ජනමාධ්‍යවේදීන්ගේ දක්ෂතා ඇගැයීමේ අරමුණින් ”ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කැරුණු 2011 පුවත්පත් විශිෂ්ටතා සම්මාන උළෙල අති උත්කර්ෂවත් අන්දමින් ගල්කිස්ස මහ හෝටලයේදී ඊයේ (31) රාත‍්‍රි පැවැත්විණ.
ඉන්දියා ”හිමාල්” සඟරාවේ ප‍්‍රකාශක හා ප‍්‍රධාන කර්තෘ කනක් ඩික්සිත් ප‍්‍රධාන ආරාධිතයාය.
කන්දයියා නිත්‍යානාදන්, සිබිල් වෙත්තසිංහ, සුසිල් මාධව පේ‍්‍රමතිලක සහ කීර්ති විජේසේකර යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීහු ද ඡායාරූප ශිල්පී එස් විත‍්‍රානන්ද ද මෙහිදී රන් තිළිණ සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඒ අනුව වසරේ හොඳම තරුණ මාධ්‍යවේදිනිය ලෙස ඬේලි මිරර් පුවත්පතෙහි ඩියෑන් ද සිල්වා, වසරේ හොඳම කාටුන් ශිල්පියා ලෙස ඬේලිමිරර් හි ගිහාන් ඞී. චිකේරා, වසරේ හොඳම ක‍්‍රීඩා මාධ්‍යවේදියා ලෙස ඬේලි මිරර් හි චන්නක ද සිල්වා, වසරේ හොඳම ගවේෂණාත්මක මාධ්‍යවේදිනිය ලෙස ඉරිදා ලංකාදීප පුවත්පතේ දයාසීලි ලියනගේ ද සම්මාන දිනා ගත්හ.
වසරේ හොඳම විශේෂාංග ලේඛිකාව (ඉංග‍්‍රීසි) ලෙස ද සන්ඬේ ටයිම්ස් පුවත්පතෙහි නාදියා ෆස්ලූල්හක්, වසරේ හොඳම තීරු ලිපි රචකයා (ඉංග‍්‍රීසි) ලෙස සන්ඬේ ටයිම්ස් හි චාන්දනී කිරින්දේ සහ වසරේ උණුසුම් පුවත් වාර්තාකරණයට හිමි සම්මානය සන්ඬේ ටයිම්ස් හි ඇන්තනී ඬේවිඞ් ද, වසරේ හොඳම ඡායාරූප ශිල්පියාට හිමි ඇගයීම් කුසලතා සහතිකය ලංකාදීප පුවත්පතෙහි දඹුල්ලේ වාර්තාකරු කාංචන කුමාර ආරියදාස දිනාගත්හ. වසරේ හොඳම පිටු සැකසුම සහිත පුවත්පත ලෙස සන්ඬේ ටයිම්ස් පුවත්පත තේරී පත්විය.
මෙම වසරේ හොඳම මාධ්‍යවේදිනියාට හිමි ”මර්වින් ද සිල්වා” සම්මානය ”ලක්බිම” පුවත්පතෙහි ලසන්ත වීරකුලසූරිය විසින් හිිමිකර ගැනුණි. වසරේ හොඳම ඡුායාරූප ශිල්පියාට හිමි සම්මානය ”සිලෝන් ටුඬේ” පුවත්පතේ සංඛ විදානගමට හිමිවිය.





1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
~~~~~ අපගේ උණුසුමි සුබ පැතුමි ~~~~~ (ස)
මොකක්ද මේ වර්වින් ද සිල්වා සම්මානය ?
මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් සියළු දෙනාලබාගත් මේ ජයග්‍රහණයට හද පිරි සුබපැතුම්. (ස)
කෝ මෙතන හොඳම කඩේ යාමට දෙන සම්මානය දීලා නැහැනේ ? (නි)
සියළු සහෘදයින්ට අපේ සුභ පැතුම්! (නි)
සියළු දෙනාටම සුභ පැතුම්!(නි)
එකම අරමුණක් එකම රටක්. ජය ශ්‍රී හැමෝටම..... (ස)
මර්වින් සිල්වා මහත්තයා කියන්නේ උගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. (නි)
ලසන්තට අපේ උණුසුම් සුභ පැතුම්! (නි)
ලසන්තට හද පිරි සුභපැතුම්.. ඔබ හැබෑම දක්ෂයෙක්(නු)
අයියෝ, අපේ මේ අදහස් සංස්කරණය කරලා හදන අපේ අයියලාට නැද්ද සම්මානයක්? කමක් නැහැ. මෙන්න අපගේ උත්තමාචාරය! (නි)
”මර්වින් ද සිල්වා” සම්මානය.... අනේ මට හිනා යනවනේ. (නි)