සීගිරි සිංහ පාදය කුරුටුගෑම ඉතිහාසයේ වූ මහා විනාශයක් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක කියයි. මේ කතාව අහපුගමන් පපුව හෝස් ගාල දාල ගියා යැයි කොමසාරිස් වරයා පැවසීය. 1967 ඔක්තෝබර් 14 දා රාත්‍රී සීගිරි ළඳුන් වැනසීම ඇසූ හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා හඬා වැටුණු බව කීවේයැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 1967-68 වාර්ෂික පාලන වාර්තාවේ සදහන් වේ.
සිකුරාදා සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පවත්වන බවත් දිසානායක මහතා කීවේය. සීගිරියේ ආරක්ෂකයන් සිංහ පාදය අසළ නොසිටි බව මෙයින් පෙනෙනවා නොවේදැයි ඇසූ විට ඒ ගැන සොයන බව ඔහු කීවේය.
1967 ඔක්තෝබර් මස 14 වැනිදා රාත්‍රියේ කිසියම් පිරිසක් සීගරි චිත්‍ර මත තීන්ත ආලේපකොට විනාශ කැර දැමූහ. එදා පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ ආචාර්ය චාර්ල්ස් ගොඩකුඹුර මහතගේ නායකත්වය යටතේ රසායනික තහවුරු කිරීම් පිළිබඳ විශේෂඥයකු වූ ද එවකට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (රසායන සංරක්ෂණ) වරයකු ද වූ ආචාර්ය රාජා ද සිල්වා මහතා සහ ඉතාලියෙන් පැමිණි සංරක්ෂණ විශේෂඥයකු වූ ලුසියානෝ මරාන්සි මහතා සීගිරි චිත්‍රමත ගෑ තීන්ත ඉවත් කිරීමට දැඩි වෙහෙසකින් කටයුතු කළහ.
සීගිරියේ මන්ඩෝදක කුටි ලෙස හැඳින්වෙන සිතුවම් සහිත ලෙන ඇති ප්‍රදේශයේ ඇති සිතුවම් 19 න් 17 ක සායම් තවරා තිබිණි. ඇතැම් සිතුවම්වලට උල් ආයුධයකින් ඇන තිබූ අතර සිතුවම් සියල්ල යළි දැකිය නොහැකි ආකාරයෙන් විකෘත්ති කැර තිබිණි.
ඉතාලියේ චිත්‍ර ශිල්පියකු සහ සංරක්ෂණ ශිල්පියකු ලෙස මහත් කීර්ති නාමයක් ලබා සිටි ලුසියානෝ මරාන්සි මහතා සති දෙකක කාලයක් ශ්‍රී ලංකාවේ නැවතී සිටිමින් මේ තීන්ත ඉවත් කළේය. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ස්මිත් සෝනියන් කෞතුකාගාරයේ පූර්ණ සහය ලැබිණි.
1967-68 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාලන වාර්තාවේ දැක්වෙන්නේ කලබලයට පත් ඕවර්සියර් කෙනෙකු පුරාවිද්‍යා කොමසාරිස්වරයාට දුරකථනයෙන් මේ විනාශය ප්‍රථමයෙන්ම දැනුම් දී ඇති බවයි. ඔක්තෝබර් මස 15 වැනි දින උදෑසන ලැබුණු එම ඇමතුම හරිහැටි තේරුම්ගත නොහැකි වුව ද එයින් පැවසුණේ පසුගිය රාත්‍රියේ දී කොළපාට ලියන තීන්ත වර්ගයකින් සීගිරි චිත්‍රවලට හානිකැර ඇති බවයි.
පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ නියෝග අනුව ඔක්තෝබර් මස 16 වැනි දින ආචාර්ය රාජා ද සිල්වා මහතා තීන්ත ඉවත්කරන රසායනික ද්‍රව්‍ය ද රැගෙන එහි ගිය ද එය පහසු කරුණක් වූයේ නැත. චිත්‍ර ඇති ගුහාවේ අගුළු ලා තිබූ දොරවල් දෙකකට උඩින් පැන බිතුසිතුවම් ගුහාවේ අවසාන දොර යතුරකින් ඇර මෙම විනාශය සිදුකැර ඇතැයි ද පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී තිබිණි. ඔවුන් පළමුව චිත්‍රවලට ආයුධයකින් ඇන පසුව තීන්ත ගා ඇත.
ඔක්තෝබර් 21 වැනි දින මරාන්සි මහතා ලංකාවට පැමිණ තීන්ත ඉවත්කැර යළි සීගිරි චිත්‍ර තහවුරු කිරීමේ කටයුතු ආරම්භ කළේය. රෝමය යෝජනා කළේ තීන්ත ඉවත් කිරීම සඳහා වාෂ්පශීලී කාබයින මූලස්ථ සමග බුට්ල් ඇමින් භාවිතා කළ යුතු බවයි. වීදුරු කූරක කපු පුළුන් ඔතා එම රසායනික ද්‍රව්‍ය ප්‍රවේශමෙන් යොදමින් තීන්ත ඉවත් කැරුණි. අවසානයේදී විනාශ කළ චිත්‍ර කවරේද යන්න සොයා ගැනීමට නොහැකිවන තරමටම එම කාර්යය සාර්ථකව අවසන් කිරීමට මරාන්සි මහතා සමත්වූවේය. අනතුරුව මරාන්සි මහතා දිය කළ සායම් යොදා පළුදු වූ ස්ථාන සකස් කළේය. අද දක්නට ඇත්තේ එදා ලුසියානෝ මරාන්සි ප්‍රමුඛ කණ්ඩායමක් විසින් යළි පිළිසකර කැරුණු සීගිරි සිතුවම්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ උරුමයන්ගේ වටිනාකම අපේ දරුවො දන්නේ නැහැ. තරඟකාරී විභාග පරිසරයක ඉගෙනගන්නවා මිස යහපත් පුරවැසියො වෙන්නෙ කොහොමද කියලා ඉගෙන ගන්නේ නැහැ. දෙමවුපියෝ, ගුරුවරු, අධ්‍යාපන ක්‍රමය මේ හැම දෙයක්ම යම් තරමකින් මේ වගේ දේවලට වග කිව යුතුයි. (නි)
පපුව දැවෙනවා කියන්නේ මේ අපේ ජාතික උරුම මේවා විනාශ උනොත් අපි ජිවත් වෙලත් වැඩක් නැහැ (දී)
අපේ රටේ මොන පුරාවස්තුවක් හොරකම් කළා කියලා ඇහුවත් අපේ පපුව හෝස් ගාලා යනවා. (නි)
කුරුටු ගෑ අයට, එය කිරිමට දී බලාසිටි අයට මෙන්ම මෙහි ආරක්ෂාව සදහා සිටි අයට යන සියල්ලන්ටම දඩුවම් කළ යුතුයි. (නි)
මේක අහවල් ජාතියේ අයගේ වැඩක්. (නි)
අහමඩ්, සීගිරිය කියන්නේ කාශ්‍යප රජුගේ මාළිගාව. ඒක අතීත උරුමයක්. (නි)
පැහැදිලිවම වැරදි දෙයක්. දරුවන්ටම වැරැද්ද පටවන්න බැහැ. කෝ ආරක්ෂකයෝ? (නි)
සීගිරිය අපේ ජාතික උරුමයක්. ඔබතුමාගේ පමණක් නෙමෙයි, මේක ඇහුවහම අපෙත් බඩ පපුව පත්තු වුණා. (නි)
අහමඩ්, ඔයාලගේම කට්ටියට කියන්න ඔය කතාව. (නි)
අහමඩ් . එතකොට ඇෆ්ගනිස්ථානයේ භාමියන් පිළිම විනාස කරේ අපිද ? බංගලාදේශයේ පිළිම විනාස කරේ අපිද ? (ස)
මෙහි තිබෙන අදහස් බලන විට බෞද්ධයන්ම තමාගේ ධර්මය විහිලුවට අරගෙන. තමාටම තම ධර්මය ගැන පැහැදීමක් නැහැ වගේ. (ස)
ගුරුවරු ගැන හිතුවහම ළමයි ගැන වෙන කතා මොකටද ? (ස)
මේක අහස පොලොව නුහුලන අපරාධයක් (දී)
කොළ පාට තීන්ත භාවිතා කරන්නේ කවුද, මොන ආගමේද කියලා හැමෝම දන්නවානේ. (නි)
බස් ගාස්තු වැඩිවෙන පුවත අහලා මගේ හිතත් දැවුණා. තවමත් දැවෙනවා. (නි)
මේක කුරුටු ගාපු ළමයි මොන ඉස්කෝලෙද ? (ස)
මේක පිටුපස සිටින්නේ කඩාකප්පල්කාරී සංවිධානයක්. (නි)
මේ පාසලේ ඉන්න ගුරුවරු මොනවද ළමයින්ට උගන්වන්නේ? (නි)
අපි විදේශ රටවල ජීවත් වෙන්නේ අපේ රටේ ඉතිහාසය, සුන්දරත්වය, නිර්මල බුදුදහම වර්ණනා කරමින්. මේවා අපට ශක්තියක්. මේවා විනාශ කරන්නට ඉඩ දෙන්න එපා. දෙස් විදෙස් සංචාරකයින් ළමුන් ඇතුළු හැම දෙනාම දැනුවත් කරන්න. ආරක්ෂාව තර කරන්න. නැත්නම් අපට මතු දවසක අපේ උරුමයන් අහිමි වේවි. (නි)
අප්‍රියෙල් 1 වැනිදා ඉදලා ලයිට් බිල වැඩිවෙන බව ඇහෙද්දිත් මගේ පපුව හෝස් ගාලා ගියා. (නි)
දැන් නිකන් පපුව හෝස් ගාල දාල ගියා යැයි කියනවා හරියට තමන්ගේ නිලධාරින් ගැන සොයලා බැලුවනම් ඔයවගේ දේවල් වේන්නේ නැහැනේ.(නු)
ඉහත විස්තරයට අනුව මේවා ළමයින්ගේ වැඩ නෙමෙයි.. ලොකු කුමන්ත්‍රණයක් වෙන්න ඕන..!(නු)
පාසල් වලින් මේ වගේ ගමන් යද්දී ළමයින්ව කලින් දැනුවත් කිරීම් කරන්න ඕන... (නු)
මෙතුමාගේ පපුව හෝස් ගාන්නේ සීගිරිය ගැන විතරද? පහුගිය දිනවල කුවේණිගල විනාශයට මොකද කියන්නේ..!(නු)
මේ වගේ ළමයි පාසල් නොයවා නැව් වල මලකඩ කඩන්නයි යවන්න ඕන..!(නු)
සදරුවන් කියන දේ හරි... මේ වගේ අය තමයි රට විනාශ කරන්නේ පස්සේ කාලෙක..!(නු)
රංජිත් ඒ ප්‍රංශයේ.. මේ ලංකාව ..(නු)
ළමයි නෙමෙයි කවුරු වුනත් දඩුවම් දියයුතුයි. මොවුන් තමයි ලොකු වෙනකොට රට ජාතිය විනාශ කරන්නේ. (ස)
ප්‍රංශයේ වගේ රටකනම් ඔයවගේ වැදගත් තැනකට යනකෙට ළමයින්ට එතන ඇතිවැදගත් කම හැසිරේන විදිය උදාහරණ පෙන්වමින් හොද අවබෝදයක් ගුරුවරුන් විසින් ලාබාදේනවා නමුත් ලංකාවේ ඉන්න ගුරුවරුන් එය කරන්නේ නැහැ.මේවාට ගුරුවරු වගේම මව්පියෝත් වග කියන්න ඕන. (ස)
මේ වගේ කලාපයකට ළමුන් ඇතුළු කිරීමට කලින් මේ ළමුන් දැනුවත් කිරීම ගුරුවරුන් විසින් කළයුතු කාර්යයක්. ඒ වගේම මෙහි යොදවා ඇති ආරක්ෂක නිලධාරීන්ගෙත් පූර්ණ වගකීමක් පාසල් ළමුන් ගැන අවධානයෙන් සිටීම. (ස)