බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ බලශක්ති සහ දේශගුණය භාරව සිටි ඇමති ක්‍රිස් හියුන් පොලිසියට බොරුවක් කීමේ වරදට පසුගියදා මාස අටක හිර දඬුවමක් ලැබීය.
එම බොරුව කීමට ආධාර අනුබල දුන්ඔහුගේ හිටපු භාර්යාවවූ විකී ප්‍රයිස්ටද සිරදඩුවම් නියම විය.
ඔහු ඇමති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්විය.
තනතුර අහිමිවීමට ප්‍රථම ක්‍රිස් හියුන් වත්මන් කොන්සර්වේටිව් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදීසභාග රජයේ ප්‍රබල ඇමතිවරයෙක් විය. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයෙන් දේශපාලන විද්‍යාව පිළිබඳව උපාධියක් ලබාසිටින හියුන් දේශපාලනයට පිවිසියේ 1999 දීය.
2010දී ඔහුට කැබිනට් ඇමතිධුරයක් පිරිනැමිණි. වර්තමාන රජයේ වැදගත් මෙන්ම ක්‍රියාශීලී ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ඔහුට ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක කමද ලබාගැනීමට ඉඩ කඩ තිබුණි.
ඔහුගේ බිරිඳ බ්‍රිතාන්‍යයේ ප්‍රධානපෙලේ ආර්ථික විද්‍යාඥයෙකි.
ඔහුට විරුද්ධව පැවරුනු නඩුවෙන් චෝදනා කර තිබුනේ ඔහු පොලිසියට බොරුප්‍රකාශයක් කර ඇති බවයි.
එම චෝදනාවට පසුබිම්වූ සිද්ධිය මෙසේය.
2003 දී ක්‍රිස් හියුන් සිය බිරිඳ සමග ඔවුන්ගේ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටි අවස්ථාවක රථවාහන පොලිසියෙන්වාහනය නවතා ප්‍රශ්න කර ඇත.
ප්‍රශ්නකිරීමට හේතුව වශයෙන් පොලිසිය කියා ඇත්තේ එම මාර්ගයේ නියමිත වේගයට වඩා මදක් වැඩි වේගයකින් ඒ වෙලාවේ මෝටර් රථය පදවා ඇති බවයි.
වාහන නීති රීති වලට අනුව එය වරදක් බවත් ඒ සඳහා දඩකොලයක් නිකුත්කළ යුතු බවත් පොලිසිය කියා ඇත.
ඒ වෙලාවේ මෝටර් රථය එළවුයේ ක්‍රිස් හියුන් වුවත් පොලිසියට බොරුවක් කියා වරද තම බිරිඳ පිට පැටවීමට ඔහු ක්‍රියා කළේය.
දඩය ගෙවීමටත් වේගයෙන් තම රථය පැදවීමේ වරදට වාහන පැදවීමේ බලපත්‍රයේ වරදක් සිදුකිරීමේ සටහනක් තබාගැනීමටත් ඔහුගේ බිරිඳට සිදුවිය.
ප්‍රශ්නය නැවත කරලියට පිවිසියේ වසර හතකට පසුව 2010දී ක්‍රිස් හියුන් තම පක්ෂයේ කෙනෙකු සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙනයන බව මාධ්‍යය ඔස්සේ එළිදැක්වුනාට පසුවය.
ලැව් ගින්නක්සේ ඇවිළීගිය මේ ලව් ගින්න පිලිබඳ උණුසුම් ප්‍රවෘත්තිය අවසන්වුයේ ඇමති වරයා වසර 26ක් දීග කෑ සිය බිරිඳගෙන් දික්කසාදවීමත් සමඟය.
දික්කසාදයෙන් පසු ඔහුගේ බිරිඳ ඇමතිවරයා 2003 දී පොලිසියට බොරුකී කතාව පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධ කළාය.
ක්ෂණයකින් ඇමතිවරයාට විරුද්ධව නඩුවක් පැවරිණ.
තමාකල වරද ක්‍රිස් හියුන් පිළිගත්තේය. ඇමතිවරයාට පොලිසියට බොරුකියා නීතියහරිහැටි ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ වරදට ද ඔහුගේ හිටපු බිරිඳට එම වරදකිරීමට අනුබලදීමේ වරදටද මාස අටබැගින් සිර දඬුවම් නියමවිය.
නඩු තීන්දුව ප්‍රකාශයට පත්කළ සැනෙකින්ම ඇමතිවරයා සිය ඇමති තනතුරෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්විය.
දුරදිග නොබලා ගත් මෝඩ තකතීරු තීරණයක් හේතුවෙන් තමන්ගේ මුළු ජීවිතයම කාලකන්නි වූබව ක්‍රිස් හියුන් අවසානයේදී පැවසීය.
නීතිය හරිහැටි ක්‍රියාත්මක කිරීම වැලැක්වීමේ වරදවල් සඳහා මීට පෙර ජෙෆ්රි ආචර් සහ ජොනතන් ඇට්කින් යන ඇමතිවරුන්ද හිරබත් කා ඇත.
අධිවේගී මාර්ගයේ තරම උරගා බලන්න නියමිත වේගයට වඩා දෙගුණයක වේගයකින් තම රථය ධාවනය කල බවට ප්‍රසිද්ධියේ පුරසාරම් දොඩන
දේශපාලඥයින් ඉන්නා අපගේ රටට මෙම ක්‍රියාදාමය හොඳ පුර්වාදර්ශයක් විය යුතුබව මෙම ප්‍රවෘත්තිය දුටු සමහරු කියා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදවල් ගොඩයි (දී)
බොරුව නැති තැනක් නැහැ (දී)
බොරු කියුවොත් එහෙම තමයි (දී)
ලංකාවට ගෙනාවොත් කොහොමද මෙවන් නීතියක්
ලංකාවට කොහොමද මේ වැඩේ ආදේශ කරන්නේ (දී)
ඇමතිතුමා කරනකොට නම් හිතුවේ නැහැ නේද (දී)
මට කියන්න නම් අනන්ත දෙවල් තියෙනවා . නමුත් මම මොකුත් කියන්නේ නැහැ (දී)
බොහොම හොදයි (දී)
අනේ මම කියලා මොකක් කරනද (දී)
මට හිනා යනවා අයියෝ (දී)
වඩාත් හොදයි ඒක
වැරදි කීයක්ද (දී)
වරද කරලා බොරුත් කියලා (දී)
ඇමති තුමාගොරු කියුවහාම ඔන්න ඕක තමයි වෙන්නේ (දී)
තනතුර බලන්න එපා, දඩුවම් දෙන්න (දී)
ඇමති තුමා කොහොමද දැන් (දී)
අනේ මන්දා (දී)
ගිම්හානි .බොරු කියන්න එපා .ඕයා එංගලන්තයේ ඉන්නේ සල්ලි සොයා ගන්න ඕනි නිසා නැතිව නීතිය හොද නිසා නොවේ.(නදී)
බොරුවට ඉඩක් නැති බවත් කාන්තාවන්ට ඇති තැනත් පේනවා නේද?(නදී)
අපේ රටේ හිටියා නම් මෙයාට හොද තැනකට එන්න තිබුණා. (නි)
එන්ගලන්තෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ. (නි)
බොරු කියන්න එපා....බොරු කියන්න එපා.... (දී)
බොරුවේ ආනිසංස දන්නවාද (දී)
ලංකාවේ නම් පොලිස් නිළධාරියා ගැන මෙහෙම අහන්න වෙන්නෙ නැහැ. (නි)
අන්න එහෙමතමයි ඉන්න ඕනේ
හොද වැඩේ තමයි (දී)
පාප කාර්ම දෙකයි (දී)
අපි උතුම් නැත්නම් ලංකාවට බැන බැන, යන්න ඕනෑ නම් යන්න උතුම් තමිල්නාඩුවට. (නි)
ලංකාවේ නම් මුළු පාර්ලිමේන්තුවම හිරගෙයක් කරන්න වේවි මෙහෙම බැලුවොත්. (නි)
මෙවනි දේවල් අපේ රටට පූර්වාදර්ශයක් නොම වේවා! (නි)
අපේ මෙහේ නම් පොලිස් රාළහාමිට ක්ෂණික මාරුවක්.. (නි)
බොරුව කියන්නේ හොද දෙයක් නොවෙයි (දී)
සිල්වා, ඔබතුමා ඉරිසියා කරන්න එපා. යන්න ඕනෑ නම් උත්සාහ කරන්න. (නි)
ජනතා නියෝජිතයින් බොරු කියන්න හොද නැහැ (දී)
එකත් හොදයි (දී)
මම මොකුත් නොකියමි
ලංකාවෙත් මේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න කෝ (දී)
මට මතක නැහැ මොකුත් (දී)
බලන්න මේ කාන්තාව දිග් කසාද වෙලා මේ මනුස්සයගේ වැරදි කියලා හිරේ ඇරියා. අපේ කාන්තාවට මෙහෙම නිදහසක් තියෙනවද?(නදී)
මම මිට කලින් බොරු කියනවා දැකලා නැද්ද (දී)
හොරුන්ට මැරයන්ට තක්කඩින්ට හොද පුවතක්. (ස)
ඇත්ත කියාගෙන හිටියානම් ඉවරයිනේ, කාට කාටත් මේවා හොද පාඩම් (දී)
දඩුවම් දෙන්න තමයි තියෙන්නේ (දී)
අන්න වැඩ, (දී)
අපි මොකක් කරන්නද ඉතින් (දී)
කියනවානම් කියන්න තියෙනවා ඉතින් (දී)
ඔබ තුමා බේරෙන හැටි අපේ අයගෙන් අහගන්න එපැයි.(නදී)
හැබැයි අපිළු උතුම්ම ජාතිය.(නදී)
දැන් ඉතින් වෙන කුමක් කරන්න ද (දී)
අන්තිමට මෙයා වරද පිලිගත්තලු. මේවා මේ උතුම් කියන රටේ වෙයිද?(නදී)
මෙන්න එංගලන්තෙ නීතිය උතුම් බව විදහාපාන සිදුවීමක්.(නදී)
කෝ අර අදිරාජ්‍යවාදීන්ට බැන බැන ලකුනු දාගන්න උදවිය.(නදී)
කෝ සේනාව?(නදී)
අපි උතුම් කියා නිතරම පුරාජේරු ගහන අය. මේක නැවත නැවතත් කියවන්න.(නදී)
අපේ ලංකාවේ නම් අනික් පැත්ත තමයි.(නදී)
අපේ උන්නම් කවදාවත් බොරුකරන්නේ නැහැ. ඔන්නම් මාරු කර දායි.(නදී)
අප්පා ඔහොම බොරු කියන ඇමතිලා අපේ ලංකාවට ඕනෙම නැහැ.(නදී)
අපිට හොද පුවතක් (දී)
සංසාරේ හැටි. දෙන්නම එකට හිරබත් කන හැටි.(නදී)
යූ.කේ දාලා යන්න හිතෙන්නේ නැත්තේ මේ නිසයි. නීතිය කාටත් එකයි. යුක්ති ගරුක රටක්.(නදී)
ගැහැණුත් එක්ක හොර වැඩ කරන්න එපා. වෙලාව ආවාම පාවාලා දෙනවා.(නදී)
අනේ මන්දා ලංකාව.(නදී)
එංගලන්තේ එහෙම වුනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ අය බොරු කියන්නේ නැහැ. (නදී)
වරද්දනේ කරලා තියෙන්නේ කමක් නැහැ (දී)
අපිටත් හොද පාඩමක් (දී)
බොරුව හොද නැහැ (දී)
අපේ අය බොරු කියන විදියට උල තියන්න ඕනේ.(නදී)
අපි ඉතින් මොකද කරන්න ඕනේ (දී)
ලංකාවට මොකද්ද මේකෙන් ගන්න තියෙන පාඩම (දී)
දෙයියනේ.......දෙයියනේ.......දෙයියනේ....... (දී)
ඔන්න දැක්කානේ (දී)
ලංකාවේ එහෙම වුනත් එංගලන්තෙ එහෙම වෙන්නේ නැහැ.(නදී)
එංගලන්තේ එහෙම වුණත් ලංකාවේ මුකුත් වෙන්නේ නැහ.... (නි)
අයියෝ සල්ලි (දී)
බොරුව හොද නැහැ (දී)