IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් දෙවැනි දිනටත් කැඳවයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

මේ අතර ඊයේ ඇතිවු යම් නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ උපරිමාධිකරණ සංකීර්ණයට අවට පිටස්තර පුද්ගලයින්ට රැදී සිටීම තහනම් කිරීමට ද උපරිමාධිකරණ ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

එසේම මෙම ස්ථානයේ වෙනත් මහජන සේවාවන් සඳහා පැමිණෙන පිරිස් තෝරා ⁣බේරා යැවිමටද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිවීරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් වැඩිදුර විභාගය අද (13) දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී සිදු කිරීම හේතුවෙන් මෙලෙස ඒ ආශ්‍රීතව ආරක්ෂාව දැඩි කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වන්නේය.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


(තරිඳු ජයවර්ධන සහ  තිළිණි ද සිල්වා  )
 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසිරුවාහැරිනු ලැබීමට එරෙහිව අධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් අද උදෑසන10 ට  දෙවැනි දිනටත් කැඳවනු ලැබිණි.
 
ජනාධිපතිවරයාගේ ගැසට්ටුව අවලංගු කරන ලෙස ඉල්ලමින්  ‍මේ වන විට පෙත්සම් 14ක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.
 
මෙම පෙත්සම් කැඳවෙනුයේ අගවිනිසුරු නලීන් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේය.
 
පෙත්සම් මුලින්ම කැඳවනු ලැබුවේ ඊයේ දිනයේය. ඊයේ සවස 2 සිට සවස 5.20 පමණ වන තෙක් පෙත්සම්පාර්ශ්වයේ කරුණු දැක්වීම් සිදු විය.
 
නීතිපතිවරයාට කරුණු දැක්වීමට කාලය අවශ්‍ය බව අධිකරණයට පැමිණ සිටි නීතිපතිවරයා ඊයේ දැනුම් දුන්නේය. අද නීතිපතිවරයාගේ කරුණු දැක්වීම ද සිදුකිරීමට නියමිතය.
 
නීතිපතිවරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයෝ සහ මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා මෙම පෙත්සම්වලින් වග උත්තරකරුවන් කරනු ලැබ සිටිති.


පෙත්සම විභාගය ගැනීමට අවසර දෙන ලෙසත්, පෙත්සම් විභාගය අවසන් වන තෙක් මැතිවරණය අත්හිටුවීමේ අතුරු නියෝගයක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.

ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා



අදහස් (0)

පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහි පෙත්සම් දෙවැනි දිනටත් කැඳවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site