අපරාධ රැසකට සම්බන්ධ බව කියන තුංතොට ඉහළ ලෙනගල ප්‍රදේශයේ සැකකරුවකු අත්අඩංගුවට ගනිද්දී පොලිසියට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි දැඩිගම පොලිසිය කියයි. ඇසිඩ් ප්‍රහාරයෙන් කොස්තාපල් දෙදෙනකු තැවාල ලබා ඇති අතර ඔවුන් කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු හා ඔහුගේ බිරිය පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ බිරිය ඇසිඩි ගැසූ බවට ලැබී ඇති තොරතුරු සත්‍යදැයි සොයන බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත හරින්න එපා ආයෙ මෙහෙම දේ නොකරන්න ම දඩුවමක් දෙන්න. (ස)
පොලිසියෙ අයට අපි අපේ අදහස් කොයිතරම් කිව්වවත් පිළිනොපැද්ද නිසා තමයි මේ වගේ දේවල් වෙන්නෙ..!(නු)
මේ වගේ අපරාදකරුවන් ජීවිතාන්තය දක්වා සිර කළ යුතුයි.(ස)
ගහපු එකාටත් ඇසිඩ් පාරක් ගහලා දාන්න තියෙන්නේ ආයේ ඔය වැඩ නොකරන්න.(නදී)
නිසි දඩුවම් ලබා දිය යුතුයි..!(නු)
පාතාලයගේ මෙහෙයුමට ආයුද නොමැතිව පොතයි පෑනයි අරගෙන ද ගිහින් තියෙන්නේ. කාන්තාවකගෙන් කාපු ඇසිඩි පහරක් නේද?(නදී)
සැකකරුවන් හොඳින් රැක ගන්න.පැනල යන්නනම් දෙන්න එපා.එහෙම උනොත් සැකකරුවෝ මැරුණට පස්සේ නිතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙනවා.පොලිසියට එරෙහිව අරගල කරන අය අල්ල ගත්තට පස්සෙ වැඩි දෙනෙක් පැනල යනවනේ . ඒ වෙලවෙට ඇතිවෙන අරගලයේදී මෙල්ල කිරීමේදී වැඩි හරියක් මරණයට පත්වෙනවනේ. අන්න ඒක නිසයි දැඩි ආරක්ෂාව දාන්න කිවේ.(නදී)
නිසි දඩුවම් දෙන්න. (නි)
මර්වින්, දුමින්ද පුතා, මේවට පොලිසියට ලැබෙන උත්තමාචාරය තමයි මේ. කනගාටුයි.(නදී)