ශ්‍රි ලංකාවේ 65 වැනි නිදහස් උත්සවය සැමරීමේ වැඩ සටහන කඩාකප්පල් කිරීමට එතෙර ඇතැම් දෙමළ ජනයා සැලසුම් සහගත ප්‍රචාරයක් ගෙන ගියත් ජර්මනියේ සිටින දෙමළ ජනතාවට ඊට නොරැවටුණු බව බර්ලින්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයේදී ශ්‍රී ලංකා තානාපති සරත් කෝන්ගහගේ මහතා පැවැසීය.
සර්ව ආගමික වතාවත්වලින් අනතුරුව උත්සවය පැවැත්විණි.
දෙමළ ‘ඩයස්පෝරාවේ‘ ඇතැමුන් කොපමණ උත්සාහ කළත් නිදහස් දින සමරු උත්සවයට එරෙහිව තානාපති කාර්යාලය ඉදිරියේ හිටියේ එම ඩයස්පෝරොවේ සාමාජිකයන් හත් දෙනකු බවත් සඳහන් කළේය.
බර්ලින් විහාරාධිපති කෝන්ගස්පිටියේ ශාන්ත රක්ඛිත, දික්වැල්ලේ සීලසුමන සහ අඹන්වැල්ලේ දේවානන්ද යන හිමිවරු ද ජර්මනියේ වෙසෙන හින්දු සහ මුස්ලිම් පූජක වරුද, ජර්මන් ජාතික කතෝලික පියතුමා ද ආගමික වතාවත් ඉටු කළහ.
අනතුරුව ජාතික ගීය ගායනා කිරීම තානාපති කාර්යමණ්ඩලය විසින් සිදු කළ අතර කෝන්ගහගේ මහතා ජාතික කොඩිය එසවීය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පණිවිඩය ද කියැවීය.
අගමැති දී මු ජයරත්න මහතාගේ සහ විදේශ ඇමැති මහාචාර්ය ජී එල් පීරිස්ගේ පණිවුඩ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ ඉදිරිපත් කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩයස්පෝරාව එතරම් ගණන් ගන්න එපා. (නි)
සපත්තු දාපු හාමුදුරු කෙනෙක් මම දැක්කමයි. (නි)
අපි දැන් නිදහස් කියලයි ඔය ලෝකෙම ඉන්න ශ්‍රී ලාංකිකයෝ හද නගා කියන්නේ (දී)
ලංකාව තම එකම මවුබිම ලෙස සලකා නිදහස් උත්සවයට සහභාගී වූ දෙමළ ජනතාවට අපේ ප්‍රණාමය!(නදී)