IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ප්‍රති ජීවකයෙන් ළමයෙක් මරුට

සෙෆ්ට්‍රිඇක්සෝන් ප්‍රති ජිවක බෙහෙත දීම ගාල්ල කරාපිටිය රෝහලේ  ළමයින් ඇතුළු රෝගීනට දීම වහා නතර කරන ලෙස එහි උසස් නිලධාරියෙක් අද උපදෙස් දුන්නේය. උණ, වමනය සහ බඩෙ අමාරුව සෑදුණු නව හැවිරිදි ළමයකුට එම බෙහෙත දී දෙපැයක දී ළමයා මිය යෑමෙන් පසුව ශබ්ද විකාශන මගින් ද වාට්ටුවලට දැන්වූයේ බෙහෙත දීම වහා නතර කරන ලෙසයි. මේ ගැන කොළඹට ද දැනුම් දී බෙහෙතේ ගුණාත්මක බව ගැන පරීක්ෂණයක් අරඹන ලෙස රෝහල් බලධරයන් ඉල්ලා ඇත.



අදහස් (0)

ප්‍රති ජීවකයෙන් ළමයෙක් මරුට

සෙනරත් Friday, 12 October 2012 07:11 PM

මැරුණට පස්සෙද බොල ගුණාත්මක බව බලන්නේ ? මේවට වගකිව යුතු අයට දඬුවම් ලබාදෙන්න. (ස)

:       0       0

බණ්ඩාර Saturday, 13 October 2012 11:10 AM

සෙනරත් කියන කතාව ඇත්ත. රජයේ රෝහල්වල භාවිතා කිරීමට ගෙන්වන බෙහෙත්වල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට ආසියාවේ ඉහලම මට්ටමේ පහසුකම් සහිත රසායනාගාරයක් තියෙනවා, හැබැයි ඒ සේරම තිබියදී තමයි වාර්ෂිකව මිලියන ගණන් බාල බෙහෙත් ගෙන්වා ටික කලක් පාවිච්චි කරන්න දී පසුව වාර්තා එවමින් ඉවත් කර ගන්න කියන්නේ. මෙසේ ඉවත් කරන සමහර බෙහෙත් තොගවල සැපයුම් කරුවන්ට මුදල් ගෙවලාත් ඉවරයි. සමහර තොග මුළුමනින්ම ඉවර වුනාට පස්සෙයි රිපෝට් එක එන්නේ. මෙසේ මහජන මුදල් කොටි ගණන් වියදම් කර ජරාවල් ගෙන්වීමට ටෙන්ඩර් අනුමත කරත්දී ඒවා හොඳයි කියා සහතික කල තාක්ෂණික ඇගයීම් කමිටුවල කාටවත් දඬුවමක් ලැබුන බවක් අපි නම් අහලා නැහැ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 233 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1129 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2895 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 347 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site