IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ප‍්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක්

ලන්ඩන් පැරාලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත් ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජයට ක‍්‍රීඩා අමාත්‍යාංශයෙන් ඉහළම තෑග්ගක් ලබාදීමට කටයුතු කරන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පවසයි. ප‍්‍රදීප් සංජයට ඉහළම මට්ටමේ මුදල් තෑග්ගකට අමතරව නිවාසයක් ප‍්‍රදානය කිරීමේ ඉඩකඩ ඇත. පළමු පෙළ අන්තර්ජාතික තරගාවලියක ජයග‍්‍රහණයක් අත්කරගන්නා ශ්‍රී ලංකා ක‍්‍රීඩකයකුට හෝ ක‍්‍රීඩිකාවකට පිරිනැමෙන රුපියල් ලක්ෂ 10ට අමතරව පරිත්‍යාගශීලින්ගෙන් හා අනුග‍්‍රාහකයන්ගෙන් ද ඔවුනට ත්‍යාග හිමිවේ. මේ අනුව ප‍්‍රදීප් සංජයට හිමිවන ත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 5 ක් ඉක්මවා යනු ඇතැයිද වාර්තා වේ. ලන්ඩන් නුවරදී ඊයේ (9) නිමාවට පත්වූ පැරලිම්පික් උළෙලේදී මීටර 400 (පිරිමි) එක් අතක් අප‍්‍රාණික ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ප‍්‍රදීප් සංජය සමත් විය. එය ශ්‍රී ලංකාව පැරලිම්පික් උළෙලකදී දිනා ගත් පළමු පදක්කම ලෙස ක‍්‍රීඩා ඉතිහාසයට එක් විය. ප‍්‍රදීප් සංජය පැමිණෙන අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොළේදී ඔහු වෙනුවෙන් පිළිගැනීමේ උත්සවයක්ද සංවිධාන කිරීමට නියමිතය. මේ අතර ශ්‍රී ලංකා උස පැනීමේ ක‍්‍රීඩක ලාල් පුෂ්පකුමාර පෙරේදා (8) පැවති උස පැනීම පිරිමි දණහිසෙන් පහළ පාදයක් අහිමි කාණ්ඩයේ ඉසව්වෙන් අට වැනි ස්ථානය ලැබීය. පුෂ්පකුමාරගේ උස පැනීම මීටර 1.80 කට සීමාවූ අතර එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට පෝලන්ත ක‍්‍රීඩක මයිකල් ලෙපියාවෝ (මීටර 2.12) සමත් විය. රිදී පදක්කම ඇමෙරිකාවේ ජෙෆ් සකිබාවන් (මීටර 2.04) ලෝකඩ පදක්කම චීනයේ හොන්ජි වෑන්ටත් හිමි විය. ශ්‍රී ලංකාව ලෝකඩ පදක්කමක් පමණක් දිනාගත් අතර මෙවර පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් දිනාගත් රටවල් 74 ක් අතරින් 74 වැනි ස්ථානයට පත්විය. ක‍්‍රීඩා උළෙලට සහභාගිවූ රටවල් ගණන 166 කි. දකුණු ආසියානු කලාපයේ රටවල් අතරින් ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, නේපාලය හා පකිස්තානයද ඊට තරඟ වැදුණු අතර ඉන්දියාව ක‍්‍රීඩකයෝ 10 දෙනකුද, නේපාලයෙන් එක් ක‍්‍රීඩිකාවක් හා එක් ක‍්‍රීඩකයෙක් ඇෆ්ගනිස්ථානයෙන් එක් ක‍්‍රීඩකයකුත් පාකිස්ථානයෙන් ක‍්‍රීඩකයන් දෙදෙනකුත් තරඟ වැදුණහ.



අදහස් (0)

ප‍්‍රදීප් සංජයට ඉහළම තෑග්ගක්

චන්ද්‍රසිරි Monday, 10 September 2012 01:20 PM

රජය පමණක් නොව සියල්ලන්ම මෙවන් දේවල් වලට උදවු කළ යුතුයි. (නි)

:       0       0

යොහාන් Monday, 10 September 2012 11:08 AM

ජය වේවා මල්ලි.වාසනාවන්...(ස)

:       0       0

වරුණ Monday, 10 September 2012 11:24 AM

අනුග්‍රාහක සහය නැතිව, මාධ්‍ය ආවරණ නැතුව තනිව ගොස් ලබාගත් ජයග්‍රහණය‍ට අපේ සුභ පැතුම්...(ස)

:       0       0

මල්කි Monday, 10 September 2012 11:42 AM

කිසිම අනුග්‍රහයක් දෙන්නේ නැතුව උදව්වක් නැතුව දිනුවට පස්සේ කොච්චර තෑගි දුන්නත් පලක් නැනේ .(ස)

:       0       0

සශී Monday, 10 September 2012 11:57 AM

ඔබට ජය....අපේ උණුසුම් සුභ පැතුම්...........(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ධීවර ජනතාවට විශේෂ නිවේදනයක්
2024 ඔක්තෝබර් මස 11 26 0

පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේ


රත්නපුර ලැයිස්තුවෙන් දමිතාගේ නම හැලෙයි
2024 ඔක්තෝබර් මස 11 2166 5

තමන් මෙවර රතනපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කරන බව දමිතා අබේරත්න මහත්මිය පැවසුවත් ඇගේ නම රත්නපුර දිස්ත්‍රික්කයට බාරදුන් සමගි ජන බලවේගයේ මහ මැ


කෙහෙළිය වන්දි ඉල්ලා ගොනු කළ පෙත්සම ඉල්ලා අස් කරගනී
2024 ඔක්තෝබර් මස 11 1746 0

ප්‍රමිතියෙන් තොර හියුමන්ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තම


දිස්ත්‍රික්ක 10කට නාය අනතුරු අඟවයි
2024 ඔක්තෝබර් මස 11 375 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාල ගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 10 ක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 33 කට අද ( 11 ) පෙරවරුවේ සිට නාය යෑමේ අනතුරුඇඟ


පාලමකින් එගොඩ වෙන්න ගිය අයෙක් අතුරුදන්
2024 ඔක්තෝබර් මස 11 623 0

පවතින දැඩි වර්ෂාපතනය හේතුවෙන් කඩුවෙල යාකාල වැලිහිද ඇල හරහා ඉදිකරමින් පවතින පාලමක් හරහා ගමන් කිරීමට ගිය 39 හැවිරිදි පුද්ගලයකු දියේ ගිලී අතුරුදන් වී ඇතැ


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 783 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39893 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25898 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 125 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 398 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1275 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site