යාපනය පලාලි අධි ආරක්ෂිත කලාපයේ පිහිටි තමන්ට අයත් අක්කර 6381 ක් ආරක්ෂක මුලස්ථාන යක් පිහිටුවීමේ අරමුණින් රජයට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බල රහිත කරන රීට් ආඥාවක් ඉල්ලා වැසියන් 1474 දෙනකු ගොනු කළ රීට් පෙත්සම සලකා බැලු අභියාචනාධිකරණය එම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නම් කැර ඇති ඉඩම් ඇමැති ඇතුළු පිරිසට ජුලි 10 වැනි දින අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් අද (30) නියෝග නිකුත් කළේය.
මෙම පෙත්සම අභියාචනාඅධිකරණ සභාපති විනිසුරු එස් .ශ්‍රී ස්කන්ධරාජා හමුවේ සලකා බැලීය.
අච්චුවේලීයේ අරැණාචලම් කුණ්ඩාලසිංහම් මහතා ඇතුළු 1479 දෙනකු ගොනුකැර තිබු පෙත්සමේ වග උත්තරකරුවන් ලෙසින් යාපනයේ ඉඩම් පවරා ගැනීමේ නිලධාරී කේ .සිවරාම් ,ඉඩම් ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු අසරණයි
සාධාරණයක් කරන්න (දී)
රටේ ආරක්ෂාව ගැන ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ. වෙන රටකදී නම් මේ නඩුව අහක දානවා. උදාහරණ ඉන්දියාව. (නි)
දැන්මම මෙහෙම නම් පස්සේ කොහොමට හිටීවිද? (නි)
යාපනය රජයේ ඉඩම් සියල්ලේ හමුදා ජනපද පිහිටුවන්න .එවිට ගැටළුවක් නැහැනේ කාටවත් (නි)
මේ ඉඩම් පවරගන්න යන්නේ රටේ ආරක්ෂාව වෙනුවෙන්. කොච්චර මිනිස්සු රටේ සංවර්දනය වෙනුවෙන් තමන්ගේ වතු පිටි දීල තියනවද? නිකන් දෙනවත් නෙමෙයිනෙ. (නි)
අදහස් පලකරන්ද්දී තමුන්ව එම ස්ථානයේ තබා සිතා එය කරන්න. නැතිවෙන ඉඩම් වලට සාදාරන විකල්පයක් ලැබෙන් නැත්නම් නඩු කියන්න තමයි වෙන්නේ. ඉඩ කඩම් දේපල කියන්නේ සන්වේදී මාතෘකාවක්.(නදී)
මෙම ඉඩම් රජයට පවරා ගැනීම නතර කරන්න එපා. (නි)
ඇත්ත අයිති කාරයා බලලා දෙන්න (දී)
යාපනයේ පමණක් නෙවෙයි රටේ ඕනෑම තැනකින් රාජ්‍ය ආරක්ෂව සදහා මෙම ක්‍රියාව ක්‍රියාත්මක කල යුතුමයි. (ස)
රටේ ස්වෛරීභාවය ආරක්ෂා කිරීමට නම් දකුණේ මෙන් උතුරේත් ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මෙයාලට යාපනේ වෙන කොහෙන් හරි ඉඩම් දුන්නා නම් හරි. අලුතින් ජලවිදුලි බලාගාර, ගල්අඟුරු බලාගාර ඉදිකරනකොට රටේ අනෙත් ප්‍රදේශවල ජනතාවට ඉවත් වෙලා දුන්නු ඉඩම් වලට යන්න පුළුවන් වුනා නම් ඇයි මෙයාලාට විතරක් බැරි? (නි)