ඉරිදා මහරගමදී පැවැත්වුන රැස්වීම පිළිබඳව වාර්තා කිරීමට ගිය තමන් ඇතුළු බීබීසී කණ්ඩායමට තරුණ පිරිසක් හරිහැර කළ බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ ලෝක සේවයේ බීබීසී කොළඹ වාර්තාකරු චාර්ල්ස් හැවලන්ඩ් කියයි.
මහරගම කඩවීදිය අසල තම වාර්තාව රූපගතකරමින් සිටි අවස්ථාවේ එතනට රොක්වූ 20 දෙනෙකුගෙන් පමණ තරුණයන් පිරිසක් තම කණ්ඩායම බලහත්කාරයෙන් රඳවාගත් අඩන්තේට්ටම් කරන බවට තර්ජනය කළ බවත් හැවලන්ඩ් සිය වාර්තාවෙන් කියයි.
එතැන රාජකාරියෙහි යෙදී සිටිපොලිස් නිලධාරීන් මෙම සිද්ධිය දුටු නමුත් නිහඬව සිටි බව පැවසු ඔහු ඒ අවස්ථාවේ එම පිරිසේ සිටි සමහර දෙනා තමන් සමඟ සිටි ශ්‍රී ලාංකික පිරිසට "ජාතිද්‍රෝහින්" සහ "අවජාතකයන්" ලෙස චෝදනා කරමින් පරුෂ වචනයෙන් බැන වැදුණු බවද කීවේය.
නැවත වතාවක් මේවගේ තැනකට පැමිණියහොත් එය"අපගේ අවසානය" වියහකිබව සමහර දෙනා තර්ජනාත්මකව පැවසු බව කියූ ඔහු ඒ අවස්ථාවේදී තමන් පෙර කිසි දිනක හෝ කිසි අවස්තාවක සිදු නොවූ තරමේ තැතිගැනීමකට පත්වූ හැවලන්ඩ් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදයට ජයවේවා!(නදී)
ඇයි අපේ නිරුවත ලෝකෙට පෙන්නන්නේ.(නදී)
කාගේද වරද කියලා ඉස්සෙල්ලා සොයා බැලිය යුතුයි (දී)
අසූ තුනේ වගේ වෙන්නද හදන්නෙ..!(නු)
මොනවාද බුද්ධ දේශනාවෙ තියෙන්නේ.. සසරෙන් එතෙර වෙන්න නේද? ඇයි මේ..!(නු)
ඔබලාට ආඩම්බරද මේවා ලෝකේ පුරා යනකොට.(නදී)
හැබැයි ඒ සම්භන්දව සොයා බැලුවොත් තමයි හොද (දී)
83 වගේ කරන්නද ය්නනේ.(නදී)
රට රකින්න හමුදා සෙබලු ඉන්නවනේ.. (නි)
මං ඔය කියන තැන උන්නා . නමුත් එහෙම දෙයක් දැකකේ නැහැ.(නදී)
නියම සිංහල කොල්ලො ටිකක්. ජය වේවා! (නදී)
මේකෙන්ම පේනවා නේද ජාතිය ආගම බේරගන්න අයගේ විනය හැදියාව කොහොමද කියලා? (නදී)
ඊලග භුමිකාව කාන්තාවන්ගේ ඇදුම්ද?(නදී)
තවත් වීරක්රියාවක් !!! (නු)
මේ වගේ දේවල් ගැන වගකිවයුත්තන්ගේ අවධානය 83දිත් යොමුවුණේ නැහැ. අන්තිමට මොකද වුණේ? (නි)
වෙන රටකනම් ජාතිය පදනම්වුණ යක් කතා කිරීම පවා හිරේ යාමට වරදක්..!(නු)
සංසාරෙන් එතෙර වෙන්න කියලා ගිහින් මෙහෙම කරන්න පුලුවන්ද? (නි)
මාධ්‍ය කියන්නේ සෙල්ලම් රාජකාරියක් නොවෙයි (දී)
ඒක නම් වැරදි වැඩක්. (නි)
ගණන් ගන්න එපා. ඕවා ඔහොම තමයි (දී)
මම නම් එහෙම දෙයක් දැක්කේ නැහැ. (නි)
ගෝලීයකරණයෙන්, ගෝත්‍රීකරණයට....... ධර්ම රාජ්‍යයේ දැහැමි පුරවැසියනි, ඔහොම යමු. මෙත්තාව, මුදිතාව, කරුණාව හා උපේක්ෂාව මෙයද යන්න මුලු ලොවම දැනගනු ඇත. (නි)
ඕවත් වැඩද (දී)
සමහර වෙලාවට එතන හිටපු තරුණයෝ විරුද්ධ වෙන්න ඇති. (නි)
අපි ඇහුනේ නැහැ වගේ ඉම්මු (දී)
ඕන දෙයක් කියා ගද්දෙන් (දී)
ඕක පොඩි දෙයක් (දී)
මේක නම් සැළසුමක්. (නි)
ජාත්‍යන්තර මාධ්‍ය හරිම සරයි (දී)
ඔය කියන තරම් එකක් වෙලා නැතුව ඇති (දී)
වැඩේ නැති කලානේ (දී)
ජිනීවා ලග එනවා. මාධ්‍යෙව්දියෙකුට වෙඩි තියල දවස් දෙකයි. එක යුද්ධයක් ඉවර වෙලා අවුරුදු හතරයි. ඇයි මේ.(නදී)
මට දැන් තේරෙනවා ඇයි ඇමරිකාවට යුද්ද නැතුව බැරි කියලා. අපි වගේ දිගු කාලයක් යුද්ද කළාම කුඩු වලට වගේ ඇබිබැහි වෙනවා.(නදී)
දැන් ඕකත් ජිනීවා වල කතා කරයි. බීබීසී එක කොහොමත් අපේ හොද කියනවා අඩුයිනේ.(නදී)
බීබීසි එක කවදද ලංකාව වෙනුවෙන් කතා කලේ. (නදී)
ඇත්තටම මොකක්ද මේ හදිස්සියේ මතුවෙච්ච ජාතිවාදය ? ආගම් වාදය? ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ ඕනෑම කෙනෙක්ට තමන් කැමති ආගමක් අදහන්න නිදහස තියෙනවා කියන එක නේද ? එතකොට මොකක්ද මේ බොදු බල සේනාව කරන්න හදන්නේ? පේනවා නේද 1983 නේ විදේශගතවුණ දෙමල සුළුතරයක් එකතුවෙලා ලංකාවේ රජයට රටක් වශයෙන් ගන්න බැරි විදේශ රටවල් වල සහය අරන් ලංකාවට ප්‍රශ්න දාන ලස්සන ? දැන් මේ අලුත් ප්‍රශ්නය හින්දා ආගම් වාදයක් මතුවෙලා නැවත සිවිල් යුද්දයක් ඇති වුණොත් කොච්චර නම් විශාල පිරිසක් ආරක්ෂාවට විදේශගත වෙයිද ? (නි)
ජාතිවාදය අවුස්සන ක්‍රියාවන් නොකල යුතුයි.(නදී)
මමත් හිටියා. එහෙම දෙයක් වුනේ නැහැ.(නදී)
මේක උනේ මහරගම ප්‍රසිද්ධ රෙදිපිලි ආයතනයක් ලග. එතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඇයි එතනදිම මෙහෙම දෙයක් වුනේ. (නදී)
තිස්වසරක යුද්දය ඉවරවුනා විතරයි. බොහොම අමාරුවෙන් ගොඩනගාගත්ත සාමය. තවත් ජාති බේදයක් ඇති කරන්නද නැවතත් හදන්නේ.(නදී)
මේක මෙතනින් දැන්මම නැවැත්තුවේ නැත්නම් තවත් යුද්ධයක් කරන්න වෙයි නේද?(නදී)
මිනිස්සු ඉන්නේ ඒ වෙලාවට පිස්සුවෙන් වගේ. ඉතින් මිනිස්සු බැන්නා කියලා චෝදනා කරන එක , හරියට පොඩි එකෙක් පන්තියේ ගුරුවරියට ලගට ගිහින් අරයා මට බැන්නා කියනවා වගේ වැඩක් (දී)
අපි යුද අපරාද කරලද අපිට මඩ ගැහුවේ. මේකත් ඔය වගේ තමයි. ඔය අය කැමති නැහැ පොඩි රටවල් නැගිටිනවට.(නදී)
මේ දේශප්‍රේමයද?(නදී)
ජාත්‍යන්තරව පිළිගත් ජනමාධයකට සලකපු ආකාරය අන්තිමයි.(නදී)
මේක බොදුබල සේනාවේ නම කැත කරන්න කිසියම් සන්විදනාත්මක කණ්ඩායමක වැඩක් වෙන්න බැරිද? (නදී)
බෞද්ධ ආගමේ නාමයෙන් සමහර ඇත්තන් ජනතාව පාරට බස්සවමින් තරගෙන යන්නා වූ අශිෂ්ඨාචාර ක්‍රියා තරයේ හෙළා දකිමු.(නදී)
බීබීසී කාරයෝ අපට එරෙහිව හරියට බොරු කියනවා. සිංහලයට විරුද්ධයි.(නදී)
මර්වින්, ඔබ හරි. අන්තර්ජාලයේ බොහෝ අය තම ජාතිය, ආගම බේරගන්න ඉතාමත් පහත් විදියට හැසිරෙනවා. පරුෂ වචන පාවිච්චි කරනවා. (දී)
අයියෝ ඔහොම හැසිරෙන්න එපා (දී)
බීබීසී නිරුවත -(බොරු , බේගල් ) (දී)
මොනවාද මේ වෙන වැඩ අම්මපා (දී)
හොද වැඩේ (දී)
කොහොමත් මෙහෙම එකක් තියෙනවනේ, මාධ්‍ය කාරයො හිතන් ඉන්නේ, හෙන යුද්ධයක් මැද්දේ උණත් එයාලට බුලට් එක වැටුණු තැනට වෙනකල් යන්න දෙන්න ඕනා. වෙඩි වදී, යන්න දෙන්න බෑ කිව්වොත්, එහෙම නොවුනොත්, මාධ්‍ය මර්ධනය. අනික ඔය වෙලාවට හැමෝම ඉන්නේ ආවේගයෙන්. ඕවට සාභාගිවෙන අයට කලින් මාධ්‍යවාට සැලකීම වගේ පාඨමලා දීලා එක්ක එන්නේ නෑ. ඒ නිසා මේක නිසා අන්තීමට උනේ ඔය බ්බීසී කාරයා ලිව්වේ හිතේ තරහව පිරිමහ ගන්න මිසක්, ආපු සිද්ධිය වාර්තා කලේ නෑ. මමත් ඔය ආටිකල් එක කියෙව්වා. හැබැයි බො.බ සේනා කට්ටිය අඩු තරමේ මාධ්‍ය නිවේදනයක් වත් දාන්න තිබ්බා. (නදී)
අමාරුවෙන් හදා ගත්තු ප්‍රතිරූපය විනාස කරන්න එපා (දී)
මේ ගොල්ලෝ මේ කරන්නේ ලෝකේ වටේ සිටින නියම බෞද්ධයන්ට අපහාසයක්. (නි)
හැමතැනින්ම අසරණ වෙන්නේ අපි තමයි (දී)
ඔයා හරි චන්දිම. (නි)
විදේශ මාධ්‍යයන් ශ්‍රී ලංකාවට අවාසි දායක පුවතක් පලකල හැම අවස්ථාවකම අපි කල ලොකුම වැරැද්ද තමා එම ආයතනයන්ට දොස්පැරීම, පෙළපාලි යාම හෝ අපහාස කරමින් ලිපි ආදිය ඉදිරිපත් කිරීමයි. මෙවැනි ක්‍රියා මගින් එම පුවත් සපයන්නන්ගේ අදහස් වෙනස්කරහත හැකි නොවේ. කලයුත්තේ සාවදානව එවන් ආයතනවලට හරි තොරතුරු ලබාදී ඔවුන්ගේ අවදානය හරවාගනීමයි, කෑ කෝ ගැසීම නොවේ.(නදී)
ලෝකෙට හොඳ නම පෙන්නගෙන අපිට මොනවා වුනත් කමක් නැහැ කියල හිතන අය ඉන්න එක ගැනනම් දුකයි.(නදී)
දිගු කාලීන යුද්දයකට පස්සේ අපි යුද්ද වලට ඇබ්බැහි වෙලා. ඒකයි මේ යුද්ද ඉල්ලන්නේ.(නදී)
ඒ කාලේ දෙමළ ඊලාම් විමුක්ති කියන සංවිධානය ආවෙත් මෙහෙමයි. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ආවෙත් මෙහෙමයි.(නදී)
චන්දිම, මේ ප්‍රශ්‍නෙට ඇයි හාමුදුරුවෝ ගාව ගත්තේ. සංසාරෙන් එතෙර වෙන්නයි මහන දම් පුරන්නේ(නදී)
දැන් ඔක්කොම හරි (දී)
දැන් ඉතින් කරපු වඩේනුත් වැඩැක් නැහැනේ (දී)
අයියෝ සල්ලි (දී)
ඔය වගේ වැඩ කරනකොට තේරෙන්නේ නැද්ද මෙහෙම කලොත් හොද මදි කියලා (දී)
අපි හරි නැහැ හරි නැහැ කියුවට ඇත්තටම අපි බලන්න ඕනේ ඇයි අපේ කට්ටිය එහෙම කලේ කියලා (දී)
දැන් ඔක්කොම හරිනේ (දී)
බී.බී.සී. සේවය අපේ රටවල් වල රූපගත කරන්නේ එකක් නමුත් ප්‍රචාරය කරන්නේ වෙනත් දෙයක් ඒ රූපරාමු හරහා. ඒ ගෑන අපි හොදට දන්නවා අවසන් සටන් කාලේ අපේ රණවිරුවන්ට ගෑහුවෙම මඩ. චෑනල් 4 මෙයාලගේ සහෝදරයොනේ. දෑන් එනවා කපන්න බෑරි අතට එයාලගේ පත්තු බදින්න.(නදී)
බටහිර ප්‍රවෘත්ති වල වාර්ථා කරන්නේ බොහෝදුරට අපි ජාතිවාදියෝ ගානට දාලා. එයාලා බලාපොරොත්තු වෙන්නේ ස්විස් හෝ කැනඩා පාලන ක්‍රමයක්.(නදී)
ජිනීවා අත ලග තියෙද්දී තවත් ලෙඩක් දාගන්නයි යන්නේ.(නදී)
සිරිමල් හරි, එයාලගේ බලාපොරොත්තුව ලංකාවේ ස්විස්ටර්ලන්තය නැතිනම් කැනඩාව වගේ පාලන ක්‍රමයක් හදාගැනීමයි. බීබීසී එකට උද්ඝෝෂන කරලා හරියන්නේ නැහැ.(නදී)
දැන් මේ තොරතුරු ටිකත් එකතුකරගෙන ගිහින් චැනල් 04 වගේ චිත්‍රපටියක් හදයි. සුද්දෝ එන්නේ අපිට ආදරේට නෙමෙයි කුනු හොයාගෙන යන්න.(නදී)
ලංකාව ජාත්‍යන්තරය හමුවේ ලැජ්ජාවට පත් කරන්න එපා (දී)
ඕකනේ කරන්න බැරි (දී)
එතකොට කවුද යුරෝපයේ ඉන්න සුදු බෞද්ධයෝ හරවාගත්තේ? (නි)
තිලකගේ හරි. නමුත් අපි මින් මිදෙන්න නම් අපි අනුන්ට අතපාන තත්ත්වයෙන් මිදෙන්නත් ඕනෑ. (නි)
සිංහල අයට හලාල් එපා නම් නොකා ඉන්න එකයි ඇත්තේ. (නි)
කාරිය, එහෙම කියන්න එපා. බලන්න ආසියාවේ අනෙත් රටවල්. සිංගප්පූරුව, මැලේෂියාව, කොරියාව දිහා.(නදී)
කියන තරමක් කියන්නේ බොරු. ගහන තරමත් ගහන්නේ මඩ. ලැජ්ජා නැතිව එනවා තව අරියාදු කළා කියන්න.(නදී)
ලෝකෙම ඉස්සරහා ලජ්ජා වෙන වැඩ කරන්න එපා (දී)
ජෝයි, එහෙම කියලා අපි බී.බී.සී එකට ගහලා එළෙව්වාම හරිද? ඊට කලින් හිතන්න අපේම රජයේ සමහර මාධ්‍යය අපිට කරන බොරු.(නදී)
දැන් ලංකාවේ රජයේ මාධ්‍ය පන්කාදුයි කියලද කියන්නේ. පිටරට මාධ්‍යයට බනින්න කලින් අපේ මාධ්‍යය හැසිරීම ගැන හිතන්න.(නදී)
ලංකාවේ නම කතා නොකර ඕන එකක් (දී)
තිලකගේ චැනල් 4 අලුත් චිත්‍රපටයක් එයේ පෙන්නුවා, මෙන්න ඒගැන විස්තර බලන්න මෙතනින්. http://www.youtube.com/watch?v=-Yn08h90Ue8 (දී)
මේ කරන වැඩ වලින් වෙන්නේ ලංකාවේ නම කතා වෙන එක විතරයි (දී)
මේ රටේ සාමයට එරෙහිව අපේම ඇත්තන් කරගෙන යන මෙවන් අරගල සමාජයටම සිදුකරගන්නා වූ විශාල අසධාරණයක් මෙන්ම විශාල පාපකර්මයක් වන්නේය.(නදී)
ජාතිවාදී රැස්වීම් පැවැත්වීම, උද්ඝෝෂන පැවැත්වීම පිළිබද රජය සැලකිලිමත් විය යුතුයි.(නදී)
ඒවා හොද වැඩ මොවෙයි (දී)
ඇත්තෙන්ම මම ඔය රැස්වීම තියෙන තැන හිටියා.... ඒත් ඔය කියන විදියේ දෙයක් සිදුවුනේ නෑ.....(නු)
ලංකාව තවත් බංගලාදේශයක්, ඇෆ්ගන්ස්ථානයක් හෝ ඉන්දුනීසියාවක් නොවිය යුතුයි. එක් ධර්ම සන්ගායනාවකට වැඩිම රහතන්වහන්සේලා වැඩමකලේ ඉරානයෙන්. අද මොකද තත්වේ ? තෙල් ගැන කලබල වෙන්න එපා තව අවුරුදු 15 ඒවා ඉවරයි . මැද පෙරදිග සිටින සාක්ෂරතාවයෙන් හා වෘත්තීය නිපුණත්වයෙන් ඉහලම ජාතිය ශ්‍රි ලාංකිකයින් , බංගලාදේශයේ , පකිස්ථානයේ ,ඉන්දුනීසියාවේ දක්ෂයින් නැහැ .ඒ නිසා මැදපෙරදිග විතරක් නෙමේ ජපානේ, කොරියාවේ හාම්පුතුන් පවා ලංකාවේ අයට කැමතියි . එක කාටවත් නතර කරන්න බැහැ . කියන තත්ත්වය හැමතැනම නැහැ. කිරිබත්ගොඩ ,හිගුරක්ගොඩ වගේ නගරවලට ගිහින් බලන්න ලාබෙට බඩු නැතිද කියලා(නු)
අපේ අය එකතුවිය යුතුයි මෙයට මුහුණ දීමට..!(නු)
පහන්, තෙල් අවසන් වෙන්‍නේ 2065-2094 අතර කාලයේ කියලයි දැනට කියන්නේ. (නි)
අනේ පහන්, අපි ලෝකෙටම ණයයි. අපි පාපැදියක්වත් හදන්නෙ නැහැ. (නි)
සාක්ෂරතාව වැඩි වුනාට කව්රුත් රැතියා දෙන්නේ නැහැ වෘත්තීය පුහුනුවක් නැත්නම්. පකිස්තාන, ඉන්දියන් අයගේ අධ්‍යාපනක්‍රමය අපිට වඩා වෙනස්. එයාලට රැකියා අවස්ථා වැඩියි.(නදී)
මොකටද එහෙම කරන්න ගියේ (දී)
පහන්, අපිට හොද ඉතිහාසයක් තිබුනට ලෝකෙන් එක අපි කියන්න බැහැ. එහෙම හිතන නිසා තමයි අපි හැමදාම මෙහෙම ඉන්නේ.(නදී)
ඉල්ලා ගෙන කෑම. බහුබූත චැනල් එක ගැන සාමාන්‍ය මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. යටත් විජිත ආකල්ප නැති අය මාධ්‍ය හසුරුවන්න ඕනේ.(නදී) l
බී බී සී එකේ ඉන්නේ වැඩක් නැති අය. (ත)
මමත් හිටියා රැස්වීමේ. බීබීසී කට්ටියට එන්න තිබුණනේ එතෙන්ට. (නි)
හලාල් නැතිකරන්න හදනකොට මොලේ උන පැතිරෙනවා.(නදී)
අතීතය මතක තියෙන කෙනෙක් නම් කවදාවත් බීබීසීයට සුදු හුණු ගාන්න යන්නෙ නැහැ. (නි)
නයාට ගහලා පොල්ල වරද්දා ගන්න එපා (දී)