(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුලියාපිටිය අතිරේක දිසා විනිසුරුවරයා ගේ රුපියල් ලක්ෂ හැටක් වටිනා සුඛෝප භෝගී මෝටර් රථය පැහැරගෙන ගිය පුද්ගලයා දිසා විනිසුරුවරයාගේ ජංගම දුරකථනයට කතා කර මෝටර් රථය ලබාදීමට රුපියල් ලක්ෂ 5ක කප්පමක් ඉල්ලා ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ඔබ තුමන් මහේස්ත්‍රාත්වරයෙක් බව මම දැනගත්තේ අද පත්තරවල වලින් ඒ වෙන තෙක් ඒ බවක් මම දැන සිටියේ නැහැ. අනේ සර් මට සමාවෙන්න නැති බැරිකමටයි මම මේ වැඩේ කළේ. මට ලක්ෂ පහක් දෙන්න මම කාර් එක දෙන්නම් යැයි කියා අඩංගුවට ගැනීමට හොයන සැකකරු පවසා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
සැකකරු කළේ යැයි කියන මෙම ප්‍රකාශයට අතිරේක දිසා විනිසුරුවරයා ප්‍රතිචාර දැක්වීමට ගොස් නැතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.
අතිරේක දිසා විනිසුරුවරයා මේ බව පොලීසියට දැනුම් දී ඇත.
අත්අඩංගුවට ගැනීමට සොයන සැකකරු අතිරේක දිසා විනිසුරුවරයාට කතා කිරීමට යොදා ගත් ජංගම දුරකථන අංකය ඔස්සේ ඔහු සිටින ඉසව්ව හොයාගෙන අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යොදවා මෙහෙයුමක් දියත් කර ඇත.
අතිරේක දිසා විනිසුරුවරයා ඔහුට අයත් පිළියන්දල ප්‍රදේශයේ පිහිටි නිවස විකිණීමට පළකර තිබූ දැන්වීමක් අනුව නිවස මිලදී ගැනීමේ මුවාවෙන් පැමිණි පුද්ගලයකු විනිසුරුවරයා නිවසේ ඉහළ මහලේ කාමරයක සිරකර රථය පැහැරගෙන ගොස් තිබුණේ පසුගිය එකොළොස් වැනිදාය.
පිලියන්දල පොලිසියට අමතරව තවත් විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝටර් රථ සොරාගෙන් විනිසුරුට ඇමතුමක්
pakeer Tuesday, 14 February 2023 08:48 AM
ලක්ෂ 60 සුකෝපභෝගී රථය මොකක්ද කියල කියන්නකො
Jaja Friday, 17 February 2023 06:15 AM
ජජාලා දේපල විකුණන බ්රෝකර්ලා වුණාම ඔහොම තමයි. පොලිසිය කියන දේවල් නම් විශ්වාස කරන්න බැහැ...