
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට ඉහළ ලාභාංශ ලබාදෙන බව පවසා රුපියල් බිලියන 4 කට ආසන්න මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික ආයතන දෙකක අධ්යක්ෂවරුන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
එම පෞද්ගලික ආයතන දෙක මහනුවර සහ දෙහිවල ප්‍රදේශවල පිහිටා ඇති අතර 2000 කට ආසන්න ආයෝජකයන් පිරිසක් එහි මුදල් ආයෝජනය කර ඇති බව පොලිසිය කියයි.
මධ්‍යම අපරාධ ව්මර්ශන කාර්යාංශයේ මුල්‍ය හා වානිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත්හ.
එම ආයතන දෙකට විරුද්ධව පැමිණිලි අසූවක් පමණ ලැබී ඇති බවද පොලිසිය කීය..
අපරාධ හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කෙඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩි තුවක්කු, අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර විමර්ශන සිදු කෙරෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd