IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


පාසල වසා ගුරුවරු මඟුල් කන්න යති

ගලේවෙල ඉහළ දික්වෙල ප‍්‍රාථමික පාසල අද උදේ 9.55ට වැසූ විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩල සාමාජිකයෝ මඟුල් ගෙදරක ගියහ. මේ පාසලේ ගුරුවරු 11 දෙනෙක්ද ළමෝ 90 දෙනෙක්ද සිටිති. ගලේවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ මෙත්තානන්ද වනසිංහ මහතා කීවේ පාසල වැසීමට අවසර නොගත් බවයි.



අදහස් (0)

පාසල වසා ගුරුවරු මඟුල් කන්න යති

චන්ඩි Wednesday, 25 July 2012 12:35 PM

වෙන දවසක් තිබුණෙම නැද්ද ???(ස)

:       0       0

දෝහා Tuesday, 24 July 2012 11:22 AM

අනේ දරුවන්ට දෙවි පිහිටයි..(නු)

:       0       0

ඉක්‍රම් සෞදි අරාබිය Tuesday, 24 July 2012 04:49 PM

අම්මලා තාත්තලාට අයිතිය තියෙනවා ගුරුවරුන්ගෙන් ගිහිල්ලා අහන්න අධ්‍යාපන ඇමතිට මේ ගැන දැනුම් දුන්නාද?(නු)

:       0       0

මැට්ටා Monday, 23 July 2012 12:32 PM

දරුවන්ගේ අධ්‍යාපනයට වඩා මඟුල් කෑම වේල ලොකු උනා නේ.........(ස.වි)

:       0       0

අනුර Tuesday, 24 July 2012 05:18 PM

මගුල් ගෙදර ගිහින් සප්පායම් වෙලා උගන්වන්න එනවාට වැඩිය පාසල වහලා ගිය එක හොදයි. (නි)

:       0       0

වරුණ Monday, 23 July 2012 12:39 PM

තමන්ගේ ගුරු මණ්ඩලේ සේවය කරන කෙනෙකුගේ මංගල උත්සවයකට සහභාගි වීමේ ඇති වැරැද්ද මොකක්ද? (නි)

:       0       0

අමිල Monday, 23 July 2012 05:25 PM

සුපිරි පාසලක්. (නි)

:       0       0

අමිල Monday, 23 July 2012 05:27 PM

ළමයින්ටත් මගුල්.... (නි)

:       0       0

daya,saudi Monday, 23 July 2012 12:52 PM

දරුවන්ගේ ඉගෙනීමට වඩා මේක කොතරම් වටිනවද (අ)

:       0       0

ෆයිසර් Monday, 23 July 2012 12:54 PM

මෙම ගියොත් මුළු ඉස්කෝලෙම ම වහන්න වෙනවා (දී)

:       0       0

mohomed ali Monday, 23 July 2012 12:54 PM

පාසල් අයිති ළමයිනට නොවේ ගුරුවරුනටයි (අ)

:       0       0

සුමුදු Monday, 23 July 2012 01:00 PM

විදුහල්පතිතුමා අරගෙන තියෙන තීරණය ඉතාමත් නිවැරදියි. අද අහන්න ලැබෙන දේවල් එක්ක බලනකල, ළමුන්ගේ ආරක්ෂාව ගැනයි එතුමා හිතල තියෙන්නේ... ඔබට වරදින්නෙ නෑ විදුහල්පතිතුමනි......(ස.වි)

:       0       0

ලලිත් Tuesday, 24 July 2012 03:17 AM

නගරේ අපේ අයට ගමේ දේවල් තේරෙන්නේ නැහැ! ගුරුවරු දෙතුන් දෙනෙක් සිටින පාසලකට ගුරු මණ්ඩලයටම මේ වගේ දෙයකට සහභාගි වෙන්න තියෙනකොට වෙන මොකක්ද තියෙන ප්‍රයෝගික විසදුම? (නි)

:       0       0

චමින්ද Monday, 23 July 2012 01:08 PM

ආසියාවේ ආශ්චර්‍ය කියන්නේ මෙන්න මේකට තමයි....(ස.වි)

:       0       0

මහේෂ් Monday, 23 July 2012 01:13 PM

ගුරුවරියකගේ වෙන්න ඇති මගුල් ගෙදර........මෙහෙමත් පාසල් වහන්න පුළුවන්ද ???ඇමතිතුමා මේ ගැන මොකද දන්නේ නෑ...කියන්නේ......(ස.වි)

:       0       0

දමින්ද Tuesday, 24 July 2012 12:27 PM

ඉගෙන ගත් උදවියගේ මෝඩ වැඩ..... (ස)

:       0       0

තිලක් Tuesday, 24 July 2012 04:20 AM

අන්න ගුරුවරු... (නි)

:       0       0

wasanthi Monday, 23 July 2012 05:51 PM

අහිංසක වරදක්. මේ වෙනුවට නිවාඩු දවසක් වැඩ කරන්න කියන්න. හොරුන්ව බේරෙනවා. අහිංසකයෝ අල්ලන් දඟලනවා. (අ)

:       0       0

නිලූ Tuesday, 24 July 2012 06:24 PM

උගන්වන එක වගේද මගුල් ගෙදර? (ත)

:       0       0

පෙරේරා Monday, 23 July 2012 01:28 PM

වෙ හැම දෙයක්ම ආණ්ඩුවේ වැරැද්දෙන් වෙනවා කියලා ප්‍රතිචාර දාන කට්ටියක් ඉන්නවා. ඒක වැරදියි නේද? (නි)

:       0       0

ජීවා මල්ලි Monday, 23 July 2012 01:28 PM

ඔවු ඔවු.කිසිම අවසරයක් නැතුව කරන මෙවැනි වැඩ වලට උපරිම දඩුවම් දිය යුතුයි. (නි)

:       0       0

නවෝදා Monday, 23 July 2012 06:21 PM

ඌරෝ කැකුණ තලද්දි හබන් කුකුළන්ට රජ මගුල්ලු. (නි)

:       0       0

ලාල් Tuesday, 24 July 2012 12:41 PM

මේවා කාට කියන්නද?(නු)

:       0       0

ලාල් පෙරේරා Tuesday, 24 July 2012 12:41 PM

අ‍නේ මෙහෙමත් මගුල් ගෙවල්...!(නු)

:       0       0

නාෆ් Monday, 23 July 2012 01:42 PM

අනේ මහත්තයො , ආයෙ අපේ ගමට නම් එන්න එපා. (නි)

:       0       0

රුවන් Tuesday, 24 July 2012 12:41 PM

ඔකට 9.50ට යන්න ඕන නැහැනෙ.. කෑමට 1.30ට පාසැල වහලා ගියානම් හරිනෙ..(නු)

:       0       0

දමිත Tuesday, 24 July 2012 12:41 PM

මේ පාසල 12.30ට විතර වැසුවානම් ප්‍රශ්ණයක් නැහැනෙ..!!(නු)

:       0       0

ලාල් Tuesday, 24 July 2012 12:42 PM

මොනවා කරන්නද මගුල්ගෙදර යන්නත් එපායැ...(නු)

:       0       0

සරත් Monday, 23 July 2012 01:48 PM

එතකොට ඇමතිතුමා ආවේ නැද්ද? (නි)

:       0       0

සරත් Monday, 23 July 2012 01:53 PM

නැකැත් තියෙන්නේ පාසල් දවස්වල, මගුල් ගෙදර නොගියොත් යාළුවා තරහ වෙනවා....අනේ මන්දා......(ස)

:       0       0

රිස්වාන්-saudi arabia Monday, 23 July 2012 01:56 PM

පාසල අයිති ගුරුවරුන්ට නොව ළමයින්ටයි. (නි)

:       0       0

ඉන්දික Monday, 23 July 2012 02:08 PM

මගුල් නටන ගුරුවරු ඉන්න රටක මගුල් කෑමත් වරදක්ද? (නි)

:       0       0

චමින්ද Monday, 23 July 2012 02:15 PM

පවු.එයාලට නිවාඩුත් අඩුයිනේ.නොගිහින්ම බැරි ගමනක් වෙන්න ඇති. (නි)

:       0       0

සමන්ත Monday, 23 July 2012 02:16 PM

ඡන්ද වැඩකට ගියාද දන්නේ නැහැ. (නි)

:       0       0

ලලිත් Monday, 23 July 2012 02:27 PM

මගුල් වල ගිහින් දරුවන්ගේ අනාගතය අවමගුලක් කරන්න හදන ගුරු හොරුන්ට නිසි දඩුවම් දෙන්න ඕනේ. (නි)

:       0       0

කිරිමාටින් Monday, 23 July 2012 02:27 PM

මේකේ වැරැද්දක් ඇත්තේ නැහැ.හැබැයි හැමෝටම පඩි රහිත නිවාඩු දෙන්න ඕනේ. (නි)

:       0       0

සහන් Monday, 23 July 2012 02:31 PM

කමක් නැ. එක දවසනෙ. (දී)

:       0       0

නිශාඩ් පෙරේරා Monday, 23 July 2012 02:32 PM

අයියෝ මේවක් වැඩද ?කොටුවේ දුම්රියපල ළඟට ගිහින් බලන්නකො හවස 4 වෙනකොට කට්ටියම එතනනේ.......(ස)

:       0       0

මොනාලිසා Tuesday, 24 July 2012 10:10 PM

අන්න ගුරුවරු (දී)

:       0       0

නියාස්-saudi arabia. Tuesday, 24 July 2012 10:12 PM

අනෙක් පාසල් වලත් මෙවැනිම ගුරුවරුන් සිටියහොත් අපේ දරුවන්ට යන කලදසාව කුමක්ද? (නි)

:       0       0

සිරා Monday, 23 July 2012 02:55 PM

මගුල් ගෙදර ගියාට මොකද වෙන්නේ (දී)

:       0       0

තුෂාර Monday, 23 July 2012 03:07 PM

ළමයින්ගේ අනාගතය අනාතයි (දී)

:       0       0

ප්‍රවීන් Monday, 23 July 2012 03:17 PM

අනාගත පරපුර ගොඩ ගන්න ඉන්න කට්ටිය මෙහෙම කරන කොට අපේ අනාගතය ගැන හිතා ගන්න පුළුවන් (දී)

:       0       0

රොෂාන් Monday, 23 July 2012 09:15 PM

ප්‍රින්සිපල්ටත් මගුල් ගෙදරක යන්න අස හිතෙන්න ඇති (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 350 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 531 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 328 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 270 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 862 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 170 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40221 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26021 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 284 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1336 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site