
පෝලන්ත අග්‍රාමාත් ඩොනල්ඩ් ටුස්ක් සහ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිස්ලාව් කොසිනියැක්-කාමිෂ් ඝාතනය කිරීමේ සූදානමක් පවතින බවට තොරතුරු ලැබී ඇතැයි පෝලන්ත බුද්ධි අංශ පවසයි.
බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව යමින්, අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කළ බවත්, අග්‍රාමාත් ඩොනල්ඩ් ටුස්ක් සහ ආරක්ෂක අමාත්‍ය ව්ලැඩිස්ලාව් කොසිනියැක්-කාමිෂ්ගේ ආරක්ෂාව තර කළ බවත්, පෝලන්ත අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා කැරොලිනා ගැලෙකා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත.
පොලිසිය, රාජ්‍ය ආරක්ෂක සේවය සහ අමාත්‍යාංශ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් හදිසි රැස්වීමක් කැඳවා මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු බව ද කැරොලිනා ගැලෙකා වැඩි දුරටත් පවසා ඇත.
පෝලන්තය නේටෝ සාමාජිකයෙකි. පෝලන්තය පිහිටන්නේ යුක්රේනයට මායිම්වය. රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේනයට බටහිර සහාය හිමිවන්නේ පෝලන්තය හරහාය. එබැවින්, පෝලන්ත අග්‍රාමාත්‍යවරයාගේත් ආරක්ෂක අමාත්‍යවරයාගේත් තීරණ සම්බන්ධයෙන් රුසියාවේ පැහැදීමක් නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd