 24 February 2013 08:06 PM

අප අසා ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ අසපුව අසල චුන්දකර්ම පුත්‍රයා ඌරුමස් විකුනපු කතාවක් නොව බුදුරජාණන් වහන්සේට චුන්දකර්මාර පුත්‍රයා සුකර දානයක් පිළිගැන්වූ වගය.(නදී)

:       0       0

ජයා Sunday, 24 February 2013 08:27 PM

නිහාල්ගේ අදහසට විරුද්ධයි..!(නු)

:       0       0

පාලත Monday, 25 February 2013 02:39 PM

ඒ තීරණයට අපිත් එකඟයි (දී)

:       0       0

නිස්සංත Sunday, 24 February 2013 08:31 PM

මේ ඌරුකොටුව මුස්ලිම් පල්ලියක් ළග තිබ්බනම්..!(නු)

:       0       0

නාලක. Sunday, 24 February 2013 08:34 PM

මුස්ලිම් පල්ලියක් ළග තිබ්බනම් කරගෙන යන්න දෙයිද?(නු)

:       0       0

නිලංක Sunday, 24 February 2013 08:37 PM

කොහොමත් මේ වැඩේ වැරදියි.. පන්සලට භාදා වන මේ ඌරුකොටුව වහා ඉවත් කළ යුතුයි.!(නු)

:       0       0

මංගලා Sunday, 24 February 2013 08:51 PM

නිහාල් බෞද්ධයෙක් නෙමෙයි කියලා දාලා තියෙන අදහයස්වලින් පේනවා. (නු)

:       0       0

වේහා Sunday, 24 February 2013 08:58 PM

රට වටා තියෙන පන්සල් වල අධික ලෙස ශබ්දය දුෂණය කරනකොට ඒ මිනිසුන්ටත් පීඩාවක් තමා. (නි)

:       0       0

වේහා Sunday, 24 February 2013 08:55 PM

පන්සල්වලින් අනිත් ස්ථානවලට වන දේවල් ගැනත් හිතා බැලිය යුතුයි..!(නු)

:       0       0

සෑම් Sunday, 24 February 2013 09:14 PM

ජේසුතුමා කියලා තියෙන්නේ අසල්වාසීන්ට ප්‍රේම කරන්න කියලා...... පියතුමා මොනවද මේ කරන වැඩ?(නු)

:       0       0

සෑම් Sunday, 24 February 2013 09:17 PM

ඌරු කොටුවේ ඌරො මරන්නේ නෑලු.... මොන විහිළු කතාද පියතුමනි??? ඌරො ඇතිකරන්නෙ සුරතලේට වෙන්න ඇති?(නු)

:       0       0

රුහුණු Sunday, 24 February 2013 09:23 PM

පියතුමා ඌරො හදන්නේ මරන්න නෙමෙයි නම් හුරතලේට ඇතිකරන්නද?(නු)

:       0       0

කරුණාපාල Sunday, 24 February 2013 09:24 PM

පියතුමා ඌරො හදනවාට වඩා නරකද අනාථ ළමයි දෙන්නෙක්ට පිහිට උනානාම්...!(නු)

:       0       0

ඉලේපෙරුම Sunday, 24 February 2013 09:24 PM

ස්වාමීන්වහන්සේලා ගම හැරදා ෙගාස් නෑ. ඔවුන් ගම් වලත් වැඩ ඉන්නවා සමහර ස්වාමීන්වහන්සේලා කොළඹ පන්සල් වලට වැඩමවා තියෙන්නේ කොළඹත් ෙබෟද්ධ ජනතාව ඉන්න නිසා බව පිටිගල මිලානෝ දන්ෙන නැතිද? (නු)

:       0       0

අජිත් Monday, 25 February 2013 03:27 PM

ඒ වැඩේ සදාචාරයට විරුද්දයි නේද (දී)

:       0       0

සදුනි Sunday, 24 February 2013 09:54 PM

නිහාල් දන්න බනක් නැහැ කසුන්.. සමහර විට අර ඌරුකොටුව අයිතිකරු වෙන්න ඇති..!(නු)

:       0       0

ගාමිණී Sunday, 24 February 2013 10:01 PM

විදේශ රටවල අපද්‍රව්‍ය පිළිස්සීම ඌරු කොටු, කුකුල් ගොවිපළවල් පවත්වාකෙන යාමට අවසර දෙන්නේ ජන ශුන්‍ය ප්‍රදේශවල. මේ ගොවිපොළට බලපත්‍රයක් රැගෙන නැත්නම් අහෝසි කිරීම බලධාරීන්ගේ යුතුකමක්. (ස)

:       0       0

ලංකාසිරි Sunday, 24 February 2013 10:01 PM

නිහාල් ඒ බුදුන් වහන්සේ සියළු කෙලෙස් දුරු කළ කෙනෙක්.. එම සිදුවීම මෙමෙ සාමාන්‍ය පන්සල්වල සිටින ස්වාමීන්වහන්සේලාට හා අනෙකුත් පිරිසට ඒවා දරාගත නොහැකියි..!(නු)

:       0       0

ප්‍රසාද් Sunday, 24 February 2013 10:27 PM

අනෙක් ආගම් වල වැසියන් බුදුදහමේ ඇති සත්‍යතාවය වටහාගත යුතුයි. (නි)

:       0       0

ගලබඩ Monday, 25 February 2013 11:52 AM

ළගපාතක කසිප්පු තිප්පොළකුත් තිබුණා නම්.... (නි)

:       0       0

වීරසිංහ Monday, 25 February 2013 12:02 PM

පන්සල්වලත් මුවෝ හාවෝ කුරුල්ලේ ඇති කරන්නේ.(නදී)

:       0       0

ඩේමියන් Monday, 25 February 2013 12:00 PM

බොදු බල සේනාව මේකට ඇයි අත නොගැහුවේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 862 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 424 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 374 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 304 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1550 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1708 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site