රුපියල් ලක්‍ෂ පහට වැඩියෙන් ආදායම් බදු ගෙවනනෝ තිස් දෙනෙක් රත්නපුරයේ සිටිති. පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැති වරියද, එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී පී. අබේනායක මහතාද ඒ අතර වෙති. දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් එම්.ජේ. ගුණසිරි මහතා වෙතින් ඔවූහු රන් හා රිදී කාඞ්පත් ලදහ.
වාර්ෂිකව රුපියල් ලක්‍ෂ හතළිහට වැඩියෙන් බදුගෙවන සිව්දෙනෙක්ද රන් කාඞ්පත් ලදහ. ව්‍යාපාරිකයෝද, වෛද්‍යවරුද, දේශපාලකයෝද, මෙම රන් හා රිදි කාඞ්පත් ලදහ.
සබරගමු පළාත් සභා මන්ත‍්‍රී පීි. අබේනායක මහතා වාර්ෂිකව රුපියල් ලක්‍ෂ දහයකට වැඩියෙන් ආදායම් බදුගෙවයි. තාක්‍ෂණ කටයුතු ඇමතිනී පවිත‍්‍රාදේවි වන්නිආරච්චි මහත්මිය වාර්ෂිකව රුපියල් ලක්‍ෂපහට වැඩියෙන් බදු ගෙවන්නීය. අබේනායක මන්ත‍්‍රීවරයාගේ උපන්දිනය ද අදට යෙදී තිබිණි. ඔහුද පවිත‍්‍රා ඇමතිනිය වෙනුවට නියෝජිතයෝද ආහ.
රත්නපුර දිස්ත‍්‍රික්කයේ ආදායම් බදු ගෙවන්නන් අටදහස් පන්සියයකට ආසන්න පිරිසක් සිටින බවත් ලක්‍ෂ පහට වැඩියෙන් බදුගෙවන සංඛ්‍යාව අසූපහකට ආසන්න බවත් නියෝජ්‍ය කොමසාරිස් කියයි. රුපියල් ලක්‍ෂ දෙක හමාරට වැඩියෙන් වසර දහයක් ආදායම් බදු ගෙවා ඇත්නම් බදු සහන යටතේ මෝරරියක් ගෙන්වීමට සහන මෙන්ම, විදෙස්ගතවිමේදී ගුවන් තොටුපලේදී ප‍්‍රභූ පුද්ගලයන්ට හිමි වරප‍්‍රසාද සහ තෝරාගත් මුල්‍ය ආයතන කිහිපියකින් ණය මුදල් ලබා ගැනීමේදී සියයට එකක පොලී සහනයක්ද හිමිවන බව ඔහු පවසයි.
වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත් හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතා රන් කාඞ් පත දේශීය ආදායම් නියෝජ්‍ය කොමසාරිස් අතින් ලබාගත් අවස්ථාව.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකේ මුස්ලිම් අය කී දෙනෙක් ඉන්නවද? එයාලා ළග තමයි වැඩියෙන්ම සල්ලි තියෙන්නේ. (නි)
මේකේ මුල, මැද , අග සම්බන්ධයක් නෑ වගේ (ස)
මෙහි ඉහත (පෙ.ව. 8.18 දක්වා) සියලු දෙනාම ඉදිරිපත් කර ඇති අදහස් ඉදිරි අයවැයකදී වගකිව යුත්තන්ගේ සැළකිල්ලට ලක්විය යුතුයි. කෝටි ගණන් බදු පැහැර හරින ඇතැම් ව්‍යාපාරිකයින්ට වඩා දෙපාර්තමේන්තුව ලුහුබඳින්නේ ඊයේ පෙරේදා පොඩි කඩ කැල්ලක් දමාගත් අහිංසකයින්වය. ඒකත් වෙනස් වෙනවානම් හොඳයි. (නි)
පෙරේරා මහත්තයාගේ කතාවනම් හරි (ස)
මේ අදහස් වල කිසිම ගැළපීමක් නැහැ. (නි)
මම විදෙස් ගතවෙලා අවුරුදු 10 ක් පමණ ලංකාවට ලක්ෂ 190 ක් විතර එවලා තියෙනවා .අපේ ගැන බල්ලෙක්වත් බලන්නේ නෑ (ස)
මොකද්ද මේ පව
ලංකාවේ කවුරුත් ඔහොම තමයි
ඔය රට ඉන්න අය අපි අමතක කර නැත. ඔයාලා නිවාඩුවට ඇවිත් ආපහු යනකොට අපි සුළු දඩයක් අය කරගන්න එකම මදිද? (බියුරෝ ) (නි)
හරිම සතුටුයි. බලන්න අපේ රටේ ඇති නැති පරතරය බිංදුවයි නේද? (නි)
රට ඉන්න අපිට කදුලුයි, දහඩියයි, ගින්දරයි විතරයි. (නි)
සමන් උපසේන කියන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ ඉන්න හොදම ව්‍යාපාරිකයෙක්. අපි අපේකම අගය කළ යුතුයි. (නි)
අපිට කොහෙන්ද බූල් බල්ලෝ? (නි)
ශිරන්, ඇත්තටම අපි වසරකට එවන මුදල මේ කට්ටිය වසරකට ගෙවපු ලක්ෂ 5 ට වඩා වැඩියි. අපට රන් කාඩ්පත් එපා. සාධාරනයක් ඉටු කරන්න. (ස)
ලක්ෂ 190ක් තියෙනවනේ. තව මොනවද බලන්න කියන්නේ? ඔයාට පුලුවන්නම් අපිවත් බලාගන්න. (නි)
මිලියන ගණනක් හම්බ කරලා ලංකාවට එවපු මට, මම ලංකාවට එවපු පෙට්ටිය දිහා බලලා ටැක්ස් ගැහුවා. (නි)
තෑගි ඔවුන්ට පමණි. විදේශ ගතවූවන්ට නැත. අපට බයිලා පමණි. (නි)
අයියෝ දෙයියනේ
රටේ ජාතික අදායමෙන් වැඩිම ප්‍රමාණයක් අපි වගේ මැදපෙරදිග සහ වෙනත් රටවල ඉන්න සියලු දෙනාම ලබාදෙනවා. නමුත් අවුරුද්දකට වතාවක් අයවැය විවාදයේදී නිකම් මතක් කරනවා පමණි. අපිත් රටේ ජාතික ආදායමේ කොටස් කාරයෝ. (නි)
රුපියල් ලක්‍ෂ දෙක හමාරට වැඩියෙන් වසර දහයක් ආදායම් බදු ගෙවා ඇත්නම් බදු සහන යටතේ මෝටෝරියක් ගෙන්වීමට සහන මෙන්ම, විදෙස්ගතවීමේදී ගුවන් තොටුපලේදී ප‍්‍රභූ පුද්ගලයන්ට හිමි වරප‍්‍රසාද සහ තෝරාගත් මුල්‍ය ආයතන කිහිපයකින් ණය මුදල් ලබා ගැනීමේදී සියයට එකක පොලී සහනයක්ද හිමිවන බව ඔහු පවසයි. එතකොට ගල්ෆ් වල දුක්විදගෙන අවුරුදු 10-15ක් තිස්සේ රටට විදේශ විනිමය ලබා දුන්න අපිට මොනවද තියෙන්නේ? (නි)
රජයේ සේවකයෙකුගෙ අවුරුද්දෙම පඩි එකතු කෙරුවත් ලක්ෂ දෙකක් නැහැ. ඒක නිසා අපි හෑමෝම මෙයාලට සුභ පතමු. (නි)
හිරන්ත ඇත්තට විදේශවල ඉන්න සේවකයන්ටත් එහෙම තෑගි ක්‍රමයක් දුන්නොත් හොදයි..!(නු)
අයියෝ මැද පෙරදිග ඉදං වහල් වැඩ කොරලා විදේශ විනිමය ගේන අපේ අම්මලාට මුකුත්ම නැතැයි.. අනේ පව්.. ලොකු ලොකු අයටමයි කිරි.. දුප්පතුන්ට කැකිරි..!(නු)
ආ... බදු ගෙවනවාද? ඒක හොදයි. අපි ඉතින් කොච්චර විදේශ විනිමය එවුවත් අපිට එහෙම දෙයක් නැහැ නොවැ. (නි)
රුපියල් ලක්ෂ දෙකහමාරට වැඩියෙන් අවුරුදු දහයකට වැඩියෙන් ලංකාවට එවපු කට්ටියට නරකද බදු සහන වාහන බලපත්‍රයක් දුන්නොත්..!(නු)
ඉස්සර රත්නපුරේ මැණික් ව්‍යාපර කොරලා ආණ්ඩුවට වැඩිපුර බදු ගෙව්වේ මුස්ලිම් මිනිසුන්.. දැං අපේ අය බැහැලා මේවට..!(නු)
වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත් හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතාට ඇතුළු සියළු දෙනාට අපගේ සුභ පැතුම්..!(නු)
පිට රට ඉදලා විදේශ විනිමය උපයලා ගෙවුන් තුලාව සමාන කරන අයටත් පුස් කොලයක්වත් දුන්නොත් නරකද?(නු)
මම ලක්ෂ 1.8 ගානේ හැම මොසෙම ලංකාවට දානවා.. අපිට මොනවත්ම නැහැනේ.. බැරිවෙලාවත් පාචිච්චි කරපු දුරනථනයක්වත් දැම්මොත් ඒකටත් බදු ගහනවා.. අනේ අයියෝ..!(නු)
වාර්ෂිකව ආදායම් බදු වැඩියෙන් ගෙවීමෙන් රන්කාඞ්පත් හිමිකරගත් ව්‍යාපාර සමුහයක අධිපති සමන් උපසේන මහතාට ඇතුළු සියළු දෙනාට අපගේ සුභ පැතුම්! මේක මගේ අදහසක් නොවෙයි. මම කිවුවේ රට ඉන්න අපටත් මේ වගේ ගෞරවයක් ඕනෑ කියලා. ජාතික ආදායමෙන් වැඩි කොටසක් ලබාදෙන්නේ මැදපෙරදිග ඉන්න අපි. (නි)
මෙහෙම වෙන්නේ කාගේ වරදින්ද
අපිට දෙන්නේ මොනවද? (නි)
බදු ගෙව්වයි කියලා තෑගි දෙන්න ඕනෑ නැහැ.ඒ අය අනිවාර්යෙන් බදු ගෙවන්න ඕනෑ. ඒක යුතුකමක්, ඒ වගේම නීතියක්. ඔය අය ලක්ෂ පහක් බදු ගෙවුවයි කිවුවට,හරියට ගණන් හදලා බැලුවොත් ලක්ෂ දහයකටත් වැඩියෙන් ගෙවන්න ඇති. ආදායම් බදු දෙපාර්තමේන්තුව නියම ගණන් හිලවු ඇති පොත් පත් බලන්නෙ නැහැ. සමහර ආදායම්, පොත් පත්වලත් නැහැ. ඉතින් කොහොමද ආදායම් බදු හරියට ගෙවුවයි කියන්නෙ. නැති එකාට නැහැම තමයි. නමුත් රටේ වැඩිදෙනකුට ආදායම් තියෙනවා. වැඩිවන බඩු මිළෙන් ජනතාවගෙන් ගසාකන ආදායම් කොහාටද යන්නෙ? රජය නියමිත ලෙස ජනතාවගෙන් බදු අය කරනවා නම්,චීනෙන් ගන්න ණය වලට සමාන මුදලක් රට තුලින් එකතු කරගන්න පුළුවන්.චීනෙට තවදුරටත් ණය වෙන්න ඕනෑ නැහැ.රජය කරන්න ඕනෑ ආදයම් නිලධාරින් වැඩි කරගෙන රටේ නියම බදු ආදායම ලබාගැනීමයි. (නි)
ඔය ගෙවන රුපියල් වලට නම් රථ වාහන ගෙන්න බැහැ,අපි එවන එවවලින් තමා ඒක පුළුවන්,ඒඋනාට අපිට හුලන් (නු)
අපරාදේ නේ