IMG-LOGO

2025 අප්‍රේල් මස 25 වන සිකුරාදා


බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට

(ටී.කේ.ජී.කපිල )
 
දැනට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරණ ගුවන් යානයෙන් අද (19) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.
 
මෙම ගුවන් ගමන සඳහා ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරියෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ අවසර ලබා ගෙන ඇත.
 
බ්‍රහස්පතින්දා (18) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගුවන් යානා පැමිණිම නතර කර තිබේ.

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව එක්සත් රාජධානියේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 148  දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

මෙලෙස පැමිණි මගීන් සියලු දෙනා නීරෝධායනය සඳහා යොමු කිරිමට පියවර ගෙන තිබේ.

 



අදහස් (23)

බ්‍රිතාන්‍යයේ සිට ගුවන් යානයක් අද දහවල් කටුනායකට

de silva Thursday, 19 March 2020 07:50 AM

මෙවැනි දේවල් කරන්නේ මොකද? වැහුව නම් වහල තබන්න ඕනේ ... ඉදිරියට රට තුළ තව රෝගීන් හමුවෙනවා. එතකොට ඔවුන් වටේ සිටි පුද්ගලයින් නිරෝධනය කරන්න වෙනවා. එතකොට සමහරවිට ඔය මධ්‍යස්ථානවල ඉඩකඩ මදිවේවි...!!! 

:       3       283

EdvardThursday, 19 March 2020 08:25 AM

අනේ මැට්ටෝ... ලංකාවෙ මිනිස්සුන්ව ලංකාවට ගන්නේ නැතිව වෙන කොහාට යන්නද? මෙතන ඉන්න බොහෝ දෙනෙක් ඉගෙන ගන්න ගිය ළමයි. මෙ ළමයින්ට නිකම් බෙහෙත් කරන්නේ නැහැ එංගලන්තයේ

:       0       0

rasika Thursday, 19 March 2020 08:03 AM

කව්ද එන්නේ?

:       0       34

sriThursday, 19 March 2020 08:47 AM

ඇමතිවරුන්ගේ පවුල්වල අය

:       0       0

MISHAL-MATARA Thursday, 19 March 2020 08:20 AM

අනිවාර්යෙන්ම ඇමති පුතෙක් හෝ දුවෙක් ඇති ...

:       0       0

Kamal Koyrala Thursday, 19 March 2020 08:38 AM

ඔය එන්නේ වී.අයි.පී. කියලා හිතාගෙන ඉන්න අයගේ දරුවන් සහ පවුලේ අය

:       0       0

Indhika Thursday, 19 March 2020 08:42 AM

ෂුවර් එකටම ලොක්කෙක්ගේ කවුරු හරි ඇති.

:       0       0

පිටිගල මිලානෝ Thursday, 19 March 2020 08:46 AM

උතුරු ඉතාලියේ මේ වෙනවිට මරණ සංඛ්‍යාව වේගයෙන් ඉහල යනවා. ඒ නිසා ලංකාව දැන්මම ලොක් ඩවුන් කරන්න. ඒ සමගම ඔය වැඩකට නැති කසිකබල් ටෙලිනාට්‍ය නවත්වා ක්‍රමවත් ජීවානුහරණය, බෝවීමෙන් වැළකීම සහ අනෙකාට බෝනොකිරීම ගැන රූපවාහිනියෙන් පැහැදිලි කරන්න.

:       0       0

සංජීව Thursday, 19 March 2020 08:54 AM

මොනවද මේ ආණ්ඩුව කරන මේ විහිලු වැඩ... කලින් කිව්වා නේද 18 ඉඳලා වහලා කියලා. දැන් විශේෂ ප්ලෙන් යවලා අති විශේෂ අමුත්තන්ව ගෙන්න ගන්නවා. එංගලන්තයේ විතරද ලංකාවට එන්න බැරුව මිනිස්සු ඉන්නේ? ඔය එන කී දෙනෙක්ට කොරෝනා තියෙනවද කියලා කවුද දන්නේ? අනේ මන්දා මේ විකාර වැඩ... ජනතාවට දෙයියන්ගේම පිහිටයි..

:       9       462

බද්රානි Thursday, 19 March 2020 09:11 AM

එයාර්පෝර්ට් එක වැහුවා, කිව්වට, ධනවත් ප්‍රභූ පැලැන්තියට වැහිලා නැහැ වගෙයි. සමහරක්ට මේ කාරනා නොවැටහුනාට, මම මෙවැනි දෙයක් සිදුවිය හැකි බව මීට ලිව්වා. ඊට එරෙහිව සද්දෙට තප්පුලලත් තිබුනා. හිඟන රට හරක් ටික ඒ විදිහට ගාල් කලාට, මේ ප්‍රභූ පිරිස මල් මාලා දමා පිළිගෙන ආදරයෙන් බලාගනීවි. එංගලන්තයේ ඊයේ දින වනවිට මරණ 100 දක්වා වැඩිවී තිබෙන අතර කොරෝනා වෛරසයේ පැතිරීම සීඝ්‍ර වී ඇති නිසා, සිකුරාදා දින සිට, සියලුම පාසල් වසා දමන බවට බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත්කොට තිබෙනවා, ඉතාලියේ හා කොරියාවේ වෙසෙන හිඟන්නන් ගෙන් ලංකාවට කොරෝනා පතිරුනාට, එංගලන්තයේ ස්ථීර පදිංචිය නොලත්, ප්‍රභූ ශිෂ්‍යයින් හා මේ පැමිණෙන ප්‍රභූ පිරිසෙන් කොරෝනා වයිරසය ලංකාවට බෝ නොවන බව, මන්ද බුද්ධික ජනතාව අවබෝධ කර ගත යුතුයි. මේ පැමිණෙන ප්‍රභූ පිරිසට එරෙහිව, වාග් ප්‍රහාර එල්ල නොකිරීමටත් නුගත් රැල වග බලා ගත යුතුයි.

:       0       0

WIMAL Thursday, 19 March 2020 09:17 AM

රජය මෙවැනි දේශපාලන හා ව්‍යාපාරික හිතවතුන් වෙනුවෙන් රටේ හැමෝම පිළිපදින්න කියල පවරන නීති උල්ලංඝනය කරනවානං රටට කෙලවෙනවා කියන එක අහන්නත් දෙයක්ද ?

:       0       0

Kuma Thursday, 19 March 2020 09:44 AM

මේවා නම් බලු වැඩ. බ්‍රිතාන්‍යයේ විතරද එන්න බැරිව අසරණ වූ මිනිසුන් ඉන්නේ. අනෙක් රටවල් වලින් එන ලාංකිකයින් රැගත් ගුවන් යානා වලටත් එන්න ඉඩ දෙන්න වෙනවා. ඒකෙන් වෙන්නේ නිරෝධනය සදහා දැරිය නොහැකි තරම් විශාල පිරිසක් එකතු වීම, රෝගයේ පැතිරීම වැඩිවීම හා අවදානම වැඩි වීම.

:       0       0

විකුම් රංගන Thursday, 19 March 2020 09:48 AM

ලංකාවේ පාලකයෝ කරන්නේ තනිකරම ප්‍රෝඩාව. එංගලන්තය වැනි සෞඛ්‍යය පහසුකම් ඇති රටකින් මෙවැනි මොහොතක ලංකාවට පැන යන්නේ, තක්කඩි දේශපාලකයින්ගේ දරුවන් සහ, ඔවුන්ගේ සගයන්ය. මෙවුන් තමයි කොරෝනා වලටත් වඩා භයානක වයිරස්.

:       0       0

banda Thursday, 19 March 2020 09:54 AM

ඉතාලි වල කොටුවෙලා ඉන්න අපිව බෙර ගන්න කෙනෙක් නැද්ද?

:       0       0

Appuhami Thursday, 19 March 2020 09:55 AM

මෙකේ ආවා වීඅයිපී සෙට් එකක්, ඇමැති පුත්තු, දුවලා ටිකක් ආවා.. ඔහොම තමයි.

:       0       0

banda Thursday, 19 March 2020 09:56 AM

නුඹලාගේ ප්ලේන් ඉතාලි අපිට ඕන නෑ. අපි ගියා වගේම හොරට බෝට්ටුවෙන් ලංකාවට එනවා කොරෝනත් අරගෙනම...

:       0       0

කරුණාපාල Thursday, 19 March 2020 10:35 AM

පහුගිය දින කීපයේ ඉතාලි, කොරියා රටවල ජීවත් වෙන ශ්‍රී ලාංකිකයින්ට කොරෝනා වයිරසය රැගෙන ලංකාවට නොපැමිණෙන ලෙස ගිරිය පුප්පාගෙන සද්දේ දාපු, අපේ යාළුවො දැන් මොකද මේ නැට්ට බඩ යට ගහගෙන. කොහොමත් ඉතින් අනුන්ගේ පොකට් එකේ බර අනුව නැට්ට ගසන එක අපේ ජාතික සම්ප්‍රදායනේ.

:       0       20

de silva Thursday, 19 March 2020 10:37 AM

වහනවානම් වහන්න අරිනවනම් අරින්න බාගෙට වැඩ කරලා අමාරුවේ වැටෙන්නේ එපා.

:       0       2

Akila Thursday, 19 March 2020 10:47 AM

දේශපාලුවොන්ගේ හිතවතුන් වෙන්න ඇති , නැත්නම් ඔහොම අවසරගන්න පුලුවන්ද?

:       0       10

de Thursday, 19 March 2020 01:10 PM

බලනකොට හිටපු කෙනා මෙයාට වඩා හොඳයි වගේ.

:       0       33

විකුම් රංගන Thursday, 19 March 2020 07:32 PM

මේ මාතෘකාවට අදාළ කොමෙන්ට් කිසිවක් නැහැ. මේ ගැන මාධ්‍යවල ලොකු කතාවකුත් නැහැ.

:       1       2

ranaFriday, 20 March 2020 10:04 AM

කොහෙද විකුම් , නඩු බදු දෙකම ??

:       0       0

Annada Wanasinghe Friday, 20 March 2020 04:24 AM

මමත් ඉන්නේ කටාර් වල කටුනායක ගුවන් තොටුපළ වහලා නිසා අපට ඵන්න විදිහක් නෑ. ජනාධිපතිතුමා කීවා දින 14 කට වහනවා කියලා. ඇයි දැන් විශේෂ ගුවන් යානා ඵංගලන්තයෙන් විතරක් ගෙන්වන්නේ. අපි ලාංකිකයින් නොවෙයිද.? ඔවුන් අති විශේෂ පුද්ගලයින්ද?. වහනවා නමි වහන්න... අරිනවා නම් අරින්න. ඇයි අපට කුඩමිමා ගේ සැලකිලි. ඒ අයට ඡන්ද 2 බැගින් තියෙනවද දන්නෙ නෑ... අදාල බළධාරීන් ගේ අවධානය පිණිසයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සීවලී මහරහතන් ධාතුන් වහන්සේ ගංගාරමයට වැඩමවති
2025 අප්‍රේල් මස 25 403 0

උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ


මැලේරියාව ගැන රටට කියන්න පා ගමනක්
2025 අප්‍රේල් මස 25 42 0

ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම


ඉදිරි පැය 36 තුළ වැසි තත්වයක්
2025 අප්‍රේල් මස 25 228 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව


මාතරින් දේශබන්දුට දුන් නියෝගය
2025 අප්‍රේල් මස 25 1089 0

“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත


අයි.එම්.එෆ් හතර වන වාරිකය දෙන්න එකඟතාව ලැබෙයි
2025 අප්‍රේල් මස 25 318 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.


ලාංකිකයෝ දෙදාහකට ඊශ්‍රායලයේ රැකියා දොර ඇරිලා
2025 අප්‍රේල් මස 25 300 0

ශ්‍රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 799 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 378 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 530 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site