කැලණිගඟේ කපුගොඩ තොටුපොළේ අනවසර මැණික් ගරන්නන් ඇල්ලීමට ගිය කොස්ගම පොලිසියේ තිදෙනකු පහර කෑමට ලක්ව අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. පොලිසියේ තිදෙනා ඔරුවක නංවාගෙන ගගෙන් එගොඩට ගෙන ගොස් පහරදී ඇතැයි පොලිසිය පවසයි. වෛරෝඩි, රතු ගල් හා දළං සොයා සිය ගණනක් අනවසරයෙන් මැණික් ගරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ අයව බෝට්ටුවේ නග්ගාගෙන අරගෙන ගිහිල්ලද? (නි)
රාළහාමි මං, පොලිසියේ රාළහාමි මං ....(ස)
හින්දි චිත්‍රපටිවල පෙන්වන දේවල් සැබෑ වෙන කාලය වැඩි ඈතක නෙමෙයි (ස)
වැලි ගොඩදාන්න ගිහින් මේ සිද්ධිය වුනේ. මැණික් ගරන්න ගිහින් කියලා කොහොමද කියන්නේ?(නදී)
පහුගිය කාලේ ගංජා වටලන්න ගිහින් පොලීසිය ගුටි කෑවා. දැන් ආයේ පාරක් අනවසර මැණික් ගරන්නන් අල්ලන්න ගිහින් කාලා. නීතිය නොතකා හැරීම ඉහලම තැන්වලින් සමාජගත වෙච්ච රටක අනාගතේ ඔහොම වෙන බව අපට කලින් ඔබතුමන්ලා දැනගත යුතුයි. අලුත්කඩේ සාමකාමී උද්ඝෝෂකයින්ට පහරදෙන්න ආපු මැර හමුදාවලට ආරක්ෂාව දෙනකොටයි හිතන්න තිබුනේ පොලුපාර කන මිනිහට රිදෙන්නේ කොහොමද කියලා. තව රැකවරණ දෙන්නකෝ මැරයන්ටම . (ස)
අපේ පැත්තේ ඉන්නෙත් ඔය වගේ පොලිස් නිලධාරින් තමා(නදී)
ඔරුවක පාවෙන මේ ඝන අදුරේ සිංදුව කියාගෙන ගුටි කාගෙන ඔරුව පෙරලෙන්න ඇති.(නදී)
අහද්දි හිනාත් යනවා. අධිවේගී බෝට්ටුවෙන් හරි , අදුරු වීදුරු සහිත වාහනයකින් හරි දාගෙන ගිහින් පහර දුන්නා නම් විස්වාස කරන්නත් තිබුණා. (නි)
පොලිසියත් බැරි වැඩ නොකර ඉන්න ඕනෑ. (නි)
තැළණි ගගේ මැණික් ගත්තේ නැත්නමි මුහුදට ගහගෙන යනවා එහෙම නැතිනමි මාළු ගිලිනවා, ඊට වඩා හෝදයි නේද මින්ස්සු ගත්තම. මෙයින් රටට ආදායමක් එනවා, බලපත්‍ර දීලා පහසුකමි දීලා කළ යුතු වැඩක් (නදී)
පොලිසියේ අය සිය දිවි නසාගෙනද?(නදී)
සාජන්ටි නල්ල තම්බි වැනි දක්ෂ නිලධාරීන් හිටිය නමි පොලිසියට මෙවන් ඉරනමක් ඇතිවෙන්නේ නැහැ(නදී)
පොලිසියේ අය ඔරුව අරගෙන ගිහින් පෙරලගෙන මැරිලා.(නදී)
රාජකාරිය දේවකාරිය වගේ (දී)
මේ රංවල දෙයියන්ගේ අඩවිය. මෙහේ සෙල්ලම් බැහැ. (නි)
මේ දවස් ටිකේ වෙන දේවල් බලන විට යම් සිදුවීමකට මුස්ලිම් ජනතාවට සම්බන්ධ නම් එන අදහස් සිය ගණන්. බලනවිට මේ වගේ තමාගේගේ ධර්මයට විරුද්ධ වැඩ වල ඒ අය නිරත වන්නේ නැහැ. අපේ අය හැදිලා පස්සේ අනෙත් ජාතීන් හැදිය යුතුයි. (නි)
දැන් ඉන්න අය කාකි සූට් එකට බයවෙන්නෙ නැහැ. (නි)
අයියෝ ! ඉතින් කොහොමද දෙයියනේ හොරු අල්ලන්න යන්නේ? (නි)
සියගණනක් අල්ලන්න තුන් දෙනෙක් යවලා හරියනවද? මේ නියෝගය දුන්න කෙනාටයි පළමුව දඩුවම් කළයුත්තේ. (නි)
රංග ,හොඳ නිරීක්ෂණයක්. (නි)
පහත සටන් පාඨ දෙකෙහි වෙනස බලන්න මාළඹේ උපාධි කඩය වසා දමනු..!! - පේරාදෙණිය වෛද්‍ය සිසුන්.. එන්.ඩී.ටී පාඨමාලාවට මේ වසරේ මොරටුව භූමිය තුළ බඳවා ගැනීම් සිදු නොකරනු..!! - මොරටුව ඉංජිනේරු සිසුන්. (ස)
කොහොමද කෑම? අති විශිෂ්ටයි සර්... (නි)
මේක ගැන හරියට දන්නෙ නැති අය අදහස් දාන්නෙ නැතුව ඉන්නවා නම් හොදයි. (නි)
මැණිකක් ගිල්ලද දන්නේ නෑ.ඒක තමයි වෙන්න ඇත්තේ .(ස)
මෙවැනි වැරදි වලට පැය 48 රදවා තබා ගැනීම වැදගත් වෙනවා...48 විරුද්ධ වුණ අයට ?????.......(ස)
සරාගොයියගේ කාලේ පොලිස් මහත්තරු ටිකක්ද කොහෙද ?(ස)