IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මැති සබේ තවත් 10ක් පිටරැටියෝ

(සුජිත් හේවාජුලිගේ )

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ මන්ත්‍රීවරුන් තවත් දහයකට ආසන්න සංඛ්‍යාවක් සහ රාජ්‍ය සේවයේ උසස් නිලධාරීන් දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තාවී ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මින් වැඩි පිරිසක් ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරු වෙති.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ සෙසු මන්ත්‍රීවරුන්ට එරෙහිවද ඉදිරියේදී අධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීමට බලාපොරොත්තු වන බව සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් අප සමග පැවසූහ.

මේ අයගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවකු හෝ අභියෝගයට ලක් කර නැතැයි පැවසේ. යමකු එසේ අභියෝග කළහොත් ඔවුනට එරෙහිව අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක් පමණක් එම මන්ත්‍රී ධූරයන්හි රැඳී සිටිය හැකි බව අධිකරණ විශේෂඥයෝ පෙන්වා දෙති.

කෙසේ වෙතත් එහිදී මන්ත්‍රීවරුන්ගේ ද්විත්ව පුරවැසිභාවය පැහැදිලි වශයෙන් අධිකරණය හමුවේ ඔප්පු කළ යුතුව ඇතැයිද ඔවුහු සඳහන් කරති.

විදේශයන්හි පුරවැසිභාවය ලැබූ ගීතා කුමාරසිංහ සහ ඩයනා ගමගේ යන මහත්මීන්ගේ මන්ත්‍රී ධූර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අහෝසි කෙරිණ. මේ සම්බන්ධයෙන් පැවති දීර්ඝ නඩු විභාගවලින් අනතුරුවය, ඒ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇමරිකානු පුරවැසිභාවය නිත්‍යානුකූලව ඉවත් කර ගත්තේය.

බැසිල් රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන්ද පසුගිය කාලයේදී සමාජයේ ලොකු කතාබහක් ඇතිවූ නමුත් ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ එම ගැටලුව නිරාකරණයවිය.

 



අදහස් (11)

මැති සබේ තවත් 10ක් පිටරැටියෝ

janaka Monday, 13 May 2024 07:27 AM

පුත්තලම දිස්තික්කයේ මන්ත්‍රී නිරෝෂන් පෙරේරා (ෆෙස්ටස් පෙරේරාගේ පුතා) ඇමෙරිකන් පුරවැසියෙක්. ඔහුට ද්විත්ව පුරවසිභාවයවත් තියෙනවද දන්නේ නැහැ

:       1       41

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 09:12 AM

විජාතික බලවේග අපේ උත්තරීතර පාර්ලිමේන්තුවත් ‍ ආක්‍රමණය කරලා රටේ තීන්දු තීරණ ගැනීම අයිතිය තමන්ට පවරාගෙන තියෙනවා, අනුර හයියෙන් කැස්සත් කළබල වෙන, තමන් දේශ හිතෛෂී හා ජාති මාමකයි කියා ගන්නා අබල දුබල බලවේග මේවා නොපෙනෙන තරමට මර නින්දට වැටිලා......

:       13       35

BITTER TRUTH Monday, 13 May 2024 09:35 AM

ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRAGRAM , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)

:       34       32

trueMonday, 13 May 2024 10:20 AM

මෙන්න තවත් රාජපක්ෂ භීතිකාව හැදිච්චි කෙනෙක්... මැක්කාගෙන් අවසන් වන කෙනෙක්...!

:       17       27

ඩිල්සාන් Monday, 13 May 2024 10:56 AM

තමන්ගේ ගම් ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවල මන්ත්‍රී තනතුර දැරීමත් පළාත් ආණ්ඩු තියෙන රටක විදේශීය පුරවැසියන් පාලනය කරනවා වගේම තමයි. උදාහරණයක් හැටියට ගාල්ලේ නැත්නම් කොළඹ කෙනෙක් රත්නපුර දිස්ත්‍රික්කයේ මන්ත්‍රී වීම, දකුණු පළාතේ කෙනෙක් වයඹ පළාතේ මන්ත්‍රී කෙනෙක් වීම, දකුණේ කෙනෙක් බස්නාහිර ආසන සංවිධායක කෙනෙක් වීම පෙන්වා දෙන්න පුළුවන්... පළාත් ආණ්ඩු පවතින අවස්ථාවේ කෑගල්ලේ කෙනෙක් උතුරු මැද ආණ්ඩුකාරවරවීම මධ්‍යම පළාතේ කෙනෙක් සබරගමුවේ ආණ්ඩුකාරවර වීමත් විදේශීය පුරවැසි පාලනය වගේ තමයි. ඒක නිවැරැදියි කියන්න නම් පළාත් සභා අහෝසි කරන්න ඕනෑ...

:       11       23

රෝයි ෆෙඩ්රික්ස් Monday, 13 May 2024 11:43 AM

මොන බොරුද? ගෝඨයා අමෙරිකානු පුරවැසියෙක්ලෙසින්මයි නාමයෝජනා බාර දුන්නේ. එහෙම නොවෙයිනම් අර පැන්ෂන් ගිය පොලිස්කාරයා නොහොත් වල පයයි ගොඩ පයයි හිටපු කථානායකත් අවශ්‍ය වුනොත් නාමයෝජනා දෙන්න සූදානමින් හිටියේ මොකද?

:       4       12

kapila Monday, 13 May 2024 01:59 PM

අර ආර්ථික ඔස්තාර් හර්ෂ සිල්වාගේ නියම පුරවැසි භාවය මොකක්ද?

:       0       10

Bunny Preena Monday, 13 May 2024 02:18 PM

ඕෂලට කියන්නයි තියෙන්නේ...!

:       1       4

Kamal Koyrala Monday, 13 May 2024 03:45 PM

මේ සියලු කරුණුවලට වගකිව යුතු වන්නේ මැතිවරණ කොමිසම සහ අදාළ පක්ෂ නාම යෝජනා බාරදීමට පෙර සියලු කරුණු සලකා බැලිය යුතුයි. එසේම මේ වකවානුවේ පවතින නාමයෝජනා ක්‍රමය 2024 මැතිවරණවලට පෙර සංශෝදනය කල යුථුඑ පුරවැසි භාවය/ පොලිස් සහතිකය / වත්කම් බැරකම් / වියාපාර / උසාවි නිෂ්කාශන එමන්ම ඡන්දය දුන් ජනතවගේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කීරීම , හේතුව පක්ෂ මාරුවීමෙන් එකී බලය අහෝසි වී නැවත අතුරු මැතිවරණක් පවත්වා ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වන ඡන්ද අයිතිවාසිකම රැකීම යනාදිය

:       0       4

Sharm Tuesday, 14 May 2024 05:57 AM

ඇයි ඒ දහ දෙනාගෙ නම් ප්‍රසිද්ධියෙ කියන්න අමාරුද?? එච්චරටම කොන්දක් නැද්ද?

:       0       1

ජයනාත් Tuesday, 14 May 2024 07:08 AM

පුරවැසි භාවය නැති අය මැතිසබයට ගිහින් නම් ඒකට වගකියන්න ඕන මැතිවරණ කොමිසම සහ මෙලොව හසරක් නොදැන ඡන්දය භාවිතා කරන ගොන් ඡන්ද දායකයන්.. එය නොදැන අන්ධයන් සේ සිටින පාර්ලිමේන්තුවේ අඳ බාලයන්ද කරන්නේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 6 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 230 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 89 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 262 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 491 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 229 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 498 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 441 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site