අද (12 වැනිදා- ඉරිදා) රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි.
අද පස්වරු 3.00 වන විට ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 614 ක් වූ අතර පැය 7 ක් ඇතුළතදී එය 623 දක්වා ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව මේ වන විට 2615 දක්වා ඉහළ ගොස් තිබේ.
=======================================================================================
කොරෝනා වයිරසය ආසාදිත පුද්ගලයන් තවත් 90 දෙනෙකු අද (12) සවස 3 වන විට වාර්තා වූ බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. ඒ අනුව වයිරසය ආසාදිත මුළු පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 2605 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
=====================================================================
අද (12) උදෑසන සිට රාජාංගණයෙන් රෝගීන් 4 දෙනකුද, සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 76 දෙනකුද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රෝගීන් 14 දෙනකුද හමුවී තිබේ.
බෝවන රෝග මර්ධන ඒකකය විසින් කොවිඩ් - 19 වයිරසය සම්බන්ධයෙන් පවත්වාගෙන යනු ලබන නිල වෙබ් අඩවියේ දත්ත අනුව ඊයේ (11 වැනිදා - සෙනසුරාදා) සවස 6.15 වන විට කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2459 කි. අද පස්වරු 3.00 වන විට නිකුත් කරන ලද දත්ත අනුව කොරෝනා වයිරසය ආසාදනය වී සිටි සංඛ්‍යාව 2605 කි.
ඒ අනුව දිනයකටත් අඩු (පැය 21 ක) කාලයකදී ශ්‍රී ලංකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 146 දෙනකු හමුවී තිබේ.
මේ වන විට රෝහල්වල පුද්ගලයින් 613 දෙනෙකු ප්‍රතිකාර ලබන අතර සුවය ලබා පිටව ගිය පුද්ගලයින් 1981 කි. වයිරසය ආසාදනය වී පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් ඇත.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 623 ට නගී
කල්පනා Monday, 13 July 2020 12:55 AM
වන විනාසය ගංගා ඇලදොලට හානිකිරීම පරිසර විනාශය හා එයින් ඇතිවන වායුගෝලයේ දූෂණයවීමත් සෞඛ්‍යය උපදෙස් නොසලකා කටයුතු කරනබවක් පෙනීමත් මෙලෙස නැවත රෝගීන් වැඩිවීමට හේතුවුනා විය හැකිය. ඒ අතර මාර්තු අප්‍රේල් කාලයේ රෝගයෙන් වැලකී සිටීමට තිබූ උනන්දුවද මේවනවිට දකින්ට නොමැති බවක්ද පෙනේ.
ranaMonday, 13 July 2020 08:16 AM
ඇත්ත, ලොකු අය හිටගෙන පොඩි අය දුවදුව කරනවා කියන්නේ නේද?
ගරසරප Monday, 13 July 2020 02:23 AM
දෙවෙනි රැල්ල එන බව තක්කෙටම කියුවෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා පමනකි. එතුමාට තිබෙන ජාත්‍යන්තර හයිය අවතක්සේරු නොකරන්න.
සමිත සේනක අලුත්ගමගේ. Monday, 13 July 2020 04:38 AM
මේ අසීරු අවස්ථාවේ දී අනිල් ජාසිංහ මහතා ප්‍රධාන වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලය කරන සේවය අතිමහත්ය. එය සුළුපටු නොවේ. වෛද්‍යවරුන් යනු දෙවිවරුන්ය. එවන් දෙවිවරුන්ව අප අගයන්නෙමු. ඔවුන් නොවන්නට මේ රට හා ජනතාව මොන තරම් අසීරු තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන්නට ඇත්ද. එසේ හෙයින් මේ කාර්ය මණ්ඩලවල අගය අපි හොඳ හැටි දනිමු.
janabala UAE Monday, 13 July 2020 09:34 AM
ජාත්‍යන්තර සවිය කිව්වේ යුරෝපය, එංගලන්තය, ඇමෙරිකාව... එහෙත් මැරෙනවා බුරුතු පිටින්. ඔබට සම්මා සම්බුදු සරණයි සහ සිරිකොතේ පිහිටයි.