රෝමානු කතෝලික සභාවේ නිල නායකයා හෙවත් පාප් තුමා තෝරා ගැනීම සඳහා වන නිලවරණය හෙට (12* පස්වරුවේදී වතිකානුවේ සිස්ටයින් දෙව් මැදුරේදී පැවැත්වීමට නියමිත බව කොළඹ අගරදගුරු පදවි මාධ්‍ය ප‍්‍රකාශක බෙනඩික්ට් ජෝශප් පියතුමා කියයි.
වතිකානුවේ ශාන්ත පීතර බැසිලිකාවේ හෙට (12* පෙරවරුවේදී සිදු කරන විශේෂ දේව මෙහෙයකින් අනතුරුව නිලවරණය පැවැත්වේ. ලොව පුරා සිටින කතෝලික සභාවේ කාදිනල්වරු 115 දෙනෙක් ඊට සහභාගි වෙති. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමාද එහි සාමාජිකයෙකි. නව පාප්තුමා තෝරාගත් බවට සිස්ටයින් දෙව් මැදුරේ දුම් කවුළුවෙන් දුම්රොටුවක් අහසට මුදා හැරීම සම්ප‍්‍රදායයි. 16 වැනි බෙන්ඩික්ට් පාප්තුමා ඉල්ලා අස්වීම නිසා මේ ධූරයේ පාඩුව ඇතිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අගහරුවදා තමයි පාප් තුමාව තෝරා ගන්නා දවස (දී)
එතුමා ඉල්ලා අස් උනේ (දී)
අපි බලන් ඉම්මු මොකද වෙන්නේ කියලා (දී)
කාව පත් වෙයිද දන්නේ නැහැ නේද (දී)
නව පාප් තුමාට අපේ හද පිරි සුභපැතුම් (දී)
සියළු ලාංකිකයින් ඔබතුමාගේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් සිටිති (නි)
අපෙන් සුභ පැතුම් (දී)
කවුරුත් නොහිතපු කෙනෙක් තමයි පත්වෙන්නේ අන්තිමට. (නි)
සුභපැතුම් (දී)
උතුම් කෙනෙක් පත් වේවා! (නි)
ඉස්සරහට හොද හොද ඒවා දකින්න පුලුවන්. (නි)
ඒ ඉල්ලා අස්වීම අපේ බලලෝභී දේශපාලඥයින්ට උතුම් ආදර්ශයක්. (නි)
මම දන්න විදියට කතෝලික සභාවේ සම්මත රීති අනුව පාප් පදවිය දැරිය හැකි උපරිම වයස අවුරුදු අසූවයිලු. (නි)
ගලබඩ, නොදන්නා දේවල් කියලා අනෙක් ආගම් වලට අපහාස කරන්න එපා. (නි)
මම කියුවේ කළු දුම් ගැසිල්ල ගැන (දී)