මුන්නේශ්වරම ශ්‍රී භද්‍ර කාලි අම්මාන් දේවාලයේ සත්ව බිලි පූජා පැවැත්වීමට එරෙහිව විරෝධතා පැවැත්වීම තහනම් කරමින් පනවා තිබූ වාරණය අවලංගු කරන ලෙස ඉදිරිපත් කර තිබූ මෝසම හලාවත දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් ජගත් ඒ. කහඳගම මහතා විසින් විභාගයට නොගෙනම ඉවත දැමිණි. සත්ව සුබ සාධන භාරය නීතිඥ නිහාල් සුමනධීර මහතා මගින් මෝසම ඉදිරිපත් කළේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහේ ධාතූන් වදිනවා. මෙහේ සත්තු කපනවා. අනේ මගේ රට? (නි)
අනේ ඇමතිතුමෝ, මේ පාරත් අපි වෙනුවෙන් එන්නකෝ. (නි)
මේ තීරණය ප්‍රජාතන්ත්‍රවාදයට එකගයිද? (නි)
තේජලා හරි. ඊර්ෂ්‍යාකාරයන් බලන්නේ එක පැත්තක් දිහා විතරයි. (නි)
ඔය එළුවෙක්, කුකළෙක් ඉස්සරහට පිහියක් අරන් යන පූසාරි කෙනෙකුට කියන්නකෝ සිංහයෙක්, කොටියෙක් ඉස්සරහටත් එහෙම යන්න කියලා. යයි කියලා තමයි බය. (නි)
මුන්ට මෙ සත්තු ටික ඩෙවල් දාලා බෝතලේකුත් එක්ක දුන්නනම් කොහොමද නෑ බාබාකිව් නම් තවත් හොදයි. මෙ සමහර ඇවුන් තලගොයිත් කන ඇවුන්. වෙජිටෙරියන්ලට මෙකට කතා කරන්න අයිතියක් තියෙනව.(වි)
එසේම ලංකාව තුල ඇති සියලු සත්ත්ව ඝාතනාගාර සීල් තැබිය යුතුයි. (නි)
ලංකා, දන්නේ නැති බුදු බණ ගැන නොකියා ඉන්න. ඔයා බෞද්ධයෙක් නොවන බව අපි දන්නවා. (නි)
දැන්නම් අපේ ඇමතිතුමාගේ පිහිට විතරයි තියෙන්නේ. (නි)
අපේ අධිකරණය ඉතිං කොහොමත් මෙහෙම තීරණනේ දෙන්නේ. (නි)
දේශපාලකයිනි, කරුණාකර මෙම ගැටළුවට මැදිහත් වෙන්න (නි)
ලංකා ,බුදු හාමුදුරුවෝ කාටවත් කිසිම දෙයක් තහනම් කරලා නැහැ (නි)
අනේ අසරණ සතුන් ටික. දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
අද මිනිස්සුන්ට මස්, බෝතල් නැතුවම බැහැ (නි)
බුදු හාමුදුරුවෝ මස් වෙළදාම තහනම් කළා නම් ඇයි මස් කෑම තහනම් නොකළේ? (නි)
එහෙන් මෙහෙන් ගිහිල්ලා අන්තිමට වීරයෙක් වෙන්නේ වෙන කෙනෙක්නේ. (නි)
මේ විදියට සත්තු මරන්න අවසර දෙන්නේ ඇයි? ඇමතිතුමනි,අනේ මේ පාරත් පෙරමුණ ගන්න. වෙන පිහිටක් නැහැ අපිට. (නි)
අධිකරණය ගැන කළකිරීමක් ඇති වුණා. (නි)
අනේ අපේ මර්වින් ඇමතිතුමනි, මේකට මැදිහත් වෙන්න. (නි)
අපේ රට ඉන්දියාවේ කොළනියක් නෙවෙයි. (නි)
අනේ අපේ ඇමතිතුමනි, මේ පාරත් මේක නවත්තන්න. (නි)
සත්තු මරන්න තහනම් වුණාට පොඩි ගැහැණු ළමයින්ව දූෂණය කරන්න තහනම් නැතුව ඇති මේ රටේ. (නි)
මේ තමයි ආසියාවේ ආශ්චර්යය. (නි)
මෙවන් අහිංසක සතුන් මරා ලබන ආශිර්වාදය කුමක්ද? (නි)
කොත්තු රොටියකට මස් කෑල්ලක් නැතුව වැඩක් නැහැ. අරක්කු බෝතලයකට මස් කෑල්ලක් වැටුණේ නැත්නම් කිසිම රහක් නැහැ. දෙයියෝ සාක්කි! (නි)
නිරයට යෑමෙන් වැළකීමට නම් පංච ශීලයම රැකිය යුතුයි. එකක් පමණක් රැකීමෙන් පළක් නැහැ. (නි)
පවට අනුබල දෙන, වැරදි තීරණ දෙන පවිටු නඩුකාරයින්ට හිමි වන්නේ නිරයයි..!!(නු)
මම මෙහි දක්වා ඇති සියළු අදහස් වලට ගරුකරමි (නි)
පූසාරියාගේ අතක් කැපුවා නම් වේදනාව කියන එකේ තේරුම දැන ගනීවි. (නි)
මෙදා සැරේ සත්තු ටික ඉවරයි. (නි)
කාටහරි හොයලා දෙන්න පුලුවන්ද මාලු, මස්, කරවල, බිත්තර මුකුත්ම නොකන කෙනෙක්ව? (නි)
ලංකා, බුදු හිමියෝ කිසිම දෙයකට තහංචි දාලා නැහැ (නි)
මර්වින් ඇමතිතුමනි, අපිට පිහිට වෙන්න (නි)
ජනාධිපතිතුමනි මෙවැනි සත්ව ඝාතන නවත්තන්න ඉක්මන් පියවර ගන්න..!!(නු)
බුදු හාමුදුරුවො කිසි දෙයක් තහනම් කළේ නැහැ. හරි දේ කරන්න වැරදි දේ නොකරන්න කියල අවවාද කළා මිසක්. හරි තීරණය ගන්න ඕනෑ අපිට ලැබිල තියන මොළය පාවිච්චි කරලා, උන් වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගිහිල්ලා. කොහොම වුණත් ඔය බිලි පූජා වගේ දේවල් කරන අයට යන්න අපායවල් නැහැ. (නි)
ඇයි වගකිවයුත්තෝ මේවට ඇස් කන් පියාගෙන ඉන්නේ? (නි)
මම බෞද්ධයෙක්.. මම ශාකභක්ෂකයෙක්.. මම තදින්ම සත්ව ඝාතනයට විරුද්ධ අයෙක්.. පුවත්වල සදහන් ආකාරයට මුන්නේස්වරම් වල වාර්ෂිකව සතුන් 500ක් ජීවිතක්ෂයට පත්කරනවා..!! නමුත් ලංකාවෙ දිනපතාම මේ වගේ සතුන් ඝාතනය වන එක නවත්තන්න බැරිද? (නු)
රට ටික ටික විනාශ වෙනවා, නීතිය අන්ධ නිසා. (නි)
දවසකට කුකුල්ලු ලක්ෂයක් විතර මරණ රටේ කෝවිලේ මරණ කුකුල්ලුන්ව විතරද පේන්නේ? අනේ මේ නිකන් ඉන්න. (නි)
මේ ලෝකේ තිබෙන වෙනස ,කොටසක් අඟහරු ලොවට යානාවල් අරිනවා. තවත් කොටසක් ගල් යුගයේ අදහපු බිලි පුජා පවත්වනවා. මෙහෙමත් ලෝකයක් ? (නි)
ඉන්ද්‍රජිත්, ඔබ හරි. අපිට බලා සිටින්නට සිදු වෙනවා. (නි)
දැන් එතකොට අර තරම් ශබ්ද නගලා වඩම්මවාපු ධාතුන් වහන්සේලා මේ රටින් පිටතට වඩම්මවලාද මේ සත්තු කපන්න දෙන්න තීරණය කළේ? (නි)
මේ වැඩේ කරන්න දෙන්න එපා (නි)
අයියෝ! මේක මොකක්ද? අද රටේ මිනීමරන විදියට (නි)
පවු තමයි ඉතින් (නි)
මර්වින් මහත්තයා මේ රටට අවශ්‍යම කෙනෙක් (නි)
මේ බිලිපූජාව කාලයක සිට පැවැත්වෙන එකක් (නි)
වසන්ත මහත්තයාගේ අදහස් නියමයි (නි)
අද රටේ හැමතැනම මිනීමැරුම් (නි)
මේක බෞද්ධ රටක්. ලොකු තැන්වල සිටින අයට මේ වගකීම මග හරින්න බැහැ. (නි)
අනේ ඇමතිතුමනි,පුලුවන් නම් මේක කොහොමහරි නවත්වන්න. (නි)
මේක කරන පූසාරියන් දෙතුන් දෙනෙකුට මේක කළානම් තේරෙයි මේකේ වේදනාව. (නි)
උසාවියටයි පොලිසියටයි මොකක්ද මේ වෙලා තියෙන්නෙ ? (නි)
දැන් එතකොට අර තරම් සද්ද නගලා වඩම්මවාපු ධාතුන් වහන්සේලා මේ රටින් පිටතට වඩම්මවලාද මේ සත්තු කපන්න දෙන්න තීරණය කලේ?....(නු)
කිසිම කතාවක් නැහැ මේ පාරත් සත්තු දාහක් විතර මරයි..!!(නු)
මෝසම මෝසම් වෙලා..!!(නු)
ඔව් ඒක හරිම හොදයි..!! සත්තුන්ගෙ උනත් ජීවතේ ජීවිතේමයි.. ඔයවගේම මිනිස්සු මරණ එකත් නතර කරන්න ඕනෙ...!!(නු)
මේවාට ඉඩ දෙනවා නම් ඇයි සාමකාමී විරෝධතාවයන්ට ඉඩ නොදෙන්නේ? (නි)
සත්තු මරන එක පවු. මිනිස්සු මරන එක පවු නැහැ. (නි)
ජනපතිතුමනි, මෙම බිලි පූජාව නතර කරන්න. අසරණ සත්තු පවු. (නි)
කොහේ කළත් සත්ත්ව ඝාතනය වැරදි දෙයක්. (නි)
ලංකාවේ ඉන්න හැමෝම දැන් දේශපාලනයට ගැති වෙලා අන්ධ වෙලා ඉන්නේ. (නි)
හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් තියෙන්නේ කාගෙද කියලා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. (නි)
දෙයියන්ට කියලා සතුන් මරන්නෙ මේ රටේ විතරයි. මේවා මනස්ගාත. මේවා අද ලෝකෙට ගැළපෙන්නෙ නැහැ. (නි)
ඔච්චර මරන්න සත්තු ඉන්නවද? (නි)
අනේ ඔය අසරණ සතුන් අතහැරලා අර අහවල් පැත්තේ ගියානම් හොද පට්ටි හරක් තොගයක්ම සොයාගන්න තිබුණනේ. (නි)
සත්ව ඝාතනය හොද නැහැ කවුරු කළත්.. ඇයි කාලිමෑණියන්ට විතරක් විරුද්ද වෙන්නෙ.. මස් කඩවලටත් මේ ලෙසටම විරුද්ධ වෙමු..!!(නු)
පෙර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේ එක ගමක මේ වගේම ගවයන් 500 ක් මරා බිලි පුජාවක් කිරීමට එක බ්‍රාහ්මණයෙක් සැරසුනා. ඉතින් ගමේ අහිංසක මනුස්සයෙකුගේ ගව රංචුවක් මේ බ්‍රාහ්මණයාගේ අතවැසියන් බලෙන්ම අරන් ගියා. තමන් ආදරයෙන් රැක බලාගත්, තමා පෝෂණය කළ අහිංසක ගවයන්ට අත්වෙන්නට යන ඉරණම ගැන ඉතා දැඩි විස්සෝපයට පත් මේ මනුස්සයා පාර දිගේ හඩමින් දිව්වා. මොහුගේ පෙර පිනකට ඒ මග වඩිමින් හිටියා සම්මා සම්බුදුරජාණන් වහන්සේ. කාන්තාරයක හමුවුන නිල් දිය දහරක් වගේ මේ දර්ශනය මේ මනුෂ්‍යයාට මහා අස්වැසිල්ලක් වුණා. සම්බුදුරජාණන් වහන්සේගේ සිරි පා මුල වැටී නළල අතුල්ලමින් , මේ පුවත හඩමින් කියා සිටියා. බුදුරජාණන් වහන්සේ මේ මනුෂ්‍යය කැටුව, ඒ බිලි පුජාව කරන්න සුදානම් කරන තැනට වැඩියා. බුදුරැස් විහිදමින් එම භූමියට වැඩි හස්තියෙකු මෙන් වැඩසිටි බුදුරජාණන් වහන්සේගේ පැමිණීම දුටු මේ බමුණන් කලබලයට පත් වුණා. " බමුණ, මේ කුමක්ද කරන්න සැරසෙන්නේ?" බුදුරජාණන් වහන්සේ විමසුවා. "ස්වාමිනි අපි මහා බිලි පුජාවක් දෙවියන් වෙනුවෙන් පවත්වන්න සැරසෙනවා " කියා ඔවුන් කිවුවා. " බමුණ මෙයින් අත්වෙන වාසිය කුමක්ද ?" බුදුහිමි විමසුවා. "ස්වාමිනි, මෙය චිරාත්කාලයක් තිස්සේ පවත්වාගෙන ආපු චාරිත්‍රයක්, දෙවියන් සතුටු කොට අපේ ජීවිත සැපවත් කර ගන්නයි කරන්නේ, මේ නිසා මරණින් මතු දෙවියන් හා එක් විය හැකියි" බමුණන් කියා සිටියා. "බමුණ එතකොට මේ බිලි පුජාව සදහා මීට වැඩ වටිනා සතුන් යොදා ගත්තොත් , ඔබලාට මීටත් වැඩ සැප සම්පත් දෙවියන් දෙයිද?" ' ඔව් ස්වාමිනි, මීටත් වැඩිය හොදයි" "බමුණ වඩා වටින්නේ මේ ගවයන්ද, සම්බුද්ධ වන මමද?" - "අනේ ඔබ වහන්සේ මේ ගවයන්ට වඩා කොතරම් වටිනවාද" "එසේනම් බමුණ , සිතන්න මේ ගවයන් බිලි දීමට වඩා, ඔබ ඉදිරියේ මේ ඉන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ බිලි දීම වඩා සුදුසුයි නේද"? බමුණා නිරුත්තර විය, කෙල සිදී ගියේය. බිම බලා ගත්තේය. " එතකොට බමුණ, මේ මැරෙන සතුන්ට මොකද වෙන්නේ?" බුදුහිමි විමසා සිටියා. "ස්වාමිනි ඔවුන්ට මහා ලාභයක් ලැබෙනවා, ඔවුන් කෙලින්ම දෙවියන් සමීපයට යනවා" " එහෙමද, බමුණ, ඔබ ඔබේ ළමයින්ට ආදරේද?" , - "අපොයි ගොඩක් ආදරය කරනවා", "බමුණ , එතකොට ඒ අයට මහා ලාභයක් ලැබෙනවාට ඔබ කැමතිද?" - " ඔව් ඔව් ස්වාමිනි මොකද අකමැති, මහා ලාභයක් ලැබෙනවානම් කැමතියි " "බමුණ , ඉතින් මේ ගවයන්ට ලාභයක් අත්කරදෙන වෙලේ , ඔබේ දරුවන් මෙයට යොදාගෙන ඔවුන් දෙවියන් ගාවට යවන්න ඔබ අකමැති ඇයි?" බමුණට කර කියාගත නොහැකි විය, "අනේ ස්වාමිනි , මට දැන් වැටහෙනවා" කියමින් බුදු සිරිපා මත අද වැටුනේය , "බමුණ මෙවන් බිලි පුජා වලින් ඔබට සෙතක් වෙනබව උගන්වන්නේ ඔය බමුණු පුජකයන් නොවෙයිද, ඔවුනුත් ඔවුන්ගේ පවුල්වල අයත් මේවට බිලි නොවී නිරුපද්‍රිතව මින් යැපෙනවා නේද?" ඔහු ගවයන් සියල්ල නිදහස් කළේය . " ස්වාමිනි මම අද පටන් මගේ මුළු පවුල පිටින්ම මේ අකුසල් සීල වෘත අතහැර දමා , ඔබ වහන්සේ සරණ යනවා, සාදු සාදු" අදත් ඒ බුදුරජාණන් වහන්සේ වඩා සිටියානම් ඇතැම් විට මුන්නේශ්වරම් වලට වැඩ, මේ මහා පාප කර්මයෙන් මිනිසුන් මුදවාගනීවි. නමුත් මහා සංඝ රත්නය ඒ කර්තව්‍ය කරනවා විනා මේ මිනිසුන්ට වෙන පිහිටක් නැත. එදා බුදුහිමියන්ට එම භූමියට වඩින්නට තහනම් කර උසාවි නියෝග නැත. නමුත් අද ධර්මද්වීපයේ එවන් තහංචි ඇත. (නි)
එහෙනම් මාලු අල්ලන එකත් නැවැත්තුවොත් නේද හොද? (නි)
ගරු ජනාධිපතිතුමනි, ඔබතුමා වහාම නියෝගයක් දෙන්න මේක නවත්වන්න. මේකට ඔබතුමාගේ මැදිහත් වීම අවශ්‍යමයි. (නි)
අහෝ! ධර්මද්වීපයකට ගිය කලක්? (නි)
පුසාරියන්ගේ ඇගිල්ලක් හරි කැපුවා නම් වේදනාව කියන එක තේරෙයි. (නි)
සත්තු මරන එක හොද නැහැ (නි)
විරෝධතා ඕනැත් නැහැ. බිලිපූජා ඕනැත් නැහැ. මේක නවත්වන කාට වුණත් ජාති ජාතිත් පින්. (නි)
මේ මිනීමරන වැඩේ වහා නතර කළ යුතුයි. සියල්ලන්ම මීට විරුද්ධ විය යුතුයි. (නි)