සණස බැංකුවේ පස්දෙනෙකුට මරු කැඳවූ බේරුවිල බෝට්ටු අනතුර සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙක් බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. බෝට්ටුකරු ද ඒ අතර වෙයි. අධික ලෙස සෙනඟ පැටවීම හා ජීවිතාරක්ෂක කබා එහි ගිය අයට නොදීම එසේ අත්අඩංගුවට ගැනීමට හේතුවයි. පෙරළුණු බෝට්ටුවේ 13දෙනෙකු ගමන්ගෙන ඇතැයි පොලීසිය කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්‍රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රදීපාගාරය නැරඹීමට යන අයගේ පහසුව සදහා රජය මගින් ප්‍රවාහන සේවයක් ආරම්භ කළ යුතුයි. මන්ද දැනට එහි යාමට ආරක්ෂිත ප්‍රවාහන සේවයක් නොමැති නිසාවෙන් හා කුඩා දරුවන් පවා එහි යාමට කැමැත්තෙන් සිටින නිසා. දැනට තිබෙනුයේ කුඩා පන්න ධිවරයන්ගේ ධීවර බෝට්ටුය. එහි බෝට්ටුව පදවන කෙනාට වැසි කබායක්වත් නැති එකේ එහි යන මගීන්ට ජීවිතාරක්ෂක කබා තිබිය හැකිද? ඔවුන්ද එහි පැමිණෙන සංචාරකයින් ප්‍රවාහනය කරන්නේ රු. 600ක් වැනි සුළු මුදලකට උදවුවකට මෙන්ය. ප්‍රදීපාගාරය නැරඹීමට පැමිණෙන අයට එහි මත්පැන් පානය කිරීම තහනම් කළහොත් මෙවැනි ජීවිත හානි වළක්වාගත හැකි බව මෙම සිද්ධියෙන් මනාවට පැහැදිලි වූ බව එහි පැමිණ සිටි බොහෝ අයගේ මතය විය. එහි එනකොට එන්නේ, එහි යනකොට බෝට්ටුවලට නගින මිනිස්සු නොවන බව එහි සංචාරය කරන බොහෝ දෙනා පවසයි. මියගිය 5 දෙනාටම නිවන් සුව පතන අතර, ඔවුන්ගේ පවුලේ සියළුදෙනාටම අපගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමු. (නි)
අමිල තනියෙන් වුනත් බෝට්ටු ගමන් එපා. (දී)
මට නම් ගෙදර අයත් එක්ක බෝට්ටු ගමන් එපා වුණා. (නි)
ලංකාවේ කොයි වැඩෙත් ඔහොම තමයි. සල්ලිවලට මිසක් මිනිස් ජීවිතවලට දැන් ලංකාවේ වටිනාකමක් නැහැ. බේරුවල මුස්ලිම් ආගමිකයන් දැක්වූ සහයෝගයටත්, දුන්නාවූ ආදර්ශයටත් බේරුවල කිට්ටුව වාසය කරන්නෙක් වශයෙන් මමත් ආඩම්බර වෙනවා. (නි)
මොනතරම් විනෝදයක් තිබුණත් කමක් නැහැ.ආරක්ෂක කබා නැතුව බෝට්ටු වල යන්න එපා. (නි)
ආරක්ෂක කබා නොමැතිවීම වරදක් තමයි (නි)
මමත් බේරුවල කෙනෙක්. සිංහල මුස්ලිම් සමගිය බලන්න ඕනෑ නම් බේරුවල, අලුත්ගම, දර්ගා නගරයට එන්න. (නි)
ඒත් බලධාරීන් නිහඩයි. (නි)
නොසැළකිලිමත්කම තමයි හැමදේටම මුල (නි)
මේ සෑම ව්‍යයසනයකටම හේතුව මිනිස් ජීවිත තුට්ටුවකටවත් මායිම් නොකර සියල්ල මුදල් මත පමණක් රැදී තිබීමයි. (නි)
මෙම මරණවලට වගකිව යුත්තේ නිතියද?එය ක්‍රියාත්මක කරන්නෝද?අනවබෝධයෙන් කුල්මත්වී කටයුතු කරන්නෝද? සියල්ල නොමැතිව කර්මයද? (නිසම්මකාරිනෝ.ක්‍රියාවේ ප්‍රතිඵලය හදුනාගෙන කටයුතු කළයුතුයි. බුදුරජාණන්වහන්සේ.)
හැම බෝට්ටු ගමනකදීම ආරක්ෂක කබා අනිවාර්ය කරන්ඩ. මගී ප්‍රවාහනයට යොදන හම බෝට්ටුවකම ආරක්ෂිත කබා තිබිය යුතුයි.. අපරාදෙ ජීවිත
මම අදහස් නොලීවත් හැමදාම ඇසෙන පුවත් නිතරම කියවන කෙනෙක්. මුස්ලිම් ජනතාවගේ පුවතක් පල වුනාම ජාතිවාදී අදහස් කොපමණ පල වෙනවද. ඔබ සියලු දෙන බේරුවලට ඇවිත් මුස්ලිම් සිංහල එකමුතුකම බලන්න.මේ වගේ සහයෝගයෙන් හැමෝටම ඉන්න බැරිද. ඊයේ සිදුවීමදී උදව්වට හිටියේ මුස්ලිම් කට්ටිය පමණි.
නදී මොකද වැඩක් නැත්තෙ? ඉදිරියෙදි මේවා නොවෙන්න වගබලාගන්න ඕනෑ. වසන්ත ඔබ හරි. (නි)
අයියෝ සල්ලි
මොනවා කිව්වත් දැං වැඩක් නැහැ.. අපරාදෙ ජීවිත..!(නු)
හරියටම හරි. අනිවාර්යෙන් හැම කෙනාටම ජීවිතාරක්ෂක කබා දෙන්න, මේ අය දැන ගන්න ඕනෑ. අපිට අත්දැකීම් තියෙනවා. අපි ඉල්ලුවහම ඕනෑ නැහැ, මහත්තයා අවුලක් නැහැ කියනවා. ඒවා ඉල්ලන කෙනා දිහා කන්න වගේ බලන්නේ. අවුලක් නැති එකෙන් ඇති වැඩක් නැහැ. අනිවාර්යෙන් මේ රස්සාව කරනවා නම් එන හැම කෙනෙක්ටම ඒ කියන්නේ බෝට්ටුවේ යන්නේ 10 නම් ඒ 10 දෙනාටම ලයිෆ් ජැකට් දෙන්න මේ අයට පුළුවන්කම තියෙන්න ඕනෑ. ඒක අනිවාර්යයෙන් කරන්න ඕනෑ. (නි)
මුහුදත් සමග ගණූදෙණූවට යන මෙම ගමන ගැන මීට වැඩිය හිතන්න තිබුණා. ඔබ සියල්ලන්ටම නිවන් සුව! (නි)