යාල වනෝද්‍යානයේ වෙහෙරගල ජලාෂයේ වාන් දොරටු හයක් විවෘත කිරීමත් සමග මැණික් ගඟේ ජල මට්ටම ඉහළ ගොස් සෙල්ල කතරගම ගඟ මැද පිහිටි ගණ දේවාලය ද, කඩ කදිහිපයක් ද යටවී ඇත.
පසුගිය දෙසැම්බර 12 වැනිදායින් පසු මැණික් ගඟ පිටාර ගැලූ තෙවැනි අවස්ථාව මෙයයි.
වෙහෙරගල වාන් දොරටු අඩි හතර බැගින් විවෘත කළ බව වාරිමාර්ග ඉන්ජිනේරු අමරජිත් ලියනගේ මහතා කියයි.
කතරගම, මයිලගම තිලකාරාමය අසල පාළම , දඹේපාර, රක්ෂ්මී දේවල රථගාල ද නිවා ස ද යට විය.
ප්‍රාදේශීය ලේකම් ටී බී එම් අතපත්තු මහතා සහන සලසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ මිනිස්සු අතරමං වෙලාද (දී)
මේවට දෙවියන්ට දොස් කියලා වැඩක් වෙන්නෙ නැහැ. (නි)
අනේ මෙහෙමත් මිනිස්සු? දෙවියන් ඔය එකතැනකවත් නැහැ. (නි)
ගංවතුරටවත් මේ නගරයේ තිබෙන අපද්‍රව්‍ය පිරිසිදු වේවිදැයි සැකයි. (නි)
මේක දේව කෝපයක් , දෙවියන්ට මුවාවෙලා අහිංසක මිනිස්සුන්ගෙ දේව භක්තිය හූරගෙන කන අය ගොඩක් ඉන්නවා .ඒකයි මෙහෙම වෙන්නේ . (ස)
මේකට දෙවියන්ට කරන්න දෙයක් නැහැ. කරන්න පුලුවන් වුණත් කරන එකකුත් නැහැ. (නි)
දෙවියන් - මගේ දෙවොලත් යටවුණ කොට මිනිස්සුන්ට පිහිට වෙන්නේ කොහොමද? (ස)
ශාන් දෙවියන් එක්ක විහිළු කරනවද ?.. මෙහෙම දේවල් වෙනවා තමයි (ස)
දෙවියන්ට නාන්න හිතිලාවද්ද කියලා හිතෙනවා මේවා දකිද්දී. (නි)
මිනිසුනේ පරිස්සමෙන් (දී)
මිනිසා- අනේ දෙවියනේ මගේ දුකට පිහිට වන සේක්වා! දෙවියන් - මගේ දෙවොලත් යටවෙලා කොට මිනිස්සුන්ට පිහිට වෙන්නේ කොහොමද? (නි)
කෝ අපේ බල සේනාව? (නි)
එතකොට මේකටත් කවුරු හරි වගකියන්න ඕනිද ?(ස)
බය වෙන්න එපා (ස)
රට පුරාම ඇති ගංගා, ඇළ දොළ සියල්ල උතුරා ගියත් රටේ තිබෙන පවු නම් සේදෙන එකක් නැහැ. (නි)
කෝ දැන් හිටපු දෙවිවරු ? (ස)
විශාල වතුර ප්‍රමාණයක් (දී)
දෙවියොත් කෝපවෙලා තමයි. පුදබිම අපායක් කරන අයගෙන් අපිරිසිදු වුණු පුදබිම සෝදා පිරිසිදු කරන්නයි මහ වතුර ගලන්නේ. (නි)
උත්සව සමයට කතරගම සහ අවට ඇති අපද්‍රව්‍ය සේදීයාමටත් එක්ක හොදයි. ජීවිතහානි නොමැති නම් වඩා හොදයි. (නි)
සේලල කතරගම යටවුණ පළමු වතාව නෙමෙයි මේ . ගඟේ දේවාලය නිතරම යට වුණා (ස)
උඩ ඉන්න කට්ටියට හූ හූ හූ.... (නි)
දේවි වරුන්ට කරන්න දෙයක් නෑ..අනතුරක් කර ගන්නේ නැතුව පරිස්සම් වෙලා ඉන්න (ස)
ඊයා.. අවට ඔක්කොම වැසිකිලි ටික උතුරලා මේ වතුරට එකතුවෙලා ඇති (ස)
දෙවියෝ කෝප වෙලා කියලයි මට හිතෙන්නේ (ස)
රටේ වෙන දේවල් එක්ක බලද්දි දේව අඩවියත් ගං වතුරෙන් ගසාගෙන යාම පුදුමයක් නොවේ (ස)
දෙවියොන්ට මුකුත් වෙන්නේ නෑ. මිනිස්සු තමයි පව් (ස)
මේ තමයි ලෝක විනාසේ (ස)
දෙවියොද ඒකටත් වැරදි (ස)
ඇයි දෙවියනේ මේ පුද බිම යටවෙන්න ඉඩහැරියේ (ස)