පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අද (11) දින කොටුව දුම්රිපොල ඉදිරිපිටදී උද්ඝෝෂණ පැවැත්විය පාසල් නඩත්තුව සඳහා මවුපියන් මුදල් එකතු කිරීම 6% ක් නතර කර අධ්‍යාපනය වෙනුවෙන් සියයට හයක් ජාතික අය වැයෙන් වෙන් කරන ලෙසද එම ව්‍යාපාරය ඉල්ලයි. ගම්බද පාසල් 3500 ක් වසා දැමීමට යතීද උද්ඝෝෂකයෝ කියති

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල කියන්නේ කුමක්ද? එහි කාර්ය භාරය වගකීම කුමක් ද? ඔය කට්ටියට ළමයි හම්බ වුණාම බලන්න පුලුවන්. කීය දීලා හරි හොද නමක් තියෙන පාසල් වලට ළමයි යවයි අපූරුවට. පාසල්වල මුදල් අයකිරීම නවත්තන්න නොව විධිමත්ව මුදල් පරිහරණය සදහා දෙමාපියන් මැදිහත් වන්න. (නි)
මේ කටයුත්ත මහා මෙහෙවරක් ඉදිරි පරම්පරාවට (දී)
අපේ අධ්‍යාපනය රකින්න එකතු වෙන්න (දී)
අද රටේ නිකන් කරන්න පුලුවන් එකම දේ හුස්ම ගන්න එක විතරයි. (නි)
අපිත් ඔබ සමගයි. (නි)
ගොඩක් හොද වැඩක්. 6% නෙමෙයි ඊට වැඩිය වැඩි කළත් කමක් නැහැ. නිකම් දෙනකොට කිසිම දෙයක අගයක් නැහැ. හැම දේම නිකම් ගන්න පුරුදු වෙලා ඉන්න අපේ මිනිස්සුන්ට ඕනෑ නිකම් අරගෙන, නිකම් කාලා නිකම් ඉදලා නිකම්ම මැරිලා යන්න. මේ ක්‍රමය නැති කරන්න ගත්ත හොද පියවරක්. (නි)
අධ්‍යාපනය සදහා ජාතික ධනයෙන් 6% ක් වැය වෙනවා කියනේ මුලු රටේම පිරිවැටුමෙන්. අවාසනාවකට ටියුෂන් හා අවිධිමත් අධ්‍යාපනයට වැයවෙන මුදල මේ රටේ ගනන් හදන්නෙ නැහැ. සමහර රටවල අධ්‍යාපනය මුලුමනින්ම පුද්ගලිකයි. ඒත් ජාතික ආදායෙමෙන් 6% වඩා වියදම් වෙලා තිබෙනවා. (නි)
ඉතා හොද වැඩක්
රටකට අවශ්‍ය හිර ගෙවල් මිසක් ඉස්කෝල නෙවෙයිද මන්දා? (නි)
එතකොට ටියුෂන්වල එකතු කරන්නේ පොල් ද? පාසල්වල මුදල් එකතු කරන්නේ මොකටද කියලා හොදට හොයලා බලන්න. හැබයි ඒ ගැන අධ්‍යාපනඥයකුගෙනුත් අහන්න. (නි)
ජාතික යුතුකමක් (දී)
හැමතැනම අද මෙහෙමයි (නි)
අපිත් අපේ සහයෝගය දෙනවා (දී)
අනාගත පරපුර රකින්න පාරට බහින්න (දී)
නිදහස් අධ්‍යාපනය රකින්න එකතු වෙන්න (දී)
මල්ලිලාටත් එහෙනම් සටන් පාඨයක් හම්බවෙලා වගෙයි. (නි)
පාසල් සුරකිමු. උගතුන් බිහිකරමු. (නි)
විදුලි බිලට, දුරකතන බිලට, ආරක්ෂක සේවයට, සනීපාරක්ෂක වැඩට, ගොඩනැගිලි නඩත්තුවට ආදී අත්‍යවශ්‍ය වැඩට තමන්ටම මුදල් හොයා ගැනීමට සිදු වී ඇති මෙරට එකම ආයතනය පාසලයි. විදුලි හා දුරකතන බිල් පාසලින් අය කරන්නේ වෙළද ව්‍යාපාර හා සමානවයි. කවර ආණ්ඩුවක් යටතේ වුණත් තත්ත්වය මේකයි. (නි)
නිදහස් අද්‍යාපනය සුරකින්න (දී)
ජයවේවා.... ජයවේවා.... (දී)