ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපරය දියුණු කිරීමට ගණිකා වෘත්තිය නීතිගත කළ යුතු යැයි දකුණු පළාත් සභාවේ සංධාන මන්ත්‍රී අජිත් ප්‍රසන්න මහතා දකුණු පළාත් සභාව මගින් ආර්ථක සංවර්ධන අමාත්‍යංශයට යෝජනා කරයි. මේ සඳහා ශ්‍රී ලංකාවෙන් පිරිස් සොයාගත නොහැකි නම් විදෙස් වලින් එවැනි අය ගෙන්වා ගත යුතුයැයි ද ඔහු යෝජනා කරයි. ශ්‍රී ලංකාවේ දැනටම හතළිස් දහසක් පමණ ගණිකාවන් සිටින බව ඔහු පවසයි. සංචාරක ව්‍යාපාරයේ එස් තුන සංකල්පය වන මුහුද හා හිරුඑළියට තම යෝජනාව ද ඇතුළු වන බව කියන ඔහු පළාත් සභා අරමුදලින් මෑත දී දකුණු කොරියාව ඇතුළු රටවල සිදු කළ විදෙස් සංචාරයේ දී මෙවැනි අංශයක වටිනාකම කැපී පෙණුනු බව ඔහු කීවේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරියාවලදි හොඳ ප්‍රායෝගික පුහුණු දැකලාද ?..... නියමයි (ස)
තෙලේ වැඩි අයට හොඳයි (ස)
බැංකොක් හරි මැනිලා හරි ගිහින් ආවනම් හොඳ පුහුණුවකුත් ලබන්න තිබුණා (ස)
හොඳ ම හොඳ අදහසක් හැබැයි මෙන්න කොන්දේසි -- වරකට ගාස්තුව ඇමරිකන් ඩොලර් 2000 ට වඩා අයකරන අතර සියළුම සේවා දායකයින් සහ සේවා ලාභීන් ගේ රුධිරය පරීක්‍ෂා කිරීමට ගාස්තුවක් අයකල යුතුයි. මාසික ආදායම ආදායම් බද්දෙන් නිදහස් නොකල යුතුයි. වයස 25 ට වැඩිවියයුතුයි. විවාහක අයට තම භාර්යාවගේ හෝ දරුවන්ගේ කැමැත්ත හෝ අවසරය ලබාගත යුතුයි. (ස)
ආස හිතිලද ?? (ස)
මේ මන්ත්‍රීගෙ ඉන්නවාද දන්නෙ නැහැ මේ වෘතියට සුදුසු පිරිස..!(නු)
මාරුවට තියෙයි
ඔබ කැමතිද ඔබේ සහෝදරියන් මේ රස්සාව කරනවට ??? හිතලා බලන්න (ස)
මම නම් අනුමත කරනවා
ලොකු උනන්දුවක් තියෙන්නේ මොකද දන්නේ නෑ (ස)
පිට රටකට නම් හොදයි ලංකාවට හරියන්නේ නැහැ (දී)
ඉවරයි ,,,,100 % වගකීමෙන් කියන්නේ
ආයේ කොරියා යන්න බෑ වියදම වැඩි නිසා . මෙහෙට ගෙන්න ගන්න හදන ක්‍රමය හොඳයි නේද (ස)
මේ යෝජනාව හොඳ වැදගත් යෝජනාවක්. අද කාලේ ජීවත් වෙන්න තමන්ගේ කය විකුණමින් දුක් විඳින අහිංසක ගැහැණු වෙනුවෙන් මෙය කල යුතු දෙයක්. පොලිසි වලින් අත්අඩංගුවට ගන්නෙත් ගැහැනුන් විනා පිරිමි නොවෙයි. මේකෙන්වත් මේ අයට උදව්වක් වෙනවා නම් හොඳයි. (ස)
හැමෝම දන්න රහසක්නේ..හොරෙන් හොරෙන් කරන එකේ නීතිගත කරහම හරිනේ (ස)
මම කැමැති ඔයාගේ යෝජනාවට (ස)
හොඳ යෝජනාවක් (ස)
බුදුහාමුදුරුවො තුන්වෙනි සිල්පදය පනවලා මුළු සමාජයම පිරිසිදු කළා.. ඔබ උත්සාහ කරන්නේ ඒක කඩලා මුළු සමාජයම අසූචි ගාන්න.. ආණ්ඩුවෙ සල්ලි අරගෙන ගිය සවාරියෙන් රටට විනාශයක් තමයි ගෙනත් තියෙන්නේ.. අපරාදෙ මෙයාට රට යන්න වියදම් කරපු සල්ලි..!(නු)
තමන්ගේ කට්ටිය ඉස්සෙලම යැව්වනම් හරි (ස)
රට දියුණු කරන ක්‍රමද මේ (ස)
සතුන් මරන්න අවසර ඇතිනම්, මත්පැන් විකුනන්න අවසර ඇතිනම්, ඕන තරමක් ඕනෑම තැනක බොරු කියන්න හැකිනම්, හැමදෙනාම එළිපිටම හොරකම් කරනවානම්, හොරෙන් කෙරෙන මේ වැඩේට ලයිසොන් එකකක් දුන්නම මොකෝ. ඇත්ත ඇති සැටියෙන් කෙලින් කියන මන්ත්‍රී තුමාට ස්තුති කරන්න ඕන. ගොඩක් අපචාර ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර අඩු වේවි. (ස)
හොඳ යෝජනාවක් ..40000 හොරෙන් කර දේට බලපත්‍ර දෙන එක හොඳයි . එතකොට අවශ්‍ය අයට හොද සේවයක් ලැබේවි (ස)
සමහරු කැමති. සමහරු අකමැති
සංචාරක ව්‍යාපාරය පැත්තෙන් හොඳ වුණාට සංස්කෘතිය පැත්තෙන් ගත්තොත් අනුමත කල නොහැකි යෝජනාවක් (ස)
සංචාරක කර්මාන්ත දියුණු කරන්න ඕවා ඕනෙද? මෙච්චර දැකුම්කලු රට මදිද සංචාරකයෝ ගෙන්න? මෝටර් රථ , මෝටර් ධාවන තරග, ලාංකීය ආහාර , බෞද්ධ සංස්කෘතිය , ලස්සන වෙරළ , අභය භූමී , ඔය තියෙන්නේ, ඔයාලට ඕනි අපේ සදාචාරය නැති කරලා සල්ලි හොයන්නද ? (ස)
සංචාරකයන් ගෙන්න කලින් රට හදන්න. අපරාද මැඩ පවත්වලා . (ස)
හරියට සැලසුම් කරලා කරනවානම් හොද දෙයක්. නැත්නම් වෙනත් සමාජමය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්.. විරුද්දව අදහස් දක්වන අයගෙන් බහුතරය උනත් වෙනත් කාන්තාවක් හා ඇසුරට කැමතියි.. එත් ඒ බව පෙන්වන්නේ නැහැ,, (ස)
මුලින්ම තමන්ගේ අය දාල වැඩේ පටන් ගමු, අනිත් මිනිස්සු බිල්ලට නොතියා (ස)
ලංකාව බැංකොක් කරන්න වගේ හදන්නේ. අනේ හොඳයි (ස)
ඇත්තෙන්ම හොඳයි. ලංකාවේ අක්කලා වෙන වෙන රටවල ගිහින් කරන වැඩ නිසා රටේ නමත් කැත වෙනවා. එයාලට ලංකාවේ ඉඳගෙනම වැඩි මුදලක් හොයාගන්න පුළුවන්නේ මීට පස්සේ (ස)
කෝ බොදුබල සේනා ????????????????? (ස)
ඕව් ඔව් එතකොට ලංකාව ස්ව්‍යංපෝෂිතයි.. සිරිලක දේ සිරි සැප දේ (ස)
මේකේ අගය දන්නේ කාපු බීපු මිනිහා විතරයි. හැබැයි ඉතින් ඊට පස්සේ ගැහැණියක්නම් හොයා ගන්නවා බොරු (ස)
බෞද්ධ සදාචාරය ගැන කතාකරන අයගෙන් අහන්නේ... බුදුරාජාණන් වහන්සේ ජීවමානව ඉන්න කාලෙත් ඕක තිබුණා නේද? දැන් කොහෙන්ද මේ බොරු සදාචාරයක් ඇවිල්ලා තියන්නේ?? දන්නෙම නැතුව සුද්දා ඔළුවට දාපු දේවල් තමන්ගේ කරගෙන දගලනවා නේද? (ස)
මේ විතරක් මදි . ගබ්සා කිරීමත් නීති ගත කර යුතුයි. වැඩිකල් නොයවා ඒ දේත් පටන්ගන්න (ස)
කොහොමත් ඕක දැටමත් කරන එකේ නීති ගත කළා කියලා කිසිම වරදක් වෙන්නේ නැහැ.. ඒ අයට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ නියම විදියට තියෙන්න ඕන අනවසර ලෙඩ රෝග වලින් වැලකෙන්න.,!(නු)
අනේ අපි කුඩුත් ,ගංජාත් නීති ගත කරමුකෝ (ස)
පද්මසේන මහත්තයා හරියට හරි... තමන් කරන දේ හංගලා අනුන්ට ගරහන්නේ නැතිව මැරෙනතුරු කාටවත් කරදරයක් නොවෙන විදියට සතුටින් ඉමු.. ඒකට එක විසදුමක් තමයි මේකත්..!(නු)
ඉතා හොඳ ප්‍රායෝගික අදහසක්. නීති ගත කළ පසු , එයින් බදු අදායමකට අමතරව , ලෙඩ රෝග බෝවිමත් අවම කළ හැකියි. මේක දැනටත් රට පුරා සිද්ධ වෙන දෙයක් නිසා, නීති ගත කිරීම කාලෝචිතයි. (ස)
බුදුන් වහන්සේගේ ධර්මය නොතේරෙන බාලයන් කොච්චර අද රටේ ඉන්නවද ? (ස)
මෙම කරණය කෙළින්ම කියන්න කොන්දක් තිබීම ගැන ආඩම්බරයි. නපුංසකයින් මෙය ප්‍රතික්ෂේප කළත් මෙය නීති ගත කිරීම කළ යුතුයි. මන්ද යත් රජ කාලයේත් නීති ගත ව තිබූ මෙම වෘත්තිය කොතරම් සීමා කිරීමට උත්සාහ කළත් එළිපිටම සිදුවන නිසාත් රටේ සිදුවන කාම අපරාධ අඩුවීමට හේතුවක් වන නිසාත්ය. (ස)
මේ යෝජනාව කරන කෙනාගේ කවුරුහරි ඉන්නවාද දන්නෙ නැහැ මේක නීතිගත කරගැනීමට අවශ්‍ය...!(නු)
අවුරුදු 2500ක ඉතිහාසයක් තියෙන රටකට යන කළ.. රටේ ස්ත්‍රී දූෂණ ලමා අපචාර මැඩපවත්වාගැනීමටත් නෙමෙයි මේ පාලකයෝ මේ කතාව කියන්නේ.. විදේශ විනිමය හොයන්න.. ලෝකයේ ශිෂ්ඨසම්පන්න සංස්කෘතියක් තියෙන රටේ අවාසනාවන්ත ඉරණමකද මේ..? මේ රටේ සියළුම පරිහානියට හේතුව නූගත් අදූරදර්ශී පාලනය හා උගත් පුද්ගලයන්ගේ නිද්‍රාශීලී බවයි..!(නු)
තමන්ගේ අයට ඉස්සෙල්ලාම බලපත්‍ර නිකුත්කරානම් හොඳයි (ස)
ඔයාගේ යාළුවොත් ඔය වැඩේට කැමති වේවි නේද (ස)
මේ යෝජනාව ඉදිරිපත් කරන්න කියලා කවුද ඔබට උපදෙස් දුන්නේ (ස)
දුෂනයකර ඝාතනය කිරීම් බොහෝදුරට අඩුවේවි (ස)
සංජය හරි (ස)
තම තමන්ගේ සදාචාරේ තම තමන් තියාගත්තා නම් හොඳයි නේද? නිකම් බොරුවට සදාචාරේ පෙන්නන්න මේක අවස්ථාවක් කර ගන්නේ නැතුව. මේ මන්ත්‍රීතුමා කරලා තියෙන වැදගත් යෝජනාව අගය කල යුතුයි. පොලීසියේ හිරිහැර වලට ලක් නොවී තමන්ගේ රස්සාව කරගන්න අහිංසක ගැහැනුන්ට ඉඩ දුන්නම ඇති වරද මොකක්ද? මෙතන සදාචාරේ ගැන ලොකු කතා කියන අයටයි කියන්නේ. ඕව හොරෙන් කොහොමත් කෙරෙනවා. නීතිගත කරලා ආරක්ෂාවක් ඒ අයට ආරක්ෂාවක් දෙන එක වැදගත්. බොරු සදාචාර වාදීන්ට බිය නැතුව නිර්භීතව මේ ප්‍රකාශය කල මන්ත්‍රීතුමට මගේ ප්‍රසාදය. (ස)
AIDS වැනි රෝග බෝවිමට ඉඩ කඩ වැඩියි. (ස)
අනේ මන්දා අපි කාටද මේ ඡන්දේ දීලා තියෙන්නේ...රටේ සංස්කෘතිය වනසනවා (ස)
හැබැයි මුළු ලංකාවෙම ඉන්න මේ වෘත්තිය කරන අයට රක්ෂණ ක්‍රමයක් එහෙම ලබා දීලා.. සේවා දායකයින්ට අවුරුද්දක වගකීමක් දෙන්න ඕන.. ගාස්තු සේවයේ හැටියට.. ගාස්තුව ඕනෙම පාලාතක එක හා සමාන වෙන්න ඕන.. (නු)
සංචාරකයෝ මෙච්චරකල් මෙහෙ ආවෙ ඕවා තිබිලද? සංචාරක ව්‍යාපාරය දියුණු කරනවා නම් තව කොයි තරම් දේවල් තියෙනවාද කරන්නට..!(නු)
අජිත් ප්‍රසන්න සුදුසුයි ඊළගටත් ඇමතිකමට....!(නු)
ඕනම තැනක මේ දේ කල හැකිවිය යුතුයි (ස)
ලංකාව බෞද්ධ රටක් උනත් දැං ඒ සාරධර්ම සමාජයෙන් ඈත්වීගෙන යනවා.. ළමා අපචාර වැඩිවෙලා තියෙන්නේ.. මේක හොද යෝජනාවක්.. (නු)
අනේ මේ සංජය සහ බර්නාඩ් ජෝඩුව කියන විකාර. සංචාරකයෝ එක එක ඒවාට එනවා. නටඹුන් බලන්න හැමෝම එන්නේ නැහැ. හැමදාම ඔය ටික කියා පිටරවලින් හිඟා කකා ඉන්න පුළුවන්. එකනේ දැන් වෙන්නේ. හරිම ආඩම්බරයි නේද? (ස)
ගෙනා යෝජනාව අත් දැකීමේ ප්‍රතිපලයක් සේම , මොහු වටා ඉන්න අයගේ අවශ්‍යතාවයක් විය හැකිය.. සල්ලි පසු පස හබා යාම ලක් අම්මව ලක් අම්මගේ පාරි ශුද්ද නාමය විකුණගන කන්න හදන අයට ගල් ගසා එළවා දැමිය යුතුයි..!(නු)
හොඳ අදහසක් .පළමුවෙන්ම තමන්ගේ අයටම බලපත්‍ර නිකුත් කරන්න පටන්ගත්තානම් නේද හොඳ (ස)
ඔන්න පිටරට ගිහින් අරන් ආපු දේ .. ඕක තමයි අපේ සිංහල ගතිය.. ගතයුතු දෙයක් කවදාවත් ගේන්නේ නෑ ..නොගතයුතු දේ ඉහලින්ම ගේනවා (ස)
ස්වාභාවික කායික අවශ්‍යතාවයන් නීත්‍යානුකූලව ඉටුකරගැනීමට අවකාශ ඇත්නම් බොහෝ ලිංගික අපරාධ පාලනය කළ හැකි වනු ඇත..!(නු)
මෙය නීතිගත කළහොත් රටේ ලිංගික අසහනයෙන් පෙළෙන අයට සහනයක් වනු ඇත..!(නු)
සංචාරකයන්ට නිරතුරු ආරක්ෂාවක් ලබා දෙනු මැනවි.. සංචාරකයා ගසා කෑම වලක්වනු මැනවි.. සංචාරකයා යනු සහනාධාර බෙදන්නකු යන මානසිකත්වය වෙනස්කරනු මැනවි..!(නු)
නීති ගත කළොත් ඇමතිතුමා පාන්දරම පොලිමේ ඉදියි වගේ පාන්දර සිටම..!(නු)
බත් කන ගව පරපුර මෙයට ඉහලින්ම කැමතියි (ස)
ඔයාලා දන්නවද ?? ලංකාව තමයි ලෝකේ ලොකුම පිරිමි ගණිකා මඩම තියෙන්නේ ...ලෝකේ ගොඩක් අය ඒක දන්නවා (ස)
හොඳම පිරිමි ගණිකා ව්‍යාපාරයේ දැනටත් ඉදිරියෙන්ම ඉන්නේ ලංකාව (ස)
මේ යෝජනාව ක්‍රියාත්මක වුනොත් රටේ ළමා අපචාර ගොඩක් අඩුයි.. මේවා වෙනත් රටවල් කරන්නෙ වෙනත් දෙයකට නෙමෙයි..!(නු)
රටට අඩුව තිබුණේ ඕක විතරයි. බොහොම හොඳයි (ස)
වෙන හොඳ දෙයක් තිබුණේ නැද්ද යෝජනා කරන්න (ස)
ගොඩක් හොදයි (ස)
රස වැටිලා වගේ (ස)
ෂාහ්............ මල් හතයි...! (ස)
මේකෙ පළමු ඉල්ලුම්පත්‍ර ටික මෙයාගේ පවුලේ උදවියට ඉදිරිපත් කරන්න..!(නු)
ලංකාව ඉවරයි කලොත්
ඕවා සංස්කෘතියට හොඳ නෑ නේද ? (ස)
අනේ මේ දන්නේ නැත්නම් තායිලන්තය හෝ පිලිපීනයට ගිහින් බලල එන්න . ඔයාලා දන්න සංචාරක කරමාන්තය (ස)
මෙයාගෙත් රුධිරය පරීක්ෂා කරන්න ඕනි (ස)
නියමයි අයියේ (ස)
නියම අදහස කොරියාවෙ ගියාම එක දැනිලා තියෙන්නේ... කවුරුත් හොයාගන්න බැරිඋනොත් ඔයාලගේ කාටහරි අවස්ථාව ලබාදෙන්න මන්ත්‍රීතුමෝ...!(නු)
ප්‍රසාද්, අර මැඩගස්කරේ ට මැණික් විකුනන්න ගිහින් අපු හත් දෙනාට මොකක්ද වුනේ? (නු)
හොඳ යෝජනාවක්. රටේ පවතින බොහෝ අපචාර අඩු කිරීමට මෙය හොඳ පිළිතුරක් වේවි (ස)
අපේ රටට හරි යයිද
නියමයි, මෑත කාලයේ දේශපාලකයෙක් කර වැදගත්ම කතාව...සුබ පැතුම් (ස)
අනේ හරි හොඳයි (ස)
මේ වගේ කතා කියන අයට නිසි දඩුවම් දෙන්න ඕන.. මෙයා ඕපපාතිකව ඉපදිලා වගේනෙ.. තමන්ට කියලා රකින්න දෙයක් නැති අයට තමයි මේ වගේ බොරු කතා කියන්න පුළුවං..!(නු)
ආශ්චර්යය 2015 දි ගණිකාවන්ගෙන් පිරි රටක් වේවි මේක. ජය වේවා (ස)
ලැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ ......කුහුබුවෙකුට වරදක් නැති වැරදිකර ලදුනේ ..... (අමරසිරි පීරිස් ), සොයුරියන් ඇති අයම නුඹවන් අය නිසා මහමග උරුමවුයේ......( ගුණදාස කපුගේ ) අම්බපාලි ,චිංචි මානවිකාව වැනි බුදුන්ගේ අනුකම්පාව ලැබූ මේ කාන්තාවන් වෙනුවෙන් ඇමතිතුමා ගත් තීරණය අනුමත කරමි . (ස)
මේකෙ හොද 50 නරක 50 සම සමව තියෙනව ඒඩ්ස් වගේ මාරාන්තික රෝග පැතිරීම වැඩිවෙන්න ඉඩ තියෙනවා ස්ත්‍රී දූෂණ හා අපචාර අඩුවෙන්න ඉඩ තියෙනව (ස)
එහෙනම් දකුණෙන්ම පටන් ගනිමු (ස)
ලංකාව වගේ රටකට හරි යන්නේ නැහැ
අනුමත කරන්නේ නෑ (ස)
අපේ රට හොඳ සංස්කෘතියක් තියෙන රටක් , මේවගේඅය රටට සුදුසු නෑ (ස)
ප්‍රමිතියකින් කලොත් ඒ දේ කරන්න පුළුවන්
එතකොට මේ සියලු ප්‍රශ්න නැති වෙනවා
මුලින්ම රෙජිස්ටෙර් කරන්න යවන්නේ කවුද ? (ස)
අපෝ කමක් නෑ ,අපි ඉතින් දේශ හිතෛයිශි දේශප්‍රේමී ,සිංහල බෞද්ධ ජනතාවනේ.......ඔන්න මේකට අකමැති වෙන්නේ නම් දේශද්‍රෝහී නපුන්සක විජාතික බලවේග තමයි හොදේ......පිස්සු හැදෙනවා මේවා දකින කොට,දැන් වෙන එවයි හැටියට මේවා මොනාද අනිත් එක...බුදු සරණයි හොදේ........ (ස)
හොඳට තියේවි (ස)
නියමයි (ස)
නියම වැඩක් හැබැයි ..ලඟදිම ලංකාවෙත් 50% ඒඩ්ස් හදා ගනීවි (ස)
කාන්තා හිංසනය නැති කරන්න පුළුවන්
පළාත්සභාවෙන්ම වැඩේ පටන් ගත්තනම් තමයි හොඳ (ස)
දියුණුව කියන්නේ සල්ලි හොයන එකටමද ? (ස)
මෙයාට පිස්සුද? ඕවා කරගන්න ඕනනම් මන්ත්‍රීලට ඕවා තියෙන රටවලට ඡන්දෙ ඉල්ලලා ඕවා කරගන්න.. ආශ්චර්යයට අඩු එච්චරයි.. අනේ හොදයි..!(නු)
මෙම යෝජනාවට 100%ක්ම එකගයි.. මෙය නීති ගත කළොත් ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ ගොඩක් අඩු කරගන්න පුළුවං..!(නු)
කාලයට උචිත යෝජනාවක්..!(නු)
මේක මානුෂික අයිතිවාසිකමක්.. මිනිසාට මෙය අවශ්‍යයි.. මේක නීත්‍යානුකූලව ලබාගනන් බැරිවන තැන දූෂණ අපරාද සිදුවෙනවා.. එම නිසා ඔහු කියන්නේ රටේ විනය ගරුක සමාජයක් ගැනයි..මේක සමාජීය අවශ්‍යතාවයක් ලෙස ක්‍රියාත්මක කිරීම ඉතාම වැදගත්..! (නු)
විනිමයත් ඉතුරුයි, අපේ ගෑණු ළමයින්ටත් සල්ලි.... (නි)
බොදු බල සේනාවට නැවතත් වැඩක් කරන්න පුළුවං..!(නු)
ඒක හොඳ නෑ නේ (ස)
එච්.අයි.වී වලට නොමිලේ බෙහෙත් දෙනවානම් කමක් නැහැ.. තායිලන්තයේ ඉන්න අයගෙන් 17%කට ඒඩ්ස් හැදිලා තියෙන්නේ සංචාරකයන් නිසා.. තායිලන්තයේ අලුතෙන් නීති ගෙනාවා මේක නතර කරන්න. ලංකාවෙ සංචාරකයන් ඇවිල්ල අපේ කෙල්ලන්ට ඒඩ්ස් හදලා ගියාම බෙහෙත් වලට ඒගොල්ල වියදම් කළාට වඩා ගානක් යනවා..!(නු)
ලංකාවේ ඒඩ්ස් වැඩිකරන්න මූලික අඩිතාලම (ස)
ගෑනු අය විතරද ?? එත් ගොඩක් විදේශිකයෝ එන්නේ ඒ නිසා නෙමෙයිනේ (ස)
ඒක අවශ්‍යය වෙන්නේ දේශපාලුවන්ට.සාමාන්‍යය අයට නෙවෙයි. (ස)
අපේ ඔය සංවිධාන මේ දිනවල හිතනවා ඇත්තේ මෙය ගෙනාවොත් ජනතාවට යම්කිසි සෙතක් වෙනවාද නැද්ද කියලා වෙන්න ඇති පිළිතුර ළගදීම බලාපොරොත්තු වෙන්න පුළුවං වෙයි..!(නු)
සංජය, එක එක රටවල සංචාරක කර්මාන්ත වෙනස්. හැම රටටම ගැලපෙන තනි මොඩලයක් නැහැ. අනික ඇත්තටම මෙතන බෝධිසත්ව කතා කියන කට්ටිය තුන් හිතකින්වත්, රහසින්වත් තම භාර්යාව හෝ පෙමවතිය හැර වෙන ගැහැනියක් ගැන හිතලවත් නැද්ද හැබැටම? අවංකව උතරයක් දෙන්නකෝ...... (ස)
හොඳ අදහසක් හැබැයි අපේ දේශපාලන අයියලා එක්ක මේක කොච්චර දුරට කරගෙන යන්න පුළුවන් වෙයිද දන්නේ නෑ (ස)
මේ රස්සාවට ගැහැණු කට්ටිය කැමති වුනත් මුලින්ම මේ අදහස ගෙනාපු කෙනාගේ පවුලේ කට්ටියට ඉදිරිපත් වෙන්න කියන්න. (ස)
මේක බෞද්ධ රටක් මේ රටට සංස්කෘතියක් තියෙනවා.. ඉතිහාසයක් තියෙනවා.. ඒ ගැන හිතන්න.. මේ ඇමතිලා මොනවාද දන්නේ..!(නු)
මේ අය තමයි අපේ රටේ හතුරන්.. මේ අයට ඡන්දෙ දුන්නෙ අයට දැංවත් මොලේ පෑදෙයිද?(නු)
රටට දැං අඩු මෙච්චරයි නේ.. රේසිං කාර් කුඩු මිනී මැරුම් ගනිකා මඩම් වලින් පිරුණු ආශ්චර්යමත් රටක් කරන්න තමා දැං ඕනෙ නේද?(නු)
මෙයා රටවල්වල ගිහින් දැකල තියෙන්නෙ මේව විතරද? වෙන රට දියුණු කරන දෙයක් දකින්නම නැතිව ඇති.?දකුණේ අය ආයෙම මෙයාවම පත්කර ගන්න (ස)
අර ප්‍රාදේශීය සභාපතිගෙන් පටන් ගන්න..!(නු)
මෙයා කොරියාවෙන් හොදට ඉගෙනගෙන වගෙයි... මේ අය ගහලත් මදි.. මුළු රටම කනවට...(නු)
සුනාමි භූමිකම්පා ජලගැලීම් ඒඩ්ස් වලින් පිරුණු රටක් දකින්න කැමතිද?(නු)
ගැහැනියකට නිදහසේ බස් එකකවත් යන්න දෙන්නේ නැති පිරිමි ඉන්න රටක් මේක. ඒ වුනාට කතා කරන කරන එක්කෙනා කතා කරන්නේ සදාචාරේ ගැන. ඒ වගේ කතා වැඩ කරනවට වඩා සදාචාරවාදී නැද්ද ගණිකාවක් ලඟට යන එක. (ස)
මේක හොද අදහසක්. හොරාට මේක හැම තැන කරනවා.. (නු)
මේ වගේ අයව බලයට පත් කරපු අය තමයි මේවට වග කියන්න ඕන.. කතිරයක් ගහන්න දන්නේ නැති අය ඉන්නවා මේ රටේ.. (නු)
අදහසනම් ගොඩක් හොඳයි (ස)
අපචාර ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර අඩු වේවි. (ස)
මේ වගේ මිනිස්සුන්ට ඡන්දය දුන්නු අයටත් ගහන්න ඕන...මගේ රටට දළදා හිමි සරණයි.!(නු)
ඉස්සෙල්ලම දෙන පර්මිට් කාටද දෙන්න ඕන..!(නු)
අජිත් මහත්තයා රට සංචාරය කරලා සොයාගත්ත දෙයින් පැහැදිලියි මොනවාද කරලා තියෙන්නේ කියලා..!(නු)
අජිත් මහත්තයාට සල්ලි අඩුවක් නැතිව ඇති ඒකයි මේ වගේ යෝජනාවක් කරන්න ඇත්තෙ...!(නු)
ලහිරු ඔයා හරි.. ඔවා තිබුණොත් අපේ පොඩි ළමයි ටික බේරෙයි..!(නු)
මම හිතන්නෙ ආසියාවේ අශ්චර්ය වෙන්න ඇති මේ.(නු)
අපචාර ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර අඩු වේවි. (නු)
රට පෙරට..!(නු)
ඇමතිතුමාට යන්න කියන්න ඕන දිහාක මේ රට විනාශ කරන්නේ නැතිව... තවත් ඡන්දෙ දෙන්න මේ අයට..!(නු)
ගණිකා වෘත්තිය නිතිගත නොකලත් ලංකාව තුල ගණිකා වෘත්තියෙන් තම ජිවිත ගෙනයන පිරිසක් ඉන්නාබව කවුරැත් දන්නා පුසිද්ධ රහසකි. ඒවැනි ක්‍රියාවන් නැවැත්වීමට විකල්පයක් නොසොයා මෙවැනි දෙයක් නීති ගත කරන්නේ නමි හොර රහසේ කරන්නාවුදේ ඒලිපිටම කිරිමට බොහෝ දෙනෙකු පෙළඹෙනවා පමණක් නොව ඒච් අයි වී ඒඩිස් රෝගය ඒම අය අතර වැඩි වැඩියෙන් බෝවීමද නොවැලැක්විය හැකි කරැණක්ම වනු ඇත.
කොරියාවෙ හොද දේවල් ගොඩක් තියෙනවා ඒවා බලන්න නෙමෙයි මේ මහත්තුරැ ගිහිං තියෙන්න දුක් විදින මිනිසුන්ගේ සල්ලිවලින් රට ගිහිං ජරාව අරගෙන එන්න.. ගොඩක් දුකයි.!(නු)
දුරකථනයේ අසබ්ය ඒවා තියෙනවා කියල අල්ලන්න යනවා... මේවා නීතිගත කරලා..!(නු)
ප්‍රසාද් හොරෙන් තියෙන එක ඇත්ත, ඒ වුනාට නීති ගත කරලා ඉස්කෝලෙට අල්ලපු තැන අතන මෙතන පන්සල අයිනෙ දාන්නද කියන්නේ.. ලොකු බිල්බෝර්ඩ් දල කරන්නද කියන්නේ? තායිලන්තෙට වෙලා තියෙන දේ දන්නවද? ඒවගේ කරන්නද ඕනේ? රට ලස්සන බෞද්ධ රටක් වුනාට එක පිරිහිලා තියෙන්නේ මිනිස්සු නිසා. (නු)
ප්‍රසාද්,හරි මේක නීති ගත කරලා නීතිමය වශයෙන් ඔයාගේ කවුරු හරි නීතිමය රස්සාව කරන්න ගියොත් ඔය බලන් ඉන්නවද? (නු)
ප්‍රසාද් හොඳම දේ ඔයිට වඩා වැදගත් දේවල් විසනදන එක, ගමේ පාසලේ නංවාල රටේ අනාගතේ විශිෂ්ට පරපුරක් හැදුවොත් නරකද රට දියුණු කරන්න ?(නු)
මන්ත්‍රීතුමා මල්වතු අස්ගිරිය පැත්තේ ගිහින් බැහැදැක්ක නම් ඔබගේ යෝජනාව ඉහළින් අනුමත කරාවි. (අ)
ලංකාව ආසියාවෙ ආශ්චර්යය කරන්න ඔය අඩුපාඩුව විතරමයි තිබුෙණ දැං ඒකත් හරි..!(නු)
ඡන්ද දුන්න අපට මඩු වලිගෙන් තලන්න ඕනේ. (අ)
කොරියාවෙ ගිහින් පරීක්ෂණය අත් හදා බලලා වගෙ... මැඩගස්කරේ ගියානම් හරි මෙයා.....කට්ටියක් නම් සාර්ථක කරගෙන ආවනෙ.... ඔය වැඩ ගෙදරම කර ගන්න සභාපති තුමෝ...කාට කාටත් හොඳයිනෙ. (අ)
මේ වාගේ කෙනෙක් ඉක්වදොරේ ඡන්දෙටත් ඉදිරිපත් කරල තිබුණා (අ)
මේ මන්ත්‍රිගේ නොනා දෙන්න වෙයි මුලින්ම, මෙකට දුවලා නැතුව ඇති, දෙශපලකයන් රට ගිහින් කරන්නේ ඕක තමයි දුප්පතුන්ගේ සල්ලි. (අ)
හොද අදහසක්.. සංස්කෘතියයි ආගමයි පටලවාගෙන රට දියුණු කරන්න බැහැ.. ඔය වෘත්තිය නීති ගරහා කරපු රටවල ලංකාවෙ තරම් ස්ත්‍රී දූෂණ නැහැ.. සංස්කෘතිය ගැන ඉහලින්ම කතා කරන ඉන්දියාවෙ තමයි දකුණු ආසියාවෙ වැඩියෙන්ම ඒඩ්ස් රෝගීන් ඉන්නෙ..!(නු)
ප්‍රසාද් ඔබ හරි... සදාචාරය ගැන ලොකුවට කතා කෙරුවට හැම පිරිමෙයක්ම වගේ මේකට කැමතියි.!(නු)
ඇමතිතුමා අම්මගෙන් ඇහුවාද? තාත්තා මොකද කිව්වෙ..? නෝනා කැමතිද? එහෙනම් මමත් කැමතියි..!(නු)
වරදක් නැහැ අපිට මොකද
අපචාර ස්ත්‍රී දුෂණ සහ ළමා අපචාර අඩු වේවි. (නු)
ඔය මහත්තයාගේ ගෙදරින් මෙයට අනුමැතිය ලැබුණාද?(නු)
මේ අය හැංගි හැංගි කරන දේවල් නීති ගත කරලා එලිපිටම කරන්නයි හදන්නේ.. නීති ගත කරලා පරම්පරාවටම පුරුදු කරලා එච්.අයි.වී රෝහලක්ම හදන්න වෙයි..!(නු)
හරියට සැලසුම් කරලා කරනවානම් හොද දෙයක්. නැත්නම් වෙනත් සමාජමය ප්‍රශ්න මතුවෙන්න පුළුවන්.. විරුද්දව අදහස් දක්වන අයගෙන් බහුතරය උනත් වෙනත් මේ වැඩේට කැමතියි.. එත් ඒ බව පෙන්වන්නේ නැහැ,, (නු)
කි දෙනෙක් විතර ඕනද ඔය වැඩේට මන්ත්‍රී තුමා..!(නු)
බොහොම හොද යෝජනාවක් මම දන්න බොහොම දෙනෙක් හොරෙන් අවශ්‍යතාවය ඉස්ට කරගන්න ගිහිං තමන් සතු සියළු දෙනාම අහිමි කරගත්තා.. පොලිසි යන්නත් බයයි.. ඒ නිසා පාඩුව විදගෙන දුක් වෙනවා.. පැරණිම රස්සාව නීතිගත කරනවානම් රටේ සිද්ද වෙන දූෂණ අපරාධ නවතිනවා.. හොද යෝජනාවක්..!(නු)
මේක හොද අදහසක් නමුත් ගණිකා වෘත්තිය නීති ගත කරන්න කලින් මුලින්ම රටේ නීති පද්ධතියේ තියෙන අඩුපාඩු හදන්න ඕනේ ඒ වගේම දේශපාළණය හැම කේෂ්ත්‍රයකටම අත යොමුකරන එක නවත්වන්නත් ඕනේ එහෙම නැත්නම් වෙන්නේ මේඅයට විවිධ අපහසුතාවයන්ට පත්වෙන්න වෙන එකයි.(නු)
මම එම මන්ත්‍රී තුමාගේ සාමාජිකයෙකුට යෝජනා කරනව පළමුවෙනි වෙඩි මුරය දාන්න කියල...(නු)
අපේ බෞද්ධ රටේ මොනවාද නොකෙරෙන්නේ.. වෙනසකට තියෙන්නෙ නීතිගතකරලා නැති එක විතරයි..!(නු)
ගැහැනියකට නිදහසේ බස් එකකවත් යන්න දෙන්නේ නැති පිරිමි ඉන්න රටක් මේක. ඒ වුනාට කතා කරන කරන එක්කෙනා කතා කරන්නේ සදාචාරේ ගැන. ඒ වගේ වැඩ කරනවට වඩා සදාචාරවාදී නැද්ද ්මේවා නීති ගත කරලා ඒවාට යන එක..!(නු)
සත්තකින්ම හොද යෝජනාවක්.. (නු)
පළවෙනියට රෙජිස්ටර් වෙන්න ඉන්නෙ කවුද?(නු)
මෙයාගෙ ගෙදරින්ම පටන්ගමු වැඩේ..!(නු)
හොද බෞද්ධයෝ..!(නු)
සංචාරකයෝ එන්නෙ භාවනා කරලා යන්න නෙමෙයි.. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න මේක නීතිගත කළ යුතුයි.. නීති ගත කළ රතු එලිය ඇති පෙදෙසක් ඕනෙම රටක තියෙනවා..!(නු)
වරදක් නැහැ
මම විරුද්දයි
ඈත්තටම අපේ හාමුදුරුවන් නිදිද? රටේ මෙච්චර මිනී මරනවා. දෑන් ගණිකාවන් ගෙන්නන්න හදනවා... (නි)
මම නම් සතුටු නැහැ ඒ වැඩේට
හොදට තියෙයි
ඡන්දදායකයන් ගැන කතා කරන්න මම කැමති නැහැ. (නි)
යෝජනාව හොදයි. නමුත් හැමතැනම සමානව ක්‍රියාත්මක වෙයිද කියලා කණගාටුවකුත් තියෙනවා. (නි)
දි කිරට බළල්ලුත් සාක්කි කියනවා නේද ටිකිරෝ? (නි)
මෙම සදාචාරත්මක පරිහානියෙන් පෙනීයන පෙරනිමිත්ත නම් සිංහල බෞද්ධයාගේ වැටීම වැඩි ඈතක නොවන බවයි. එය ඇත්තෙන්ම කණගාටුවට කරුණකි. (නි)
ජයවේවා! (නි)
නීති ගත කරන්න
ලංකාවේ සදාචාරයත් එක්ක ඒ වැඩේ හරියන්නේ නැහැ
මේ වගේ අයටද අපේ ජනතාව ජන්දය දෙන්නේ රට පාලනය කරන්න? කොරියාව දියුණු වුණේ කොහොමද කියලා හරියටම දන්නවාද? අනේ අපොයි රටකට ගිය කලක් ? (නි)
මගේ අදහස නම් මේක හොඳ යෝජනාවක් , නමුත් දුප්පත් කමට අහිංසක ළමයි ගණිකාවන් වෙන්න ඉඩ තියෙනවා (ස)
කොරියා ගිහින් ආවට පස්සෙනේ මේ ඔක්කොම. (නි)
මොකටද මගේ කට? (නි)
ඒ යෝජනාව අසාර්ථකයි
ජය වේවා , නුවන පහල වේවා (ස)
මම කියන්නේ කියන්නේ ලංකාව වගේ රටකට මේවගේ නීතියක් හරියන්නේ නැහැ
ධර්මරාජ්යට මේ වෙන්න යන්නේ මොනවද කියලා රට පාලනය කරන අයට තෙරෙන්නේ නැද්ද......? (ස)
ප්‍රයෝගික නැති වැඩක් නේද
එපා.....එපා
අයියෝ සල්ලි
කලොත් ලංකාව ඉවරයි
කොරියාවේ මෝටර් රථ තාක්ෂණය , සන්නිවේදන තාක්ෂණය, කෘෂිකර්මය , වගේ අනන්තවත් දේ තියෙනවා ඉගෙනගන්න , ඕකද ඉගෙනගෙන ආවේ (ස)
ලංකාව ඉවරයි
ලංකාව වගේ රටකට සුදුසු නැහැ
හොදයි නියමයි
මම එකඟ නැහැ
සාර්ථක විසදුමක්
ඒකත් හොදයි
අයියෝ සල්ලි
රුපියල් 7500 න් ජීවත් වෙන්න පුළුවන් කියන්නේ රට දැනටම දියුණු වෙලා ගොයියෝ (ස)
ඉතුරු හරිය ගැන හිතාගන්න පුලුවන් නේද? (නි)
සන්තෝසයි....
රටක දියුණු කරනකොට සල්ලිම නෙවෙයි, රටේ සංස්කෘතියත් රැක ගන්න ඕනෑ. මීට වැඩිය මේ රට දියුණු කරන්න ක්‍රම තිබෙනවා. (නි)