පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවකු පැය 48ක් පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට හැකිවන පරිදි අපරාධ පනත සංශෝධනයට රජය ගෙන ඇති තීරණයට විරෝධය පාමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ උද්ඝෝෂණයක් අද දහවල් කොළඹ කොටුව දුම්රියපොල ඉදිරිපිටදී පැවැත්විණ.
‘ජනතාවට මර්ධන කැඳවන අපරාධ පනත් සංශෝධනය පැරදවීමට පෙළ ගැසෙමු‘ යන තේමාව යටතේ පක්ෂ ක්‍රියාකාරීහු ඊට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙන මොනවාහරි වැදගත් දෙයක් ගැන කතාකරන්නකෝ. අපිත් මේ නීතියට විරුද්ධයි. (නි)
රණසිංහ කියන දේ හරියටම හරි. (නි)
අල්ලපු ගමන් ඔක්කොම ටික ගිරවා වගේ කියාගෙන යනවා නම් පැය 48ක් ඕනෑ නැහැ. (නි)
මේ කට්ටිය නිතර යන එන අය වෙන්න ඇති නේද ?? (ස)
එපා කියපු අයව අරගෙන ගිහිල්ලා පැය 58ක් තියාගෙන ප්‍රශ්න කරන්න ඕනෑ. (නි)
මේවා නිකන් ඉන්න බැරුවට කරන වැඩ නෙමෙයි. මෙතන ඉන්න කට්ටියට අපරාධ කරන්න නිදහස දෙන්න කියලා නෙමෙයි ඉල්ලන්නෙ. කුමාරට වෙන වැඩ නැද්ද රට වෙනුවෙන් වචනයක් කතාකරන කෙනෙක්ට මඩක් ගහනවා ඇරෙන්න? (නි)
කමක් නැහැ, වරදක් කලානම් පොඩ්ඩක් දඩුවම් විදින්නත් ඕනේ (දී)
කුමාර මහත්මයා, ඔයාට වෙන වැඩ ඕනෑ තරම් ඇති. මෙයාලටත් ජිවත්වෙන්න මොනවා හරි වැඩ ඇති. ඒත් මේ වගේ උද්ඝෝෂණ කරන්නෙ ඇඟේ අමාරුවට නෙමෙයි. මේ වැළලී යන ප්‍රජාතන්තවාදය රැකගන්න. මෙහෙමවත් ඒවා කරන අය නැත්නම්, මහත්මයාටත් යමක් වුණ දවසට තේරෙයි. (නි)
සරසි, ඔයාගේ අදහස් මම එකහෙළාම අනුමත කරනවා. (නි)
වැරදිකාරයෝ ජීවිත කාලයම තියාගෙන අහිංසක වැදගත් මිනිස්සු පැයෙන් ගෙදර එවන විදියට නීතියක් හදන්න. (නි)
80ගනන්වල වගේ වෙන්නද දන්නෙ නැහැ යන්නේ ආයෙත්..!(නු)
හිටපු අගවිනිසුරුවරිය හිටියා නම් කියලා හිතෙනවා අපිට. (නි)
ලඟදීම පුළුල් තිරයේ ................(ස)
ලෝකයෙන්ම තිබෙන සාමකාමී රරටවල් අතුරින් එකක් වන මේ ලංකාවේ ඇයි මෙච්චර නීති? (නි)
මොකක්හරි අලුත් වැඩකට ලැහැස්ති වෙනවා වගෙයි. (නි)
මෙයාලට වෙන වැඩ නැද්ද ? (ස)
එළියේ නිදැල්ලේ සිටින අපරාධකරුවන් අඩුම තරමින් පැය 24කටවත් ඇතුළට රැගෙන තබන්න යැයි මම අභියෝග කරමි. (නි)
රටේ වෙන නීති නැද්ද දන්නේ නෑ (ස)
ඔය කොටුව ස්ටේෂම දැන් අවුරුදු 200ක් විතර පරණයි. ඕක කඩලා අලුතෙන් තට්ටු 3-4කට ගහලා හදන්නයි තියෙන්නේ. (නි)
පුහුල් හොරා කරෙන් දැනේ ...(ස)
අපි අපරාද මංකොල්ලකෑම් හොරකම් වලට සම්බන්ධ වෙන්නේ නෑ. නමුත් අත් වරදකින් හරි රිය අනතුරක් වගේ උනොත් පොලිසියේ ඉන්න වෙයි වගේ.(ස)
ප්‍රසිද්ධ වෙන්න මොනවා හරි කරන්න ත් එපායැ.. ඒත් ඒ නීතිය දැං අවශ්‍ය නැහැ කියලා තමයි මටත් හිතෙන්නෙ.!(නු)
පොලිසියෙ රාළහාමිට තමයි මේකෙන් වාසිය.. (නු)