කිරිවත්තුඩුව මූනමලේ පාරක ආරවුලක් සම්බන්ධයෙන් කහතුඩුව පොලීසියේ පැවති පරීක්ෂණයකට පැමිණි හෝමගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීලකාන්ති සමරවික්‍රම මහත්මියට පොලීසියේදී පහරදුන්නැයි සැකපිට සුබසිංහගේ රංජිත් නම් පුද්ගලයෙක් කැස්බෑව මහේස්ත්‍රාත් චමත් මදනායක මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
සැකකරු ද පාරේ ආරවුල සම්බන්ධයෙන් පොලීසියට පැමිණ සිටි අයෙකි.
මන්ත්‍රීවරිය රෝහල් ගත කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේදිම මන්ත්‍රීවරියකට පහර දීලා නේද? ලෙහෙසියෙන් අතහරින එකක් නම් නැහැ. (නි)
ගුටි පාරයි, මහ පාරයි.... දෙකම පාරවල්නේ. ඔහොම යමු. (නි)
ලොකු වාසනාවක් ඔහොම බේරුණු එකත්, දැන් වෙන දේවල් දිහා බලද්දී. (නි)
නීලකාන්ති මිස්, ඔබට කල පහරදීම් තරයේ හෙලා දකිමු. ගමට ප්‍රදේශය්ට සේවයක් කළ ඔබ අපට , ගමට ශක්තියක්. අපි කවදත් නිර්භීත ඔබ සමගයි. -තලගල සුනිල් වත්ත ජනතාව (නි)
මේ අයටත් පිහිබෙදා දෙන්න වෙන තැනටම යයිද? (නි)
අද රටේ හුඟක් නායකයෝ රටට දෙන ආදර්ශ තමයි මේ (ස)