ආදරවන්තයන්ගේ සටන හෙවත් රිච්මන්ඩ් මහින්ද ක්‍රිකට් තරඟය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අවසන්වීමෙන් පසු කඳුළු ගෑස් ගැසීමේ අයිතිය ලැබුණු මෙම පුද්ගලයා කවුදැයි ප්‍රශ්නයක් වී ඇතැයි මහින්ද විද්‍යාලයීය ආදි ශිෂ්‍යයෝ කියති. සාමාන්‍ය ඇඳුමින් සැරසී රිච්මන්ඩ් විද්‍යාලයීය කැප් තොප්පියක් පැළඳි පුද්ගලයා පොලීසියෙන් කඳුළුගෑස් විදිනයක් ඉල්ලාගෙන ක්‍රියාත්මක කරන අවස්ථාවක් වීඩියෝ ගත වී ඇත. මහින්ද විදුහල්පති වසන්ත සිරිවර්ධන මහතාගෛන් කියා සිටියේ තරඟය අවසන් වනතුරු දෙවිදුහල්හි ආදි සිසුන් ඇතුළු ආධාරකරුවන් ඉතාමත්ම සංවරව සිටි බවත් ත්‍යාග ප්‍රධානෝත්සවය සඳහා ක්‍රීඩා ලෝලීන් පිටියට පැමිණි පසු පොලීසිය කඳුළු ගෑස් එල්ලකොට අනවශ්‍ය වැඩක් කළ බවයි.
පොලීසිය පවසන්නේ රිච්මන්ඩ් කණ්ඩායමට අවසන් පන්දුවට පහරදීමට පෙර ක්‍රීඩා ලෝලීන් පිරිසක් පිටියට කඩා වැදීම නිසා මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කිරීමට සිදුවූ බවයි. පිටියේ සිටි මාධ්‍යවේදීන් පවසන්නේ අවසන් පන්දුව ද යවා ක්‍රීඩකයන් ක්‍රීඩාගාරවලට ද ගිය පසු ත්‍යාග ප්‍රධානෝත්සවය පැවැත්වීම සඳහා ක්‍රීඩා ලෝලීන් පිටියට පැමිණි බවයි. පිටිය මැද තත්ත්වය පාලනය කිරීමට මහින්ද ශිෂ්‍ය කූඩාරමට කඳුළුගෑස් එල්ල කිරීමෙන් සිසුහු දැඩි අපහසුතාවකට පත්වූහ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඇති හැම පාසැලකම තිබුන බිග් මැචි අවසන් වුනේ රංඩුවකින්. මේ හැම ක්‍රිඩාවකින්ම නිවසාන්තර, කොට්ඨාස, කළාප, පළාත්, සමස්ත ලංකා මට්ටමෙන් පැවත්වෙද්දිත් මේ තරම් මුදල් නාස්තියක් සමගින් මේ වගේ බොරු වැඩ කරන අයට තමයි මුලින්ම ගහන් ඕනේ. සමහර ගම්බද පාසැල් ළමුන්ට නිවාසාක්තර තරගයකදි සහතිකයක් දීගන්න බැරිව නිවාසාන්තර තරග පවත්වන්නේ නැහැ. එහෙව් එකේ මේ වගේ මුදල් නාස්ති කරන අයට මොනවා වෙන්න ඕනද?(නදී)
කුමක්ද මේ වෙලා තියෙන්නේ (දී)
විදුහල්පතිලා කොහොමද වී. අයි. පී. වුණේ? දියුණු රටවල වී. අයි. පි. දෙන්නේ තානාපතිලට විතරයි. (නි)
ඇමෙරිකාවට, ඩයස්පෝරාවට උදව් වෙන විදිහේ අදහස් දාන්න එපා. අපේ පොලිසිය කවදාවත් කිසිම වරදක් කරන්නේ නැහැ (නි)
අසේල, දකුණේ ඉන්නේ නූගත් මෝඩයෝ නම් ලංකාවේ වැඩක් කරන්නේ මොන පැත්තේ අයද? (නි)
2009 දී රිච්මන්ඩ් වීද්‍යාලය තම පරාජය ගෞරවාන්විතව බාර ගත්තා. නමුත් මහින්දෙට මෙකට මුහුණ දෙන්න බයේ හිටියේ. මේකේ වැරැද්ද බාර ගන්නන ඕනෑ ටෆ් එක වෙනස් කරපු අයයි කියලයි මගේ අදහස වන්නේ. (නි)
වහං සොයා බලා නීතිය ක්‍රියාත්මක කරන්න (දී)
ඇත්තටම සොයා බලන්න මොකද්ද වී තිබෙන්නේ කියලා, වරද කරුවන්ට දඩුවම් කරන්න (දී)
මම හිටියේ රිච්මන්ඩ් වදුහල්පති හිටිය වී.අයි.පී ලොන්ච් එකේ. ඒයාල පන්දුවෙන් පන්දුව ගනන් කර කර හිටියේ. පන්දුවක් අඩු උනානම් ඒතන දෙවනත් කරාවි. එහෙම වුනේ නැහැ. මේක පළිගැනීමක්. වරදකරුවන්ට දඩුවම් ලැබේවි.(නදී)
අයියෝ දැන් ලංකාව කෝලං මඩුවක් වෙලා නේද? අනේ අපේ රටට ගිය කලක්.(නදී)
රිචිමන්ඩි එකේ කුඩාරමට කදුලු ගෑස් වතුර පළමුව දැම්මා. මහින්ද විදයාලයේ ආදි සිසුන් පළමුව පිටියට පැන කලහකාරී විය. රිච්මන්ඩි සිසුන් සන්වරව සිටි නමුදු අවසානය ගැටුමකට මැදිහත් විය.(නදී)
මහ ජරා මිනිස්සු (ස)
අපිත් පාසල් ගියා මේ වහේ කල කෝලාහල වලට ගියේ නැද්ද (දී)
මහින්දේ අයගේ උණ බහින්න ඔය ගැහුවා මදි. (නි)
ළමයි එලවන්න උනේ මෙහෙමයි අන්තිමට (දී)
ඔය නොදන්නා ක්‍රිකට් ගහන්න ගියාම ඔහොම තමා. ගාල්ලේ කොල්ලනේ, නරකද "කබඩි" තරග හරි "බක්කි කරත්ත" තරග හරි පටන් ගතහොත්? (නි)
ළමයි හැසිරෙන හැටිද මේ (දී)
දැන් කාලේ ළමයි ඔහොමතමයි (දී)
මම රිච්මන්ඩ් කොල්ලෙක්.අ පිට මහින්දෙ කොල්ලෝ එක්ක කිසිම ප්‍රශ්නයක් නැහැ. කොහේ ගියත් අපි දෙගොල්ලෝ එකට. ඒත් ඒක බලාගෙන ඉන්න බැරි ඉරිසියාකාරයෝ ඉන්නවා. මැච් එක දැන් ඉවරයි. ඒත් හැමදාම අපි ආදරවන්තයෝ. (නි)
සේනාධීර මහත්තයෝ ඔබතුමා මහින්දයට බොහොම ලැදි කෙනෙක් කියල පේනව. නමුත් මම මෙන්න මේ ටිකත් මතක් කරල දෙන්නම්. ඊයෙ සිදුවීමේ මුල ඉඳන්ම මහින්දීයයන් හරි පැත්තෙ හිටිය කියල මම පිලිගන්නෙ නැහැ. මොකද මහින්දීයයන් පිට්ටනිය ඇතුලට පැනල, රිච්මන්ඩ් ටෙන්ට එක ඉස්සරහටම ඇවිත් පිස්සු නටන කොටත් රිච්මන්ඩ් උන් පිට්ටනියට ආවෙ නෑ. පස්සෙ ඒ හැසිරීම නිසා පොලිස් කැරලි මර්ධන එකෙන් ඉල්ලගෙන කෑවෙත් මහින්දීයයන්ම මිසක්,රිච්මන්ඩ්වරුන් ගැස්සෙව්වෙ නෑ.(නදී)
අනේ මේ දෙගොල්ලෝ වගේ පිස්සෝ ටිකක්. කාගෙවත් රටක ක්‍රීඩාවකට මරාගන්නවා.(නදී)
මේක අන්තර්ජාතික කුමන්ත්‍රනයක්වත්ද?(නදී)
කෝ කෝ කියල අහන්න. (ස)
වව්ලෙක්ට රෑ වුන තරමක් (ස)
වැඩි බැරි වුනත් ගම ගාල්ලේ කියල තමයි පැරැන්නෝ කියල තියෙන්නේ. (ස)
ක්‍රිකට් වලට ගිය කල (දී)
සමහරක් මේකටත් බොදුබල සේනාව කෝ කියලා අහනවා. බොදු බල සේනාව ඉන්නේ රටේ වෙන හැමදෙයක් ගැනම හොයන්න නෙමෙයි. ඒ නිසා හැමදේටම බොදු බල සේනා ගාගන්න එපා.(නදී)
ළමයින්ට පහර දුන් මේ ක්‍රියාව අපි හෙලා දකිනවා (දී)
විහිළුවක්ද? ඒක රිචිමන්ඩි තොප්පියක් නෙමෙයි.(නදී)
මේක මමනම් හෙලා දකිනවා (දී)
පාසල් කාලය හරිම සුන්දරයි (දී)
නීතියට අනුකුල නැහැ මේ වැඩ (දී)
මේ තරම් දරුණු දෙයක් වෙලාද (දී)
පේනවාද කරන වැඩේ (දී)
මතක තියා ගන්න මේ ගහන්නේ ළමයින්ට බව (දී)
මේ ගැන පරීක්ෂණයක් තියන්න (දී)
මදැයි ආදරවන්තයින්ට වෙච්ච දේ (දී)
කොහොමත් ගඟෙන් එහා පැත්‍තනේ !! ගහගත්තේ නැත්තම් තමයි පුදුමේ (ස)
මට නම් හිතා ගන්න බැහැ (දී)
මින්පස්සේ අනෙක් බිග් මැච් වලට "සටන" කියලා නම දාන්න. (නි)
කොහොම කොහොම හරි දෙගොල්ලෝ මරාගත්තනේ. ලැජ්ජයි ලැජ්ජයි. (නි)
දැන් දැන් මේ වගේ දේවල් වෙන එක පුදුම වෙන්න දෙයක් නෙමෙයි (ස)
මේක දැන් මාෆියාවක් වෙලා. ඒ කියන්නේ වලියක් නැත්නම් ගතියක් නෑ වගේ. අපි පොරවල් නෙවෙයි වගේ. ඒ නිසා විදුහල්පතිවරු ළමයින් දැනුම්වත් කර චිත්ත බුද්ධිය පාදා දිය යුතු අතර ආදි ශිෂ්‍යයන් හා දෙමාපියන් පැහැදිලි මනසින් යුක්තව ජය පරාජය විඳ දරාගත යුතුයි. එහෙම නොවුනොත් මේක හරි විහිළුවක් වෙලා අමුතුම සමාජයක් තමයි බිහිවෙන්නේ. කර්තෘ තුමනි ටිකක් දිගයි. ඒත් කරුණාකරලා පලකරන්න. (ස)
වදුරට දැලි පිහිය ලැබීම.(නදී)
පුදුම රටක්. දෙතුන්දෙනෙක් මරාගන්න පෙර කදුළු ගෑස් ගහලා විසුරුවපු එක වරදක් වෙලා. එහෙම නොකර එකෙක් දෙන්නෙක් මැරුණනම් කියන්නේ වෙන දෙයක්. මුලදිම විසුරුවා නොහැර ගැටුම වැඩිවෙනතුරු සිට වෙඩි තැබීමනේ මිය ගිය පිරිස වැඩි වුනා කියනවා. ලංකාවේ මිනිස්සුන්ට දිව දෙකක් නොවෙයි දිව ගොඩක් තියෙනවා. වැල යන පැත්තට මැස්ස ගහනවා. (ස)
මේ කදුළු ගෑස් ගැහිල්ල දැන් පිළිලයක් වෙලා. (නි)
ලුම්බිණි හිතපු දේ මටත් හිතුණා. හැබැයි අපි වැරදි වෙන්න පුළුවන්. (නි)
අයියෝ මේ අර ගියපාර මැච් එකෙත් චාටර් කාපු ගොයියා නේද? (නදී)
මම රිච්මන්ඩ් හෝ මහින්ද නොවෙයි. ඒත් මට හිතා ගන්න පුළුවන් රිච්මන්ඩ් අයට මෙතරම් බලයක් එන්න හේතුව මොකද්ද කියල. (නදී)
ඔය ලොකු පාසැල්වලට ගිය අය තමයි රටම කන්නේ. (නදී)
කෝකටත් තෛලය බීබීඑස් කෝ?(නදී)
රිච්මන්ඩ්ලා අවසන් වතාවට බිග් මැච් එකක් දිනල තියෙන්නේ නීල් ආම්ස්ට්‍රෝං හඳට ගිය අවුරුද්දේ. ඒ අසහනේ තමයි මේයාල මේ අපේ පිටින් යවන්නේ. මහින්දේ වැරදි හොය හොයා ඉන්න වෙලාව හොඳ කණ්ඩායමක් හදන්න යෙදෙව්ව නම් මෙහෙම වෙන්නෙ නෑනේ.(නදී)
ක්‍රීඩාව යනු සාමය මිස ක්‍රෝදය, වෛරය ගෙනඑන්නක් නොවෙන බව සිතාගන්න. (නි)
මෙතන ගහගත්තේ නැහැ. වෙනද වගේව පිටිටනිය මැදට ආවා. අන්තිම බෝලෙත් යැව්වම රිචිමන්ඩ්ලක් ආවා. පොලිසිය හිතුවේ ගහගන්නවා කියලා. ඒත් කවදාවත් එහෙම වෙලා නැහැ.(නදී)
ලංකාවේ දකුණු පළාතේ ඕවා සුලබයි. එහෙ ඉන්නේ නුගත් ආවේගශීලි මිනිස්සු , ඔවුන් සංස්කෘතික වශයෙන් ඉන්නේ පහල මට්ටමක .(නදී)
ක්‍රිඩාවෙහි අරමුණ වන්නේ ජය පරාජය එකසේ ඉවසීම, විනය සහ හික්මීම ආදී යහපත් ගුනදහම් වර්ධනය කිරීමයි. වර්ථමානයේ තරුණ පරපුර අතර එවැනි ක්‍රියා නොමැතිවි ම කණගටුවට කරුණක්.(නදී)
මම මහින්දීයයකු වීම ගැන ආඩම්බර වනවා. මම ගුවන්විදුලි විස්තර ප්‍රචාරය ඇහුවා. ඒ වගේම වෙබ් අඩවියේ මැච් එක බැලුවා. මේ දෙකේම පැහැදිලිව කියවුනේ අන්තිම පන්දුවත් යැවූ බවයි. ඉන් පසු ක්‍රීඩකයන් සිහිවටන ලෙස විකට් කූරු රැගෙන ක්‍රීඩාගාරයට දිව යන ආකාරයත් රුහුණු සේවයේ ප්‍රචාරය වුනා. තරඟය අවසන් වීමට පෙර මහින්දීයයන් ක්‍රීඩාපිටියෙට පැමිණියා යැයි ඇතැම් අය කීම පුදුම සහගතයි. තරඟය ජය ගැනීමටනම් අවසන් පන්දුවට ලකුණු 25 ක් ගත යුතුව තිබුණා. එය කළ නොහැකි දෙයක්. එවන් තත්ත්වයකදී මහින්දීයයන් අවසන් බෝලය නැවැත්වීමට අවශ්‍යතාවක් නැහැ. මේ නිසා එතැනදී කඳුලු ගෑස් යොදා ගැනීමට අවශ්‍යතාවක් ද නැහැ. කිසිම හේතුවක් නැතිව සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයකු කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරනවා. මම හිතන්නේ පොලීසිය මේ සම්බන්ධව පරීක්ෂණයක් කළ යුතු බවයි. (ස)
කාටද ආඩම්බර අපේ ශ්‍රී ලංකා පොලීසියටනේ (ස)
මේ ගොල්ල ගොඩක් තරහ ඇති පත්තර කාරයොත් එක්ක. කොහොම උනත් හැම එකම එලිකරනකොට මිනිස්සුන්ගේ අය්තිය ආරක්ෂා වෙනවා. පොලිස් කාරයෝ එයාලගේ රාජකාරිය කරන්න ඕන (ස)
වරුණ මහතාට, ඔබ පමණක් නොවේ අපිත් එතැන හිටියා. අවසන් පන්දුව යැවූ පසු තරඟය අවසන් වී දෙපිලේම ක්‍රීඩකයන් පිටියෙන් ඉවත්වූවාට පසු වෙනත් වසරවලදී මෙන් සුපුරුදු පරිදි ක්‍රීඩා ලෝලීන් පිට්ටනියට ආවා. ඒ වෙලාවේ තමයි රිච්මන්ඩ් කූඩාරමෙන් මහින්ද ආදි සිසුන්ට ගල් ගැහුවේ. අපි හොඳිනම් දුටුවා මහින්ද ආදි සිසුන් තම පැත්තට යළිත් දිව යනවා. රිච්මන්ඩ් අය පුටු සහ පොළු ඔසවාගෙන ඔවුන් පසු පස හඹා ගියා. ඒ වෙලාවේ තමයි මහින්ද ළමයි හිටපු කූඩාරමට කඳුළු ගෑස් ගැහුවේ. ඒක කළේ රිච්මනඩ් ආදි සිසුන් කියා ඔප්පුකළ පෙන්වූ ලංකාදීප එසැන පුවත් වෙබ් අඩවියට අනේකවාරයක් ස්තූතියි. තරඟයටත් පෙර තරඟය දිනා සිටි රිච්මන්ඩලාට ජය පරාජයෙන් තොරව තරඟය අවසන් වීම දරාගන්න බැරි වෙලා ද මේ වගේ දේවල් කරන්නේ. නිල ඇඳුමක් නැතිව රිච්මන්ඩ් කැප් තොප්පි පැළඳගෙන කඳුළු ගෑස් ගහපු මේ පුද්ගලයාට විරුද්ධව පොලීසිය නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
පුදුමයි හරි අපූරු වැඩක් නේ පිරිමින් එසේ පවසද්දී කාන්තාවන් මෙසේ පැවසුවාය. අපූරු වැඩක් නේ. කොහොමද එහෙම කරන්නේ. (ස)
කවුද වඳුරට දැලි පිහිය දුන්නේ. (ස)
දෙවිදුහලේ ක්‍රීඩා කමිටු නිර්දේශය මත සිවිල් පොලිස් නිළධාරීන් ද 250ක් යෙදවීමට තීරණය වීය. සුදු ෂර්ටී ඇදල ඉනනේ ඒ අය. ආරක්ෂාව සදහා කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි. මෙයට අමතරව ආරක්ෂාවට ආදි ශිෂයන් 300ක් යොදවා තිබුණි. මෙහෙම තිබ්ලත් ගහගත්තේ මෙ කියන තරමි සරල දෙයක් හින්දා නෙමෙ. අපිත් එතන හිටිය නේ.(නදී)
බොදු බල සේනාව කෝ.?නදී)
කොලු කමට කල වැඩක් කියලා තමයි මටත් හිතෙන්නේ
නීතිය පිරිහුනාම ඕවා සාමාන්‍ය දේවල්.(නදී)
දකුණු පළාත හරි දියුණුයි, ඒ වාගේම හරි දරුණුයි.(නදී)
බල්ලගේ වැඩේ බූරුවා කරලා වගේ.(නදී)
ඇයි කිසිදූ ගැටුමක් නැතුව කදුලු ගෑස් ගැහුවෙ?(නදී)
ගාලු පොලීසිය වටලමු.(නදී)
ඔය සිද්ධිය වෙන වෙලාවෙ අපිත් ඔතන හිටිය.කොහොම උනත් ඔය කියන වැරදි එකක්වත් රිච්මන්ඩ්වරු කලේ නෑ. අපි ගාව ඡායාරූප,වීඩියෝ පවා තියෙනව ඔය කතා වල ඇත්ත නැත්ත පෙන්නන්න. මහින්දෙ පැත්ත සම්පූර්ණයෙන් පොලිසිය යවද්දි, රිච්මන්ඩ් පැත්තට පොලිසියෙන් හිටියෙ දෙතුන්දෙනයි. රිච්මන්ඩ් ටික දෙනෙක් පිට්ටනියට පනින්න හදද්දි රිච්මන්ඩ් එකේ අයම එයාලව නවත්ත ගත්ත. දැං ඔය ඊයෙ හැම වැරැද්දම කරලා සුදනො වෙන්න හදන කට්ටිය රිච්මන්ඩ් එකට බොරුවට වරද පටවන්න එපා. ඒ වගේම තවත් එකක් ක වුරුවත් කතා නොකලට, රිච්මන්ඩ් එකේ ටෙන්ට් එකේ ඉස්කෝල ඇඳුමෙන් හිටපු පොඩි එවුන්ට කඳුලු ගෑස් ගැහුව නිකරුනේ. මහින්ද ටෙන්ට් එකට 5,6ක් ගැහුවා. ඇත්ත ඒක මිසක්,රිච්මන්ඩ් එවුන් වරදක් කලේ නෑ. ආ තව එකක් මම මේ කමෙන්ට්ස් වල දැක්ක රිච්මන්ඩ් එවුන් මෙ අමුතු හයියක් අරන් තියෙනව කියල වගේ කතාවක්.ඔය කියන්නෙ මේ රටේ ජනාධිපතිතුමා ගැන නම් ඒකට මට දෙන්න තියෙන උත්තරේ එහෙම හයිය අපට නීති විරෝධී වැඩ කරන්න ඕන නෑ කියන එක. මොකද අපේ අය එතුමන්ගේ හයිය ගන්නෙවත්, වැරදි වැඩ කරන්නවත් පෙළඹෙන්නෙ නෑ. අනික රිච්මන්ඩ් එකේ තාමත් කීර්තිමත්ම ආදි ශිෂ්‍යය විදියට පිළිගන්නෙ කන්නන්ගර මහත්තය මිසක්,මහින්ද මහත්තය නෙවෙයි.ඒ නිසා වගකීමෙන් අදහස් ප්‍රකාශ කරන්න. ස්තුතියි.(නදී)
අයියෝ සල්ලි
එතකොට ඇසල ආනන්ද?(නදී)
රීච්මන්ඩ් එකේ එක්කෙනෙක්වත් පිටිය මැද්දට පැන්නේ නෑ . මහින්දෙ අය තමයි මුලින්ම රිච්මන්ඩ් ටෙන්ට් එක ලගට ඇවිත් ගහන්න පටන් ගත්තේ.(නදී)
මේ පුද්ගලයා අල්ලා ගස් බදිනු. මොහුට කඳුළු ගෑස් සපයන පොලිස් භටයාට උපරිම දඬුවම් ලබාදෙනු. (ස)
රිච්මන්ඩ් වේවා, මහින්ද වේවා,වැරදි ආදර්ශයක් රටට(කුඩා පාසැල්වලට)දුන්නා.(නදී)
මේ සිවිල් පොලීසියෙන්. නැතුව රිච්මන්ඩ් ආදි සිසුවෙකු නො වේ. රිච්මන්ඩ් ආදි සිසුවෙකුට පොලීස් මහතාගේ කඳුළුගෑස් විදිනය දෙයිද. මොහු පැළඳ සිටින්නේ රිච්මන්ඩ් විද්‍යාලයීය කැප් තොප්පියක් නො වේ.(නදී)
කවුද මේ කඳුළු ගෑස් ගහන එක්කෙන. වහාම ඔහු හඳුනාගන්න. පොලිස් නිලදාරීන් ක්‍රිකට් සෙල්ලම් කරන්න අවශ්‍ය නැහැ. මම ආද මහිනදීයයෙක්. (ස)
කැම්පස් වල මරා ගන්නවා. ඉස්කෝලවල මරාගන්නවා. බස් එකක යන්න දෙන්නේ නැහ. හැබැයි අපිලු උතුම්ම. (ස)
රටක නීතිය වල්වැදුනම, යුගයට සරිලන විදියට අධ්‍යාපනය වෙනස් නොවුනම ඔහොම වෙනවා. (නදී)
මේ රටේ විශ්වවිද්‍යාල, පාර්ලිමේන්තුව, රැකියා ආයතන, සිවිල් සමාජයේ විනය පිරිහුනාම පාසැල් ගැන මොන කතාද?(නදී)
ලොකු පාසැල් වේවා! පොඩි පාසැල් වේවා! ඔක්කොම මේ රටේ පාසැල්. මේ තත්වෙන් පෙනෙන්නේ අපේ රටේ අනාගතේ බාරගන්න ඉන්න අයගේ විනය. මොනතරම් කනගාටුද?(නදී) l
කෝ සේනාව?(නදී)
මහ ලොකු ඉස්කෝල වල විනය පිරිහී ඇති ආතාරය ඒවායේ ආදි ශිෂ්‍යයින් වන වත්මන් දේශපාලකයන්ගේ හැසිරීමෙන් මනාව ඔප්පු වේ. ලමයින් ආදර්ශයට ගන්නේ ඒ අයයි.(නදී)