IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මාතරට සුපිරි පාසලක්

පහේ ශිෂ්‍යත්වයෙන් ලකුණු 152ට වඩා ලබා පාසලක් නොලැබූ සිසුන් වෙනුවෙන් මාතර රස්සන්දෙනිය මහින්ද රාජපක්ෂ ජාතික පාසල ලබන 17 වන දින විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සිංහල හා ඉංග්‍රීසි පන්ති දෙක බැගින් ආරම්භයේදී පැවැත්වීමට නියමිතය. හෝමාගම ද මෙවැනි පාසලක් මීට පෙර විවෘත විය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව පාසල විවෘත කිරීමට සැලසුම් කර ඇත.
යුනිසෙෆ් ආධාර යටතේ ගොඩනැගිලි පහකින් සමන්විත මෙම පාසල රුපියල් කෝටි 25ක් වියදමින් ඉදිකෙරුණේ මාතර වෙරල පාරේ පිහිටි මහාමායා බාලිකා විද්‍යාලය එහි ස්ථාපිත කිරීම සඳහාය. මහාමායාව 2004 සුනාමියේදී හානියට පත්විය.

2009 වර්ෂය වන විට එහි ඉදිකිරීම් අවසන් වුවද, මහාමායා බාලිකා විද්‍යාලයේ සිසුවියන් ඔවුන්ගේ දෙමාපියන් හා ආදි ශිෂ්‍යාවන් නව පාසල වෙත ඒමට අකමැති විය. දැනට තිඛෙන ස්ථානයෙන් පාසල ඉවත් කරනවාට ඔවුහු දැඩි ලෙස විරෝධය පෑහ.

මහාමායා බාලිකා විද්‍යාලය ලෙස විශාල නාමපුවරුවක් සහිතව රස්සන්දෙනියේ ඉදිකළ නව පාසල මේ නිසා වසර හතරක් තිස්සේ වසා දමා තිබු‚. එම ප්‍රදේශය වල්බිහි වන්නට විය.
යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මැදිහත් වී නව පාසල ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලබාගත්තේය.

 



අදහස් (0)

මාතරට සුපිරි පාසලක්

නිමල් Monday, 04 February 2013 09:11 PM

තව තවත් අවශ්‍යයි ඒ වගේ වැඩ (දී)

:       0       0

නිමල් Monday, 04 February 2013 09:11 PM

තවත් සිර ගෙයක් වැහෙයි (දී)

:       0       0

පේෂලා Monday, 04 February 2013 03:34 PM

"යුනිසෙෆ් ආධාර යටතේ" එහෙනම් මොකද දන්නෙ නෑ එයාගෙ නම දාගත්තේ.(නදී)

:       0       0

සංජිව Monday, 04 February 2013 09:49 PM

ඒක කියන්න බැරි තරම් හොද වැඩක් (දී)

:       0       0

හේමසිරි Monday, 04 February 2013 03:58 PM

පේෂලා. කාගේ නමක් දැම්මම මොකද?මම ඔයාගේ නම යෝජනා කරන්නද.(නදී)

:       0       0

ඉසුරන්දි Monday, 04 February 2013 10:27 PM

ඇයි ? අනිත් පැත්ත උතුරු පලාතනේ. ඔය පලාත් දෙක තමයි දැනට ලංකාවේ දියුණු.(නදී)

:       0       0

උපුලි Monday, 04 February 2013 04:40 PM

තව තවත් පාසල් ඇති කරන්න (දී)

:       0       0

යොහාන් Monday, 04 February 2013 05:06 PM

එයාගේ නම දාන්නේ නැතුව කාගේ නම දාන්නද? අපි අද 65 වෙනි නිදහස සැමරුවා. ඒක කරගන්න පුළුවන් වුනෙත් එතුමා නිසා.(නදී)

:       0       0

බන්ඩා Monday, 04 February 2013 05:27 PM

දැන් හදන කෝකටත් දාන නම මේක නේද?(නදී)

:       0       0

කින් බෙනට් Monday, 04 February 2013 06:01 PM

යුනිසෙෆ් ආධාර යටතේ පාසල ඉදිකළාට පාසලේ නමට නම් මගේ කැමැත්තක් නැහැ. (නි)

:       0       0

ලලිත් කටාර් Monday, 04 February 2013 06:29 PM

නම ගැන රංඩු වෙන්න එපා යාළුවනේ. මේක පාසැලක්නේ. දේශප්‍රේමය කරන කවුරුත් ඔහොම තමයි.(නදී)

:       0       0

නිත්‍යා Tuesday, 05 February 2013 01:13 PM

දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ගත් හොඳ තීරණයක් (ස)

:       0       0

රාණී Monday, 04 February 2013 07:13 PM

ඒකත් දකුනටද?(නදී)

:       0       0

සේන Monday, 04 February 2013 07:13 PM

මේ දිවයිනේ දකුනු පලාත නැතුව වෙනත් පලාතක් නැද්ද.(නදී)

:       0       0

සුමති Tuesday, 05 February 2013 07:36 AM

‍එහෙම කියන්න එපා. දකුණ නැත්නම් මොනවද කරන්න පුලුවන්? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1006 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 669 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 353 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 595 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1569 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site