ප්‍රංසයේ ජාත්‍යන්තර බෞද්ධ සංවිධානය මඟින් ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් වාර්ෂිකව සංවිධානය කෙරෙන වෙසක් පිංකම මෙවරත් බුවාද වන්සන්හි පිහිටි විහාරස්ථාන භුමියේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
මේ පිංකම සඳහා පැරීසියේ ජීවත්වන විවිධ ජාතිකයන් මෙන්බ බුදු දහම පිළිබඳව දැනගැනීම සඳහා උනන්දුවක් දක්වන ප්‍රංශ සහ වෙනත් යුරෝපීය ජාතිකයෝ ද විශාල පිරිසක් සහභාගී වුහ.
මානසික සැනසීම ප්‍රගුණ කර ගැනීම සහ කුසල් රැස් කර ගැනීම සඳහා උපයෝගීවන ඥාන පුජාමය පින්කමද මෙවර වෙසක් උත්සවයට සමගාමීව පවත්වනු ලැබීය. මෙම පුජාව මෙහෙයවුයේ මහගම සුනීත හිමියන් විසිනි.
පිංකම සංවිධානය කරතිබුණේ ප්‍රංශයේ අභිනවයෙන් ගොඩනැංවීම සඳහා කටයුතු ආරම්භකර ඇති බුද්ධ මන්දිරයේ වැඩකටයුතු සඳහා ආධාර ලබාගැනීම අරභයා බව විහාරාධිපති පුජ්‍ය පරවාහැර චන්දරතන නාහිමියෝ පැවසුහ.
පැරිස් නුවර ජීවත්වන ශ්‍රී ලාංකික, ලාඕස, වියට්නාම්, තායිලන්ත සහ චීන ජාතික බෞද්ධ සැදැහැවතුන් පින්කමේ වැඩ කටයුතු සංවිධානය කිරීමෙදී සහායවු අතර පිංකම සඳහාද සහභාගී වුහ.
එදින උදය වරුවේදී සම්බුද්ධ පුජාවක් සහ පිණ්ඩපාත දානය පැවැත්වූ අතර ශ්‍රී ලාංකික දවුල් වාදන කණ්ඩායමක් සහ බෞද්ධ කොඩි සේසත් රැගත් විශාල පිරිසක් සහභාගීවූ සදාතුක කරඬුව වැඩමවූ දර්ශනීය බොදු පෙරහැරක් ද පවත්වනු ලැබීය. දවස පුරාම දාන සීල භාවනා වැඩසටහන් සංවිධානය කර තිබුණි.
පින්කමේ කටයුතු අවසන් කෙරුනේ ශ්‍රී ලාංකික බැතිමතුන් විසින් ඉදිරිපත් කරන ලද භක්ති ගීත සංදර්ශනයකිනි.
පින්කමේ කටයුතු සඳහා පැරිසියේ ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිහිමි, කහතුඩුවේ සම්බුද්ධාලෝක විහාරාධිපති විටියල ඉන්දසාර හිමි, ප්‍රන්සයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානවාසී, මාපලගම ජිනානන්ද හිමි, පරපේ විමලරතනාහිමි, ශ්‍රී ලංකාවේ පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය පුජ්‍ය කිරින්දේ පේමසිරි හිමි පැරිස් බෞද්ධ විහාරවාසී රේවත හිමියන් ඇතුළු මහාසංඝ රත්නය සහභාගීවූ අතර ප්‍රංශයේ වැඩබලන ශ්‍රී ලංකා තානාපති ස්වර්ණා පෙරේරා මහත්මිය සහ දෙවන ලේකම් ජෝර්ජ් කුක් මහතාද ආරාධිත අමුත්තන් ලෙස පැමිණියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මර්සි ලංකා සහ සේරම්, පිරිමි ඔක්කොම පන්සල ඉස්සරහා විස්කි බොනවද? සේරම් , ඔයාගේ සුදු යාලුවොත් එක්ක ඔයා පන්සලට එන්නේ කන්නද? මට නම් හරිම පුදුමයි ප්‍රංශයේ ඉඳලත් ඔච්චර පෙරේතද?ලංකාවේ බඩුමිල අනුව එහෙ මිනිස්සු කොච්චර පෙරේත වෙන්න ඕනෑද? (නි)
මේ භික්ෂුන් වහන්සේලාට ලෝහෙන් තැණු පාත්තර පුජාකරනවානම් වඩාත් අලංකාරව මේ කටයුත්ත ලබන වර කල හැකි වේවි.(නදී)
කුමුදුට පිළිතුරක් . ඔබ කිව්වා දේ ඇත්ත. පිට රටවල හාමුදුරුවෝ ගෙයක් ගානේ යන්නේ නැහැ. කිසිම ආගමක කෙනෙක් ගෙවල් ගානේ යන්නේ නැහැ. ජෙහොවාගේ සාක්ෂි කරුවෝ කියල කොටසක් තමා ගෙවල් ගානේ යන්නේ. මෙහෙ මිනිසුන් ඔය ආගම කරට අරන් නැහැ. එත් ඔයාට රිදුන මම ඇත්ත කිව්වම. මම මෙහෙ පන්සල් හැම එකටම සහභාගීවෙලා තියෙනවා. සියයට 90 ක් එන්නේ කාර් එකේ විස්කි බෝතලේ දාගෙන. දානේ ලෑස්ති කරනවා ගැහැණු පන්සල ඇතුලේ. පිරිමි පාරේ ඉඳන් විස්කි ගහනවා කෑමට කලින්. මෙය සිදු නොවන්නේ ඤාණිස්සර හාමුදුරුවෝ ඉන්න පන්සලේ පමණි. ඤාණිස්සර හාමුදුරුවෝ කියනවා පන්සලට නාවට කමක් නැහැ එලියේ විස්කි බොන අය කියලා. එහෙත් ඔය අනික් පනසල් දෙකේම සාදුල ඒක කියන්න බයයි. පන්සලට සෙනග එන්නේ නැහැ කියලා. මේක තමා නියම තත්වය. අනික් එක ගොඩක් පන්සලට එන්නේ අපේ සිංහල අය විනෝදය තකා එතන කට්ටිය මුණ ගැහිලා සති අන්තයේ තිබෙන දානය කලා යන්න. මන් දැකලා තියෙනවා සමහරු දානේ කාල තව ඔතා ගෙන පාර්සල් ගෙදර අරන් යනවා. ඇත්ත තිත්තය කියල කතාවක් තියෙනවා . මේකට ගොඩක් අයට හිත රිදෙනවා මන් දන්නවා. ඔය ඉස්ස්සරහ මල් උස්සන් යන ගොඩක් ඉරිදට කතෝලික පල්ලියේ දකින්න පුළුවන්. අවුරුද්දකට වතාවක් දකුණු ප්‍රංහයේ තිබෙන ලුර්දු කියන තැනට වන්දමාන කරන බෞධයෝ එන්නේ දේව මෑණියෝ වැඩියේ එතනට කියලා. ආගම දෙකක් අදහනාවට මගේ විරුද්දයක් නොමැත. එහෙත් බොරු ආගම්වාදී කතා අන්‍යාගම් කතා කිය කිය ආගම්, වාදය ජාති වාදය පතුරුවන්න එපා. මම මෙයට මිට වඩා නොලියමි.(නදී)
ප්‍රදීප් ඔබ නොදන්නා දෙයක් කියා තියෙන්නේ. බටහිර රටවල තියෙන නිදහස වෙනත් ලෝකයේ නැහැ . ඕනෙම ආගමක් අදහන්න. ඕනෙම ආගමක් මාරු කරන්න නිදහස තියෙනවා. බටහිර රටවල පන්සල් පල්ලි කෝවිල් හදන්න ආධාර දෙනවා. පළාත් සබාවල සල්ලි වලින් . එකම දෙය ආගම මුවාවෙන් ත්‍රස්තවාදය කරන්න බැහැ. මන් හිතන්නේ ප්‍රදීප් බටහිර රටක් දැකලත් නැහැ අවබෝදයකුත් නැහැ. නොදන්නා කමට අදහස් පල කරලා තියෙන්නේ . ලංකාවේ බොහෝ දෙනෙක් හින්දු බෞද්ධ අය පන්සලට යන අතර පල්ලිවලටද යනවා . දෙකෙම්ම පිහිට පතනවා . ප්‍රදීප් කතා කරේ මැද පෙරදිග රටක ඉඳන් වගේ.(නදී)
කුමුදු අක්කට පොඩ්ඩක් වෙරදිලා ඉන්නේ. ගොඩක් විදේශිකයෝ කියලා එන්නේ ලංකාවේ අයව ඇසුරු කරන විදේශිකයෝ. ඔවුන් කැමති අපගේ කුළු බඩු දමා හදන බත් වලට මස් වලට මාලු වලට එළවලු වලට. එය නොමිලේ කාල යන්න එන්නේ ඔවුන්. මොකද මගෙත් යාළුවන් එනවා පන්සලට ඔවුන් විදේශිකයන්. ඔවුන් ආගම ගැන නෙමේ කියන්නේ අපේ කෑම වල රස සහ අපේ ආගන්තුක සත්කාර ගැන. කෑම ටික ලෙබෙන තුරු ඔවුන් අපි වගේම පින් කටයුතු වලට සහබාගි වෙනවා. නමුත් අපේ ආගම වැළඳ ගත් අයත් ටිකක් ඉන්නවා. අපේ සරල කමට කැමති නිසා. ඔවුන්ට බුදු දහම පිළිබඳව ලොකු අවබෝදයක් නැහැ. නමුත් අර මුරුන්ගගස්දෙනියේ ඤාණිස්සර හාමුදුරුවෝ බොහෝ අයට අපේ බුදු දහම ගෙන වැටහිමක් ලබා දෙනවා. ආනන්ද හාමුදුරුවොත් එහෙම කරනවා. නමුත් ප්‍රංශසයේ සිටින බොහෝ දෙනෙක් දන්නවා චන්ද්‍රරතන හාමුදුරුවෝ ගැන, මුදල් වෙනුවෙන් පලවෙනි තැන. පන්සල වලට ගොඩක් මුදල් ලැබෙනවා නොයෙක් රාජ්ය නොවෙන සංවිදාන පළාත් පාලන ආයතන වලින් . මේකත් මෙහෙ එක්තරා අන්දමක ව්‍යාපාරයක් සමහර අයට. සමහර විට මෙය පල නොවෙන්න පුළුවන්. මේක තමා සත්‍ය කතාව. ගොඩක් අයගේ තියෙන්නේ ද්විත්ව චරිත.(නදී)
තායි,ලාඔස්, වියට්නාම් බැතිමතුන් ප්‍රංශ බෞද්ධ පන්සල් වලට බොහෝ උපකාර කරනවා. විශාල ලෙස මුදලින්ද උපකාර කරනවා, ප්‍රතිපත්ති පූජාමය අතින්ද ඔවුන් බොහෝ ඉදිරියෙන් සිටිනවා. ප්‍රංශයේ සිංහල බෞද්ධයන් කරන්නේ පන්සල ආශ්‍රිතව බොන එකයි. නිලතල වලට තරඟ කරන එකයි. ෆොටෝ වලට පෙනී සිටීමයි. මුදල් නම් සතයක් වත් දෙන්නේ නැහැලු.(නදී)
සාධු...සාධු...සාධු...
පද්මිණි, ඔබේ හැදුනුම්පතේ ඇත්තේ ප්‍රංශය කියා විය යුතුය. මක්නිසාදයත් ඔබට එම හැදුනුම්පත ලබාදී ඇත්තේ ඔබ එම රටේ සංස්කෘතිය වන බටහිර ක්‍රිස්තියානි සංස්කෘතියේම කොටසක් කරගෙනය. ඔබට ඇති නිදහස කුමක්ද මොහොතක් නිදහසේ හිතන්න. ඔබේ සංස්කෘතියට පිලිගැනීමක් ලබාදී තිබේද? ඔබේ දරුවන් සිංහල සංස්කෘතියට හැසිරුනොත් කිසිවෙක් රැකියාවක් ලබාදේවිද? ඔවුන් කොන් නොවේවිද?ඔබ කැමති නම් ඔබට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකිද( බෞද්ධයකු ලෙස). (නි)
ලස්සනයි බලන්න
බුදු සරණයි
ප්‍රදීප්, ඔබ නම් ලිඳේ ඉන්න ගෙම්බෙක් වගේ අදහස් දක්වන්නේ. ඔබ පොඩ්ඩක් වෙනත් රටවල් ගැන දන්නේ නැත්නම් අන්තර් ජාලයෙන් ගොස් විමසා බලන්න. නැත්නම් පොතක් පතක් කියවා අවබෝධයක් ලබා ගන්න.මේකේ විකාර ලියලා පුරවන්නේ නැතුව (නි)
ප්‍රදීප්,ඔයා බඩහිර රටක් හීනෙන්වත් දැකලා නැහැ. නැත්නම් කැමති ආගමක් අදහන්න පූර්න නිදහස තියෙනවා. අපට පැරීසියෙ සිංහල පන්සල් හතරක් තියෙනවා. මේ පන්සල් වල භූමිය අප පන්සල සතුයි. අප හාමුදුරුවන් අපවත් වූ කාලෙක මෙය රැගෙන යන්නෙ නැහැ. මෙය ඉතාමත් මහගු වැඩක්. අපේ හාමුදුරුවන් පාසැල් දරුවන් රණවිරුවන් වෙනුවෙන් මහත සෙවයක් කළ කෙනෙක්. මේ අයට ඒකෙ අගයක් නැහැ. (නි)
බලන්නත් ලස්සනයි
සේරම් මහතා පැරිස් ඉන්නවා කිවුවට එකම පන්සලකවත් පස්පාගලා නැහැ වගේ (නි)
මෙහි ලියපු ගොඩක් අය කරනා දන්නේ නැතුව තමා ලියලා තියෙන්නේ. චන්දරතන හිමියන් කරන ලද සේවය කවුරුවක් අගය කරලා නැහැ. උන්වහන්සේ ලබන සියලුම දේ ලංකාවට සේවය කරන්න තමා වියදම් කලේ. ප්‍රංශයට හිමිවරු කීදෙන්ක් ගෙනාවද? අද ඊයෙ ආපු අය දන්නා දෙයක් නැත. ගෙඩි තියෙන ගස්වලට නේ ගල් ගහන්නේ. උන්වහන්සේ කරන හොඳ දේවල් කාටවත් කරන්න බැරි නිසා නිකන්ම මඩ ගහන්න හදනවා . (නි)
මිනුවන්ගොඩත් නැටුවේ තොවිලයක් (නැටු නැටුමකුත් නැහැ බෙරේ පලුවකුත් නැහැ) අපේ දහදිය මහන්සියත් නැහැ.(නදී)
ලෝකයටම වෙසක් අසිරිය ලැබේවා
ප්‍රදීප්, ඔය ගැන කණගාටු වෙනවා. අපි බෞද්ධ වුණා කියලවත් ශ්‍රී ලාංකිකයෝ වුණා කියලවත් අපට කිසිම අවතක්සේරුවක් මෙහෙ වෙලා නැහැ. (නි)
කමනි සහ කුමුදුට. ඔය දෙන්නට හුඟක් රිදුනා නේද සත්‍ය එලි කළාට. ඔබලාගේ ද්විත්ව චරිත අප දන්නවා. දවල් මිගෙල් රෑ ඩැනියෙල් කට්ටියනේ. පේනවා හොඳ බෞද්ධයෝ කියලා පල්ලිය ගාවදී දැක්කම ඔබ දෙපලම. (නි)
ලස්සනයි .......ලස්සනයි .......ලස්සනයි .......
මම හිටන්නේ නේ කුමුදුට පිළිතුරක් දීම අවශ්‍යයි කියලා. ඇත්ත තිත්තය නිතරම. සත්‍ය කීම මඩ ගැසිමක් නොව නොදන්නා අයට නොදන්නා කරුණක් වටහා දීම පමණි. පන්සල් වල තනතුරු දරන සහ තනතුරු බලාපොරොතු වන අය හැර සියලු දෙනා සත්‍ය දනී. මම ඇසුරු කරන්නේ යන්නේ මුරුන්ගස්දෙනියේ ඤාණිස්සර හිමි ගාවට සහ ආනන්ද හිමි ගාවට පමණි. සති අන්තයේ තිබෙන දාන කෑමට පැමිනෙන්නේ නැත. ඒ නිසා ඔබලාට මාව නිතර පන්සල් වල හෝ පල්ලි වල දැකගන්න නොලැබේ. ස්තුතියි. (නි)
මට නම් මේවා දැක්කම ලංකාවේ මිනිස්සු ගැන හරියට කල කිරෙනවා. බෞද්ධයෝ නොවුනත් ලාංකිකයෝ වශයෙන් අපි සතුටු වෙන්න ඕන නේද මේ වගේ රටක මේ වගේ දෙයක් කරන එකට. මේවා දැකල මෙහෙ මිනිස්සු කොච්චර සතුටු වෙනවද? එකෙන් පුද්ගලයට වනෙවේ ලංකාව ගැනයි හොද තැනක් හැදෙන්නේ කුහකයෝ වෙන්න එපා. බොරුවට විවේචන දාලා. මේවා වෙන ජාතිකයෝ නොබලන නිසා හොදයි නැත්නම් පස්ස පැත්තෙන් හිනාවෙනවා අනිවාර්යයි.(ස)
විදේශිකයෝ හිනා වෙනවා තමා මේවා දැකලා. පන්සල වටේම ඉන්නේ මුස්ලිම් මිනිස්සු (නි)
ඔබලාගේ කතාව හරි. මෙහෙ ඉන්න හුගක් අය හරිම කුහක මිනිස්සු. චන්්‍රරතන නායක හාමුදුරුවන් අපිට බුදුන් වගේ. මොන තරම වැඩ ප්‍රමාණයක් රට වෙනුවෙන් කරනවද? පැරිස් ඉන්න මිනිස්සු හොදටම දන්නවා නමුත් කියන්න කැමති නැහැ (නි)
සම්මා සම්බුදු සරණයි
චන්දරතන නායක හාමුදුරුවෝ නැත්නම් අද ගොඩක් අය ප්‍රංශයේ නැහැ. උන්වහන්සේ නොහිටින්න අද ප්‍රංශයේ ලංකාවේ පන්සලුත් නැහැ. ඒක ඔය ගොඩක් අය දන්නවා ඒත් මඩ ගහනවා. ඒක තමා ලංකාවේ මිනිස්සුන්ගේ හැටි. අපේ ධර්මපාලතුමත් අවසාන කාලේ රට ගැන පුදුම කලකිරීමකින් ඉදලා තියෙන්නේ. ඒකනේ රටිනුත් පිටවෙලා ගියේ. (නි)
මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. අපේ පන්සල් ගැන හිතලයි මම අදහස් දැම්මේ. මම කවදාවත් ප්‍රංශයට ගිහින් නැහැ. නමුත් පිංන්කම දැක සිත් පහදවා ගත්තා. මොන ආගමේත් වැරදි කරන අය ඉන්නවා. තෙරුවන් සරණයි! (නි)
චන්දරතන හාමුදුරුවෝ හැම එක්කෙනාම කියන විදියට වැඩ කරන්නනේ නැති නිසා බොහෝ දෙනෙක් උන්වහන්සේ එක්ක හිත හොඳ නැහැ (නි)
ඕස්ට්‍රේලියාවෙත් ඉන්නේ ලංකාවේ මිනිස්සු. දැන්නම් ධීවර යාත්‍රා වලින් යන්නේ (නි)
මර්සි ලංකා, මෙච්චර ලස්සන පින්කමට දුෂ්ට අදහස් දාන එපා. පිටරටවල ඉන්න හාමුදුරුවෝ ගෙවල් ගානේ ගිහින් ආගමට බලෙන් හරවා ගන්නේ නැහැ. වෙනත් ආගම් වල කට්ටිය නම් එහෙම කරනවා. අපේ ගෙදරටත් කීප දවසක්ම ආවා. නමුත් විදේශිකයෝ භාවනා කරන්න පන්සල් හොයාගන එනවා. (නි)
සදු සදු සදු, මෙත් මල් පිබිදේවා සිත් තුල කරුණා ඉතිරේවා.(නදී)
මේ උදවියටත් කියන්න බැරිද අන්‍යාගමිකයන්ට මේ රටේ මේවා කරන්න බැහැ කියලා.(නදී)
සාදු! සාදු!! සාදු!!! හරිම අගෙයි.අපේ රටේ වගෙයි.(නදී)
සියලු දෙනාටම සුබ වෙසක් මංගල්ලයක් වේවා.(නදී)
ලස්සනයි.(නදී)
මේක සිලුදෙනාට හොද ආදර්ශයක්. අපගේ සිරිත් විරිත් කොහෙ ගියත් කරන්න දක්ෂ පිරිසක් ප්‍රංශයේත් ඉන්නා බව මේ සදහා දායක ව වැඩකළ සැමට හා භික්ෂූන් වහන්සේලාට සුපිරි වෙසක් මංගලයක්ම පතන අතර කතෝලික වන මම මෙය අගය කරමි.(නදී)
මනෝජ්, නිකම් මෝඩ කතා කියන්න එපා. ලංකාවේ ඕනෑම ආගමක් අපුරුවට අදහන්න පුළුවන් කියන එක ඔයාගේ ඇස් දෙකට පෙන්නේ නැද්ද? පන්සල් වගේම හැම තහනම් කතෝලික මුස්ලිම් පල්ලි පිරිලා. ඉතින් තවත් මොකටද අටුවා ටීකා ? හැබැයි ලගම තියෙන රටක් වෙන මාලදිවයිනේ වත් නිදහසේ ආගම අදහන්න පුලුවන්ද මුස්ලිම් යට හැරෙන්න ? පුළුවනි නම් ඒවගේ දේවල් ගැන කතා කරන්න ? (නදී)
කියල නිම කරන්න බැහැ ලස්සනයි. අපේ බුදු දහම ලොවට කියා පෑමක්. එහෙත් එකක් මතක තබා යුතුයි අප. අපේ හිමිවරු මෙහෙ කරන දේ වෙනත් ආගම වල අය ලංකාවේ කරන කොට දොස් නැගීම නරකයි. අන්‍ය ආගම් වැලඳ ගන්නවා කීම වැරදියි. සියලු සත්වයෝ නිදුක් වේවා , සුවපත් වේවා දුකින් මිදේවා සැපතට පත් වේවා . නිවන් පල ලැබේවා!(නදී)
අපේ කාන්ති අක්කා ඇතුළු සියලු දෙනවා පින් අනුමෝදන් වේවා.(නදී)
නැවත ලංකාවේ ඉපදෙන්න එපා කියපු නිගන්ටයෙකුත් මෙතන ඉන්නවා (නි)
අපේ සිරිත් විරිත් නම් හොදයි නම් තමා. නමුත් මේ බටහිර රටවල්වල සිටින හමුදුරුවරු නම් 99% බොරු කරන්නේ. මේවා කියන්න බයවෙන්න ඕනෑ නැහැ. ඒකයි ඇත්ත. (නි)
මේ මල් අරන් යන කාන්ති අක්කාගේ මියගිය සැමියාට පින් අනුමොදනා වේවා. ඔබ පල්ලි වලට පන්සල් වලට දෙකටම සහබාගි වන පින්වන්තියක් . ඔබට දෙවි පිහිටයි.(නදී)
මම හොද බෞද්ධයෙක්. ඒත් මේ වගේ රටවල් වල හාමුදුරු කෙනෙකුට දාන කෙසේ වෙතත් සීල පාරමිතාව නම් රකින්න බැහැ. මේ රටවල් වල ඉන්නේ ගොඩක් ලියතඹරා මල්. අපි කවුරුත් රහත් වෙලා නැහැ. (නි)
තෙරුවන් සරණයි සැම දෙනාටම
තායි,ලාඔස්, වියට්නාම් බැතිමතුන් ප්‍රංශ බෞද්ධ පන්සල් වලට බොහෝ උපකාර කරනවා. විශාල ලෙස මුදලින්ද උපකාර කරනවා, ප්‍රතිපත්ති පූජාමය අතින්ද ඔවුන් බොහෝ ඉදිරියෙන් සිටිනවා, ප්‍රංශයේ බෞද්ධ පන්සල් බබලනවාට ඔවුන්ට බොහෝ පින්! (නි)
මේ අපුරු අසිරිය අතරින් ඔබ දැකීමත් මට සතුටක්... (නි)
පැරිසියේ ජේතවන විහාරාධිපති මුරුන්ගස්යායේ ඥානිස්සර නාහිමි මොන තරම් නම් ඉගනගන්න පාසල් දරුවන්ට උපකාර කරනවද? (නි)
හැමතැනම එකයි. ඔක්කොම ලාංකික බෞද්ධයොනේ. (නි)
මේ බටහිර ක්‍රිස්තියානි රටවල , අන් ආගමිකයන්ට කිසිදු නිදහසක් නැත. එකම නිදහස කඩයකට ගොස් තමා කැමති බඩුවක් තොර ගැනීම පමණි. තමන්ගේ ගෙයක් ඇතුලේ මෙවැනි පින්කමක් , සති අන්තයක කරනවා ඇරෙන්නට ඔවුනට වෙන විකල්පයක් නැත. එක්සත් ජාතීන්ගේ සංගමය ලෝක නිවාඩු දියක් කළ වෙසක් පොහොය කිහිම බටහිර ක්‍රිස්තියානි රටක නිවාඩු දිනයක් කර නොමැත. එකම විසදුම ඔබත් බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය තුල ජීවත් වීමය. මොවුන්ගේ මානව හිමිකම් මේ කිසිම රටක නැත. (නි)
හරිම ලස්සනයි. ඔබ සැමට සුභ වෙසක් මංගල්ලයක්. සාමකාමී මුළු ලෝකයටම ආදර්ශයක්.(නදී)
සාදු! සාදු!! සාදු!!! අපේ සිංහල බෞද්ධයන්ට අපේ කම තවම තියෙනවා. ඔබලාට ජය වේවා!!!(නදී)
ඉතාම අලංකාරයි. දුටු විට සිත පහන් වෙනවා. බටහිර ලෝකය දැන් දෙවියන්ගේ කැමත්තට සියල්ල සිදුවේ යන මිත්‍යා විශ්වාසයෙන් (ගිනිකඳු නායයෑම් සුනාමි භූමිකම්පා යන හදිසි අනතුරු බෝම්බ පිපිරීම් මාරක ලෙඩ රෝග දෙවියන්ගේ කැමැත්තට වෙනවා නම් ඒ දෙවියෝ කොච්චර අසාදරණද කියලා මිනිසුන්ට වැටහෙන්න ඇති)මිදිලා සැබෑ යථාර්තය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. බුද්ධ දර්ශනයේ හරය තේරුම් ගෙන ඔවුන්ට උතුම් වූ නිවන අවබෝධ කිරීමට හැකියාව ලැබෙත්වා! බුදු සසුන ලොව බැබලේවා! (නි)
ප්‍රදීප් කියන්නේ අරාබි රටවල් ගැන විය යුතුයි. මේ උත්සවයෙන් එහෙම තහනමක් පේනවද? මේ රටවල ඕනෑම ආගමක් අදහන්න පුළුවන්. නමුත් එක භාෂාවයි. හැදුනුම් පතේ ජාතිය වශයෙන් තියෙන්නේ" ප්‍රංශ" කියලා.නැතුව අපේ රටේ වගේ සිංහල,දෙමල, මුස්ලිම් කියලා නෙමෙයි. (නි)
අපිට හරිම සතුටු හිතෙනවා මේ පිංකම දැක්කම. ඒ වගේම ප්‍රදීප් ඔයාගේ ඔය නිවරදි අදහසට මමත් එකග වෙනවා.(නදී)
නෙතට රසදුනක් , සුදෝ සුදු ඇදුමෙන් සැරසිලා ,සංවර විනීත ,අපේකම ,සැනසිල්ල ,සතුට , බුද්ධාලම්බන ප්‍රීතිය දෝරේ ගලනවා සාදු සාදු සාදු ! (නි)
කෑම මේසය මල් පාත්තියක් වගේ ලස්සනයි. හැබයි මෙලෝ රහක් නැහැ. උත්සවේ ලස්සනයි. මොනවා හරි කළා කියන්න හොදයි.(නදී)
සමහර රටවල් පන්සල්වලට මුල්‍යමය ආධාර දෙනවා. ඕස්ට්‍රේලියාවෙත් දෙනවා. රටවල් ගණනාවක පන්සල් තිබෙනවා. (නි)