කොළඹ නගරය ලස්සන කිරීමේ තව පියවරක් ඉදිරියට තබමින් නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ බැස්ටියන් මාවතේ පරණ කඩ පෙළක් පොලිස් ආරක්ෂාව යටතේ ඉවත් කිරීම ඇරැඹීය.
මෙම කඩවලින් ඉවත් වන ලෙස කඩ රජයෙන් කුලියට ගත් අයට කල්තියා දැනුම් දී තිබිණි. කොළඹ බ්‍රිස්ටල් වීදියේ කඩ පෙළෙක් ද මීට කළින් ඉවත් කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නුවර එළිය නගරයේ ගොඩක් පරණ ජරාවාස කඩ අයින් කරන්න. සංචාරක නගරයක් ලෙස සංචාරකයන්ට බලාගන්න.!(නු)
මේවා අනවසර ගොඩනැගිලි නෙමෙයි. .ජනපති චන්ද්‍රිකා මැතිණියගේ කලේ දුප්පත් මිනිස්සුන්ට ලබා දුන් ඉඩම් (ස)
බොහොම හොඳ වැඩක්. ලංකාවෙ අනිත් තැන්වලත් කල යුතුයි. පානදුරෙත් කරන්න.හොදම හොඳ වැඩක්. (ස)
නගර සැලසුම් අද වනවිට අප රට තුල ඉතා ඉහලින් අගයන තේමාවක් බවට පත්ව තිබේ.එය අගය කලයුතු වන අතර මෙවෙනි සැලසුම් සහගත නගර සංවර්ධනයේ ප්‍රතිඵල අනාගතයේදී අපට දැක ගත හැක.මෙවැනි කටයුතු සිදු කරන නාගරික සංවර්ධන අධිකාරියටත්,එහි නගර සැලසුම් ශිල්පීන්ටත්,ආරක්ෂක ලේකම් තුමාටත් අපගේ ස්තුතිය. (ස)
ඔයාලා හැමෝම කියනවා මේක හොද වැඩක් කියලා. අඩුම තරමේ අපේ ඉඩම් වල දුක් මහන්සියෙන් අටවාගත්ත ගෙවල් ටික කඩලා පාරවල් හදනවා.. සතයක්වත් දෙන්නේ නැහැ.. බොරු නම් ඇහැලියගොඩ පැත්තේ පාර අයිනේ ජනතාවගෙන් අහන්න.. මේකයි දිවි නැගුම..!(නු)
අනවසර ඉදිකිරීම් කිව්වට මේවට හොඳ වන්දියක් ඒ මිනිස්සුන්ට ලැබෙන්න ඇති.(ස)
ඇත්තටම ප්‍රධාන නගරය ලස්සනට පිරිසිදුව තියාගන්න ඕන.. වංචාව දූෂණ්‍ය වෙි වෙලා නගරය මේවා නිසා..!(නු)
මේවා ගැන නම් මම දන්නේ නෑ. හැබැයි නගරය ලස්සන වෙනවනම් ගොඩක් හොඳයි (ස)
මේ පාරෙන් යද්දි පසක නවතා තියෙන දුර ගමන් බස්වල රියදුරන් හා කොස්දොස්තර මහත්වරුන් කරන දේවල් කවුරුහරි දැකලා තියෙනවාද? අන්න පුළුවං නම් ඒ වැඩෙත් නතර කරන්න..!(නු)
මේක ඉතාම හොද වැඩක්.. මෙතන කඩ නැහැ..විවිධ නීතිවිරෝධී වැඩ තමයි මෙතන වෙන්නේ..!(නු)
කඩ අනවසරද? ඒ අයට ආදායම් මාර්ගයක් සොයා දුන්නාද?(නු)
කඩලා හරි රට හදමු..!(නු)
මේක ඉතාම හොද ක්‍රියාවක්.. මෙතැන සිටි දුප්පත් මිනිසුන්ට එයාලාගේ ව්‍යාපාර කරගෙන යාමට තැනක් ලබා දිය යුතුයි.!(නු)
ගොඩක් හොදයි.. ඇත්තටම මේ පාරෙ යන්නත් බැහැ ටිකක් රෑ උනාම.. හොද වැඩක්.. ඇයි අපි අකමැති වෙන්නේ නගරය අලංකාර කරනකොට.. අපි වෙන රටවල ලස්සන අගය කරනවා.. අපිත් එහෙම කරන්න පුළුවං වෙයි අනාගතයේදී.. ගෝඨාභය මහතාට ගොඩක් පිං.. අපිට දේශපාලනය වැඩක් නැහැ.. ඒවගේම එම ස්ථානයේ සිටි මිනිසුන්ට හොද තැන් සෙයා දෙන්න ඔවුන්ට ව්‍යාපාර කරගෙන යන්න..!(නු)
අටුව කඩලා පුටුව හැදුවා වගේ වේවිද දන්නේ නෑ අනාගතයට (ස)
ස්තුති කරමු ඝෝඨාභය මැතිඳුට (ස)
එක් රජයක් බලයට පත්වු විට වෙළදාම් කිරීමට ව්‍යාපාර කිරීමට කඩ නිවාස සාදා ගැනීමට ඒ ඒ අයගේ දේශපාලනික අවශ්‍යතා මත භූමියේ කොටස් ලබාදෙනවා. තව පිරිසක් බලයට පත් වු විට ඒ අය අනවසර ඉදිකිරිම්ය කියා තමා හදාගත් ගොඩනැගිලි කඩාබිද දමමින් ඔවුන්ව තවතවත් දරිද්‍රතාවයට පත්කරනවා. මේවා අනුමත කළ නොහැකි දේවල්. අනාගතයේ නගරය කෙතරම් ලස්සනට නාගරීකකරණය වුවත් මිනිසුන්ගේ මානසිකත්වයේ බිදවැටීම නොහොත් දරිද්‍රතාවය නමැති දුගීදුප්පත්කම ගොඩගැනීමට කිසිදු වගකිවයුත්තෙක් ඉදිරිපත් නොවීමද නොවැළැක්විය හැකි සත්‍ය කරුණකි. (නි)
මෙතන කඩකවල් දාගෙන හිටපු අය දැං මොකද වෙන්නේ.. (නු)
මම බන්ඩාර සමඟ එකඟ වෙනවා (ස)
හොද වැඩක්. (නි)
මෙය ඉතා හොද ක්‍රියාවකි. සෑම තැනක්ම පිරිසිදුව හා විධිමත්ව පවත්වාගෙන යා යුතුය. මෙම වැඩසටහනින් නගරය ලස්සන වනවා පමණක් නොව බොහෝ දුරට වංචා, සොරකම් වැනි දේ අඩු වේ. (නි)
කෙලින් වැඩකරන කොන්ද පණ තියෙන අපේ රුහුණු පුතා අපිට ආඩම්බරයක්. (නි)
ඉතාමත්ම හොදයි. (නි)
ඉතා හොද වැඩක්. අනෙක් පළාත් වලටත් මෙය ක්‍රියාත්මක කරන්න. (නි)
නගර නිර්මාණයක යටතේ නගරය ලස්සන කිරීම ඉතා හොද වැඩක් .. කිසිදු සීමාවක් නැතිව හැදුවත් ඒ අයමයි කඩන්නෙත් ඒ අයමයි.. වියදම් දෙගුණයි..(නු)
කඩ අහිමි වෙන අය මහපාරටද ? (ස)
අනේ මම මෙතන වයස මනුෂ්‍යෙයකුගෙ කඩයකින් මඤ්ඤොක්කයි ලුණු මිරිසුයි පොල් රොටියි කාලා තියෙනවා.. කොහොම උනත් රටේ දියුණුවට කොළඹ නගරය ලස්සන වෙන්න ඕන..!(නු)
කඩ ඉවත්කරලා බට්ටා ලොරි පේලියක් තිබ්බනම් කියලා වැඩක් නැහැ.!(නු)
චමින්ද හරියටම හරි. (නි)
මේව කඩනව වගේ නෙවෙයි.මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියකුත් හොයල දෙනව නම් හොඳයි. (ස)
මේවා කඩනවා වගේ නෙවෙයි. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න විදියකුත් හොයලා දෙනවා නම් හොඳයි. (නි)
මෙවැනි දේවල් තිබීමෙන් රටේ අනිසි දේවල් වෙනවා. හොද ක්‍රියාවක් මේක. (නි)
හොඳ දෙයක් (ස)
ලංකාවෙ බත බුලත් දෙක ජාතික අනන්‍යතාවයක් උනාට ප්‍රසිද්ධ ස්ථානවල බුලත් විට කෑමත් තහනම් කරන්න.. පුද්ගලික බස් සහ ත්‍රීරොද රථ ලග බුලත්කෙල පිරිලා.. අවලස්සන වගේම අපිරිසිදුයි.. ලංකාව ලස්සන වෙනවා දකින්න සතුටුයි.. හරියට ලෙසඩ වෙලා මැරෙන්න ගියපු අයෙක් හොද වෙලා ගෙදර ගෙනවා වගේ..!(නු)
මේක හොද වැඩක් මේ මිනිසුන්ට වෙන තැනකික් විදිමත් විදියට තමුන්ගේ රක්ෂාව කරගෙන යන්න සූදානම් කර දෙන්න..!(නු)
කෝ කවුරුත් මේකට විරුද්ධ නැත්ද ? (ස)