මීගමු කලපුවේ අනවසර ඉදිකිරීම් කළ අයට තරාතිරම නොබලා දඩුවම් කරන බව බෝට්ටුවකින් කලපුවේ සැරි සැරූ ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය ඇමැති සරත් කුමාර ගුණරත් ගුණරත්න මහතා කියයි.
වර්ග සැතපුම් 14කට ආසන්න ප්‍රමාණයක් වූ කලපුව දැන් මිනිස් ආක්‍රමණයෙන් කුඩා වී ඇත.
දඩුගම් ඔයෙන් හා පරණ ලන්දේසි ඇළෙන් ද තවත් ජලමාර්ග රැසකින් ද සම්බන්ධ වන මේ කලපුවේ කඩොලාන කපා වනසා ඇත. කලපුව අවට ඉදිකිරීම් වලින් කලපු ජලය බෙහෙවින්ම දූෂණය වී ඇත.
සංක්‍රමණික හා දේශිය කුරුල්ලන් බෙහෙවින් ගැවසෙන කළපුව ඉවක් බවක් නැති ඉදිකිරීම්වලින් හා අපජලය නිසා වැනැසී ගොසිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මගේ කට මොකටද කිවුවලු. (නි)
පුදුමයි ඒත් අැත්තයි.(ස)
මීගමුව කළපුවෙ සී ප්ලේන් තොටුපළ හදන්න ගත්ත කාලේ ධීවරයෝ පාරට බහිද්දී ඔබතුමා හිටියද? (නි)
අනේ ඇමතිතුමනි, අදද ඔබතුමා මේවා දැක්කේ? අනේ අම්මේ, රටට යන කලක්? (නි)
අන්න හරි ඇමතිතුමා. කලපුවෙන්ම වැඩේ පටන් ගන්න. සංචාරක පරාදීසයක් කරන්න. (නි)
හොද වැඩක් කළොත් ඊළග පරම්පරාවට ලොකු සෙතක් වේවි. (නි)
ඔය තරාතිරම නොබලා දඬුවම් දෙන කතා අහලා ඇති වෙලා ඇමතිතුමා. ඒ කියන්නේ.. නොදන්න හින්දයි අහන්නේ. එහෙනම්, මේවට කලින් හිටපු ඇමතිලත් වග කියන්න ඕනෑ නේද? (නි)
ස්තුති ඇමැතිතුමා (දී)
ඒක ජාතික මෙහෙවරක් (දී)
චතුර, ඔයත් ඇමතිතුමා ගැන මම වගේම හොඳට දන්නා පාටයි නේ . (නි)
මමනම් කියන්නේ සියලු අනවසර ඉදි කිරීම් ඉවත් කල යුතුයි (දී)
පාරම් පරික ධීවර ජනතාවට කර්මාන්තය කරගෙන යෑමට හැකි වෙන පරිදි විකල්ප ස්ථාන ලබාදී බැකෝ කළොත් තමයි හොඳ (ස)
ඔන්න ඇමතිතුමනි, වැඩ පෙන්වනවා නම් වෙලාව... (නි)
අන්න හරි ඇමති තුමා (දී)
ඉතා සන්තෝසයි ඇමති තුමා (දී)
ඇමති තුමා හරි (දී)
ඕන දෙයක් (දී)
එතාකාට ගොඩකරලා තියෙන අර ඉඩම කළපුවට අයිති නැද්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ මේවා. (නි)
මට හිනාව නවත්ත ගන්න බෑරුව ගියා......මේ ඔක්කොම දාල ගිහින් හොරෙන් වැලි ගොඩ දෑම්මනම් ඉවරයි කියල මට හිතෙනවා..(ස)
නිතිය අකුරට, නමුත් මිනිස්සුන්ට අසාධරණයක් කරන්න එපා (දී)
අන්න හරි,, අන්න හරි (දී)
කරන්න පුළුවන් නම් ඔන්න වැඩ (ස)