IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පොලිස්පති පුටුවට ලොකු පොරයක්

(සුජිත් හේවාජුලිගේ )

පොලිස්පති ධුරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් අතර  සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.

ඒ සීතල යුද්ධය නව මුහුණුවරකින් යළි ආරම්භවී ඇත්තේ පොලිස්පති  චන්දන වික්‍රමරත්න මහතාගේ සේවා කාලය ජුනි 26 වැනිදා  අවසන්වීමට නියමිත නිසා බවද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර ඇතැමුන් පොලිස්පති ධුරය ලබා ගැනීම සඳහා  දේශපාලන නායකයන් සමඟ සමීපව සම්බන්ධවෙමින් මේ දිනවල කටයුතු කරමින් සිටින බව දැනගන්නට  ඇත. එසේ සහය ලබාගැනීමට උත්සාහ දරන පිරිසට ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩු නිලධාරීන්ද  සිටින බව වාර්තා වේ.

සාමාන්‍යයෙන් පොලිස්පති ධුරය හිමි වන්නේ ජේෂ්ඨත්වය අතින්  ඉහළින්ම සිටින්නේ ජ්‍යෙෂ්ඨ    නියෝජ්‍ය පොලිස්පතිවරයාටය.

සාමාන්‍ය ක්‍රමවේදය යටතේ පොලිස්පති ධුරය සඳහා සුදුසු නමක් හෝ නම් කිහිපයක්  ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට  ඉදිරිපත් කරනු ලැබේ. ඉන්පසු ඒ සභාවේ අනුමැතියෙන් පසු සුදුසු නම  ජනාධිපතිවරයාට නිර්දේශ කෙරෙන අතර ජනාධිපතිවරයා විසින් ඒ අනුව නව පොලිස්පතිවරයා පත් කරනු ලබයි.

මේ සම්බන්ධයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රකාශකයකුගෙන් කළ  කරුණු විමසීමකදී ඔහු පැවසුවේ  පොලිස්පති ධුරය සඳහා ජනාධිපතිවරයාගෙන්  නමක් හෝ නම්  තවමත් ලැබී නොමැති බවයි.

පොලිස්පති ධුරය සඳහා සුදුස්සකුගේ නම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට ළඟදීම යොමු කරන බව රජයේ ප්‍රකාශකයෙක්  ලංකාදීපයට පැවැසීය.



අදහස් (11)

පොලිස්පති පුටුවට ලොකු පොරයක්

Shashika519 Saturday, 29 April 2023 12:22 PM

පොලිස්පති වෙන්න බලුපොරයක්...

:       2       29

ravin Saturday, 29 April 2023 12:33 PM

අනේ මන්දා... ආරංචි නම් ගොඩයි... හැබැයි වැඩියෙන්ම ගොට්ට අල්ලන එක්කෙනාටලු ඡන්දෙ දෙන්නේ...!

:       1       26

sachith Saturday, 29 April 2023 12:55 PM

මේක ඉවර වෙන්නේ හොඳම සපත්තු ලෙවකන්නාට පොලිස්පතිකම දීලා. මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ කියලා කියන්න කට්ටිය තමයි.

:       1       28

de silva Saturday, 29 April 2023 02:01 PM

ඔය ජොබ් එක දේශපාලුවන්ට දුන්නොත් අවුල්ද?

:       3       15

විපරමා Saturday, 29 April 2023 02:40 PM

පොලිස්පතිකම ලැබෙන්න ඕනේ ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉහළින්ම ඉන්න කෙනාට මිසක් දූෂිත දේශපාලුවන්ගේ පස්ස ලෙවකන කෙනාට නෙවෙයි...

:       4       22

සීජේර Saturday, 29 April 2023 04:39 PM

ලී ක්වාන් යූ ක්‍රමවේදයට නම් සූදුසුකම් සපිරි වැඩිපුරම තමන්ට හිතෛෂී කෙනාව දාගන්න ඕනේ...

:       1       9

නිශාන්ත Saturday, 29 April 2023 05:58 PM

ලංකාවේ මෙතෙක්කල් හොඳ කොන්ද පණ ඇති පොලිස්පති වරයෙක් පත්වී නොමැත...!!! දේශපාලුවන්ට කඩේ යන දේශපාලුවන් දුටුවාම දෙකට නැමෙන කෙනෙකු සිටින රටක නීතිය ක්‍රියාත්මක කිරිමේ දී නිතරම නීතිය දුබල වී දේශපාලුවන් රජ කරනු ලැබේ

:       2       12

de silva Saturday, 29 April 2023 09:30 PM

අරගලය වෙලාවේදී සංදේශය ගෙනගිය කෙනාට ගාඩ් එක දුන්නෙත් දේශපාලුවන්, මහපාරෙදී ගුටිකෑවෙත් දේශපාලුවන්, අජිත් රෝහණට ඕක දුන්නෙත් දේශපාලුවන්... දේශපාලුවන්ට යන්න වෙන්නේ පොළව පලාගෙන යන්න.

:       1       1

ruwan Sunday, 30 April 2023 04:20 AM

කවදාවත් නොතිබූ තරම් බලු පොරයක් මෙතැන ඇතිවීමට ප්‍රධානතම හේතුව වන්නේ 15න් පහළ මැරතන් එකට 12න් පහළ අයත් තරඟ කරුවන් ලෙස ඉදිරිපත්ව තිබීමයි. පොලිස්පති තනතුර එක අයෙකුට උපරිමය වසර 3කට සිමා කිරීම මෙන්ම විශ්‍රාම යෑමෙන් පසුව කිසිඳු රජයේ තනතුරක් දැරීමට නොහැකිවීම මෙන්ම KPI ලබාදී අසමත් වන්නන් අදාල වසර 03 තුළදී වුවද ඉවත් කිරීමට හැකිවීම යන කරුණු ව්‍යවස්ථාවට ඇතුළත් කළානම් ඇත්තටම සුදුසු අය පමණක් මෙම තනතුරට ඉදිරිපත් වේවි.

:       1       1

Dayananda Sunday, 30 April 2023 10:11 AM

ලංකාවේ මේ තනතුර රටේ ජනතාවගේ සුබ සිද්ධිය, සාමය, නීතිය පවත්වා ගන්න භාවිතා කර බැහැ... අපි තවම ගෝත්‍රික රටක්.. ඕනෑම අසාධාරණ අනීතික ක්‍රියාවක් නීත්‍යානුකූල බවට සහතික කරන්න... මෙන්න මෙයා සුදුසුයි මෙයා අපේ ගෙදර බල්ලා වගේ හසුරුවා ගන්න පුළුවන් මෙයා අපිට හපන කෙනෙක් නොවේ කියලා හිතෙන කෙනෙකුට පොල්පිති පොලිස්පති තනතුර පිරිනමනවා එපමණයි.. රටේ නැවත ඉපදෙන්න ප්‍රාර්ථනා කරන අය අත් ඔසවන්න බලන්න.

:       1       1

Chaminda Sunday, 30 April 2023 02:15 PM

ටිරාන් අලස් පොළිස්පති කරමු.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 95 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 676 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 743 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


නව විගණකාධිපති කවුද? තීරණය 22
2025 අප්‍රේල් මස 19 635 0

විගණකාධිපති ධූරය සඳහා සුදුස්සකු පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 22 රැස්වීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


මෝටර් රථයක් මතට කළු ගල් වැටිලා
2025 අප්‍රේල් මස 19 1410 0

කඩවත සිට බණ්ඩාරවෙල බලා ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් මතට අද උදේ 7.30 ට පමණ හල්දුම්මුල්ල නගර ආසන්නයේ දී කඳු මුදුනින් පෙරළි ආ ගල් කීපයක් මෝටර් රථය මතට වැටීම


පියාගේ ටිපරයට යටවී සිඟිත්තා මරුට
2025 අප්‍රේල් මස 19 561 0

කිලිනොච්චිය අම්බාල්කුලම් ප්‍රදේශයේදී ටිපර් රථයක ගැටී වයස අවුරුදු එක හාමරක පමණ කුඩා පිරිමි දරුවකු ජිවිතක්ෂයට පත්ව ඇති බව කිලිනොච්චිය පොලිසිය සදහන් ක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 94 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 219 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site