IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


පොලිස් පුතා කොළඹ පෞද්ගලික රෝහලකට

තම පුතා මඩකලපුවේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා කියයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනුයේ දෙපාර්ශ්වයම මාර්තු හතර වැනි දා වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

ඡායාරූප - හිරු රූපවාහිනියේ අනුග්‍රහයෙනි



අදහස් (0)

පොලිස් පුතා කොළඹ පෞද්ගලික රෝහලකට

අමල් Tuesday, 26 February 2013 02:20 PM

ඔය තියෙන්නේ ... (ස)

:       0       0

සිරිල් Tuesday, 26 February 2013 02:26 PM

යනඩ මල්ලට... ගුල්ලෝ ගැහුවනම් පුළුන් මල්ල ගැන මොන කථාද... කොල්ලෝ කීවලු.. ඇස්ගෙඩි වලට හෙන ගැහිලද ජනතාවගේ... (ස)

:       0       0

සෝමවංස Tuesday, 26 February 2013 11:39 PM

ඔය දේගොල්ලෝම බලය අනිසි විදියට පාවිච්චි කරනවා කියලා අපිට කියන්න බැහැ. අපිට තියෙන්නේ මොනවා හරි ලියලා බලාගෙන ඉන්න. (නි)

:       0       0

දහම් Tuesday, 26 February 2013 11:41 PM

රොමේෂ් දිසානායක ,මමත් ඔහෙම තමයි ජීවත් වෙන්නේ 10වසර ක්. නමුත් මේ වගේ අබුද්දස්ස දේවල් මෙහෙ වෙන්නේ නැ . ඔය හොදටම දන්නවා නිතිය බොහෝ දුරට හැමෝටම සමානව මෙහෙ සලකන බව , නිකන් ජාතිවාදේ අදින්න එපා , වැරැද්ද වැරැද්ද විදියට දකින්න.(නදී)

:       0       0

ලලිත් Tuesday, 26 February 2013 11:53 PM

මොකද රොමේෂ්ට ඕචචර තරහා යන්නේ? (නි)

:       0       0

පෙරේරා Tuesday, 26 February 2013 02:35 PM

එතකොට සිද්ධිය වූ වෙලාවේ සිටි බිරිය? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 27 February 2013 12:04 AM

මෙරට නීතිය අද ක්‍රියාත්මක බව පෙනෙන්නේ ඇති හැකි අය , නැතිබැරි අයගෙන් ආරක්ෂා කරලීමටය. පොඩි මිනිහෙකුට නම් පොතේ හැටියට. ලොක්කන් ගේ පුතාලට හිතේ හැටියට. (නි)

:       0       0

සනත් Friday, 01 March 2013 02:25 PM

පත්තරවල නොවැටෙන දේශපාලනයෙන් හා නීතීය ආරක්ෂා කරණ අංශවලින් ගුටිකා නිහඬව ඉන්න පිරිස මෙසිරිලක කොතෙක් සිටී..... (ස)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 06:39 AM

ගහනවා, ගුටිකනවා මතක නැහැ කියනවා, සාමදාන වෙනවා කොච්චර හොදද? ආස්චර්ය කියන්නේ මෙන්න මේවට.(නදී)

:       0       0

සමන් Tuesday, 26 February 2013 02:40 PM

අපි බලාගෙන ඉමු පොලිස් පියා දැන් මොනවද කරන්නේ කියලා (ස)

:       0       0

නාමල් පෙරේරා Tuesday, 26 February 2013 02:42 PM

ළමයි හරියට හැදෙන්නේ නැති විට අම්මලා තමයි බැණුම් අහන්නේ..(ස)

:       0       0

මාර්ක් Wednesday, 27 February 2013 01:37 AM

කෝ පාය 48 නීතිය? ඇයි මෙයාලව පැය 48ට කලින් එළියට දැම්මේ? (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 27 February 2013 01:40 AM

ලබන සතිය වෙද්දී මේ දෙන්නා හොද යාලු‍වෝ වේවිද දන්නෙ නැහැ. (නි)

:       0       0

පාලිත Tuesday, 26 February 2013 02:54 PM

විමසිල්ලෙන් ඉදිමු මේ මහත්වරුන්ටත් දිව දෙකක් තියනවාද කියලා? (නි)

:       0       0

රකිත් Wednesday, 27 February 2013 03:25 AM

කවුරු කෙසේ ක්‍රියාකළත්, නොකළත් රටේ නීතිය එලෙසින් ක්‍රියාත්මක කළයුතු බව ඒ අයට කරුණාවෙන් දන්වා සිටිමි. (නි)

:       0       0

නිහාල් Tuesday, 26 February 2013 03:09 PM

මේවට රජ කාලේ දඩුවම් දෙන්න ඕනෑ. (නි)

:       0       0

දියසේන Tuesday, 26 February 2013 03:16 PM

ඩී.අයි.ජි. ගේ පුතා හින්ද ඔහොමවත් වෙනවා. සාමාන්‍ය මිනිහෙක් නම් ඉතින් කට පියාගෙන ඇස් වහගෙන ඉවසාගෙන ඉන්න වෙනවා. අනේ අපේ රට! (නි)

:       0       0

සමන් Tuesday, 26 February 2013 07:58 AM

ජනාධිපතිතුමා කියනවා නීතිය සැමට එකයි කියලා. කොහොමද පොලිස් ඇපයක් දුන්නේ.(නදී)

:       0       0

අරා Tuesday, 26 February 2013 03:17 PM

පොල්ගෙඩියකට පොඩි ළමයෙක්ව උසාවි ගෙනියපු රටේ හෙළුවැලි පිංතූර අරන් බරපතල තුවාල සිදුවෙනකම් පහර දීපු ඇමති පුතා ගෙදර.. මගේ රට ගැන කණගාටුයි..!(නු)

:       0       0

සංජු Tuesday, 26 February 2013 03:26 PM

අපට ඇත්තේ බලා සිටීම පමණකි. (නි)

:       0       0

තිලක් Wednesday, 27 February 2013 05:30 AM

පරාක්‍රමබාහු රජ්ජුරුවෝ හිටියත් මෙයාලා එයාටත් ගහයි. (නි)

:       0       0

ඩයස් Wednesday, 27 February 2013 05:37 AM

ගරු ඈමති තුමෙනි මේසිදුවීම තරයේම හෙලා දකිනවා . අපටත් ගැහැණු සහෝදරියන් ඉන්නවා. මගෙ දරුවෙක්නම් රූපවාහිණය ඉස්සරහා කන පුරෝලා දෙනවා. කුඩාකල දරුවනට යහමග පෙන්විය යුතුයි. එය දෙමව්පියන්ගෙ යුතුකමකි. මුදල,බලය නෙමෙයි සමාජ හෑදියාවයි වැදගත්. ඉදිරියේදී වෑරදි කරන්න ඉන්න අයත් මේක බලන්න.(නදී)

:       0       0

පිටිගල Monday, 25 February 2013 05:28 PM

අනේ පොලිස් පුතේ, අර යමලෝක රෝහලට නම් යන්න එපා. (නි)

:       0       0

නීල් Tuesday, 26 February 2013 03:32 PM

කොහොමත් මෙයාලට සංවරයක් හැදියාවක් නැහැ.. (නු)

:       0       0

සිරිමල් Monday, 25 February 2013 05:37 PM

මේ ප්‍රශ්නේ කොහොම විසඳුනත් කමක් නැහැ. අර ගත්ත ෆොටෝ එක පරිස්සම් කරලා තියාගන්න. බුද්ධිමත් ජනතාව ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට යවලා ඇමතිකමක් අරන් දෙයි. දෙයියන්ගේ පිහිටයි මගේ රටට. (නි)

:       0       0

රත්න Tuesday, 26 February 2013 03:34 PM

හැම ප්‍රවෘතියක්ම බැලුවම, ඔක්කොමලා එකයි. (නි)

:       0       0

මාලක Tuesday, 26 February 2013 08:14 AM

අන්න හරි මස්සිනා.(නදී)

:       0       0

දීපාල් Tuesday, 26 February 2013 03:40 PM

පොලිස් පුතාට තමයි නඩු දාන්න වෙන්නේ ආගමික නිදහසට බාධා කළා කියලා. (නි)

:       0       0

මතඟවීර Tuesday, 26 February 2013 03:39 PM

පොලිස් පුතේ, කණගාටුයි ඔබ ගැන. සුවපත් වෙත්වා. (නි)

:       0       0

රුවන් Monday, 25 February 2013 06:04 PM

අපි නම් දන්නවා උසවියේදි වෙන දේ. පොලිස් පුතාටත් කිසි දෙයක් මතක නෑ කියයි .(නදී)

:       0       0

කොස්වත්ත Monday, 25 February 2013 06:02 PM

මේ රටේ ඇමතිවරුන්ගේ පුත්තුන්ට සදාචාරයක් නැහැ.(නදී)

:       0       0

යොහාන් Tuesday, 26 February 2013 03:44 PM

මෙයාට උඩු කයට මොනවා හරි අන්ඳන්න, උඩුකය පේනවා...(ස)

:       0       0

මහින්ද-ඩුබායි Monday, 25 February 2013 06:07 PM

ඕවා බොරුකතා. අන්තිමට දෙපාර්ශවය සාමදාන වුනා කියයි. නැත්නම් ඩි.අයි.ජී අවනිවාර්ය නිවාඩු යවයි.(නදී)

:       0       0

කුරේ Monday, 25 February 2013 06:11 PM

ඇයි අදිකරණයට දාන්නේ. මට මතක නැහැ, මට කම්පනය, මම අදුනන්නේ නැහැ කියන්නද?(නදී)

:       0       0

සිල්වා Tuesday, 26 February 2013 08:28 AM

මම මේ බලාගෙන ඉන්නේ ඇමති පුත්තු දෙන්නෙක් ගහගත්තානම් නඩුව අහන්නේ පාර්ලිමේන්තුවෙද?(නදී)

:       0       0

ජයශාන්ත Wednesday, 27 February 2013 07:54 AM

හරිනම් ඇමතිතුමා මේ සම්බන්ධයෙන් යමක් කළ යුතුයි. (නි)

:       0       0

හේරත් Wednesday, 27 February 2013 08:02 AM

වැඩේ කියන්නේ වගකිවයුතු ලොකු ලොක්කොත් මේවට සද්ද නැහැනේ. (නි)

:       0       0

ගාමිණී Wednesday, 27 February 2013 08:07 AM

සිද්ධිය පිලිබඳ සත්‍ය තොරතුරු හරියට නොදැන කරන ප්‍රකාශ දෙපාර්ශවයටම හොඳ නැත. මගේ අදහස නම් මෙම සිදුවීමට සම්බන්ද පුතා කොහොම කෙනෙක්ද කියල මම දන්නේ නැහැ නමුත් ඔය කියන ඇමතිතුමා නම් වෙනත් ඇමතිවරු සමග සංසන්දනය කිරීමේදී පක්ෂග්‍රාහීව කටයුතු නොකරන අයෙකි. සිද්ධිය හරියට සොයා බලා වාර්තා කරන්න්නේනම් අනවශ්‍ය ප්‍රතිචාර අඩුවනු ඇත.(නදී)

:       0       0

දයා Tuesday, 26 February 2013 08:32 AM

කොහොමද බරපතල තුවාල තියෙන් කෙනෙක් රොහලේ සිටිද්දී වැරදිකරුට ඇප ලැබුනේ. මේකද රටේ නීතිය? ජනාධිපතිතුමා නීතිය සැමට එකයි කියන ප්‍රකාශයද මේ ක්‍රියාත්මක වෙන්නේ.(නදී)

:       0       0

ගයාන් Tuesday, 26 February 2013 03:49 PM

අපිට මේක වුණා නම් නඩුත් නැහැ (නි)

:       0       0

රණසිංහ Tuesday, 26 February 2013 08:38 AM

මේ දෙන්නාගෙන් කා එක්ක හරි පැටලුනේ අහිංසකයෙක් නම් මොකක්ද පොලිසිය කරන්නේ. අහිංසකයව බෝම්බ පෙන්නන්න එක්ක යයි.(නදී)

:       0       0

ප්‍රියන්ත විජේරත්න Tuesday, 26 February 2013 04:03 PM

මට පුදුම බයක් තියනවා දැං කෙනෙකුට බනින්නත් ඇමති පුතා කියලා කියයිද කියාල..!(නු)

:       0       0

රංගශානි Tuesday, 26 February 2013 04:03 PM

ළමයි කරන වැඩවලට දෙමව්පියෝ වැරදි නෑ මේ උන දේට දේශපාලනය ගාවගන්න එක හොද නැහැ.. මේ දේවල් අද සමාජයේ ඕන තරම් වෙනවා.. නිසි දඩුවම් දීලා සමාදාන කරන්න..!(නු)

:       0       0

කමල් Monday, 25 February 2013 06:43 PM

දන්නැති නිසයි අහන්නේ, ඉස්පිරිතාලේ ගුටිකෑව කෙනා ඉන්නකොට ගැහුව කෙනා ඇප පිට නිදහස් කරනවාද?(නදී)

:       0       0

නාමල් Tuesday, 26 February 2013 08:59 AM

පොලිස් ලොක්කෙකුගේ පුතෙක්ට ගහලත් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෙත්නම් අපි ගැන කුමන කතාද ? පොඩි කොල්ලෝ දෙන්නෙක් සරුන්ගලයකට ගහ ගත්තම ඇප දෙන්න විරුද්ද වෙන පොලිසිය මේකට ඇප දීල. පොලිස් ලොක්කත් රස්සාව බේරගන්න ඕන නිසා මේක සමාදාන කරන්න කියල පුතාට බල කරයි. මේ රටේ ජීවත් වෙන්න නම් ඇමති කෙනෙක් ගේ ඥාතියෙක්වක් වත් වෙන්න ඕන.(නදී)

:       0       0

දේශපිය Wednesday, 27 February 2013 08:37 AM

නීතිය අකුරට කූියාත්මක නොකරන නිළධාරින්ට මේක හොද පාඩමක්. ජන්දදායක අපටත් හොද පාඩමක්. (නි)

:       0       0

නිහාල් Monday, 25 February 2013 06:43 PM

අනාගත ආගමික ඇමැතිතුමාට ජයවේවා! (නි)

:       0       0

ලලිත්-දෝහා Monday, 25 February 2013 06:51 PM

සතුරන්ගෙන් ආරක්ෂා වෙන හැටි අපිට වැඩිය ඔබ තුමා දන්නවනේ.(නදී)

:       0       0

දිලිප් Tuesday, 26 February 2013 09:13 AM

පොලිස්පතිගේ පුතා අනිවාර්යෙන්ම පොලිස් පාට් දාන්න ඇති.(නදී)

:       0       0

දේශපිය Wednesday, 27 February 2013 08:49 AM

මෙයා පැය 48 සිද්ධියට අත උස්සන්න නැතිව ඇති.මට නමි පුදුම මෙයාලා මොනද පැය 2 නොකර 48 කරපු එක ගැනයි.(නදී)

:       0       0

අසංක Tuesday, 26 February 2013 09:21 AM

නීතිය සැමට එක විය යුතුයි..!(නු)

:       0       0

සංජය Tuesday, 26 February 2013 04:17 PM

කොහොමද පුතාගෙ වැඩ. (නු)

:       0       0

බුවනෙක Wednesday, 27 February 2013 09:08 AM

මෙවන් දේශපාලන ගැටලු වලට යහපත් විසදුමක් සියලුම ලංකාවාසීන් අපේක්ෂා කරනවා. (නි)

:       0       0

අනුරාධ මහපටුන Tuesday, 26 February 2013 04:26 PM

දුප්පත් අපි ඉතිං ඔය හෝටල් වල යන්නේ නැති නිසා වෙන්න ඇති මේ ගුටි නොකා බේරිලා ඉන්නේ.. දුප්පත් අපට නම් ඒක නම්බුවක් එක එක්කෙනාගෙන් ගුටි කනවාට වැඩිය..!(නු)

:       0       0

පතිරාජ Wednesday, 27 February 2013 09:26 AM

තරාතිරම නොබලා දඩ්වම් කරනවා රටට පෙන්වන්ට හොද වෙලාවක්.(නදී)

:       0       0

උදය Tuesday, 26 February 2013 04:29 PM

ශර්යා නීතිය තියෙන රටවල අපරාද 90%ක් අඩුයි කියන්නේ කොහොමද?(නු)

:       0       0

සමන් Tuesday, 26 February 2013 09:40 AM

චානක මම ඔබගේ අදහස අගය කරනවා..(නු)

:       0       0

ෆ්‍රැන්සිස් Monday, 25 February 2013 07:14 PM

කියන්නට වචන නැත. මොවුන්ට ලැජ්ජාද නැත. අයන්නෙ සිට අං අහ් දක්වාම උගැන්විය යුතුමය. මොවුන් සිංහලුන්ය. මාද සිංහලයෙක්මි, මා ගැන මටම දුකය. (නි)

:       0       0

රත්නසිරි Monday, 25 February 2013 07:17 PM

ඇමැති පුතුන්ගේ නාමලේඛනයක් සහ ඔවුන් යන සහ අප නොයා යුතු තැන් ලේඛනයක් පලකරන මෙන් ඉල්ලමි. මෙය සාමාන්‍ය ජනයාට අසාමාන්‍ය ජනයාගෙන් ගුටි නොකා සිටිමට පිටිවහලක් වේවි.(නදී)

:       0       0

නිරාන් Tuesday, 26 February 2013 09:47 AM

මේ ගොල්ලන්ට පැය 48 ක් සිරකරුවෙක් පොලිසියේ රදවාගන්න ඕනා වුනා. දැන් පැය දෙකයි. ඔහොම යං, ඔහොම යං ?(නදී)

:       0       0

පෙරුමාල් Tuesday, 26 February 2013 04:49 PM

පොලීසියට සම්බන්ධ කෙනෙකුටම ගහපු නිසා මොකුත් කියන්නත් බැහැ. (නි)

:       0       0

සමීර Tuesday, 26 February 2013 04:55 PM

නියමයි. (නි)

:       0       0

අමිල Tuesday, 26 February 2013 05:00 PM

ජය වේවා !!! තව කොච්චර කාලෙකටද බලමු. (නි)

:       0       0

අර්ජුන Tuesday, 26 February 2013 04:58 PM

එහෙම කෙනෙක් පොලිස් ඉතිහාසයේවත් ඉදලා නැහැ කියයිද?(නු)

:       0       0

සුනිල් Monday, 04 March 2013 04:29 PM

ෆ්‍රැන්සිස්, නියම කතාව. (නි)

:       0       0

රජිත් Monday, 25 February 2013 08:02 PM

මින්පසු පිරිම් දරුවන් ඉන්න තාත්තලාට මැතිවරන සදහා නාම යෝජනා ලබා නොදිය යුතුයි.(නදී)

:       0       0

ස්මිත් Monday, 25 February 2013 08:09 PM

ඕක සාමදාන වෙන්න බැරිද? ඔයිට වැඩිය ලොකු දේවල් පහුගිය කාලේ සාමදාන වුනේ.(නදී)

:       0       0

පාලිත Monday, 25 February 2013 08:56 PM

ලංකාවෙන් " ශ්‍රී" අයින් කරන්න තමයි ඔය හදන්නේ (දී)

:       0       0

නාමල් Tuesday, 26 February 2013 10:35 AM

අර මේජර් උන්නෙහෙ වගේ හෙට අනිද්දට කියයි ගෙහුවේ නෑ මුහුදු වෙරළේ වැටිලා තුවාල උන කියල. අනිත් එක තමන්ගේ පුත්තු හදාගන්න බැරි තාත්තල කොහොමද රට හදන්නේ. අනේ මේ වගේ විහිලු දකින්න තරම් අපි පව් කරලනේ ! (නදී)

:       0       0

සමන් කුමාර Tuesday, 26 February 2013 10:48 AM

මේ කථාවේ අවසාන ජවනිකාව වෙන්නේ, ගහපු කෙනෙකුත් නැහැ. ගුටිකාපු කෙනෙකුත් නැහැ. අපරාදේ පොලිසියෙයි උසාවියෙයි කාලය නිකරුනේ නස්තිවෙනවා.(නදී)

:       0       0

disanayaka Wednesday, 27 February 2013 03:44 PM

බලය අතර ගැටුමක් ද (දී)

:       0       0

සේනානායක Wednesday, 27 February 2013 03:41 PM

මොනවාද මේ කර ගන්නා වැඩ (දී)

:       0       0

සේකර Wednesday, 27 February 2013 03:41 PM

දැන් කොහොමද ඒ ළමයාට (දී)

:       0       0

ලුම්බිණි Tuesday, 26 February 2013 10:46 AM

'අපි ඔක්කොම රජවරු ඔක්කොම මැරයෝ තුන් සිංහලයම ............' (නි)

:       0       0

ඉෂාන් Tuesday, 26 February 2013 06:02 PM

ඔබ හරි පුතා... (නි)

:       0       0

නායක Wednesday, 27 February 2013 03:41 PM

ළමයි ළමයි කර ගන්න දේවල් වලට තාත්තලා ගාව ගන්න එපා (දී)

:       0       0

ලක්මාල් Tuesday, 26 February 2013 10:48 AM

මේ වගේ පුතාලා හදපු තාත්තලාටත් ගහන්නයි වටින්නේ. (නි)

:       0       0

අලීසා Tuesday, 26 February 2013 06:11 PM

පොලිසියේ අය අපිට කරන්නෙත් ඉතින් ඔහොම්මමනේ. (නි)

:       0       0

සේනානායක Wednesday, 27 February 2013 03:41 PM

ඉස්සෙල්ලා හොද වෙලා ඉන්නකෝ (දී)

:       0       0

රීටා Tuesday, 26 February 2013 10:52 AM

මේජර් සාමදාන වුනා. සමුර්ධි මහත්තයත් සාමදාන වුනා. ඔයා සාමදාන වෙන්න එපා. යන්න ජාත්‍යන්තර අධිකරණයට.(නදී)

:       0       0

සේකර Wednesday, 27 February 2013 03:45 PM

තාත්තා නිකන් ඉදීවිද (දී)

:       0       0

රීටා Tuesday, 26 February 2013 10:49 AM

කෝ සේනාව?(නදී)

:       0       0

ගමගේ Tuesday, 26 February 2013 06:24 PM

මේකත් අර මේජර්ගේ කේස් එක වගේ වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

පහන් Monday, 25 February 2013 09:50 PM

ඇමති පුතා කල වැඩේ 100% වැරදි, (දී)

:       0       0

සරත් Tuesday, 26 February 2013 06:45 PM

හොද ඇමති කෙනෙක් වෙන ළකුණුයි මේ. (නි)

:       0       0

සකු Monday, 25 February 2013 09:54 PM

ලංකාව තුල අපි ගැන කවර කතාඩ් (දී)

:       0       0

අජිත් Tuesday, 26 February 2013 10:59 AM

අනේ මේ අහිංසකයව දැක්කම මොන හිතකින් ගැහුවද දෙවියනේ... (ස)

:       0       0

කුමාරි Tuesday, 26 February 2013 06:50 PM

මෙහෙම දේවලින් අසරණ වෙන්නේ අපේ රට ආශ්චර්යය කරා ගෙනියන අයයි. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 26 February 2013 10:59 AM

මේ වගේ සුළු දේවල් වලට මොනවටද උසාවි යන්නේ? සමත මණ්ඩලයට යන්න (ස)

:       0       0

නිමල් Wednesday, 27 February 2013 11:22 AM

හිටි ගමන් ලංකාවේ ඇතිවෙන හාල් හිඟයටත් වග කියන්න ඕන මෙයාලා..(ස)

:       0       0

ලාල් Tuesday, 26 February 2013 06:53 PM

කවුද මේ අපරාධ ගැන බලන්නේ? (නි)

:       0       0

රාණි Wednesday, 27 February 2013 11:23 AM

කවුද ලංකාවේ අසරණ ගොවීන් අනාථ කරන්නේ? දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න බලන්න. (නි)

:       0       0

අමිල Monday, 25 February 2013 10:15 PM

ලංකාවේ මේ තියෙන දේශපාලන ක්‍රමය නිසා කවදාවමත්ම රට හදන්න බැහැ. (නි)

:       0       0

ගාමිණී Monday, 25 February 2013 10:17 PM

ජනාධිපතිතුමාගේ පුතුන් තිදෙනාම වැදගත් විදියට සිටියදී ඇයි ඇමතිවරුන්ගේ පුතුන් මෙහෙම හැසිරෙන්නේ? හරිම ලැජ්ජයි. (නි)

:       0       0

මෙන්ඩිස් Tuesday, 26 February 2013 11:09 AM

මොනවා වුනත් මෙයාට හොදට ගහලා තියෙනවා.(නදී)

:       0       0

අරුණ Tuesday, 26 February 2013 07:18 PM

පොලිසිය මේ වැඩවලට විරුද්ධ වෙන්න ඕනෑ. (නි)

:       0       0

දිනේෂ් Tuesday, 26 February 2013 11:06 AM

කොහොම හරි අන්තිමට ඇමති තුමයි, ඩී.අයි.ජී මහත්තයයි ගජ යාළුවෝ වෙයි.(නදී)

:       0       0

අශෝක Tuesday, 26 February 2013 11:14 AM

මෙයා ගුටි කෑවට අහිංසකයි කියලා හිතන්න අමාරුයි.(නදී)

:       0       0

ජයන්ත Monday, 25 February 2013 10:17 PM

මේකට කියන්නේ ජානමය උණ කියලා. (නි)

:       0       0

අරවින්ද Tuesday, 26 February 2013 11:23 AM

මේ ගහපු එක්කෙනත් සිල්වා කෙනෙක්ද?(නදී)

:       0       0

ලතිකා Tuesday, 26 February 2013 07:43 PM

ඔහොම ගිහින් කවදාහරි ඇමති පුතාත් ඇමති කෙනෙක් වුණොත් අපේ බඩවල් වලට කොහොම පහර වදීවිද? (නි)

:       0       0

නීතා Tuesday, 26 February 2013 11:29 AM

පොලිස් පුතා උසාවියෙදි කියයි මම මටම ගහගත්තා, ඇමති පුතාගෙ වැරැද්දක් නැහැ කියලා. පුලුවන් නම් ලංකාවෙ එෆ් බී අයි වගේ සංවිධානයක් හදලා ඇමතියන්ගෙ පුත්තු පුත්තු කොටවාගන්න සලස්වන්න. නැත්තම් ලංකාවට මොන වින්නැහියක් වෙයිද දන්නෙ නැහැ. (නි)

:       0       0

කුමාර් Tuesday, 26 February 2013 11:33 AM

මෙච්චර අමාරු වෙන්න වෙන කෙනෙක් ගැහුවා නම් ඇප දෙයිද? දවස් 14 ක් රිමාන්ඩි. ඔක්කොම බය ඇමතිගේ පුතා නිසාද?(නදී)

:       0       0

ලලිත් Tuesday, 26 February 2013 07:42 PM

ඕකට තමයි පොලිස් පුතේ කියන්නේ දේශපාලන කළු ගලේ ඔලුව ගහගන්න එපා කියලා. (නි)

:       0       0

සමන් Tuesday, 26 February 2013 11:34 AM

මෙහෙම වැඩ කරන පුත්තුන්ගේ ඇමති තාත්තලාට අපි ඡන්දේ දෙන්න හොද නැහැ. (නි)

:       0       0

ෆසාල් Tuesday, 26 February 2013 07:47 PM

පොඩි මිනිහෙකුට වුණා නම් මොනවා වෙයිද? (නි)

:       0       0

හේමන්ත Tuesday, 26 February 2013 11:42 AM

මා දැන්නතරමට මේ ඇමතිතුමා නරකම කෙනෙක් නෙවෙයි. පුත්තු නරකට හැදුනම හොඳ තාත්තලටත් පවු ගෙවන්න වෙනවා. අජාසත්තලා...(ස)

:       0       0

අප්පු Tuesday, 26 February 2013 11:45 AM

ඇයි දැන් පැය 48 නීතියකුත් තියෙන්නේ. (නි)

:       0       0

පද්මි Tuesday, 26 February 2013 11:45 AM

ඔය ඉතින් මානව හිමිකම් රකින හැටිද?(නදී)

:       0       0

දුසන්ත යග්ගහවිට Tuesday, 26 February 2013 11:56 AM

මානවහිමිකමි සමුලුව පැවැත්ෙවන වෙලාවේ මේවා රටට ෙහාද නැහැ (ස)

:       0       0

පිටිගල Tuesday, 26 February 2013 08:07 PM

හොද වෙලාවට යම‍ලෝක රෝහලට ගෙනිහින් නැත්තේ. (නි)

:       0       0

නිශ්ශංක Monday, 25 February 2013 11:01 PM

අනෙක් පැත්ත ගත්තත්, තාත්තා ‍පොලිසියේ වුණාට පුතා පොලිසියේ නෙමෙයිනේ. (නි)

:       0       0

සංජු Tuesday, 26 February 2013 12:27 PM

තල්මස්සු,‍මෝරු හැප්පෙනකොට..........හාල් මැස්සන්ට කවර කතාද.....::::(ස)

:       0       0

ආකර්ශා Saturday, 02 March 2013 09:41 AM

අනේ පව්! හරිම ලස්සන කොල්ලෙකුටනේ මේ විදිහට ගහලා තියෙන්නේ. (නි)

:       0       0

ක්‍රිෂාන්ති Monday, 25 February 2013 11:48 PM

අපි කැමතියි මේ ඇමති පුතා කවුද කියලා දැනගන්න. (නි)

:       0       0

ගිහාන් Monday, 25 February 2013 11:52 PM

අයියෝ! (නි)

:       0       0

සහන් අමරසිංහ Tuesday, 26 February 2013 12:37 PM

චානක එහෙනම් ශර්යා නීතිය තියන රටකට යන්න.. (නු)

:       0       0

හේරත් එස්. Tuesday, 26 February 2013 08:51 PM

ඕකනේ අපි මේ වගේ හෝටල් ගානේ යන්නේ නැත්තේ..!(නු)

:       0       0

පසන්ක Tuesday, 26 February 2013 12:39 PM

පොලිසිය මේකෙදි නම් හරිම කාර්යක්ෂමයි. රෑම පොලිස් ඇප දීලා. සාමාන්‍ය මිනිහෙකුට වුනා නම් මේකේ අනිත් පැත්ත.(නදී)

:       0       0

ලාල් ජකර්තා Tuesday, 26 February 2013 08:59 PM

මේ ඇමති පුතත් කවදා හරි හොද දේශපාලනඥයෙක්ම වෙයි..!(නු)

:       0       0

පවන් Tuesday, 26 February 2013 09:04 PM

මේවා අහස බලන අපිට තමයි ගහන්න ඕනෑ. (නි)

:       0       0

නව්ෂාඩ් Tuesday, 26 February 2013 12:53 PM

අපි මෙම ප්‍රශ්නය බොදු බල සේනාවට බාරදෙමු.(නදී)

:       0       0

විතාරණ Tuesday, 26 February 2013 12:57 PM

මගේ කොල්ලා ගහ ගත්ත තැනක හිටියා කියලා අල්ලගෙන ගිහින් පැය ගණනාවක් තියාගෙන හිටියා, මෙයාට පැය දෙකෙන් ඇප. (නදී)

:       0       0

චමින්ද Tuesday, 26 February 2013 09:17 PM

මේ වගේ ඒවා කොතරම් රටේ වෙනවාද? ඒත් පත්තරවල යන්නේ ලොකු අයගේ ඒවා විතරයි..!(නු)

:       0       0

දාස Tuesday, 26 February 2013 09:23 PM

දැන් ඉතින් අධිකරණයෙන් ඇමති පුතාව මහ උළු ගෙදරටම යවාවිද?(නදී)

:       0       0

තිලක්ගේ Tuesday, 26 February 2013 12:31 AM

ඇමතිලාගේ පවුල්වල සිදුවන විස්තර වැඩිය එළිකරන්නේ නැහැ..!(නු)

:       0       0

ප්‍රවීන් Tuesday, 26 February 2013 01:13 PM

ෆැන්සිස්ට සිංහලයකුවීමට ගැන දුක නම් මේ වගේ පොඩි දේකටත්. නරකද වෙන මොකකට හරි ගියොත්...!(නු)

:       0       0

විජේසූරිය Tuesday, 26 February 2013 01:15 PM

මේ දෙගොල්ලම විශ්වාස කරන්න බැහැ. (ස)

:       0       0

සදුනි Tuesday, 26 February 2013 01:34 PM

තාත්තා මොහු වෙනුවෙන් කතා කළාද? හෙට අනිද්දට පුතාව මැති සබයට යවන්නත් බැරිකමක් නැහැ.(නදී)

:       0       0

චන්දන Tuesday, 26 February 2013 01:35 PM

කොලුකමට ගහගන්නවත් නෑ, තාත්තලා ලොක්කෝ වුනාම. කොල්ලන්ගේ මානව අයතිවාසිකම් කඩ කරා කියලා ජිනීවා යන්න වේවි, ගහගන්න නුදුන්නනම්. බටහිර කුමන්ත්‍රණයක්.(නදී)

:       0       0

චානක Tuesday, 26 February 2013 02:14 AM

කවිරු කොහොම කිව්වත් සරියා නීතිය තියෙන රටවල අපරාද 90% කින් අඩුයිලු.(නදී)

:       0       0

ජයා Tuesday, 26 February 2013 10:09 PM

මහජනතාව ගත්ත වැරදි තීරණ නිසා වෙන දේවල් මේවා. සොරි ඩොට් කොම්. (නි)

:       0       0

ප්‍රසාද් Tuesday, 26 February 2013 01:50 PM

අනිතිමට මොකුත්ම නැති වෙයි..!(නු)

:       0       0

සමන් Tuesday, 26 February 2013 01:50 PM

මේ ඇමති තුමාගේ හොද නමතටත් කැළලක්..!(නු)

:       0       0

අනුර Tuesday, 26 February 2013 02:01 PM

ඇමති තුමා නිහඩයි. කැලණියේ ඇමතිතුමා වගේ මොනවාහරි කියන්නකෝ? (නදී)

:       0       0

අසංග Tuesday, 26 February 2013 02:03 PM

අපේ රටේ මිනිස්සු කවදා ඇස් අරීද මන්ද (ස)

:       0       0

ඩෙන්සිල් Tuesday, 26 February 2013 02:13 PM

තමන්ගේ මල්ලිට ඇප දෙන්න එපා නීතිය ක්‍රියාත්මක කරන්න කියපු ඇමතිතුමා පුතාට ඇප ගත්තද?(නදී)

:       0       0

රොමේෂ් දිසානායක සෞදි අරාබියේ රියාද් නුවර සිට Tuesday, 26 February 2013 10:41 PM

චානක, ඔයාගේ දැනුමේ හැටිතමයි ඔය. මේ වගේ රටවල් වල අපරාධ 90% අඩුයිද කියලා ඇවිල්ලාම බලන්න. නව්‍ෂාඩ්ට සහා රීටාට පුදුම අමාරුවක් නේද තියෙන්නේ බොදුබලසේනාව සම්බන්ධව ? (නි)

:       0       0

නිමල් Tuesday, 26 February 2013 04:28 AM

නුසුදුස්සන් පත්කරන්නන්ටත් ශාප වේවා! (නි)

:       0       0

හේමසිරි Tuesday, 26 February 2013 10:45 PM

අපිට නම් සේරම එකයි. (නි)

:       0       0

වසන්ත Tuesday, 26 February 2013 10:42 PM

මෙයාගේ ආරක්ෂාවට ගිය රාලහාමිලා පළමුවෙන් ඇමති පුතාට පුතාට ගහලා තියෙනවා. ඇමතිතුමාගේ පුතාගේ යාළුවෝ ඔහුව බේරන්න ගියාම පුතාට තුවාල වෙලා තියෙනවා. ඇමතිගේ පුතා කියලා කියද්දිත් රාලහාමිලා ගහලා තියෙනවා.(නදී)

:       0       0

රණා Thursday, 28 February 2013 07:42 AM

අපි ඔක්කොම රජවරු ඔක්කොම මැරයෝ තුන් සිංහලයම ගුටි කනවා... (නි)

:       0       0

අභේ Tuesday, 26 February 2013 10:47 PM

මේක පොලිස් පතිගේ පුතාගේ නෝනට වුණ නිසා මෙහෙම වුණා. සාමාන්‍ය කාන්තාවකට වුණා නම්? (නි)

:       0       0

පාලිත Tuesday, 26 February 2013 02:14 PM

සාමාන්‍ය මිනිස්සු කොච්චර ගහගන්නවද? ඒත් ඒවා මේ තරම් ප්‍රසිද්ද වෙන්නේ නැහැ. මිනිස්සු ලොකු ලොකු අය වුනාම තත්වේ වෙනස්.(නදී)

:       0       0

කසුන් Tuesday, 26 February 2013 10:44 PM

අපි හැමදාමත් ඉන්නේ මෙතැනමද? (නි)

:       0       0

ශාන් Tuesday, 26 February 2013 04:45 AM

ශ්‍රී ලංකාවාසි ජනතාව වෙතටයි. ඇමති පුතුන් යන එන තැන් වලින් වහා ඉවත් වෙන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බේරූට් ගුවන්තොටුපොළට බෝම්බ ප්‍රහාර
2024 ඔක්තෝබර් මස 04 853 0

ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්


පාකිස්තානයේ අමාත්‍යංශ 6ක් වසයි
2024 ඔක්තෝබර් මස 04 418 0

පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු


අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 368 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 302 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 1543 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1704 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38807 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1003 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 352 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site