‘මට හැමවිටම පැහැදිලි අරමුණක් තිබුනා. ඒ අරමුණ වෙනුවෙන් කැපවීමි කළා. එම කැපකිරීම් වල අවසාන ප්‍රතිඵලය ලෙස අද විශේෂ්ට ජයක් ලැබුනා. පහේ ශිෂ්‍යත්වය අසමත් කියලා අධෛර්මත් වෙන්න එපා‘ යැයි 2012 අපොස උසස් පෙළ විභාගයෙන් වාණිජ අංශයෙන් දිවයිනේ දෙවැනි ස්ථානයත්, ගමිපහ දිස්ත්‍රික්කයේ පළමු ස්ථානයක් ලබාගත් ගමිපහ බණ්ඩාරනායක විදුහලේ තිසර පහන් මධුෂංක සිසුවා කියයි.
තිසර පාසැල් වැඩකටයුතු මෙන්ම පාසැලේ බාහිර වැඩකටයුතු වලටද එක ලෙසින්ම දායක වූ දක්ෂ සිසුවෙකි. ඔහු පාසැලේ වාණිජ සංගමයේ සහ තොරතුරු තාක්ෂණ සංගමයේ ක්‍රියාකාරී සාමාජිකයෙකි.
අපොස සාමාන්‍ය පෙළ දක්වා මිනුවන්ගොඩ මාරපොළ මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ තිසර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ අටක් හා බී සාමාර්ථයක් සමගින් සාමාන්‍ය පෙළ සමත්ව උසස් පෙළ සඳහා බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් විය.
තිසරගේ පියා රත්නපාල සිල්වා ව්‍යාපාරිකයෙක් වන අතර මව ඇතිලගේ ප්‍රේමලතා ගෘහනියකි.
‘මගේ දෙමව්පියන් මම කුඩා කාලේ ඉඳලා අධ්‍යාපනය සඳහාම මාව වෙහෙසුවේ නැහැ. මා යන ගමන යන්නට ඇරියා. පහේ ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන්වත් ම පීඩනයකට ලක් කළේ නැහැ.
ඇත්තම කියනව නමි මට පහේ ශිෂ්‍යත්වයෙන් ලබා ලබා ගන්න හැකිවුනේ ලකුනු 128 ක් පමණයි. ඒ ලකුණ ජනප්‍රිය පාසැලකට යන්න ප්‍රමාණවත් වුනේ නැහැ. ඒ නිසා මම ඒ පාසැලේම රැදී සිටියා. නමුත් අපොස සාමාන්‍ය පෙළ මම විශිෂ්ඨ අයුරින් සමත් වුණා. ඉන්පසුයි මට ගමිපහ බන්ඩාරනායක විද්‍යාලයට එන්න අවස්ථාව ලැබුනේ.
මට නංගිලා මල්ලිලාට කියන්න පණිවිඩයක් තියෙනවා. පහේ ශිෂ්‍යත්වය අසමත් කියා අධෛර්යමත් වෙන්න එපා. අමිමල තාත්තල දරුවන්ව අධෛර්යමත් කරවන්නත් එපා. ඕනම කෙනෙකුට යම් අරමුණක් තියෙනවා නමි එය දිනාගන්න පුළුවන්.
මට ලංකාවෙන් පළමුවෙනියා වෙන්නවත් දිස්ත්‍රික්කයෙන් පළමුවෙනියා වෙන්නවත් සිහිනයක් තිබුනෙ නැහැ. නමුත් ඒක මගේ පාසැලෙන් ඇති කළා. මට උපරිම ප්‍රතිඵලයට යන්න පුළුවන් කියන විශ්වාසය පසුව මට ඇති වුනා.
ඇත්තම කියනව නම් මට වඩා මං ගැන මගේ යාළුවො විශ්වාස කළා. ප්‍රථීඵලය ආපු වෙලාවෙ මම ලංකාවෙන් දෙවැනියා කියන එක මට විශ්වාස කරන්න බැරිවුනා. නමුත් යාළුවො කිවිවා ඕක තමයි ඔයාගෙන් අපි බලාපොරොත්තු වුන ප්‍රතිඵලය කියලා.
මගේ ජීවිතයට පැහැදිලි අරමුණක් ලබා දුන් විදුහල්පති ලාල් දිසානායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීටත් ස්තුති වන්න වෙනවා‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභ පැතුම්.......!!! (ස)
සුබපැතුම් ඔබට (දී)
සුබ පැතුම් පුතේ !!!! (ස)
සුභ පැතුම්! විශිෂ්ටයි! (නි)
සුභ පැතුම්! (නි)
අහන්නත් සතුටුයි. ඔබේ අරමුණ ජයගෙන සාර්ථක වීමට හැකිවේවා! (නි)
දෙමාපියන්ගේ ඉදිරි පියවර මේ දරුවන්ගේ මතු ජීවිතයට ලොකු හයියක්. (නි)
යන්න යන්න ඉදිරියටම යන්න. (නි)
නියමයි. අපේ ගම්පහ කොල්ලෙක් ඔබට ජය මල්ලී අපේ පාසලට කර කෙනෙහිලිකම් වලට මේක හොඳ පාඩම් (ස)
මේක දෙමාපියන්ටත් හොඳ පණිවිඩයක්.නැත්නම් අසරණ දරුවෝ නොමරා මරණවා ශිෂ්‍යත්වය වෙනුවෙන් (ස)
සිංහල කොල්ලෙක් කෙල්ලෙක් කොයි පළාතෙන් ජයක් ලැබුවත් සතුටුවෙන්න අපිට පුලුවන් වෙන්න ඕනෑ. (නි)
හරිම සරල ළමයෙක් , හැම කෙනෙක්ටම ආදර්ශයක් (ස)
සුබ පැතුම් . ඔබ ගම්පහට ආඩම්බරයක් (ස)
සුබ පැතුම් , නියම කොල්ලෙක් (ස)
හොඳ වැඩක් පුතා. ඔයා පාසලට ආඩම්බරයක් (ස)
මමත් පරණ සිසුවෙන් මෙහි. සුබ පැතුම් තිසර (ස)
ඔබට සුභ පතන අතර, නමුත් සරසවිය තුළ පස් අවුරුදු කට්ටක් කන්නට වීම ගැන දුක් වෙමි. (නි)
හොඳ වෙලාවට ඔයා කොළඹට ආසන්න තැනක වුණේ . නැත්නම් ඔයාගේ ප්‍රතිඵලත් පිළිගන්න බෑ කියයි (ස)
ඇත්තෙන්ම මේ දරුවා හුඟක් ආදර්ශමත් .සාමාන්‍ය දරුවන්ට හොඳ ආදර්ශයක් .අපි හැමෝටම දක්ෂතා තියෙනවා ඒවා හඳුනාගෙන සුදුසු අවස්ථාවල දියුණු කර ගැනීම ඉතා වැදගත්, රටේ පළමුවෙනිය වීමට නොහැකි වෙච්ච සියලු දරුවන්ට ඔබ ආදර්ශයක් පුතේ. ඔබට ජය . (ස)
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියනවා වගේ දක්ෂ ඔබගේ ඉදිරි ගමන ගැන අපිට සැකයක් නැහැ. (නි)
නියමයි..බන්ඩාරනායක ආදි ශිෂ්‍යයෙක් ලෙස ඉතාම සතුටුයි . (ස)
නියමයි සහෝදරයා (ස)
ඒ දරුවාගේ කියමන සකළ ලංකාදීප දරුවන්ටම ආදර්ශයක්. (නි)
ඒක මුළු රටටම ආදර්ශයක්. (දී)
ඔයාගේ මේ අදහස් ටිකම ඇති ජයගන්න. (නි)
ඉතා හොදයි. (නි)
නියමයි. ඔහොමම ඉදිරියටම යන්න මල්ලි. ඔයාට වරදින්නෙ නැහැ. (නි)
සුබ අනාගතයක් දරුවෝ ඔයාට (ස)
ෂා... එහෙනම් අපිටත් ආඩම්බර වෙන්න පුලුවන් කොල්ලෙක් ඉන්නවා. (නි)
ඔබට ජය පුතනුවනි ! ගම්පහ අපිට ආඩම්බරයක් (ස)
මගේ උණුසුම් සුභ පැතුම් දරුවා. ඔබගේ නිහතමානීකම ගැනත් මට ආඩම්බරයි. (නි)