සියලුම බන්ධනාගාර සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා ආරක්ෂාව ලබා දීමේ වැඩසටහන යටතේ තවත් බන්ධනාගාර තුනකට පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය පවසයි.
මෙහි පළමු අදියර වශයෙන් මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට ආරක්ෂාව ලබා දී ඇති අතර අද (25) සහ හෙට (26) දිනයන්හිදී තවත් බන්ධනාගාර තුනක පිටත ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබා දීමට කටයුතු කර ඇතැයි අමාත්‍යංශය පවසයි.
ඒ අනුව මහර, වැලිකඩ හා කොළඹ රිමාන්ඩ් යන බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සඳහා මෙලෙස පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර තිබේ.
එම බන්ධනාගාරවල පිටත ආරක්ෂාව සහ පිටතින් පැමිණෙන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලබන අතර සෙසු බන්ධනාගාර සඳහා ද පොලිස් විශේෂ කාර්ය බලකා ආරක්ෂාව ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යංශය සඳහන් කළේය.
කෙසේ නමුත් අඟුණකොලපැලැස්ස බන්ධනාගාරයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටින පොලිස් විශේෂ බලකා නිලධාරීන් ඉවත් කරන ලෙස ඉල්ලමින් රැඳවියෝ උද්ඝෝෂණයක්ද කළහ.
(36698)
මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර
ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය
අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම
පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත
සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
බන්ධනාගාර තුනකට එස්ටීඑෆ් ආරක්ෂාව
d.upul Thursday, 25 October 2018 07:54 AM
මෙය ඉතා කාලෝචිතයි, බන්ධනාගාර ජේලර්වරුන් කුඩු පැකට් කරන තැන්වල දී හමුවන නිසා.
shan saudi Thursday, 25 October 2018 08:41 AM
ඉතාම හොද තීරණයක් පිටතින් පැමිණෙන පුද්ගලයන් පමණක් නොව බන්ධනාගාර නිලධාරීන්ද පරීක්ෂාවට ලක්කළ යුතුයි.... මත්ද්‍රව්‍ය සඳහා පිවිසීමේ දොරටුවේ ඒ සදහා පුහුණු සුනඛයන් යොදවා පරීක්ෂා කල යුතුය ගෙන එන අාහාරමය ද්‍රව්‍ය ස්කෑනරයක් හරහා පරීක්ෂාවට ලක් කල යුතුය බන්දනාගාරවල වල මත් ද්‍රව්‍ය ලබාදීම එම ආයතනවල සමහර නිලධාරීන්ම සිදු කරයි මොනම ආකාරයේ බලපෑම් හෝ බලවේග පැමිණියත් මේ තීරණය අඛණ්ඩව පත්වගන යාමට ජනපතිතුමා කටයුතු කල යුතුය...........
Samathasena A . Aluthgamage.Friday, 26 October 2018 03:29 AM
ඔබතුමාගේ අදහස් වලට මාද එකඟයි.