IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘

(අංජුල මහික වීරරත්න)

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභාව වාර්තාවේ සඳහන් වන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

බටලන්ද කොමිෂන් වාර්තාව ගැන තවදුරටත් අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

1987 වසරේ දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව ජනතා විමුක්ති පෙරමුණ රට පුරා භීෂණයක් ඇති කිරීමට ක්‍රියා කරනු ලැබුවා.

ඒ අවස්ථාවේදී රටේ ර්මමස්ථාන ආරක්ෂා කිරීමේ බලය ජේ. ආර්.ජයවර්ධන ජනාධිපතිතුමා විසින් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරුවා.

බියගම ප්‍රදේශයේ තෙල් පිරිපහදුව, ඩීසල් විදුලි බලාගාරය,මහවැලියේ සිට කොළඹට විදුලිය ලබා දෙන මධ්‍යස්ථානය , වෙළෙඳ කලාපය ලෙස ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන කිහිපයක් තිබුණා.ඒ ප්‍රදේශය ආරක්ෂා කිරීම සඳහා හමුදා කැඳවනු ලැබුවා.

ආරක්ෂක අංශ වලට රැඳී සිටීම සඳහා ලංකා පොහොර නිපදවීමේ සංස්ථාවට අයත් ඒ වන විට අතහැර දමා තිබූ ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් ලබාදීමට තීරණය කෙරිණා.

ඒ වන විටත් ලංකා විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් කිහිප දෙනෙකු එහි නිවාස කිහිපයක පදිංචිව සිටියා.

මේ භීෂණ කාලය තුළදී සපුගස්කන්ද පොලිස් ස්ථානයට පහරදී ස්ථානාධිපතිවරයා මරා දමනු ලැබුවා.ඒ අවස්ථාවේදී ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රංජන් විජේරත්න මහතා මට කතා කර යුද හමුදා සහ පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා නිවාස සංකීර්ණයේ හිස්ව පවතින නිවාස ඔවුනට ලබාදෙන ලෙස ඉල්ලා සිටියා.ඒ අනුව එවකට සිටි ඈවරකරු මගින් අදාළ නිවාස කැලණිය පොලිස් අධිකාරී නලින් දෙල්ගොඩ මහතා වෙත පැවරීමටත් පියවර ගත්තා. පළාත් සභා මන්ත්‍රීවරයකු, සමූපාකාර සමිති සභාපතිවරයකු,පොලිස් සාජන්වරයකු, ඇතුළු පුද්ගලයන් කිහිප දෙනෙකුම ඝාතනය කිරීම මේ අතර වාරයේදී සිදු වූවා. ඒ සමගම තවත් පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිවසකට ද පහර දීමක් කෙරුණා.

කඩා වැටුනු ජන ජීවිත , ආර්ථිකය ගොඩ නගමින් රටේ සාමය සහ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට බලයේ සිටි ආණ්ඩුව විසින් කටයුතු කළා.

1994 න් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බටලන්ද ප්‍රදේශයේ වධකාකාරයක් තිබුණේදැයි සෙවීමට කොමිසමක් දැම්මා.ඊට නොයෙකුත් පුද්ගලයින් කැඳෙව්වා.මා ඊට කැඳෙව්වේ සාක්කිකරුවකු ලෙස පමණයි.

ඒ වන විට මා රටේ විපක්ෂ නායක ලෙස කටයුතු කළා. බටලන්ද කොමිසම පත් කළේ සම්පූර්ණ දේශපාලන මඩ ගැසීම අරමුණු කරගෙනයි. නමුත් ඒ උත්සාහය සාර්ථක වුණේ නැහැ. වාර්තාවේ තීරණ වල මා සම්බන්ධයෙන් සඳහන් කර තිබෙන්නේ ඇමති හැටියට පොලිස් අධිකාරීවරයා මගින් පොලිස් නිලධාරීන්ට නිවාස දීම නිවැරදි නොවන බවයි. එහි නියම ක්‍රමවේදය විය යුත්තේ පොලිස්පතිවරයාට නිවාස බාර දී ඒ හරහා අදාල නිලධාරීන්ට පැවරීමයි. මේ ක්‍රියාකාරකම නිසා මමත් නලින් දෙල්ගොඩ මහතාත් වක්‍රාකාරයෙන් වගකිව යුතු බව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙනවා.

කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වෙනත් කිසිදු කරුණක් මට අදාළ වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ 1988-90 කාලයේ කළ ත්‍රස්ත්‍රවාදී ක්‍රියා රාශියක් ගැන කොමිෂන් වාර්තාවේ තීරණ සමාප්ති නිරීක්ෂණ සමාප්ති නිරීක්ෂණ වල දැක්වෙනවා.එහි පසුබිමත් කියැවෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කළ දරුණු ත්‍රස්ත ක්‍රියා ගැන කොමිෂන් වාර්තාවේ තුන්වැනි පරිච්ඡේදයේ දීර්ඝ වශයෙන් කරුණු සඳහන් වනවා.මුළු ඉතිහාසයම එහි ඇතුලත් කර තිබෙනවා.

ඉහත කරුණු ඇරෙන්න අනෙක් කිසිම චෝදනාවක් මට අදාල වන්නේ නැහැ.ඒ වාර්තාව මා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.

බටලන්ද කොමිෂන් වාර්තාව හංගාගෙන සිටියා කියා කිසිවෙකුටත් චෝදනා කළ නොහැකියි.වර්ෂ 2000 දී පාර්ලිමේන්තු සැසි වාර්තාවක් හැටියට එය තිබුණා.නමුත් කිසිවකුත් ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට ඉල්ලීම් කළේ නැහැ. අඩුම තරමින් ජනතා විමුක්ති පෙරමුණවත් එවැනි ඉල්ලීමක් කළේ නැහැ.බොහෝ දෙනෙක් වාර්තාව පිළිගත්තේ නැහැ.ඒ නිසා පාර්ලිමේන්තුවේදී විවාද කිරීමට පියවර නොගත් බව අපට විශ්වාස කළ හැකියි.

මෙතෙක් බලයට පත් වු කිසිදු දේශපාලන පක්ෂයක් මේ වාර්තාව හරහා පටු දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකළ බවද කිව යුතුයි.

ඒ වගේම පාර්ලිමේන්තු සැසි වාර්තාව අවුරුදු විසි පහකින් පසුව පාර්ලිමේන්තුවේ විවාද කිරීමේ කිසිම සම්ප්‍රදායක් මේ රටේවත් අනෙක් පාර්ලිමේන්තු වලවත් නැහැ.

 



අදහස් (47)

‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘

ජිල්බු Sunday, 16 March 2025 12:18 PM

මම වෙන මොනව කියන්නද, නේද කජු සීයේ?

:       1031       692

SunethSunday, 16 March 2025 05:02 PM

ලෝකෙටම පේන්න හත්පොලේ ගාගෙන දැන් කියනවා ඒක කෙරුවේ වෙන කෙනෙක් කියලා. හරි, ඔයා නොවේ.

:       996       931

ගැමුණු Sunday, 16 March 2025 06:29 PM

රටපුරා JVP විසින් කළ ඝාතන, මහජන දේපල හානිකිරීම්, බැංකු කඩා රත්තරන් සහ මුදල් පැහැර ගැනීම්, පාසල්, රජයේ ගොඩනැගිලි, බස්රථ ගිනි තැබීම පිළිබඳව පරීක්ෂණ කර ඒ ගැන සොයා බලා සිදුවූ හානියට වන්දි ගෙවීමට JVP ආණ්ඩුව කටයුතු කළයුතුයි. හිටපු JVP නායක රෝහණ විජේවිරගේ බිරිඳට වර්තමාන JVP කණඩායම පිළිබඳව කරන්නා වූ ප්‍රකාශ සොයා බලන්න.

:       388       993

පර්සි මහේන්ද්‍ර Sunday, 16 March 2025 07:19 PM

බස් ගැමුණු, ඇයි මේ නින්දෙන් අවදිවෙලා. ඔය පටන්ගත්තා විතරයි. අවුරුදු තිස් හතලිස් ගාණක් තිබිලත් නොකරපු දේවල් ඔය අයගේ ආණ්ඩු කවදාවත් කරන්නෑ. මොකද ඒ අයට හොරාකෑම වගේ වෙන වැදගත් වැඩ තියෙනවා. කමක් නෑ, තව අවුරුදු පහළොවකින් වෙන අය බලයට එයි. එතකොට බලන්න.

:       757       357

පැරකුම්Monday, 17 March 2025 10:27 AM

ගැමුණු ඔබ හරි. එදා ජවිපෙ කල භීෂණයට නීති ගරුක රජයක් විසින් පවතින නීති පරිදි පාලනය කල නොහැකි බව ඉතා පැහැදිලිය. එවැනි අවස්ථා වලදී රජයකට මෙවැනි තාවකාලික විකල්ප ක්‍රියා මාර්ග ගැනීම හැර වෙනත් පිලියමක් නැත. එය කිසිසේත්ම අනුමත කල නොහැකි නමුත් එසේ නොකරන්නට අපට අදට නිදහසේ ජීවත්විය හැකි රටක් නැති වීමට තිබුණි. එදා අපි මේවා යටි හිතෙන් අනුමත කලේ කැමැත්තකින් නොවේ. අදටත් මෙවැනි දේ ලෝකයේ බොහෝ රටවල දක්නට ඇත. වරදට දඩුවම් දීමත් තත්වය පාලනය කිරීම අගය කිරීමත් දෙකම සිදුවිය යුතු බව මගේ හැගීමයි.

:       3       1

amarasiriMonday, 17 March 2025 06:54 AM

Copy of Letz Chat කුමාර් ගුණරත්නම්, පුබුදු ජයගොඩ, දුමින්ද නාගමුව සහෝදරවරු සහභාගි වන දේශපාලන සාකච්ඡාව අනුව මේවනවිට JVP පක්ෂය බටහිර දනවාදී ප්‍රතිපත්තියක සිටිනා නිසා, සමාජවාදී වමක් ගොඩනැගීමේ අවශ්‍ය ත්වය සදහා බටහිර රටක හෝ රටවල් කිහිපයක තානාපතිවරු මුනගසිමක් හෝ මුල්‍යමය සහයෝගයක් ( බටහිර රටකින් හෝ ඉන්දියාවෙන් පොඩි තලුවක් ) මේ කණඩායමට අවශ්‍ය බවක් පෙනෙන්නට ඇත..

:       3       0

යෝගා Sunday, 16 March 2025 12:25 PM

මේ ආණ්ඩුව පවත්වාගෙන යන්නේ සති දෙකකට සැරයක් එළිදක්වන මේ වගේ විකට නාටක පිහිටෙන්. හැබැයි මේ වාර්තාව කෙසේ වෙතත් ජේවීපී භීෂණ සමයේ මිනී මරලා දැන් මැති ඇමැතිලා වෙලා ඉන්න ගෝනිබිල්ලෝ ටික හෙලි කරගන්න ඕනෑ.

:       466       745

යෝගගෙ අධෝමුකේSunday, 16 March 2025 07:21 PM

ඉතිං ඔහෙලාගේ මාර ආණ්ඩු කාලේ ඒ ටික නොකලේ මොකෝ..?

:       289       460

හසකSunday, 16 March 2025 07:36 PM

රට මේ තත්ත්වයට පත්කරපු අයගේ වහල් බලකාය නැවතත් ළදරු රතු කොළ බොත්තම් සෙල්ලමේ. මොන්ටිසෝරි වැඩ...!

:       146       313

කෞෂිSunday, 16 March 2025 08:51 PM

යෝග ඉන්නව, ගුණරත්න මිසින්. මට හිනා!

:       369       30

ලූට හොදටම මූස් Sunday, 16 March 2025 12:29 PM

ඉතිං අනේ ඔහෙලගේ ආණ්ඩු කාලේ ඒක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ඒකේ වැරැදියි කියලා ඔප්පු කළා නම් හරිනේ, වල්ගෙ ගිණිගන්නකන් ඉන්නේ නැතුව...!

:       418       446

පොඩිඑකා Sunday, 16 March 2025 12:30 PM

හොරාට කලින් කෙහෙල් මුත්තා වැට පැනලා…!

:       420       333

රංගන Sunday, 16 March 2025 01:18 PM

ඒකද මහත්තයෝ අල්ජසීරාවට මුලින්ම වාර්තාවක් නැහැ කියලා, මාධ්‍යවේදිනියක් ඒක පෙන්නුවාට පස්සේ ඕක සභාගත කරලා නැහැයි කියලා කිව්වේ? අපි නම් ඔටුවෝ නෙමෙයි.

:       487       558

ලක්විදු Sunday, 16 March 2025 01:51 PM

කව්ද ඔයාගෙන් ඇහුවේ?

:       376       128

ජගත් ලියනගේSunday, 16 March 2025 03:18 PM

කෙහෙල් කැන වැට පනිනවා කියලා අහලා තිබ්බාට දැකලා නැහැ. රනිල් ඒකත් අද පෙන්නුවා...

:       419       122

අනුන්ට ඇඟිල්ල දික් කරනකොට තමන්ගෙ පැත්තට ඇඟිලි හතරයි Sunday, 16 March 2025 01:52 PM

බටලන්ද විමර්ශනයක් කරනවා නම්, ඉස්සෙල්ලාම ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් සිදුකළ මරණ පිළිබඳ සොයා බැලිය යුතුයි. වෙන කිසිම සමාජවාදී විප්ලවයක් රටේ අහිංසක මිනිස්සු ඝාතනය කරේ නැත. ඒත් වත්මන් මාලිමාව නමින් බැටලු හම් පොරවා සිටින ජවිපෙය කළ විනාශය එදා සිටියවුන් ඉතා හොඳින් දනිති. මක් නිසාද යත්, එදා ඔවුන් සිදු කළ අපරාධ, ජවිපෙ සාමාජිකයන් විසින්ම පාපොච්චාරණය කළ නිසායි...

:       152       550

ddsSunday, 16 March 2025 02:39 PM

ඩග්ලස් පීරිස්ගේ දිව්රුම් පෙත්සමත් කියවන්න. ඒක ඉවර වුණාම කියන්න තව කියවන්න.. බලන්න ඒවා කියලා එවන්නම්...

:       425       105

SamanMonday, 17 March 2025 07:43 AM

එහෙම පාපොච්චාරණයක් කරා නන් ඇයි ඒ අයට නීතියෙන් දඬුවම් කරන්නේ නැත්තේ? කියන්ඩකෝ බලන්ඩ ඔය පාපොච්චාරණ වාර්තා තියන තැන. නිකන් බොරු ගොතන්නේ නැතුව.

:       4       2

උඩුගම්පොල Sunday, 16 March 2025 01:54 PM

ඔබතුමා ඇයි මේ බයවෙලා ... බයවෙන්න කාරි නෑ ඔබගේ සම්බන්ධයක් නැත්නම්...

:       421       350

බබාලන්තේ ඡන්දේ ලඟයි Sunday, 16 March 2025 01:59 PM

ඔන්න බබාලා අපි ඔයාලට මේ සතියේ බටලන්ද ටොපිය දුන්නා. මේක නම් ලස්සන ටොපියක්. ඔය බබාලා දැන් මේ ටොපිය කාලා අපිට ඊලඟ පාර ඡන්දෙ දෙන්න ඕන හොඳේ. ඊලඟ පාර මාලිමාව 5/6කින්ම දිනවන්න ඕනෑ.

:       124       387

බබාSunday, 16 March 2025 02:59 PM

එතකොට මාමේ ඕගොල්ලො ඒ මරපු, තුවාල කරපු අයට රිදෙන්න ඇති නේද...?

:       287       103

ජිල්බු Sunday, 16 March 2025 02:27 PM

නැත්තං පිළිගන්නවා කියන්නයෑ. හැබැයි කජු සීයේ එදා මේදි හසන් කියවපු රිපෝට් එකනම් හම්බ වුණාලු. කොපියක් එවන්නෙයි?

:       293       105

සමරේ Sunday, 16 March 2025 02:40 PM

ඩුබායි හි පිහිටි ආයතනයේ තොරතුරු තාක්ෂණ අංශයේ වැඩකරන අපිට ඩුබායි පොලීසිය විසින් (ඒ ගොල්ලන්ට UN එකෙන් එවන) අප්‍රිකාවේ මේ වගේ වද කඳවුරු පවත්වාගෙන ගිය "වෝ ලෝඩ්ස්ලාගේ විස්තර හැම තිස්සේම ලැබෙනවා (ඒ ගොල්ලෝ ඩුබායි හරහා සල්ලි හුවමාරු කරලද බලන්න), ඒවායේ සඳහන් වෙන එම පුද්ගලයින් කරලා තියන අපරාධ අපි පුදුමයෙන් කියවනවා. බලාගෙන ගියාම එහෙම කෙනෙක් මෙහෙත් ඉඳලා තියනවා. හැබැයි අද වෙනකන් කිසිම දඬුවමක් නැතිව...

:       334       31

බකල ජයා Sunday, 16 March 2025 03:13 PM

2000 ඉඳන් තිබුණු වාර්තාව සභාවට ගත්තේ නැත්තේ ඩීල් දාලා නෙමේ කියලා මම විශ්වාස කරනවා. දැන් ඒ ගැන වාදෙ යන්නේ ඩීල් එක බැරිවුණු හින්දා නෙමේ කියලත් විශ්වාස කරනවා. මම හරි මෝඩයි...!

:       325       386

sunil Sunday, 16 March 2025 03:15 PM

මේ සමගම එදා රටට බටලන්ද වැනි තැන් අවශ්‍ය වුනේ ඇයි කියලත් සොයා බැලිය යුතුයි.

:       85       420

හසකSunday, 16 March 2025 03:47 PM

JR සහ ඔහුගේ ඇමැතිවරු සිදුකළ '83 කලු ජූලිය, ලෝක ලැජ්ජාවෙන් ගැලවෙන්න, වැරැද්ද JVP සහ අනෙකුත් වාමාංශික පක්ෂවලට පටවලා තහනම් කෙරුවා. රාජ්‍ය මර්ධනයෙන් ගැලවීමට සහ හැමෝටම තියෙන දේශපාලන කිරීමේ නිදහස වෙනුවෙන් ආයුධ ගැනීම අසාධාරණ නැහැ නේද? දළ වශයෙන් එකල රජයෙන් 60000, JVP අතින් 7000ක් මියගිය බව තමයි ඕවාට සම්බන්ධ වුණු දෙපැත්තේම අය කියන්නේ. දැන්වත් පැහැදිලිද හේතුව?

:       602       494

මිලෙස් Sunday, 16 March 2025 03:32 PM

අනේ මන්දා සියේ... ඔයා කියන දෙයක් තමයි..!

:       119       79

NadiSunday, 16 March 2025 04:18 PM

මේ නිකං සාගලගෙන් බැණුම් අහන්නැතුව ඉන්න...

:       101       59

Neel Sunday, 16 March 2025 03:52 PM

ආණ්ඩුවට එරෙහිව පළමු කමෙන්ටුව හැමදාම එකම නම තිබෙන හොරුන්ට කත් අදින ජනතාවගේ බදු මුදල් ගිල්ල එක්කෙනෙක්ගෙන් පමණමයි. කොහොමද එහෙම වෙන්නේ...? මට හිතෙන්නේ මේතැනත් පොඩි ගේම් එකක් වගේ...

:       96       47

ප්‍රියන්ත Sunday, 16 March 2025 04:40 PM

ඇයි කලබල? කමිටුවක් තිබ්බා, වාර්තාවක් ආවා, ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා…, ඒක තමයි සම්මත විදිය. ඒ කමිටුව පිළිබඳ ප්‍රශ්නයක් තිබුණා නම් ඒ දවස්වලම කියලා විසඳා ගන්න තිබුණා. ඉතිං ඇයි දැන් කලබල..?

:       91       58

අහිංසක පුරවැසියන් Sunday, 16 March 2025 04:50 PM

තණකොළ නෑ ගහ මුදුනේ ඒකයි බිමට බහින්නේ... වාසියටත් ලේසියටත් කියන්න කරුණු තියෙනවා. නැත්තං හදලා කියනවා. නැත්තං මවලා කියනවා...

:       92       55

ඉන්දි Sunday, 16 March 2025 05:23 PM

කමක් නෑ සීයේ... 2048 ආයෙත් පස්ස දොරෙන් බැරි නම් ජනේලයෙන් පැනලා හරි ඇවිල්ලා ජනාධිපති වෙලා මේවා ඔක්කෝටම උත්තර දෙන්න සීයා...!

:       96       55

පිටිගල මිලානෝ Sunday, 16 March 2025 05:51 PM

හෙට කියයි ඔබ ඔබවම ප්‍රතික්ෂේප කරන බව… ඔබට එය සුළු දෙයකි.

:       64       48

Lakshan Sunday, 16 March 2025 05:58 PM

මේ ආණ්ඩුව මීට අවුරුදු 25කට කලින් වාර්ථා පිළිගන්නවා නම් ඒකේ ජවිපෙ කරපු මිනී මැරුම් සහ එම මිනීමරුවන්ට ලබා දියයුතු දඬුවම්ද ක්‍රියාත්මක කළ යුතුයි...

:       44       156

කජු ඛන්නා Sunday, 16 March 2025 08:42 PM

වාර්තාවට කලින්: මම කොටින්ම සම්බන්ධ නෑ. වාර්තාවට පසුව: මම වක්‍රව සම්බන්ධයි.

:       73       40

කජු කපූර්Monday, 17 March 2025 08:29 AM

විවාදෙට පසුව: ... ... ... අත්අඩංගුවට පසු: ... ... ... නඩුවට පෙර: ... ... ... නඩුවට පසු: ... ... ... හිරේට පෙර: ... ... ... හිරේට පසු: ... ... ...

:       0       6

kavithilaka Sunday, 16 March 2025 09:19 PM

අල් ජසීරා එකට කිව්වේ 'කොහේ තියෙන වාර්තාවක්ද?' කියලනේ. දැන් ඔය නැති වාර්තාව ද ප්‍රතික්ෂේප කරන්නේ?

:       0       1

Pandula Sunday, 16 March 2025 10:50 PM

මෙතැන රණ්ඩු වෙලා වැඩක් නෑ... මේ වාර්තාවක් මොනවාත් කරන්නඩ බෑ... මේක තවත් එක සංදර්ශනයක් විතරයි

:       1       0

පිටිගල මිලානෝ Monday, 17 March 2025 01:33 AM

කවුද මේ ඩිස්ලයික් ගහන රිලවා…. සංගනනෙට ගියේ නැද්ද….?

:       1       2

Shantha Monday, 17 March 2025 04:37 AM

බයවෙන්න එපා . පොඩි කාලෙකට හරි යනන්වෙයි .කොහොමත් වලපයයි ගොඩ පයයි නේ

:       1       0

ranjith Monday, 17 March 2025 06:46 AM

අඩුම ගණනේ ඔය එකක් අවසන් කරන්න - මහබැංකු වංචාව, වීසා මගඩිය, හිටපු ජනපති වරප්‍රසාද කපන එක

:       1       0

Priyantha Dissanayake Monday, 17 March 2025 07:37 AM

රනිල් මහත්තයා යුන්පි එකට සහ පාක්ෂිකයාට කළ මහා අපරාධය පිළිබඳව ඔහු සමඟ ගැටලුවක් තිබුණත් ඔහු පක්ෂයෙන් පිටට මහා ප්‍රජාතන්ත්‍රවාදියෙක්, 94ට පෙර රටට වැඩකළ උගත් බුද්ධිමත් ඇමතිවරයෙක් කෘත හස්ථ දේශපලඥයෙක්, මේ අවස්ථාවේ ප්‍රකාශයක් කිරීම වැදගත්, අවුරුදු 35කට කලින් තිබුණා සුන්දර සමයක්. ඊට මෙහා ඉපදුනු අය දන්නේ නැහැ.සිරිමාවෝ සිරකර සිටි විජේවීර මහත්තයා සහ පිරිස කොන්දේසි විරහිතව ජේආර් මහත්තයා එළියට දැම්මා ඒ ඔය කියන දේශපාලය කරන්න .

:       1       2

කෞෂි Monday, 17 March 2025 07:45 AM

මේ රතු කොළ කවුරුහරි පුද්ගලයෙක්/ කට්ටියක් මැනිපියුලේට් කරනවා. ඒ ගණන් ගැන විශ්වාස කරන්න බැහැ.

:       2       9

Rodni Monday, 17 March 2025 08:57 AM

ජෙප්පෝ චූන් වෙලා ලබන සතියේ තව එකක් හොදේ

:       11       4

කෞෂිMonday, 17 March 2025 04:00 PM

හලෝ යෝගා, කොහොමද?

:       0       0

Sagath - Kandy Monday, 17 March 2025 10:13 AM

බටලන්ද අපරාධ සම්බන්ධයෙන් රනිල් වැරදිකරු බව ඔප්පු වී ඇති කරුණකි. රනිල්ට දඬුවම් කිරීමට පෙර කිසිදු රජයක් උනන්දු වූයේ නැත. මන්ද ඔහු ඔවුන් හා සමාන සමාජ පන්තියක් වූ බැවිනි. රනිල් උගත් බව පෙන්වීමට කැමතියි නමුත් ඔහු කපටි මිනීමරුවෙකු පමණි. කර්මය ඔහුට කවදා හෝ දඬුවම් කළ යුතුය. රජයේ හමුදාව, පොලිසිය සහ හෙංචයියන් විසින් කරන ලද බොහෝ ඝාතන එදා ජෙවිපි වෙත බැර කරන ලදී. සත්‍යය කවදා හෝ එළියට එනු ඇත, එය සදහටම සැඟවිය නොහැක, සත්‍යය ජය ගනු ඇත. සිදු කරන ලද දරුණු අපරාධ සඳහා රනිල් වැනි අය සදාකාලිකවම නිරයේ කුණු වනු ඇත.

:       3       9

Nishan Tuesday, 18 March 2025 04:39 AM

බටලන්ද වාර්ථාවෙන් රනිල් වැරදිකරුවෙක් කියලා කොහේවත් කියලා නෑ. මෙතන කොමන්ට්ස් දාපු ජෙප්පෝ වලිගේ පාගගෙන බව පේනවා. රනිල්ට තියෙන චෝදනාව එයා මැදිහත්වෙලා බටලන්ද පරණ පොහොර ගබඩාවේ ගොඩනැගිලි පොලීසියට දුන්නා කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 209 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 236 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 444 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 575 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 676 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 323 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site