ශ්රී ලංකාවේ 65 වැනි නිදහස් උළෙල ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී පරවාහැර චන්දරත්න නාහිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්විණි.
ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් වැඩ බලන තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය එම අවස්ථාවට එක්වූවාය.
මෙහිදි මුරුංගාගස්යායේ ඤණිස්සර හා පරවාහැර චන්දරත්නහිමිවරු නිදහසේ ඇති වදගත්කම අලලා දේශනය පැවැත්වූහ
කෝ. ආනන්ද, නාගල උපනන්ද, මීවැල්ලාවේ පඤ්ඤාතිස්ස හිමිවරු ද, සිංහල සංවිධාන සාමාජිකයෝ ද විශාල පිරිසක් මෙම අවස්ථාවට එකවූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොදයි.,!(නු)
සුභ පැතුම් අපේ නිදහස් දිනය ලෝකයා ඉදිරියේ දැක්වීම ගැන..!(නු)
ගොඩක් සතුටුයි...!(නු)
ප්‍රංශයේ නිදහස් උත්සවය නැටුම්, ගැයුම් නැති ආගමික මුහුණුවරක් ගෙන ඇත්තේ තානාපතිනියක් සිටිය නිසා වෙන්න ඇති.!(නු)
මේඋත්සවයට සෙනග හිටියෙ නැතු ව වගේ මූනු පෙන්නන කතාකාරයෝ විතරද හිටියේ .(නදී)
එදා තිබුනේ නිදහස් උත්සවයක්ද නෙත්නම් කවී බණ උත්සවයක්ද (නු)
පැරිසියේ නිදහස් උත්සවයට ජයවේවා! (නි)
ප්‍රංශයේ හැම තැනම මේ මුහුණු ටික විතරයිනේ. දේශප්‍රේමී නම් ඇයි තවමත් මෙහේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ අර තුන්වෙනිදා තිබුණු අපේ කොඩියේ සිංහයාගේ වලිගේ දැති අට ගැන බණ කියපු රැස්වීමද ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඉතාලියේ වගේ තානාපති කර්යාලයේ නිලධාරින් තානාපතිතුමාට ඉහළින් යන්නේ නැති නිසා හොදයි. (නි)
මමත් ගියා ඒ උත්සවයට. සෙනග සූ ගාලා හිටියා. නමුත් නිදහසෙ නාමයෙන් අනුන්ට ආවැඩීම නම් මා අනුමත කරන්නෙ නැහැ. විශේෂයෙන් මෙය පන්සලක් නිසා.. (නි)
බණ්ඩාර මහත්මයා, දේශප්‍රේමීන් ලංකාවේ විතරක් නොවේ මුලු ලෝකයේම ඉන්න ඕන මේඉන්න හිමිවරුන් සහා සමිතිවල නිලධාරින් පසුගිය වකවනුවල රටවෙනුවේන් කොච්චර සේවයක් කලාද අමතක කරන්න එපා. ප්‍රංශයේ කොච්චර උගත් මිනිසුන් ඉන්නවාද? නමුත් ඔවුන්ඉදිරියට එන්නේ නැහැ වැඩක් කරන්න කවුරුහරි ඉදිරිපත්වුනොත් ඔහුව විවේචනය කරනවා.(නදී)
බණ්ඩාර මහත්මයා කියන ඵක අපි අනුමත කරනවා සෝමවංස වගේ අය මොනවද මේ සමිති වල තනතුරැ අරගෙන කරන්නේ?ලංකාවේ මිනිස්සු මේවට රැවටිලා මේකට ඵක ප්‍රංශ ජාතිකයෙක් වත් හිටියේ නැහැ!මේ අයගේ හැටි ප්‍රංශ පොලිසියත් දන්නවා!ලංකාදීප පැරිස් වාර්තාකරුට තර්ජනය කරපු අයත් ඔය ඉන්නෙ!ඉතින් බුද්ධිමතුන් මේවට යයිද?(නදී)
අපේ රටට නිදහස ලැබුනෙ පෙබරවාරි 4 නෙවෙයිද? පෙබරවාරි 3 සමරනවා කියන්නෙ නිදහසට පෙර පෙරහුරුවනෙ මෙයාල සමරලා තිබෙන්නෙ. මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ලංකා මාතාවට ජයවේවා (දී)