වෙළෙඳසේවා බැඞ්මින්ටන් සංගමය සංවිධානය කළ 29 වැනි ඩියුලක්ස් වෙළෙඳසේවා අන්තර් සමාගම් කණ්ඩායම් බැඞ්මින්ටන් තරගාවලියේ සමස්ත ශූරතාව නේෂන් ට්‍රස්ට් බැංකුව දිනා ගත්තේය. ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ත ක්‍රීඩා සංකීර්ණයේදී පසුගියදා නිමා වු මෙම තරගාවලියේදී හැටන් නැෂනල් බැංකුව අනුශූරතාව දිනාගත් අතර සෙලාන් බැංකුවට තෙවැනි ස්ථානය හිමිවිය. ඒ, බී, සී, ඞී, ඊ, එෆ්, ජී, සහ එච්. යන කාණ්ඩ යටතේ පිරිමි කණ්ඩායම් තරග පැවැති අතර ඒ, බී, සී, ඞී සහ ඊ කාණ්ඩ යටතේ කාන්තා තරග පැවැත්විණ. ‘ඒ’ කාණ්ඩයේ පිරිමි ශූරතාව මැක්ලරන්ස් සමුහ ව්‍යාපාරය දිනාගත් අතර එහිදී දක්ෂතම ක්‍රීඩකයා ලෙස ජාතික බැඞ්මින්ටන් ශූර නිලූක කරුණාරත්න සම්මාන ලැබීය. සම්පත් බැංකුව සහ හැටන් නැෂනල් බැංකුව එම කාණ්ඩයේ පිළිවෙලින් දෙවැනි සහ තෙවැනි ස්ථාන ලැබීය. හැටන් නැෂනල් බැංකු ඒ පිල කාන්තා ‘ඒ’ කාණ්ඩයේ ශූරතාව දිනා ගත්තේය. හැටන් නැෂනල් බැංකු පිලේ මධුෂා දිසානායක ඒ කාණ්ඩයේ දක්ෂතම ක්‍රීඩිකාව වුවාය. සම්පත් බැංකුව අනුශූරතාව ද, සෙලාන් බැංකුව තෙවැනි ස්ථානය ද හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා
හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ
මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්
නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බැඩ්මින්ටන් ශූරතාව නේෂන් ට්‍රස්ට් බැංකුවට