කොළඔ ඇතුළු දිවයිනේ සෑම ප්‍රදේශයකම තොරණ හා වෙසක් සැරසිලිවලනි අලංකාරවත් වී තිබිණි. දෙමටගොඩ, පෑලියගොඩ, රාජගිරිය, කොළඹ කොටුව මැණින් වෙළෙද පොළ අසල හා කිරිබත්ගොඩ වෙසක් තොරණ සිකුරාදා (24) සවස විවෘත කැරිණි.
‘කෝසල මල්ලිකා‘ කතාව තොරණනින් නිරූපනය කෙරෙයි.
විවෘත කළ අවස්ථාවේ සිට විශාල පිරිසක් එවා නැරඹීට එති. ඒ අවට දන්සල් කිහිපයක් ද සංවිධානය කැර තිබිණි. මේ නිසා නුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇති විය.
කොස්ගස් හන්දිය වෙසක් තොරණ
කොළඹ මැනින් වෙළෙඳ පොළඅසල වෙසක් තොරණ
පෑලියගොඩ නවලෝක වෙසක් තොරණ
දෙමටගොඩ ක්ෂාන්තිවාදී ජතකය
රාජගිරිය ප්‍රාකෘති කතා වස්තුව
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත්තු වගේ කතාකරන්න එපා.(නදී)
තොරණ් සේරම හරිම ලස්සනයි.(නදී)
තොරණේ යමලෝක කියන්නේ මොකක්ද?(අ)
අජිත්, බුදුන්ගේ කාලේ කරන්ට් එක තිබුණේ නැහැනේ. බුද්ධාගමට සම්බන්ධ මොකක් හරි ලිපියක් තිබුණොත් ඒකට බනින එකෙක් හරි ඉන්නවනේ.දැන් ඉන්නේ ඔක්කොම දන්න පන්ඩිත රජාලා (නි)
හැම දෙයක් ගැනම කතා කරන්න කලින් බෞද්ධ දර්ශනයේ මුලින්ම සදහන් පන්සිල් සමාදන් වෙලා ඒ විදියට ජීවිතය හැඩගසා ගෙන තියෙන්නේ අපේ රටේ කියෙන් කි දෙනාද?(නදී)
අමාලි සිල්වා බුද්ධාගම ගැන සෑහෙන්න දන්නවා වගේ. එතකොට අතීත සම්බන්දය ගලපා, සේරිවාණිජ ජාතකයේ දේශනා කර අවසානයේදී "එම භවයේ කච්චපුට නම් දේවදත්ත ස්තිවිරයන් වන අතර, සේරිවාණිජ නම් මම්ම වෙමි" කියන්න ඇත්තේ බොරුවට එහෙනම්. (නදී)
ලස්සනයි.(නදී)
ආමිස පුජාවට කලහම ප්‍රතිපත්ති පුජාව ගැන කතාකනවා, ප්‍රතිපත්ති පුජාව කලොත් වෙනත් මොකක් හරි හොඳය කියනවා. මේකේ ප‍්‍රතිචාර දක්වන බොහෝ දෙනක් හොඳ දෙයක් හොඳය කියන්න බැරි කුහක කොටසක් (අ)....
සැම දෙනාටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා (දී)
පුංචි කාලේ අපි පන්සිල් රැක්කේ විහාස්ථාන වල තියෙන අපායේ චිත්‍ර දැකලා. මේ තොරන් ජන හදට කතාකරන ප්‍රබල ජන් සන්නිවේදන මාර්ගයක්. ගසට පොත්ත වගේ අරටුව ආරක්ෂා කරන පරම්පරා ගණනාවක් ඉදිරියට ආවේ මේ ආමිස පූජාවෙනුයි (නි)
බුදු දහමට ලැදි අයතක් අදහස් දාලා තියෙනවා. නිගන්ටයොත් අදහස් දාලා තියෙනවා. ලංකාදීපයට පින් සිදුවේවා!(නදී)
අමාලි ආමිස පුජාවට වඩා හොඳ ප්‍රතිපත්ති පුජාව හොදයි කියා මමත් සිතනවා. හැම දෙයකටම දෙපැත්තක් තියෙනවනේ කරුණාකරලා මට පන්සිල් පද පහ ලියල එවනවද?(නදී)
සදහමි සිසිලෙන් ඔබ සැම නහැවේවා!(නදී)
කැළණියට අධිපති ආචාර්‍යතුමාද මෙය විවෘත කෙරුවේ.(නදී)
චානක, අජිත්, මෝඩ කතා වල සීමාවක් තියා ගන්න, හදපු දෙමුපියන්ටත් එක්ක අවනම්බු කරන්න එපා. මෙච්චර මහන්සි වෙලා ලස්සනට හදන නිර්මාණයක් දැකලා සතුවෙන්න බැරිද ?(නදී)
ආමිස පුජාවට වඩා හොඳ ප්‍රති පත්ති පුජාව. තොරන හොඳය විනෝද වන්න. අනිත් එක ඔය පන්සීය පනස් ජාතක කතා බුදු හාමුදුරුවෝ දේශනා කරලා නැහැ. ඕව පැරණි බෞධයන්ට ලියපු සාහිත්‍ය කතා.(නදී)
අපේ දුටුගැමුණු තුමාට ආරාධනා කලාද තොරණ විවෘත කරන්න.(නදී)
යොහාන් අජිතුත් හරියට තොරණ විස්තර කරන කෙනා වගේ. බුදුන්ගේ කාලේ තොරන් තිබ්බේ නැහැලු. මගේ ජීවිතේට අහපු ලොකුම මෝඩම කතාව.(නදී)
තොරණ තියන්න ඕනා. ආමිස පුජාවත් ඕනේ.(නදී)
බුදුන්ගේ කාලේ බුදුන් ඉන්නවා ඉතින් මොකටද තොරන්.(නදී)
ඡන්න කොහොමද කියන්නේ මේක විකුනගෙන කනවා කියලා. ඔයා ලංකාවේ නෙමෙයිද?(නදී)
බලන්නකෝ මෙයා බුදුන්ගේ කාලේ මේ කිසිම තොරණක් තිබිල නැහැනේ? අඩුම තරමේ පන්සලක අලින් එහෙම දම්වැල් දාල හිරකරගෙන ඉඳල නැහැ.(නදී)
අද බුද්ධාගම විකුණගන කන්නේ මෙහෙම තමයි.(නදී)
ලස්සනයි.(අ)