(විමුක්ති එස් රුද්‍රිගු)
ශ‍්‍රී ලංකාව වසර 5 කට පසුව පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කිරීමත් සමග මෙරටට පළමුව පැමිණි එන්.වයි.කේ නෞකාවේ වාහන 197 ක් මෙරටට ගෙන්වා ඇත්තේ ව්‍යාජ නිෂ්පාදිත දිනයක් පෙන්වමින් යැයි රේගු අංශය පවසයි.
ඒ පිළිබඳව ආරම්භ කළ රේගු විමර්ශනය තවමත් අවසන්වී නොමැති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
එම වාහන 2022 වසරට අයත් බවත් මෙරට වාහන ආනයනකරුවන් සීමිත පිරිසක් සහ ජපානයේ එක් අපනයකරුවකු එකතු වී මෙම වංචාව සිදුකර ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. මතභේදයට තුඩුදී ඇති වාහන 197 මෙරටට ඒවා ඇත්තේ ජපාන අපනයන සමාගමක් වන එන්.වයි.කේ බවත් මෙරට සීමිත ආනයනකරුවන් පිරිසක් වෙනුවෙන් එම වාහන තොගය මෙරටට ඒවා ඇති බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය.
වංචාව සිදුකළ ජපාන වාහන අපනයනකරුවා, මෙරට වාහන ආනයනය කිරීමේ රෙගුලාසිවලට අනුව නිෂ්පාදන සමාගමෙන් මෙරටට එවූ වාහනවල නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබා නොගෙන වාහන එවීමට පෙර අපනයන පරීක්ෂණ සහතික ලබාගත් කාර්යාංශයට විශේෂ පෙළඹවීමක් කර නිෂ්පාදන දිනය පිළිබඳව සහතිකයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග පැවැසුවේය.
මෙතෙක් කල් වාහන ආනයනය කරනු ලැබුවේ වාහනය ලියාපදිංචි කළ වසරේ සිට අවුරුදු 3 ක කාලයක් දක්වා වුවත් පසුගිය පෙබරවාරි පළමු වැනිදා වාහන ආනයන සීමා ලිහිල් කරමින් නිකුත් කළ ගැසට් පත‍්‍රයේ ලියාපදිංචි කළ වසර නිෂ්පාදිත දිනය ලෙස වෙනස් කර තිබෙන බවත් එවිට නිෂ්පාදිත දිනය නොදන්නේ නම් මෙරටට ආනයනය කරන වාහනවල නිෂ්පාදිත දිනය ලෙස සැළකෙන්නේ ජනවාරි මාසයේ 14 වැනිදා බවත් ආරංචි මාර්ග ප‍්‍රකාශ කළේය. එවිට නව රෙගුලාසිවලට අනුව 2022 වසරේ නිෂ්පාදනය කළ වාහනයක නිෂ්පාදිත දිනය නොදන්නේ නම් එම වාහනය මෙරටට නීත්‍යානුකූලව ගෙන්විය නොහැකි බවද ආරංචි මාර්ග පැවැසුවේය.
සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ
සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.
කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ
භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි
හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
බොරු දින දමා වාහන ගෙන්වලා : රේගුව ඇහැ ගහගෙන
Rasi Monday, 10 March 2025 01:03 PM
කොච්චර ෆේස්බුක් වලයි, හැමතැනමයි පාරම්බෑවත් ඔන්න ඕක තමයි සිංහල එවුන්ගේ විශිෂ්ටත්වය. ඕක ඇරෙන කම්, මොකා බලයට ගෙනාවත් වැඩක් නැහැ.
de silva Monday, 10 March 2025 01:12 PM
විහිළුවක් නොවේ වසර 5-6 පමණ පැරැණි විට්ස් එකක් ලංකාවට එනකොට කෝස්ට් වන්නේ ලක්ෂ 6-8 අතර මුදලක්, එකට එකක් බදු ගහලා කිසිම ප්‍රශ්නයක් නැතුව ලක්ෂ 12-15 අතර මුදලකට පාරිභෝගිකයාට දෙන්න පුළුවන්..., එක එක නීති දමමින් වාහනයක වටිනාකමට වැඩිය 3-4 ගුණයක් ගෙවලා, පුරවැසි අපට වාහන ගන්න සිදුවීම අසාධාරණයක්, රටේ පොදු ප්‍රවාහන සේවයත් ඉතා ප්‍රාථමික තත්වයේ පවතින්නේ..., ආණ්ඩුව අපට කිසිම ඔප්ෂන් එකක් දෙන්නේ නැහැ.. ඉදිරි මැතිවරණ වලදී මාලිමාවට නැවත ඡන්දේ දෙනවාද කියලා සිතලා බලන්න වෙනවා..
පුරවැසි Monday, 10 March 2025 01:48 PM
මේ ආණ්ඩුවට බලය දෙන එක කොහොම වුණත්, කට්ටිය අවුරුදු 76 ක් හොඳටම කරලා, දිලා ගිය දෑවැද්ද තමයි මේ. ඩොලර් එකවුන්ට් එකේ තියෙන ගානත් එක්ක, මේ වගේ කමෙන්ට්ස් දාන එකත් ලැජ්ජාවක්. අපි ඉන්න තැනවත් අපි දන්නේ නැහැ...!
WanniarachchiMonday, 10 March 2025 01:49 PM
බදු ගහන්නේ නැතුව ආණ්ඩුවට ආදායම් ලැබෙන ක්‍රමයක් නෑ. බදු වැඩිනම් ලංකාවේ සියලු රෝහල්, විශ්ව විද්‍යාල සහ නොමිලේ සේවා පුද්ගලීකරණ ය කරලා ඒවාට මිලක් නියම කරන්න ඕනේ, එහෙම නැත්නම් ජෙප්පෝ හිතන් ඉන්නව වගේ මන්ත්‍රී වැටුප පැලවත්තට නැතුව මහා භාණ්ඩාගාරයට දෙන්න ඕන. හොරකම් කරපුඑක නවත්වල රටක් හදන්න බෑ කියල දැන් හැමෝම අවබෝද කරගෙන ඉන්නේ
සිල්වා Monday, 10 March 2025 01:58 PM
මාලිමාවට ඡන්දය දුන්නෙ ආකල්ප වෙන්කරවා ගැනීමටයි. උද්ඝෝෂණ වැඩ වර්ජන සන්නද්ධ අරගල වැනි ක්‍රියාමාර්ග පිළිබඳව ඊට දායක වන අයගේ ආකල්ප දැන් දැන් වෙනස් වෙමින් පවතී.
දොන් සේතං Monday, 10 March 2025 02:02 PM
ලංකාවට වාහනයක් ගෙන්වන සෑම වෙලාවකම රටේ විදේශ විනිමය පිටට ගලා යනවා. ඊට පස්සේ අමතර කොටස්, ටයර්, ඉන්ධන වලට රටේ විදේශ විනිමය පිටවෙනවා... පුද්ගලික වාහනයක් ගෙන්වීම දේශද්‍රෝහී කමක්. සංචාරක ව්‍යාපාරයට විතරක් විශේෂ පහසු කමක් දීම හොඳයි..
අරවින්ද මොණරවිල Monday, 10 March 2025 02:11 PM
පොහොට්ටුවට, ගෑස් සිලින්ඩරයට හා ටෙලිෆෝනයට ඡන්දය දුන්නු අයට මාලිමාවට ඡන්දය දෙනවාද කියලා හිතලා බලන්න වෙන එකම හොඳ අදහසක්...!
nalaka Monday, 10 March 2025 04:16 PM
මාලිමා මගුලක් කියවනවා ලන්කාවේ හොරු ගැන කියද්දී...
Nihal Monday, 10 March 2025 01:23 PM
හොරුන්ට අසුබ කාලයක්
බකල ජයා Monday, 10 March 2025 01:27 PM
මං දන්න ටුවරිසම් කරන අය, ජපානේ ජීවත්වෙන අය කියනවා ජපන් ජාතිකයින් පොදුවේ ගත්තාම හැමෝම වගේ හරිම අවංකයි කියලා. හැබැයි වංකකම, වංචාව මම හිතන්නේ බෝවෙනවා...
අරවින්ද මොණරවිල Monday, 10 March 2025 02:32 PM
පොඩ්ඩක් හොයලා බලන්න ඔය ආනයනයකරුවන් අතර රාජපක්ෂලා වික්‍රමසිංහලා සිරිසේනලා ප්‍රේමදාසලාට ගෑවුණූ අය ඉන්නවාද කියලා !
Asela Monday, 10 March 2025 04:05 PM
රේගුවේ මේ ලොකු ලොක්කන් සියලු දෙනාම කන්ටේනර් 332ක් මුදා හැරීමේදී නිහඬව සිටියහ. ඒ අතර එහි ඇතුළත තිබුණේ කුමක්දැයි කිසිවෙකු දන්නේ නැත. ඉතින්, මෙම පාලනයේ කාලකණ්ණි ආධාරකරුවන් නිහඬ පිළිවෙත අනුගමනය කළහ. විපක්ෂ නායකවරයා පවා එය කළේ මුස්ලිම් ව්‍යාපාරිකයෙකු විසින් බව පිළිකුල් සහගත වූ අතර කිසිදු වචනයක් කතා කළේ නැත. රාජපක්ෂ සහ රනිල් නොමැතිව මෙම පාලනයේ කිසිවෙකුට පැවැත්මක් නැත...
ගුණරත්න Monday, 10 March 2025 04:06 PM
අපට ඉතින් මේවා බලන්න හිතෙන නිවුස් නොවෙයි... දුක හිතෙන නිවුස්, ලක්ෂ 20ක් අතේ තියන් ත්‍රී වීල් එකක් ගන්න හිත හදාගන්න එක තමයි අමාරු...!
Ravi Monday, 10 March 2025 07:20 PM
මොනවහරි කරලා ඔය එන වාහන අවම කෝටියෙන් උඩට යවපල්ලා.. ධනය ඇත අයට (ධනපතියන්ට) වෛර කරන ආණ්ඩුවක් හැටියට එහෙම නොකර බෑනේ.. ධනපතියන් (රෝද 4ක් ඇති) අය භංග වේවා..!
ලූට මූස් Monday, 10 March 2025 07:24 PM
ඩෝබිලා සෙට් එකම කරලියට බැහැලා, යෝග ඩෝබි විතරයි අඩු...! එතකොට කලින් ආණ්ඩුව වගේ වාහන ගෙන්නලා නවත්තලාම තිබ්බා නම් හරි නේ...!
Rashmi Monday, 10 March 2025 09:10 PM
මට නම් මේ ප්‍රවෘත්තිය දැක්කාම මහම මහ කාලකණ්නි හැඟීමක් ආවේ. අවුරුදු 5කට පස්සේ රටට ආපු මුල්ම වාහන තොගයෙනුත් කට්ටියක් ජිල්මාට් දාලා. මේක ගොඩ ගන්න පුළුවන් රටක් නොවේ. කොටින්ම මේ රටේ හුස්ම ගන්න වාතයෙත් හොරකම, වංචාව, ඩීල් කියන දේවල් පිරිලා තියෙන්නේ...